9 වසරකට පසුව එන මායාකරුවන්ගේ 8 වන පරිච්ඡේදය.

මැජික්, එහෙමත් නැතිනම් විජ්ජාවන් කියන්නේ කාටත් කුතුහලය දෙන දෙයක්. වචනෙන් විස්තර කරන්න බැරි හුඟක් දේවල් වලට “”මැජික් වගේ”” කියල කියන්නත් අපි පුරුදු වෙලා ඉන්නේ ඒකයි. මැජික් ගැන විවිධ මතවාද තිබුනත්, එක සැණෙන් අපි හැමෝම වසඟ කරගත්ත කතා පෙළක් තමයි  හැරී පොටර්  කියල කියන්නේ.

ලොකු පොඩි භේදයක් නැතිව, ලෝකෙම ඉන්න හැමදෙනාම එක තත්පරෙන් ග්‍රහණය කරගත්ත පොත් පෙළක් විදියට  හැරී පොටර්  හඳුන්වන්න පුළුවන්. පසුකාලීනව නිර්මාණය වුණු හැරී පොටර් චිත්‍රපට පෙළෙන්, පොත් වලට තියෙන අවධානය තවත් වැඩි වුණා කිව්වොත් හරියටම හරි. කෙටියෙන්ම කියනවා නම්, අපි පොඩි කාලේ ඉඳන් ආසාවෙන් අහපු මායාකරුවන්ගේ කතා වලට, ජීවය දුන්නේ පොත් 7කින් සමන්විත වුණු හැරී පොටර්  කතා පෙළෙන්. Harry Potter and the Deathly Hallows හෙවත් මේ කතා පෙළේ අවසාන කතා පොත, සහ චිත්‍රපටය නිකුත් වුණාට පස්සේ, මේ කතා පෙළ පිස්සුවෙන් වගේ රස විඳපු බොහෝ දෙනාට හිතුනේ තමන්ගේ ජීවිතේ එක කාල පරිච්ඡේදයක් අවසන් වුණා වගේ.

කොහොම වුණත්, මේ  හැරී පොටර්  පොත් ගුල්ලන්ට  සුභ ආරංචියක් ලැබුණා මේ අවුරුද්දේ  මුලදී. ඒ Harry Potter and the Cursed Child part I and II, එහෙමත් නැතිනම්  හැරී පොටර්  කතා මාලාවේ 8 වෙනි පොත මේ මාසයේ අග නිකුත් වෙන බව. මෙතෙක්  හැරී පොටර්  කතා මාලාවේ නොකියපු කොටස මෙහි අන්තර්ගත වෙන බවයි ආරංචිය. කතාවකටත්  වඩා නාට්‍ය පිටපතක් විදියට මේ පොත ලියල තියෙන්නේ J.K. Rowling, Jack Thorne, සහ John Tiffany කියන කතුවරු විසින්. මේ අලුත් පොත, ලෝකේ පුරාම ඉන්න හැරී පොටර් රසිකයන් ඉස්පාසුවක් නැතිව බලන් දෙයක් නිසා, අපේ කොපියත් දැන්ම වෙන් කරගත්තොත් නරකද?

ලංකාවේ අපටත් දැන් ලේසියෙන්ම අලුත්  හැරී පොටර්  පොත pre-order කරන්න පුළුවන් පහත ක්‍රම වලින්.

1. එම්.ඩී.ගුණසේන පොත් හල

බම්බලපිටිය, නුගේගොඩ, මරදාන ඇතුළු ලංකාව වටේ තිබෙන ඕනෙම එම්.ඩී.ගුණසේන පොත් සලකට ගොඩවෙලා Harry Potter and the Cursed Child පොත pre-order කරන්න පුළුවන්. රුපියල් 2990ක් වගේ ගාණකට තමා එම්.ඩී.ගුණසේන එකෙන් මේ පොත ලබා දෙන්නේ. ලංකාවේ වටේම එම්.ඩී.ගුණසේන පොත් සල් තියෙන නිසා මේ ක්‍රමය එක අතකට ලේසි කියලත් කියන්න පුළුවන්. එම්.ඩී.ගුණසේන එකක් පැත්තේ යන්න වෙලාවක් නැති නම්, එයාලගේ හොට් ලයින් එකට කතා කරලත් පොතක් වෙන් කරගන්න පුළුවන්.

2. Jeya පොත් හල

බෙස්ට් සෙලින් කාණ්ඩයේ ඉංග්‍රීසි පොත් ගන්න පුළුවන් එක තැනක් විදියට ජේයා පොත් සල  හඳුන්වන්න පුළුවන්. කොල්ලුපිටිය, වත්තල වගේම කොටුව පැත්තේ යන කෙනෙක්ට ජේයා පොත් හලෙන් ලේසියෙන්ම  Harry Potter and the Cursed Child පොත pre-order කිරීමේ හැකියාව දැන් තිබෙනවා. රුපියල් 2680ක් වගේ අඩු මුදලකට ලැබෙන නිසා මේක ලොකුම වාසියක් කියල කියන්නම ඕනේ. ඊටත් වඩා හොඳම දේ තමා , මේ  හැරී පොටර්   පොත ඇමෙරිකාවේ නිකුත් වෙන  තත්පරේටම, මේ පොත අරන් කියවන්න ලංකාවේ ඉන්න  හැරී පොටර්  පොත් ගුල්ලන්නට හැකියාව තිබෙනවා. හරියටම කියනවා නම්, ලංකාව ඉන්නේ ඇමෙරිකාවට වඩා පැය 12ක් ඉදිරියෙන් නිසා, අගෝස්තු 1 වෙනිදා වෙද්දී, (ඒ කියන්නේ ඇමෙරිකාවේ ජූලි  31 වෙනිදට), අලුත්  හැරී පොටර්  පොත ලංකාවේ අපට ලබාගන්න පුළුවන්.

3. www.retailgenius.com

Harry Potter and the Cursed Child පොත www.retailgenius.com කියන වෙබ් සයිට් එකෙන් ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්නගන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා.  ජේයා පොත් හලත් එක්ක එකතු වෙලා තමයි retailgenius වෙබ් සයිට් එක මේ වැඩේ කරන්නේ. ලංකාවේ වටේ ඕනෙම තැනක කෙනෙක්ට දින 3ත් 5ත් අතර කාලයක් අතරතුරදී පොත ගෙදරටම ලබාගන්න වගේම,  එවෙලේම මුදල් ගෙවීම කරන්නත් ඔවුන්ට පුළුවන්. කෑෂ් ඔන් ඩිලිවරි කරනවා නම්, රුපියල් 3015ක් වගේ මුදලක් ගෙවන්න වෙනවා. එත් ඔන්ලයින්ම  ගෙවීම් කරන්න පුළුවන් නම්, තමන් ගෙවන කාර්ඩ් එකේ හැටියට විවිධ වට්ටම් ලැබෙන්න retailgenius වෙබ් සයිට් එක කටයුතු සලස්වලා තියෙනවා. ඒ  විදියට ගත්තොත්, වීසා කාර්ඩ්  වලට 10%ක්, සම්පත් කාර්ඩ් වලට 15%ක්, සම්පත් විශ්ව සඳහා 10%කුත් වට්ටම් ලැබෙනවා. ඒ හැරුනාම නේෂන්ස් ට්‍රස්ට් කාර්ඩ් එකකින් ගෙවනවා නම්, කිසිම පොලියක් නැතිව මාස 20ක් ඇතුලත් ගෙවන්න ගන්නත් පුළුවන්. මේ ගැන වැඩි විස්තර retailgenius ලගේ වෙබ් සයිට් එකෙන් වගේම, එයාලගේ හොට් ලයින් එකෙන් දැනගන්න හැකියාව තිබෙනවා.

4. www.amazon.com

කලින් කිව්ව ක්‍රම 3න්ම ලංකාවේ අපට, ලංකාව ඇතුළෙන්ම අලුත් හැරී පොටර් පොත උණු උණුවෙම  මිලදී ගන්න පුළුවන්. පොතේ රස්නේ ටිකක් අඩු වෙලා යනකන් ඉඳලා මේ පොත කියවන්න කැමති නම්,කවුරුත් දන්න ඇමසන් වෙබ් සයිට් එකත් මේකට පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා. දැන්ම pre-order  කරනවා නම්, $17.99ක් වගේ විශේෂ අඩු කරපු මිලකට මේ පොත ලබාගන්න පුලුවන්. කොහොම වුණත් පොත තමන්ගේ අතට ලැබෙන්න, සති දෙක තුනක්වත් ගත වෙන බව නම් සැකයක් නැතිව කියන්න පුළුවන්.

හැරී පොටර් පොත් මාලාවේ මේ අලුත් පොත චිත්‍රපටයකට නැඟෙන වගක් ගැන නම් තවම ආරංචියක් නැහැ. නමුත් ඒ දවස වැඩි ඈතක නැහැයි කියලයි අපේ අදහස වගේම බලාපොරොත්තුව. කොහොම  වුණත්, ඒ වෙද්දී මේ අලුත් පොත කියවල ඉන්න තරමට හොඳයි කියල හිතුණ නිසා තමයි මේ ලිපිය ලිව්වේ. අපායට වුණත් මුලින් යන්න ඕනේ කියල කතාවක් තියෙන එකේ, අලුත් හැරී පොටර් පොත කලින්ම ඕඩර් කරලා තියන එකත් ඇඟට ගුණයි නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide