සොබාදහමෙ අපූර්වත්වයට තුරුළු වෙලා! නිවාඩුව ගත කරන්න කියාපු වනගත හෝටල් 11ක්.

පහුගිය ලිපියක අපි ඔයාලට කිව්වනෙ ඉස්සරහට එන නිවාඩු කාලෙට camping පාරක් දාන්න නියම දිය ඇලි මුදුන් ටිකක්. හැබැයි ඉතින් දිය ඇලි උඩ camping කරන්න වැඩි හරියක්ම යන්නෙ වෘත්තීය travelersල තමයි. මොකද නුපුරුදු අය ටිකක් බයයිනෙ. හැරත් camping කරන්න ඕන බඩුත් හැමදෙනා ලඟම නෑනෙ.

ඉතින් අපි හිතුවා outdoor, adventure පැත්තට වැඩි කැමැත්තක් නැති, මුළු නිවාඩුවම සුවපහසුව ගත කරන්න කැමති අයටත් යන්න හොඳ තැන් ටිකක් කියන්න. අපි මේ කියන්නෙ ලංකාවෙ තියෙන ලස්සනම වගේම සුවපහසුම වනගත හෝටල් ටිකක්. අතපය දිග ඇරල සැපේ ඉන්න ගමන් සොබාදහමේ ආශ්වාදයත් විඳගෙන හිතේ හැටියට සත්තු බලන්නත් පුළුවන්. කෑම්පින්ග් යන්න බැරි වුනා කියල ලොකු අඩුවක් දැනෙන එකකුත් නෑ.

හැබැයි ඉතින් නිවාඩුවට ගියා වගේ නෙවෙයි ගත්තු අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න නම් අමතක කරන්න එපා.

1. Tri Lanka

හරි ලස්සන වන ගහනයකින් වටවුනු මේ හෝටලේ පිහිටල තියෙන්නෙ කොග්ගල ගඟ අයිනෙමයි. ස්වභාවධර්මය විඳින්න, කුරුල්ලන් නරඹන්න, බෝට්ටු සවාරි යන්න විතරක් නෙවෙයි හිතේ හැටියට රස කෑම කන්න, හොඳ සම්බාහනයක් දාගන්න වුනත් ට්‍රයි ලංකා එක නියමයි. ගියපු කට්ටිය නම් කියන්නෙ අවුරුද්දෙ අන්තිම ඒ කියන්නෙ නොවැම්බර්වලින් පස්සෙ වගේ වෙද්දි තමයිලු කොග්ගල අවට පරිසරයෙ සුන්දරත්වය වැඩි වෙන්නෙ. සංචාරක කුරුල්ලොත් එන කාලෙනෙ. 

2. Living Heritage

දියළුම ඇල්ලෙ සුන්දරත්වය හිතේ හැටියට විඳගෙන, සුවපහසු රැයක් ගත කරන්න, යන්න දෙමෝදර, කොස්ලන්ද පැත්තට. එතනින් කෙලින්ම නාඋල්ල, එගොඩවත්ත එස්ටේට් එකේ ලිවින්ග් හෙරිටේජ් හෝටලයට. හිතේ හැටියට සත්තු බලන්න කැළේ කොළේ රවුමක් දාන ගමන්, හොඳ වතුර ටිකක් නාගන්න, රස කෑම ටිකක් කන්න එහෙමත් කියාපු තැන් එමටයි මේ පැත්තෙ. එහෙම අකමැති කෙනෙක් ඉන්නව නම් දවස පුරාම තේ වත්තෙ අස්සක් මුල්ලක් නෑර ඇවිදින්නත් පුලුවන්. ගොඩක් වෙලාවට පවුලේ උදවිය එක්ක ගියාම ඒ හැටි රවුම් ගහන්න බැරි නිසා පරණ වලව් තාලෙට හදපු මේ අපූරු හෝටලේ කොහේ හරි තැනකට වෙලා විනෝද වෙන එක තමයි හොඳ. හරි ලස්සන පූල් එකක් එහෙමත් තියෙනවනෙ. හැරත් ලිවින්ග් හෙරිටේජ් වල අමුතුම ගැමි ගතියකුත් තියෙනව. 

3. Ceylon Tea Trails

ඉමක් කොනක් පේන්නෙ නැති ලස්සන තේ වත්තක් මැද්දෙ තනිවුන මේ හෝටලය පිහිටල තියෙන්නෙ හැටන්වල. සෞම්‍ය දේශගුණයයි හෝටලය ඉස්සරහට පේන කාසල් රිජ් ජලාශයයි තමයි මේ අවට සොබාදහමෙ සුන්දරත්වය වැඩි කරන්නෙ. කුළුඳුල් හිරු කිරණ කඳු අතරින් ඇවිල්ල මුළු තේ වත්තම ලා කොළ පාටින් හැඩ කරද්දි තොර තෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ හඬ විඳ ගන්න නම් සිලෝන් ටී ට්‍රේල්ස් පැත්තෙ යන්නම වෙනව. මේ ගෙවෙන්නෙ ඒකට හොඳම කාලෙ. අගෝස්තු, සැප්තැම්බර්. ගියපු ගොඩ දෙනෙක් කියන විශේෂ කාරණයක් තමයි මේ හෝටලේ කෑම සෑහෙන්න හොඳයි කියල. සමහර විට ඒ නිසාම වෙන්න ඇති ගාණත් ටිකක් වැඩි. 

4. Tree Tops Jungle Lodge

ඔන්න තියෙනව තවත් සත්තු බලන්න කියාපු තැනක්, බුත්තල පැත්තෙ. යාල මායිමේම වගේ නිසා අලි බලන්න වගේම උකුස්සො බලන්නත් නියම තැන. අවුරුද්ද අන්තිමේ, ඒ කියන්නෙ නොවැම්බර් ඉඳන් ජනවාරි වගේ කාලෙ තමයි මේ පැත්තෙ යන්න ඕන. විශේෂයෙන්ම කියන්න ඕන මේක ඇවිල්ල තනිකරම සුවපහසු විදියට කෑම්පින්ග් කරන්න කියාපු තැනක්. රස කෑමත් තියෙනව. 

5. Ulpotha

දඹුල්ලටයි, අනුරාධපුරයටයි කිට්ටු සාලි ගම, ගල්ගමුව නගර දෙක මැද්දෙ තියෙන ඇඹෝ ගමේ තමයි උල්පොත හෝටලය පිහිටල තියෙන්නෙ. හෝටලයක් කිව්වට ඇත්තටම මේක ලොජ් එකක්. පොඩි පොඩි කුටි තමයි තියෙන්නෙ. වන අරණක් නැත්නම් ආශ්‍රමයක් කිව්වත් වැරැද්දක් නෑ. මොකද මෙතන වැඩියෙන්ම කෙරෙන්නෙ භාවනා කටයුතු, යෝග කටයුතු වගේ දේවල්. ගස් ගල් උඩට වෙලා හිත එක් තැන් කරගෙන මේ කටයුතුවල යෙදෙන්න කියාපු තැන. ඒවට කැමති නැති කෙනෙක් ඉන්නව නම්, එයාලට පුළුවන් හිතේ හැටියට සත්තු බලන්න. මැයි ඉඳන් අගෝස්තු වෙනකම් කාලෙ ඇතුලත තමයි උල්පොතේ වසන්ත කාලය. 

6. Jetwing Vil Uyana

සීගිරි කැලේ අලි බලබල රැයක් පහන් කරන්න, ගිනිමැලයක් ගහගෙන ඒක වටේට වෙලා සිංදු කියන්න, රස කෑම කන්න, යන්න ජෙට්වින්ග් විල් උයනට. හිමිදිරි හිරු කිරණ සීගිරි ගල එළිය කරද්දි, ඝන කැලේක ඉඳන් ඒක දිහා බලන් ඉන්න කොට දැනෙන ආශ්වාදය කියල නිමකරන්න බෑ. කෑම්පින්ග් වගේම ඊට වඩා සුවපහසුවට ඉඳගෙන ඒ අත්දැකීම ගන්න පුළුවන් අපූරු හෝටලයක් තමයි මේ විල් උයන. යනව නම් මෙන්න හොඳම කාලෙ, අගෝස්තු.

7. Helga's Folly

මහ අමුතු තැනක්. තියෙන්නෙ නුවර. ඔය රොක් සංගීතය අහන කට්ටිය දන්නව 'ගොතික්' සම්ප්‍රදාය ගැන. මේ හෙල්ගාස් ෆොලි එකත් මුළුමනින්ම ගොතික් සම්ප්‍රදායට අනුව තමයි හැඩ වෙලා තියෙන්නෙ. කොටින්ම කියනව නම් යක්ෂ වාස භවනක් වගේ. හැබැයි අපේ 'යක්කුන්ගෙ' නෙවෙයි පිට රටවල්වල ඉන්න 'සාතන්ලගෙ'. කොහොම වුනත් ගොඩක් බය වෙන අය නම් මෙතනට යන්න එපා. රැය පහන් වෙද්දි සිහි නැතිවෙලා තියෙයි. 

8. 98 Acres

'ඇල්ල' පැත්තෙ හෝටලයක් කිව්වාම ගොඩ දෙනක් කිව්වාම ගොඩ දෙනෙක් අහන්නෙ '98 ඒකර්ස්' එකද කියල. මේ හෝටලය ඒ තරම් ප්‍රසිද්ධ, ඒකෙ තියෙන අපූරු පිහිටීම නිසා. කඳු බෑවුමක මැද්දට වෙන්න හදල තියෙන '98 ඒකර්ස්' එකේ කාමර හදල තියෙන්නෙ හෙල පැත්තට වෙන්න. ඒ කාමර හැම එකක්ම මුහුණලා තියෙන්නෙ පුංචි ශ්‍රීපාද කන්දට. වටේටම තේ වතු. උදේට ඉර පායද්දි හරිම ලස්සනයි. ඊටත් එහා ගියපු රස වින්දනයක් තමයි තොරතෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ හඬ ගේන්නෙ. කඳු නගින්න, පුරාවෘත්ත ගවේෂණය කරන්න කියාපු මේ ඇල්ල නගරයට, 98 ඒකර්ස් ගේන්නෙ ලොකු වටිනා කමක්. ඒත් අවුරුද්දෙ මැද කාලෙ, ඒ කියන්නෙ පෙබරවාරි, මාර්තු මේ පැත්තෙ යන්න පුළුවන් නම් තමයි හොඳ.

9. Jungle Beach Resort

ත්‍රිකුණාමලය පුල්මුඩේ පාරෙ කුච්චවේලිවල තියෙන මේ හෝටලේ නමයි තැනේ නමයි දෙකම එකයි. මොකද මේක පිහිටල තියෙන්නෙ තද වන ගහනයකින් වට වුනු ඉස්සරහ මහ මුහුදෙන් මායිම් වුනු හරිම ලස්සන පරිසරයක. සුන්දර වෙරළ තීරය දිගට හදල තියෙන ජන්ගල් බීච් රිසෝට් එකේ කාමර ටිකට, මුහුදයි කැලයයි දෙකම පේනව. ඒ නිසාම කුච්චවේලි වනගත වෙරළ තීරය පැත්තෙ යන්න හිතන් ඉන්නව නම් ඔයාල අනිවාර්යයෙන්ම හොඳ කැමරාවක් ගෙනියන්න. අපූරු කුරුළු හැඩතල ගොඩක් ඔයාගෙ මතකයට එකතු කරගන්න පුළුවන් වේවි. කියන්න බැරි වුනානනෙ, දැන්ම ඒ පැත්තෙ ගියොත් තමයි හොඳ. මොකද සැප්තැම්බර් මාසෙ ඒ පැත්ත හරි ලස්සනයි.

10. Madulkele Tea & Eco Lodge

නුවර, මඩුල්කැලේ වතුයාය මැද්දෙ පිහිටල තියෙන මේ ලොජ් එකත් අපූරු වනගත අත් දැකීමක් ගන්න කියාපු තැනක්. ඉස්සරහින් පේන නිම්නීය ගම්මානය අඩ මීදුමෙන් වැහිලා ගියාම එතනට එන හිරු කිරණ මවන රටා ඇත්තෙන්ම හරිම ආශ්වාදජනකයි. ඒ ආශ්වාදය දෙගුණ තෙගුණ කරන්නෙ දවස පුරා තියෙන සෞම්‍ය දේශගුණය. ඇත්තෙන්ම මඩුල් කැලේ ලොජ් එක, ලස්සන දර්ශනතලයක අපූර්වත්වය ඇති තරම් විඳින්න කියාපු තැනක්. ඉතින් පරක්කු වෙන්න එපා, මේ අගෝස්තු, සැප්තැම්බර් මාස තමයි මඩුල් කැලේ රැයක් පහන් කරන්න හොඳම කාලය.

11. Barberyn Beach Ayurveda resort

ආයුර්වේද සම්බාහනයට එහා ගියපු පාරිසරික රසවින්දනයක් ලබන්න පුළුවන් තැනක් තමයි වැලිගම බාබෙරින් බීච් රිසෝට් එක. යෝග ව්‍යායාම, ගහ කොළින් වට වුනු කාමර, ඉස්සරහින් එක එල්ලේ පේන මුහුද හිතට ගේන්නෙ පුදුම සැහැල්ලු බවක්. නාගරික කලබලකාරි බවින් මුළුමනින්ම මිදුනු දවසක අත්දැකීමකට කියාපු මේ රිසෝට් එකත් අවුරුද්දෙ අන්තිම කාලයෙදි නොහිතන අපූර්වත්වයකින් පිරෙන හරි ලස්සන තැනක්.

ඔය විදියට අපි කියපු වනගත හෝටල්වල ගණන් ටිකක් වැඩි වුනාට මීටත් වැඩිය ලස්සන, ගාණත් අඩු හෝටල් ඔයාල නම් දන්නව ඇති. දාමුද බලන්න ඒවත් පොඩි කමෙන්ට් පාරක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide