9 වසරකට පසුව එන මායාකරුවන්ගේ 8 වන පරිච්ඡේදය.

මැජික්, එහෙමත් නැතිනම් විජ්ජාවන් කියන්නේ කාටත් කුතුහලය දෙන දෙයක්. වචනෙන් විස්තර කරන්න බැරි හුඟක් දේවල් වලට “”මැජික් වගේ”” කියල කියන්නත් අපි පුරුදු වෙලා ඉන්නේ ඒකයි. මැජික් ගැන විවිධ මතවාද තිබුනත්, එක සැණෙන් අපි හැමෝම වසඟ කරගත්ත කතා පෙළක් තමයි  හැරී පොටර්  කියල කියන්නේ.

ලොකු පොඩි භේදයක් නැතිව, ලෝකෙම ඉන්න හැමදෙනාම එක තත්පරෙන් ග්‍රහණය කරගත්ත පොත් පෙළක් විදියට  හැරී පොටර්  හඳුන්වන්න පුළුවන්. පසුකාලීනව නිර්මාණය වුණු හැරී පොටර් චිත්‍රපට පෙළෙන්, පොත් වලට තියෙන අවධානය තවත් වැඩි වුණා කිව්වොත් හරියටම හරි. කෙටියෙන්ම කියනවා නම්, අපි පොඩි කාලේ ඉඳන් ආසාවෙන් අහපු මායාකරුවන්ගේ කතා වලට, ජීවය දුන්නේ පොත් 7කින් සමන්විත වුණු හැරී පොටර්  කතා පෙළෙන්. Harry Potter and the Deathly Hallows හෙවත් මේ කතා පෙළේ අවසාන කතා පොත, සහ චිත්‍රපටය නිකුත් වුණාට පස්සේ, මේ කතා පෙළ පිස්සුවෙන් වගේ රස විඳපු බොහෝ දෙනාට හිතුනේ තමන්ගේ ජීවිතේ එක කාල පරිච්ඡේදයක් අවසන් වුණා වගේ.

කොහොම වුණත්, මේ  හැරී පොටර්  පොත් ගුල්ලන්ට  සුභ ආරංචියක් ලැබුණා මේ අවුරුද්දේ  මුලදී. ඒ Harry Potter and the Cursed Child part I and II, එහෙමත් නැතිනම්  හැරී පොටර්  කතා මාලාවේ 8 වෙනි පොත මේ මාසයේ අග නිකුත් වෙන බව. මෙතෙක්  හැරී පොටර්  කතා මාලාවේ නොකියපු කොටස මෙහි අන්තර්ගත වෙන බවයි ආරංචිය. කතාවකටත්  වඩා නාට්‍ය පිටපතක් විදියට මේ පොත ලියල තියෙන්නේ J.K. Rowling, Jack Thorne, සහ John Tiffany කියන කතුවරු විසින්. මේ අලුත් පොත, ලෝකේ පුරාම ඉන්න හැරී පොටර් රසිකයන් ඉස්පාසුවක් නැතිව බලන් දෙයක් නිසා, අපේ කොපියත් දැන්ම වෙන් කරගත්තොත් නරකද?

ලංකාවේ අපටත් දැන් ලේසියෙන්ම අලුත්  හැරී පොටර්  පොත pre-order කරන්න පුළුවන් පහත ක්‍රම වලින්.

1. එම්.ඩී.ගුණසේන පොත් හල

බම්බලපිටිය, නුගේගොඩ, මරදාන ඇතුළු ලංකාව වටේ තිබෙන ඕනෙම එම්.ඩී.ගුණසේන පොත් සලකට ගොඩවෙලා Harry Potter and the Cursed Child පොත pre-order කරන්න පුළුවන්. රුපියල් 2990ක් වගේ ගාණකට තමා එම්.ඩී.ගුණසේන එකෙන් මේ පොත ලබා දෙන්නේ. ලංකාවේ වටේම එම්.ඩී.ගුණසේන පොත් සල් තියෙන නිසා මේ ක්‍රමය එක අතකට ලේසි කියලත් කියන්න පුළුවන්. එම්.ඩී.ගුණසේන එකක් පැත්තේ යන්න වෙලාවක් නැති නම්, එයාලගේ හොට් ලයින් එකට කතා කරලත් පොතක් වෙන් කරගන්න පුළුවන්.

2. Jeya පොත් හල

බෙස්ට් සෙලින් කාණ්ඩයේ ඉංග්‍රීසි පොත් ගන්න පුළුවන් එක තැනක් විදියට ජේයා පොත් සල  හඳුන්වන්න පුළුවන්. කොල්ලුපිටිය, වත්තල වගේම කොටුව පැත්තේ යන කෙනෙක්ට ජේයා පොත් හලෙන් ලේසියෙන්ම  Harry Potter and the Cursed Child පොත pre-order කිරීමේ හැකියාව දැන් තිබෙනවා. රුපියල් 2680ක් වගේ අඩු මුදලකට ලැබෙන නිසා මේක ලොකුම වාසියක් කියල කියන්නම ඕනේ. ඊටත් වඩා හොඳම දේ තමා , මේ  හැරී පොටර්   පොත ඇමෙරිකාවේ නිකුත් වෙන  තත්පරේටම, මේ පොත අරන් කියවන්න ලංකාවේ ඉන්න  හැරී පොටර්  පොත් ගුල්ලන්නට හැකියාව තිබෙනවා. හරියටම කියනවා නම්, ලංකාව ඉන්නේ ඇමෙරිකාවට වඩා පැය 12ක් ඉදිරියෙන් නිසා, අගෝස්තු 1 වෙනිදා වෙද්දී, (ඒ කියන්නේ ඇමෙරිකාවේ ජූලි  31 වෙනිදට), අලුත්  හැරී පොටර්  පොත ලංකාවේ අපට ලබාගන්න පුළුවන්.

3. www.retailgenius.com

Harry Potter and the Cursed Child පොත www.retailgenius.com කියන වෙබ් සයිට් එකෙන් ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්නගන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා.  ජේයා පොත් හලත් එක්ක එකතු වෙලා තමයි retailgenius වෙබ් සයිට් එක මේ වැඩේ කරන්නේ. ලංකාවේ වටේ ඕනෙම තැනක කෙනෙක්ට දින 3ත් 5ත් අතර කාලයක් අතරතුරදී පොත ගෙදරටම ලබාගන්න වගේම,  එවෙලේම මුදල් ගෙවීම කරන්නත් ඔවුන්ට පුළුවන්. කෑෂ් ඔන් ඩිලිවරි කරනවා නම්, රුපියල් 3015ක් වගේ මුදලක් ගෙවන්න වෙනවා. එත් ඔන්ලයින්ම  ගෙවීම් කරන්න පුළුවන් නම්, තමන් ගෙවන කාර්ඩ් එකේ හැටියට විවිධ වට්ටම් ලැබෙන්න retailgenius වෙබ් සයිට් එක කටයුතු සලස්වලා තියෙනවා. ඒ  විදියට ගත්තොත්, වීසා කාර්ඩ්  වලට 10%ක්, සම්පත් කාර්ඩ් වලට 15%ක්, සම්පත් විශ්ව සඳහා 10%කුත් වට්ටම් ලැබෙනවා. ඒ හැරුනාම නේෂන්ස් ට්‍රස්ට් කාර්ඩ් එකකින් ගෙවනවා නම්, කිසිම පොලියක් නැතිව මාස 20ක් ඇතුලත් ගෙවන්න ගන්නත් පුළුවන්. මේ ගැන වැඩි විස්තර retailgenius ලගේ වෙබ් සයිට් එකෙන් වගේම, එයාලගේ හොට් ලයින් එකෙන් දැනගන්න හැකියාව තිබෙනවා.

4. www.amazon.com

කලින් කිව්ව ක්‍රම 3න්ම ලංකාවේ අපට, ලංකාව ඇතුළෙන්ම අලුත් හැරී පොටර් පොත උණු උණුවෙම  මිලදී ගන්න පුළුවන්. පොතේ රස්නේ ටිකක් අඩු වෙලා යනකන් ඉඳලා මේ පොත කියවන්න කැමති නම්,කවුරුත් දන්න ඇමසන් වෙබ් සයිට් එකත් මේකට පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා. දැන්ම pre-order  කරනවා නම්, $17.99ක් වගේ විශේෂ අඩු කරපු මිලකට මේ පොත ලබාගන්න පුලුවන්. කොහොම වුණත් පොත තමන්ගේ අතට ලැබෙන්න, සති දෙක තුනක්වත් ගත වෙන බව නම් සැකයක් නැතිව කියන්න පුළුවන්.

හැරී පොටර් පොත් මාලාවේ මේ අලුත් පොත චිත්‍රපටයකට නැඟෙන වගක් ගැන නම් තවම ආරංචියක් නැහැ. නමුත් ඒ දවස වැඩි ඈතක නැහැයි කියලයි අපේ අදහස වගේම බලාපොරොත්තුව. කොහොම  වුණත්, ඒ වෙද්දී මේ අලුත් පොත කියවල ඉන්න තරමට හොඳයි කියල හිතුණ නිසා තමයි මේ ලිපිය ලිව්වේ. අපායට වුණත් මුලින් යන්න ඕනේ කියල කතාවක් තියෙන එකේ, අලුත් හැරී පොටර් පොත කලින්ම ඕඩර් කරලා තියන එකත් ඇඟට ගුණයි නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide