රු. 300ට අඩුවෙන් සුපිරි ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න කියාපු කඩ 10ක්..

ඔරිජිනල් ෆ්‍රයිඩ් රයිස් ඇවිල්ලා චීන කෑමක්නෙ. ඒ වුනාට මේක ලෝකෙ වටේ ව්‍යාප්ත වුනාට පස්සෙ දැන් දැන් එක එක රටවල්වල කට්ටිය එයාලට හරියන විදියට ෆ්‍රයිඩ් රයිස්වල රස වෙනස් කරල හදාගෙන තියෙනව.

ආයෙ මොන කතාද, අපේ අයත් හරි ලස්සනට රස පදම වෙනස් කරල හැදුවනෙ ශ්‍රී ලංකන් ෆ්‍රයිඩ් රයිස් කියල එකක්. ගැඹුරු තෙලේ බැදල හීනියට ලියාගත්තු චිකන් කෑලි තොගයක් තාච්චියෙ කර වෙන තෙල් ටිකට දාලා, කද්දි හායි හූයි කියවෙන ගාණට මිරිස් දාලා රස, පාට පදමට හිටින්න ලීක්ස්, කැරට් ටික දාලා හදන අපේ ප්‍රයිඩ් රයිස් එකේ රස අඩු වැඩිය හදා ගන්නෙ සෝයා සෝස්, අජිනොමොටෝ ටිකකින් තමයි.

ගිනි දැල්ලට පිච්චෙන්න අල්ලල අරන් පිඟානට දාන රයිස් එකේ සුවඳට බඩගින්න දෙගුණ තෙගුණ වෙන ගාණයි. හැබැයි උණු උණු රයිස් එකත් එක්ක මේසෙට එන්නෙ චිලී පේස්ට් එකකුයි මස් හොද්දකුයි විතරයි. හැන්දෙන් මැන මැන අඩුම කුඩුම නොදා හදන මේ අපේම ප්‍රයිඩ් රයිස් එකේ පදම තියෙන්නෙ රයිස් බාස්ගෙ අතේ.

ඉතින් YAMU අපි හිතුවා අන්න ඒ වගේ හොඳට වැඩ කිඩ දන්න රයිස් බාස්ලා කට්ටියකගෙ අතින් හැදෙන පට්ට රස ශ්‍රී ලංකන් ප්‍රයිඩ් රයිස් කන්න පුළුවන් කඩවල් ටිකක් ගැන ඔයාලට කියන්න.

1. Praneetha

කොළඹ පැත්තෙ අඩු ගාණට කන්න පුළුවන් ප්‍රණීතම ප්‍රයිඩ් රයිස් එක තියෙන්නෙ කොල්ලුපිටියෙ ප්‍රණීත එකේ කියල සැක නැතුව කියන්න පුළුවන්. රුපියල් දෙතුන්සීයට, කටට රසට වගේම කටට සැරට හැදෙන රයිස් එකක් තමයි ප්‍රණීත එකේ තියෙන්නෙ. තෙල් ටිකක් අඩුවෙන් දාලා සුවඳත් ගාණට එන්න ලීක්ස් ටිකක්, බිත්තරයක් දාලා හදන මෙයාලගෙ සම්බා රයිස් එකේ රස ඩබල් වෙන්නෙ අන්තිමටම එකතු කරන බැදපු කුකුල් මස් කෑලි ටිකෙන් තමයි. රයිස් බාස්ට කියල අපිට ඕන විදියට සැර වගේම රසත් වෙනස් කර ගන්න පුළුවන් එක නම් හරිම වටිනව.

2. New Banana Leaf

ප්‍රණීත එකේ රයිස් එකට දෙවනි නොවෙන්න රයිස් දාන කඩයක් තමයි කොල්ලුපිටියෙ බනානා ලීෆ් එක. රු. 200කට 250කට මේසෙට එන මෙයාලගෙ එළවළු, බිත්තර ප්‍රයිඩ් රයිස්වල රස නම් මතක් වෙද්දිත් කටට කෙල උනන ගාණයි. තෙල් වගේම අජිනොමොටොත් අඩුවෙන්ම පාවිච්චි කරල හදන බනානා ලීෆ් එකේ ප්‍රයිඩ් රයිස් එකට එන මස් හොද්දයි චිලී පේස්ට් එකයිත් හරිම රසයි. රු. 350ක් වගේ ගාණක් වුනාට බනානා ලීෆ් එකේ චිකන් ප්‍රයිඩ් රයිස් එකත් පට්ට රසයි. ලොකු බැදපු චිකන් කෑල්ලක් එක්ක මේසෙට එන කීරි සම්බා හාලේ බතට පදමට එකතු වුනු ලීක්ස් කැරට් ටික ඇර නොතිය රයිස් එක බඩට දාගන්න දෙන්නෙ මාර සපෝට් එකක්.

3. Copper Chimney

මේ කඩේ ප්‍රසිද්ධ වුනේ 'හැටේ කඩේ' කියල. මොකද දන්නවද මීට අවුරුදු පහ හයකට කලින්, ඒ කියන්නෙ ශ්‍රී ලංකන් ෆ්‍රයිඩ් රයිස් බිහිවෙන්න පටන්ගත්තු කාලෙ මෙයාලා සුපිරිම චිකන් ප්‍රයිඩ් රයිස් එකක් දුන්නා රු. 60ට. ඒ දවස්වල හැටේ කඩෙන් චිකන් ප්‍රයිඩ් රයිස් කාපු කෙනෙක්ට ඒ රස අමතක නොවෙන තරමට ඒ ප්‍රයිඩ් රයිස් එක රසයි. දැනුත් වෙනසක් නෑ; එකම අවුල දැන් මෙයාලගෙ ප්‍රයිඩ් රයිස් එක රු. 150ක් 200ක් විතර වෙන එක. හැබැයි මේ කාරණාවත් කියන්න ඕන. කොපර් චිමිනි එකේ රයිස් එක ලෝභ නැතුව තෙල් එහෙම දාලා හදන ප්‍රයිඩ් රයිස් එකක්. කටට රසට තිබුණට හැමදාම කනව නම් දෙපාරක් හිතන්න වෙයි.

4. Royal Bakery

රුපියල් දෙතුන්සීයකට නියම ප්‍රයිඩ් රයිස් එකක් කන්න තවත් කියාපු තැනක් තමයි වැල්ලවත්තෙ රෝයල් බේකරි එක. ඔන්න මෙයාල ළඟ නම් තියෙනව තෙල් ටිකක් අඩුවෙන් දාලා හදන රස ප්‍රයිඩ් රයිස් එකක්. ගින්දරෙන් වට වුනු තාච්චියට වැටෙන කීරි සම්බා හලේ බතුයි සැර ගාණට හිටින්න දාන කෑලි මිරිස් ටිකත් එක්ක එකතුවෙන කැරට්, ළූණු කොළ ටිකයි හරි ලස්සන පාටක් තමයි රයිස් පිඟානට ගේන්නෙ. උණු උණු රයිස් පිඟාන උඩටම එන බැදපු කුකුල් මස් කෑල්ලයි චිලී පේස්ට් ටිකයි දැක්කාම නම් රෝයල් බේකරි එකේ ප්‍රයිඩ් රයිස් එක නොකා ඉන්න බැරි තරම්.

5. Ananda Hotel & Bakery

බොරැල්ලෙ ආනන්ද භවන් එකෙන්ම කරගෙන යන කඩයක් තමයි ආනන්ද හොටෙල් එක. මෙයාලගෙ ප්‍රයිඩ් රයිස් එක ගැන බොරැල්ල පැත්තෙ කරක් ගහන අයට නම් අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්. කීරි සම්බා හාලෙන් දාන මෙයාලගෙ ප්‍රයිඩ් රයිස් එකේ, රසයෙ අඩුවක් කියන්න බැරි තරම්. රු. 200ක් 250ක් විතර වෙන මෙ ප්‍රයිඩ් රයිස් එකට හීනියට ලියල දාන බැදපු කුකුල් මස් තොගය එක රයිස් කටකට එක කුකුල් මස් කෑල්ල ගාණෙ තියෙන තරම් ලොකුයි. ලීක්ස්, කැරටුත් ලෝභ නැතුව දානව වගේම අපිට ඕන විදියට සැර අඩු වැඩි කරගන්නත් පුළුවන් නිසා හරිම වටිනව.

6. Upawansa Hotel & Bakery

ආනන්ද හොටෙල් එකේ ප්‍රයිඩ් රියිස් එක තරම්ම රස නැති වුනත් බොරැල්ලෙ උපවංස හෝටලේ රයිස් එකත් සෑහෙන්න හොඳයි. විශේෂම කාරණය තමයි මෙයාලගෙ රයිස් එකේ තෙල් ගතිය සෑහෙන්න අඩු එක. ඒ විතරක් නෙවෙයි රස පදමට එළවළු, මස්, බිත්තර එහෙමත් දාලා තමයි හදන්නෙ. චිලී පේස්ට් එකේ රස පොඩ්ඩක් විතර අවුල් වුනාට රු. 250කට 300කට නම් පාඩු නෑ.

7. Senkada Salaka

ටවුන්හෝල්වල සලාකා කෑම කඩේ ගොඩ දෙනෙක් අතරෙ ප්‍රසිද්ධ රයිස් ඇන්ඩ් කරිවලට වුනාට මෙයාලගෙ ප්‍රයිඩ් රයිස් එකත් හරිම රසයි. ලොකු බැදපු කුකුල් මස් කෑල්ලක් එහෙමත් දානව. සම්බාවලින් හරි කීරි සම්බාවලින් හරි ගන්න පුළුවන්. හැබැයි ඉතින් තෙල් වගේම අජිනොමොටොත් සෑහෙන්න දාන පාටයි. සැර වගේම ලීක්ස්, කැරට් ටිකත් ගාණට වැටෙනව වුනාට මෙයාලා ප්‍රයිඩ් රයිස් එකට දෙන හොද්ද නම් ටිකක් සවුත්තුයි. ඇත්තම කියනව නම් රු. 300කට 400කට මේසෙට එන සලාකා එකේ ප්‍රයිඩ් රයිස් එක නම් හොඳයි ම කියල අනුමත කරන්න බෑ.

8. Podi

ලොකු ඔෆිස් ක්‍රවුඩ් එකක් බහින පොඩි රයිස් කඩයක් තමයි කොම්පඤ්ඤවීදියෙ 'පොඩි' කියන්නෙ. හැබැයි ඉතින් මෙයාලගෙ ප්‍රයිඩ් රයිස් එකේ පොඩි අවුලක් තියෙනව. රුපියල් තුන් හාරසීයකට ටිකක් පාඩුයි කියල තමයි මට නම් හිතෙන්නෙ. මොකද තෙල් ගතිය එහෙම ටිකක් විතර වැඩියි. අනික චිකන් කෑල්ලක් තරමක් පොඩියි. කොහොම වුනත් පොදුවේ ගත්තාම නම් මෙයාලගෙ ප්‍රයිඩ් රයිස් එක අවුල්ම කියල අහක දාන්න බෑ.

9. The Chariot

ඔන්න තියෙනව තවත් නියම ශ්‍රී ලංකන් ප්‍රයිඩ් රයිස් එකක්. ලීක්ස්, කැරට්, බිත්තර වගේම හීනියට ලියල දාන බැදපු චිකන් කෑල්ලත් හරි ලස්සනට ප්‍රයිඩ් රයිස් එකේ පාට ටික ගලපනව. චැරියට් එකක් බම්බලපිටිය, දෙහිවල වගේම ටවුන්හෝල්වලත් තියෙනව. තෙල් අඩුවෙන් පාවිච්චි කරල හදන මෙයාලගෙ ප්‍රයිඩ් රයිස් එකට එන චිලී පේස්ට් එකත් හරිම රසයි. ඇත්තටම රු. 250කට 300කට මේසෙට එන චැරියට් එකේ රයිස් එක නම් සෑහෙන්න හොඳයි.

10. Cherry Flower

ඉස්සර ගන්නම දෙයක් නැතුව තිබිලා දැන් දැන් හොඳ තත්වයකට ආපු කඩයක් තමයි බම්බලපිටියෙ චෙරි ෆ්ලවර් එක. මෙයාලගෙ ප්‍රයිඩ් රයිස් එකත් ලංකාවෙ අපිටම හරියන විදියට තමයි හැදෙන්නෙ. සැර නම් ටිකක් අඩු වුනාට ලෝභ නැතුව චිකන් නම් දානව. ලීක්ස්, කැරට්වලිනුත් අඩුවක් නෑ. රුපියල් දෙතුන්සීයකට බම්බ පැත්තෙන් ගන්න පුළුවන් හොඳ ශ්‍රී ලංකන් ප්‍රයිඩ් රයිස් අතරෙ චෙරි ෆ්ලවර් එකේ ප්‍රයිඩ් රයිස් එකත් තියෙනව කියල කියන්න පුළුවන්.

අපේ රහට හදපු ශ්‍රී ලංකන් ප්‍රයිඩ් රයිස් එකක් අඩු ගාණට රස බලන්න කැමති හැමෝටම මේ කඩ ටික ගොඩක් උදව් වේවි. හැබැයි ඉතින් මතක තියාගන්න යාළුවනේ, රස කර කර ප්‍රයිඩ් රයිස් කෑවා වගේ නෙවෙයි ඒවයෙන් ඇඟට අල්ලන තෙල් බැහැල යන්න ව්‍යායාම ටිකකුත් කරන්න හොඳේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Trio of Radisson Hotels Welcome the Festive Season with Christmas Cake Mixing Ceremonies

Welcoming the spirit of the festive season, Radisson Blu Resort Galle, Radisson Hotel Kandy, and

Highlights Trending

Colombo Gets Ready for a Christmas Spectacular Like No Other

International circus artistry, Christmas music and festive dining come together for Once Upon a Christmas

Highlights Trending

Christmas Begins Above the Clouds

City of Dreams Sri Lanka ushers in the festive season with its Christmas cake mixing

Highlights Trending

BODARE VOL. 1 – A playground for heavyweights, a launchpad for fresh talent in hip-hop

Sri Lanka’s hip-hop scene is gearing up for a major showcase as BODARE VOL. 1

Highlights Trending

Sri Lanka’s biggest Oktoberfest returns to City of Dreams Sri Lanka

Running from 21 to 24 October at The Podium, tickets are priced at LKR 9,800

Highlights Trending

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide