ඔෂින්: එදා සහ අද.

“ඔෂින්! ඔෂින්! ඔෂින්! ජපානයේ NHK ආයතනය නිපැයු සුවිශේෂ ටෙලි නලුවකි ඔෂින්”

ඔය වචන ටික දැක්කමත් ඇති තිස්ස අබේසේකරයන්ගේ ගැඹුරු කටහඬ ඔබට ඇහෙනවා ඇති. ඊළඟට හිත කම්පා කරන අර ලස්සන සංගීතය. වරක් බැලුවොත් අමතක වෙන්නැති මේ ආදරණීය කතාව දැන් පරම්පරා කිහිපයක් තිස්සේ ලංකාවේ අපි කිහිප වාරයක්ම බලල ඇති; තව ඉස්සරහටත් අනිවාර්යයෙන් බලයි. ජාතික රූපවාහිනිය අපට දීපු සොඳුරුම තෑග්ගක් මේ අභීත ජපන් කාන්තාවගේ කතාව. ලංකාවේ විතරක් නෙමෙයි, ජපානයේ ඉඳල සිංගප්පූරුව, පකිස්ථානය, ඉන්දියාව වගේ රටවලත්, ඉරානය, සිරියාව වගේ මැද පෙරදිගත් ඔෂින් රූපවාහිනිය රජ කළා. මුලින්ම ඉංග්‍රීසි හඬ කැවීමෙන් ඔෂින් පෙන්නපු බව සමහර විට ඔබට මතක ඇති. පස්සෙ අපේ සදාදරණීය ටයි මාමා මේක සිංහලෙන් හඬකවල තමයි පුංචි තිරයෙන් අපේ නිවෙස් වලට අරගෙන ආවේ.

ඔෂින් කියන නම එක එක රටවල්වල භාෂා වලට පවා එකතු වුණා. ඔෂින් නිපදවුණ 80 ගණන්වල ජපානේ දැඩි වීර්යයෙන් උත්සහ කරන කෙනෙකුට “ඔෂින්" කියල නම පට බැඳුනා. මේකට ගොඩක්ම ප්‍රසිද්ධ සුමෝ සටන්කරුවෙක් වන ටකනොසාටෝ මහතායි. ඔහු දියවැඩියාව නොතකා “යෝකොසුනා" සුමෝ හිනිපෙත්තටම නැග්ග නිසා ඔහුට “ඔෂින් යොකොසුනා” කියල කිව්වා. නවීන ජපානෙට ආර්ථික අපහසුතා තිබුන කාලෙ මිනිස්සු රාබුයි බතුයි කනකොට ඒකට කිව්වේ ඔෂින් ඩයට් එක කියල. වියෙට්නාමේ අදටත් මෙහෙකාර අයට ඔෂින් කියල කියනවා.

හැබැයි වැඩේ තියෙන්නේ ඇත්තටම ඒ කතානායිකාවගේ නම ඔෂින් නෙමයි, ෂින්. “ෂින්” කියන නමට ඒ කාලේ ජපානේ පාවිච්චි කරපු සුළු ගෞරවන්විත පදයක් වන “ඔ” ශබ්දය එකතු කරල තමයි “ඔෂින්" හැදෙන්නේ. හරියට අපි නෑදෑ වුනත් නැතත් කාට හරි අක්කා, නැන්ද කියනවා වගේ. ඒවගේම ඔෂින් කියන්නෙ ඇත්ත කෙනෙක්ගෙ ජීවිතය පදනම් කරගෙන ලියපු කතාවක්. “යාඕහාන්" කියන සුපර්මාර්කට් ජාලය අයිතිකාර කසුඕ වඩාගේ අම්මාගේ ජිවිත කථාව මත තමයි ඔෂින් අසදොරාව (උදෑසන නාටකය) සුගකෝ හෂිදා අතින් ලියවෙන්නේ. ඔෂින් කතාවෙන් ජපාන මෙයිජි යුගයේ තියෙන දුක්බර ගතිය පෙන්නපු නිසා මුලදී හුඟක් ජපන් රුපවාහිනී ආයතන ඒක පෙන්නන්න කැමති වෙලා නැහැ. නමුත් අවසානයේ එන්.එච්.කේ. ආයතනය ඔවුන්ගේ 30 වසර සැමරුමේ කොටසක් හැටියට ඔෂින් පෙන්නුවා

නළු පිරිස

ඔෂින් චරිතයට නිළියන් තුන් දෙනෙක් පණ දුන්නා. අපි මුලින්ම දකින්නෙ ටමකුරා පවුලේ ප්‍රධානියා සහ ආච්චි අම්මා වූ ඔෂින්. මේ චරිතයට පණ පොවන්නේ නොබුකෝ ඔටෝවා නම් වූ සම්මානනීය ජපන් නිළියයි. ඇය චිත්‍රපට 134ක රඟපෑ පළපුරුදු නිළියක්. ඇය 1994දි අක්මා පිළිකාවක් නිසා අවසන් ගමන් ගිය අතර ඇගේ අළු ඇගේ අවසන් චිත්‍රපටිය රූගත කල ස්ථානයේ විසිරුවලා තියෙනවා.

ඊළඟට අපි දැක්කෙ පොඩිම ඔෂින්. ඇයට පණ දුන්නේ එකල 8 හැවිරිදි අයකෝ කොබයාෂි. ඇය ඒ කාලයේ ටෙලි කිහිපයක රඟපෑවට ටිකක් කල් අධ්‍යාපනයට මුල් තැන දුන්නලු. එත් 2000 පමණ සිට ඇය නැවතත් රංගනයට දායක වෙලා. ඇය 2013 පමණ ඔෂින් කතාව චිත්‍රපටියක් ලෙස අලුතින් නිෂ්පාදනය කලාම ඒකෙ වැඩිහිටි චරිතයකට රඟපෑවා. කොටින්ම කියනවනං ඇය ලංකාවේ චිත්‍රපටියකටත් අත දුන්නා. ගිය අවුරුද්දෙ සුමිත්‍රා රාහුබද්ධගේ “කන්දක් සේමා" නවකතාව ඇසුරින් එනමින්ම රූගත කල චිත්‍රපටියේ චරිතයකට මේ පොඩි ඔෂින් දැන් ලොකු නැන්ද කෙනෙක් විදියට එකතු වෙනවා.

තරුණ ඔෂින් හැටියට පෙනී හිටියේ යුකෝ ටනකා මෙනෙවිය. ඔෂින් රූගත කරනකොට 28ක් වුණු ඇය දැන් 61 වියැති කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි සම්මානනීය නිලියක්. දැන් ඇය “කොනෝ මැචි නො ඉනොචි නි" නම් ටෙලි නාට්‍යයේ සතුන් කෙරෙහි සානුකම්පිත පශු වෛද්‍යවරියකගේ චරිතය රඟපානවා.

නමිකි ශිරෝ තමයි රූසෝ චරිතයට පණ පෙව්වේ. ඔෂින්ගෙන් පස්සෙත් ඔහු අද වෙනකං සැහෙන්න චිත්‍රපටි ගානක රඟපාලා තියෙනවා. ඔහු අවසන් වරට තිරයක හිටියේ 2014 “නසෝ නො ටෙන්කොසෙයි” කියන අත්භූත කතාවකයි.

ඔෂින්ගේ මිතුරු කෙන් නකසාවාගේ චරිතය රඟපෑවේ ගට්ස් ඉෂිමට්සු මහතායි. ඔහු මෝඩපහේ දරදඬු චරිත රඟපෑවට ඔහු ඇත්තටම බොක්සිං ලෝක ශුරයෙක්. ඔහු රඟපාන චරිත මෙන් නොව සාමාන්‍ය දිවියේදී, විශේෂයෙන් ක්‍රීඩා විචාරයේදී, ඉතා බුද්ධිමත්ව කටයුතු කරන බව ප්‍රසිද්ධයි.

රූපය waytofamous.org වෙතින්

ඔෂින් ගේ ප්‍රථම ප්‍රේමය වුණු කෝටා ඔබට අමතක වෙන්න බෑ. ඒ චරිතයට පණ දුන්නේ ට්සුනෙහිකෝ වටාසේ නම් රංගන ශිල්පියායි. ඔහුටත් දැන් දිග සම්මානනීය සිනමා ඉතිහාසයක් තියෙනවා. ඔහුගේ සොහොයුරත් නළු කර්මාන්තයේ. ඔහු දැන් කාලේ “කෙයිශිෂෝ ඉක්ක 9 ගකරි” කියන අපරාධ නාටකයක වැඩකරනවා.

පසුබිම

ඔෂින් ඇත්තටම එක ගැහැණියකගේ ජිවන කතාව පමණක් නෙවෙයි, 1900 සිට 1984 දක්වා නුතන ජපානයේ ජිවිත කතාවේ හරස්කඩක් කියල කියන්නත් පුළුවන්. ජපන් වැසියන්ගේ සුප්‍රකට දහිරිය, වීර්යය ඔෂින් කතාවේ හොඳින් පේනවා. ඒක නිසයි ඒ අවුරුදු 80 ඇතුලත ජපානය හුදකලා දුප්පත්කමින් ලෝක ආර්ථික බලවතෙක්. වෙන්නෙ. ඒ ලොකු පොඩි හැමෝම මහන්සි වෙලා වැඩ කරන නිසා. බොරු කියල හිතනවා නං පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ හොයල බලන්න ජපන් ඉස්කෝලෙක දින චරියාව.

මේකේ මුල ජපන් සංස්කෘතිය තුල කාවැදුණු සංකල්ප දෙකක්. එකක් “ගන්බත්තේ කුදසයි" කියල හඳුන්වනවා. ඒ කියන්නේ “ඔබට පුළුවන් තරං උපරිමෙන් වැඩකරන්න” කියල. අපි වැඩක් පටන්ගන්නව නං අපිට ජපන් එක්කෙනෙක් කියයි “ගන්බත්තේ කුදසයි" කියල. එතකොට අපි “හයි! ගන්බරිමසු.” (ඔව්! මම උපරිමෙන්ම වැඩ කරනවා) කියල උත්තර දෙන්න ඕනේ. ජපානේ වාසනාව පැතීමක් කියල දෙයක් නෑ. ඒ වෙනුවට ඔබට හොඳින් වැඩකරන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

අනිත් සංකල්පය තමයි “ජුනන්සෙයි". ජුනන්සෙයි කියල කියන්නේ ඕන දේකට හැඩගැහෙන්න පුළුවන් වීමටයි. ඔයා ජපන් කොම්පැනියක රස්සාවට ගියොත් එහෙ වැඩිපුරම බලන්නෙ මේක. ඔබ කැමති විදියට රස්සාවේ ඉහලට නගින්න බැහැ. සමාගමට අවශ්‍ය තැනට ඔයාව යවයි. ඔයා එතෙන්ට හැඩගැහෙන්න ඕනෙ. අපිට මේක ටිකක් අකාරුණිකයි වගේ පෙනුණට ජපන් අයට මේක සාමාන්‍ය දෙයක්. අනිත් එක මේක නිසා තමයි බටහිර තාක්ෂණය, සංස්කෘතිය පහුගිය සියවසේ ලෝකෙ වටේ යනකොට ජපන්නුත් ඒක විසිකරන්නෙ නැතුව ජපන් විදිහකට වැළඳ ගන්නෙ. ඔෂින්වල අපිට පේනවා ඔෂින් පොඩි කාලේ ඉස්සෙල්ලම විදුලි ආලෝකය දකින වෙලාවෙ ඉඳල ටෝකියෝවල බටහිර කොණ්ඩා මෝස්‌තර දාන්න ඉගෙන ගෙන අන්තිමේ බටහිර තාලේ වෙළඳසැල් වුනත් අරින්න ගන්න විදිය. හැබැයි ඔෂින්ගේ ජපන් ගතිය මේ කිසිම තැනකදි පොඩ්ඩක්වත් අඩු වුනේ නැහැ. අන්න ඒ හැඩගැසීම තමයි ජුනන්සෙයි කියන්නෙ.

මේ හින්ද තමයි, මේ වගේ ඔෂින්ල ඉන්න හින්ද තමයි, ලෝක යුද්ධෙන් නොසෑහෙන්න ගුටි කාපු ජපානේ ඊට අවුරුදු 15ක් යන්නත් කලින්, ජපානෙට බෝම්බ දාපු ඇමරිකාවටම කාර් විකුණන්නේ. ඒ හින්ද තමයි 1960 වෙනකොට ටයිම් සඟරාව මුල් පිටුවේ කල්පනා කරන්නෙ ජපාන ආර්ථික ආක්‍රමණයට මුහුණදෙන්නෙ කොහොමද කියල. ඒ හින්ද තමයි ලංකාවට රුපවාහිනී සංස්ථාවක්ම නිකං දෙන්න තරං පොහොසත්කමක් ඔවුන්ට තියෙන්නෙ. දැන් ඒ රූපවාහිනියෙන් ආයෙ ආයෙ ඔෂින් බලල අපිත් ඒ ආදරණිය චරිතයේ හොඳ ගුණ ටිකක් පුරුදුකරගමු.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide