අපි බාලේ කියවපු මේ පොත් හත මතකද රාළේ ?.

“There are many little ways to enlarge your child’s world.

Love of books is the best of all.”

(ඔබේ දරුවාගේ ලෝකය පහසුවෙන්ම විසල් කිරීමට ඔබට කළ හැකි බොහෝමයක් දේ ඇත. ඔවුන්ව පොත් වලට ආදරය කරන්නට පුරුදු කිරීම ඉන් හොඳම ක්‍රමයයි.)

ඇමෙරිකාවේ 35 වන ජනාධිපතිවයා වන ජෝන් එෆ්. කෙනඩි මහතාගේ බිරින්දෑ වන ජැකලින් කෙනඩි පවසපු මේ වදන්ම ඇති පොඩි දරුවෙක්ගේ අතට කතා පොතක් දෙන්න. එදා මෙදා කියලා වෙනසක් නෑ, පොඩි ළමයෙකුගේ උපන්දිනයකදී දෙන අනිත් තෑගි අතරට කතා පොතකුත් එකතු කරන පුරුද්දක් අපේ බොහොමයක් දෙමව්පියන් අතරේ තියෙන්නෙත්, මේ කතාවේ තියෙන සත්‍යතාවය නිසයි කියලා කියන්න පුළුවන්.

කොහොම වුණත්, එදා ඉඳන් අද දක්වාම මේ වගේ පොඩි දරුවන්ට දෙන පොත් අතර, නොවරදවාම තියෙන පොත් කිහිපයක්ම තියෙනවා. කාලේ වෙනස්, තාලේ අලුත් කිව්වට මේ පොත් වල තියෙන සාහිත්‍ය වටිනාකම කිසිම විදියකින් අඩු වෙලා නැහැ. මතක් කරලා බලන්න, ඔයාලා ලඟත් මේ පොත් ටික තියෙනවා නේද කියලා.

1. අඹ යහළුවෝ

දුප්පත්, පොහොසත් පවුල් අතර වෙන ආදර පලහිලව් ගැන ඕනෑ තරම් කතන්දර තිබුණත්, යාළුකම ගැන කියවෙන කතා තියෙන්නේ හරි අඩුවෙන්. සැබෑ යාළුකමේ තේරුම වගේම වටිනාකම ගැන දැනගන්න නම්, අඹ යහළුවෝ තරම් හොඳ වෙන කතාවක් නැති තරම්. පොඩි කාලේදී අපේ වැඩිහිටියන් අපේ අතට අනිවාර්යයෙන්ම දෙන පොත් අතුරින් ප්‍රධාන පොතක් බවට මේ පොත පත්වෙන්න ඇත්තෙත් නිමල්ගෙයි, සුනිල්ගෙයි යාළුකමෙන් අපට ඉගෙනගන්න බොහොමයක් දේවල් තියෙන නිසා බව නිසැකයෙන්ම කියන්න පුළුවන්. පසුකාලීනව මේ පොත ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවටත් පත්වුණා ඔයාලට මතක ඇති.

2. මඩොල් දූව

නිර්භීතකමත් එක්ක එකතු වුණු උපාලිගේ මුරණ්ඩුකම, ජින්නාගේ යටහත් පහත්කම, පසුව ඔවුන්ට එකතුවෙන හින්නි මහත්තයාගේ කම්මැලිකම, මේවා අපේ ජීවිතේ කොටස් බවට පත් වුණේ මඩොල් දූව කතා පොතත් එක්ක. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් අතින් ලියවුණු අද්විතීය පොත් ගොන්නෙන් එකක් වන මඩොල් දූව, අපි අදටත් රස කර කර කියවන පොතක්. ඒ විතරක් නෙවෙයි, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් අතරින්, හුඟක් වෙලාවට අපි මුලින්ම කියවන පොත වෙන්නෙත් මඩොල් දූවම තමයි. මිතුරුකමේ අගය, එකමුතුකම, උත්සහවන්ත බව වගේ පාඩම් ගණනාවක් මේ කතාව තුළින් අපට ඉගෙනගන්න පුළුවන් වූණේ පොඩි වයසෙන්ම මේ පොත අපේ අතට පත් කරන්න අපේ වැඩිහිටියන් අමතක නොකළ නිසා.  

3. තුංමංහන්දිය

“නාකි උදවිය මැරී කොල්ලන්ගේ රැවුළ එන්නට පටන් ගනී. ඒත් රදාවානේ හන්දිය වෙනස් නොවේ. ඒක එතැනම එහෙමම තිබේ. අන්දර ගහ, අම්බලම, කඩ දෙක තුන, ඉස්කෝලයේ පවා කිසිම දියුණුවක් නැත. උපන්නාට මේ ලොව වැනෙනවා වගේ ඔහේ ආවාට ගියාට තියෙයි”

කවදාවත් අපි දැකල නැති, සමහරවිට අහලත් නැති රදාවාන හන්දියට මහගම සේකරයන් අපිව අරගෙන යන්නේ, ඔන්න ඔය විදිහට. ඉපදුණු දවසේ ඉඳන් ගෙන්දගම් පොළවේ ඇවිදින බොහොමයක් දෙනා ගම්මානෙක තියෙන සුන්දරත්වය දැක්කේ, ඒ කතාබහ ඇහුවේ මේ පොතෙන්. ඒ වගේ විචිත්‍රවත් විදියට ලියවුණු මේ පොත, ඇත්තෙන්ම සේකරයන්ගේ ජීවිතයේ එක් අර්ධයක හරස්කඩක්. මහගම සේකරයන්ගේ සංවේදී මනස අපි හොඳින්ම දැක්කේ මෙහි තියෙන ලොකු මාමාගේ චරිතයෙන් කිව්වොත්, එය ඉතාමත්ම නිවැරදියි. අපේ වැඩිහිටියන් නොවරදවාම අපේ අතට මේ පොත දෙන්න පෙළඹුණේ, කෙනෙක් ළඟ තියෙන්න ඕනේ ඒ සංවේදීබව ගැන අපට කියල දෙන්න වෙන්නැති.

4. හත්පණ

සාමාන්‍ය ආරෙන් බැහැර ශෛලියකින් ලියවුණත්, අපි ආසාවෙන් කියවපු තවත් පොතක් තමයි හත්පණ. නෙරළුවේ කුසල්හාමිගේ තරමක් මෝඩ පුතණ්ඩියා, එහෙමත් නැතිනම් කිරිහාමි ගැන තමයි මේ කතාව ලියවිලා තිබුණේ. කුමාරතුංග මුනිදාසයන් අතින් ලියවුණු හත්පණ, අපි හැමකෙනෙක්ම පොඩි කාලේදී නොවරදවාම කියවපු පොත් අතරින් එකක්  වගේම, අදටත් හිනාවෙවී කියවන්න පුළුවන් පොතක් බව නම් කියන්නම ඕනේ.

5. චරිත තුනක්

1930 දශකයේ ජීවත් වුණු සාමාන්‍ය ගැමියන්ගේ අල්පේච්ඡ ජීවිතයේ පැතිකඩක් පෙන්වපු පොතක් විදිහට කේ. ජයතිලකයන්ගේ චරිත තුනක් හඳුන්වන්න පුළුවන්. මේ කතාවේ කතා නායකයා වන ඉසා සහ ඔහුගේ පවුල හරහා තමයි මේ කතාව ගලාගෙන යන්නේ. පවුලක ඉන්න වැඩිමහල් සහෝදරකුට තියෙන වගකීම, තමන්ගේ මුළු ජීවිත කාලයම ඒ වගකීම් වලට කැප කරන ඉසාගේ චරිතයෙන් අපට ඉගෙනගන්න දේවල් බොහෝමයි. පවුලට ඇති ලැදියාව, වගකීම් දැරීම, උත්සහවන්ත බව ඒවායින් කිහිපයක්. මේ පොත එදා වගේම අදටත් රස විඳින්න පුළුවන් පොතක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.  

6. සුදෝ සුදු

මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා

පෙනෙනවා දුකිනවා කියනා ඒවා

මොනවද අම්මේ මම අහගන්නට ආවා

තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා

අන්ධ ළමයෙක් ගැන කියවෙන මේ කවි පෙළ අපට අහන්න ලැබෙන්නේ, සාගර පලන්සූරිය ශුරීන්ගේ සුදෝ සුදු කවි පොතෙන්. පොඩි කාලේදී අපි කියවන කවි පොත් අතරින් පළමු තැනක් මේ පොතට ලැබෙනවා. ටෙනිසන් නම් ඉංග්‍රීසි කවියාගේ  Enoch Arden යන කවි පොතේ ආරය අරන් ලියවුණු මේ පොත, වැඩිහිටියන් වගේම පොඩිහිටියන් අතරත් ජනප්‍රිය වුණේ එහි තියෙන සරල වගේම උපමා වලින් අනූන භාෂාව නිසා කිව්වොත්, හරියටම හරි.

7. මළගිය ඇත්තෝ/මළවුන්ගේ අවුරුදු දා

ඉක්මණින්ම නැවත එතොත්

මළවුන්ගේ අවුරුදු දා

මටත් නැවත එන්න ඇහැකි

මළගිය ඇත්තන් කැටුවම

බොළඳ ප්‍රේම කතා, එහෙමත් නැත්තන් අපේ වචනයෙන් කියන මල් පොත් නම්, අද පොත් කඩවල් වල එමටයි. විරහවෙන් පිරුණු කතාවක් වුණත්, දෙවෙන්දොරා සංගෙයි නොරිකෝ සංගෙයි අාදර කතාවට අපි ආදරය කරන්න ගත්තේ, ආදරය කියන දේ තේරුමවත් හරියට නොදැන. ඇත්තම කියනවානම්, එදිරිවීර සරච්චන්ද්‍රයන් අතින් ලියවුණු මේ කතාව, අපේ බොහෝමයක් දෙනා  මුලටම කියවන ආදර කතාව කියලා කියන්න පුළුවන්. ජපානයට යන ශ්‍රී ලාංකීය චිත්‍ර ශිල්පියෙකුත්, ඔහුට එහිදී හමුවන නොරිකෝ නම් ජපන් තරුණිකුත් වටා ගෙතුණ මේ කතාව ශෝඛාන්තයක් බව අපි දැනගන්නේ පොත කියවන්නට පටන්ගනිද්දීම. ඒත් එහි රසවත් බවට ඒක කිසි විදියකින් බාධාවක් වෙන්නේ නැහැ. කොටින්ම කියනවානම්, ඒකෙන් මේ කතාව තවත් රසවත් වුණා කිව්වොත්, වඩාත් නිවැරදියි. 

මේ කියපු පොත් ලිව්ව කතුවරු එක්කෙනෙක්වත් මේ වෙද්දී ජීවතුන් අතර නැති බව කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න, අපේ ළමා කාලය වගේම, අනාගත පරම්පරා ගණනාවක ළමා විය ගොඩ නගන්න, රසවත් කරන්න ඔවුන් අපට දායාද කරලා දීල ගිහින් තියෙන දේවල් කොච්චර නම් වටිනවද කියලා. මේ පොත් ගොන්නට එකතු වෙන්න ඕනෙයි කියලා ඔයාලා හිතන තවත් පොත්පත් බොහෝමයක් ඇති. ඒ ගැන යාළුවෝ හැමෝටම දැනගන්නත් එක්ක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා හොඳද?

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide