චොක්ලට් රසට කේක් නමක්, බ්‍රවුනි! රු. 200ට අඩුවෙන් කන්න කියාපු තැන් 7ක්.

බ්‍රවුනි කිව්වාම සමහරුන්ට නම් එකපාරටම මතක් වෙනව ඇත්තෙ ගෙදර ඉන්න බල්ලව. ඒ වුනාට චොකලට් රසට ආදරේ කරන කෙනෙක්ට? ඔව්, අනිවා බ්‍රවුනි තමයි.

බ්‍රවුනි කියන්නෙ චොකලට් කේක් වගේම හැබැයි ඊට වඩා චොකලට් රසයෙන්, හයිය ගතියෙන් ටිකක් වැඩි කේක් ජාතියක්. අතුරුපස ගැන උනන්දුවක් තියෙන අයට නම් බ්‍රවුනි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. තනිකරම චොකලට් රසට හැදුණත් බ්‍රවුනි වල තියෙන තට්ටු තුනේ රස මැජික් එක තමයි දිව පිස්සු වට්ටන්නෙ.

ඉස්සෙල්ලම ටිකක් හයියට හැපෙන යටම තට්ටුව, බේක් වුනු චොක්ලට් රසයෙන් දිව පිස්සු වට්ටනව. ඊට පස්සෙ මැද්දට වෙන්න තියෙන ටිකක් මෘදු, චොකලට් රසයෙන් අනූන කේක් තට්ටුව, රස නහර පිනා යන රසක් තමයි ගේන්නෙ. ඊටත් උඩින් තමයි බ්‍රවුනි වල අනන්‍යතාවය තියෙන්නෙ. හොඳටම බේක් වුනු තුනී චොකලට් තට්ටුව. බ්‍රවුනි කෑල්ල හෙමිහිට හපද්දි උඩින්ම තියෙන තුනී චොකලට් තට්ටුව දිවට ගේන අපූරු ක්‍රිස්පි ගතිය! මතක් වෙද්දිදිත් කටට කෙල උනන ගාණයි.

හැබැයි ඉතින් බ්‍රවුනි කොච්චර රස වුනත් වැඩක් නෑනෙ, රසම රස බ්‍රවුනි කෑල්ලක් තොල කට ලෙව කකා හිතේ හැටියට රස විඳින්න පුළුවන් තැනක් ගැන දන්නෙ නැත්නම්. එහෙමයි කියල අවුලක් ගන්න එපා. අපි කියන්නම් පට්ට රස බ්‍රවුනි කෑල්ලක රස පහස නිදහසේ විඳින්න පුළුවන් නියම තැන් ටිකක්.

හැබැයි ඉතින් කාලා නිකන්ම යන්න එපා. රස කොහොමද කියල අපිටත් කමෙන්ට් කරන්න.

1. Oshella

හෝම් බේකර්ස් සම්ප්‍රදායෙ උඩින්ම ඉන්න අතුරුපස නිෂ්පාදකයෙක් තමයි ඔෂෙලා. චොකලට් රසයෙන් පිරුණු මෙයාලගෙ එක්ලෙයාස් වලටත් එහා ගියපු පට්ට රසක් තමයි බ්‍රවුනි එකේ තියෙන්නෙ. බ්‍රවුනි එකේ මැද්දට එන තද චොකලට් රසක් තියෙන ටිකක් මෘදු කේක් තට්ටුවෙන් තමයි ඔෂෙලාගෙ බ්‍රවුනි වල ගතිය එන්නෙ. රු. 150කට 200කට, මේ රසම රස බවුනි කෑල්ලක් රස බලන්න පුළුවන් වුනාට අඩුම තරමෙ කෑලි 6ක වත් ඇණවුමක් නම් කලින් දාන්න ඕන.

2. Hansa Coffee

චොකලට් වලට කෑදරයි නම්, යන්න හැව්ලොක් ටවුන් වල හන්ස එකට. එතන තියෙනව රු. 150කට බඩ පිරෙන්න කන්න පුළුවන් ලොකු බ්‍රවුනි කෑලි. හිතේ හැටියට කන්න පුළුවන්. හැබැයි මෙයාලගෙ බ්‍රවුනි වලට ගන්න චොකලට් වල චොකලට් රස නම් උපරිමයි. කොටින්ම කියනව නම් කටේ ඇලෙන ගාණට චොකලට්. කාලා බලන්නකෝ.

3. Ru's Kitchen

අන්න බ්‍රවුනි. පිස්සු හැදෙන රසක් තියෙන්නෙ. රූගේ බ්‍රවුනි ඇවිල්ල ඔරිජිනල්ම බ්‍රවුනි කියල කියන්න පුළුවන්. අඩු නැතුව තට්ටු තුනේ මැජික් එක තියෙනව. විශේෂයෙන්ම බ්‍රවුනි කෑල්ලෙ උඩින්ම තියෙන පතුරු ගැලවෙන ගාණට බේක් වුනු චොකලට් තට්ටුව. ඒ විතරක් නෙවෙයි මැද්දට වෙන්න තියෙන ටිකක් මෘදු කේක් තට්ටුවෙත් නියම ගාණට චොකලට් රස තියෙනව. කෑල්ලක් රු. 100ක් 150ක් වගේ වෙන්නෙ. හැබැයි මේ රසම රස බ්‍රවුනි කෑල්ලක් කන්න ඕන නම් එක්කො බෙල්ලන්විල ශ්‍රී සෝමරත්න මාවත පැත්තට යන්න ඕන. නැත්නම් කෝල් කරල ඇණවුමක් දාන්න ඕන.

4. a & m Cupcakes

ගාලු පාර, බම්බ – කොල්ලුපිටි මායිමේ තියෙන මේ කඩේ නමින් කප් කේක් වුනාට මෙයාල ලඟත් තියෙනව රසම රස බ්‍රවුනි. කෑල්ලක් රු. 150ක් 200ක් වගේ වෙනව. රස උපරිමෙන්ම තිබුණත් ගාණෙ හැටියට බ්‍රවුනි කෑල්ල තව පොඩ්ඩක් ලොකු වුනානම් මරු.

5. Cafe Eklektik

කඩේ නම කියවන්න බැරි වුනාට රු. 50ක් වගේ ගාණකට මේසෙට එන තද චොක්ලට් රසින් පිරුණු බ්‍රවුනි කෑල්ලට වගකියන්න නම් බැරි වෙන එකක් නෑ. කොළඹ 07, ආර්. ජී. සේනානායක මාවතේ තියෙන මේ කඩේ බ්‍රවුනි, සාමාන්‍ය බ්‍රවුනි වුනාට රස නම් හොඳයි.

6. Keshiya Bakes

පට්ට රසයි කියන්න බැරි වුනාට මෙයාලගෙ බ්‍රවුනිත් සෑහෙන්න හොඳයි. රු 100කට 150කට ගන්න පුළුවන්. තව පොඩ්ඩක් චොකලට් රස වැඩි වෙලා උඩ චොකලට් තට්ටුවෙ ක්‍රිස්පි ගතිය ආව නම් තමයි නියම.

7. RTM Delights

ආර්. ටී. එම් ඩිලයිට්ස් කියන්නෙ හෝම් බේකර්ස් සම්ප්‍රදායෙ නැගී එන තරුවක්. රාජගිරියෙ තමයි මෙයාල කෑම හදන්නෙ. බ්‍රවුනි විතරක් නෙවෙයි, තව තව අතුරුපස ජාති  වගේම කෑම ජාතිත් ගොඩක් මෙයාල ලඟ තියෙනව. විශේෂයෙන්ම මෙයාලගෙ බ්‍රවුනි එක ගැන කියන්න හිතුවෙ. රු. 120ක් වගේ ගාණකට කොළඹ පැත්තෙ ගන්න පුළුවන් හොඳ බ්‍රවුනි අතර මෙයාලගෙ බ්‍රවුනි එකත් තියෙන නිසා. හැබැයි තව පොඩ්ඩක් විතර චොකලට් රස වැඩි වුනා නම් තමයි මට නම් සතුටු.

කොහොම වුනත් බවුනි කියන්නෙ සුපිරි අතුරුපසක්. සමහරු නම් බ්‍රවුනි ඩෙසට් එක විදියට නැතුව ඩයට් එක විදියටත් කනව. උදාහරණයක් විදියට ගත්තොත් අපේ YAMU ඔෆිස් එකේ කට්ටිය. හහ්.. නිකන් කිව්වෙ. එහෙමයි කියල ඔයාලත් බ්‍රවුනි තනියෙන් කන්න යන්න එපා. බෙදා ගෙන කන්න. ඒක හොඳ පුරුද්දක්නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide