Hiking? Camping?; එහෙනම් මෙන්න, කඳවුරු බැඳි රැයක් ගත කරන්න කියාපු සුන්දර කඳු මුදුන් 7ක්..

කඳු නගින එකයි කන්දක් උඩ ඉන්න එකයි දෙකක්නෙ. ඕක හරියටම දන්නෙ නම් 'ප්‍රවීණ ඇවිදින්නො' තමයි. අපි කතාවට කියන්නෙ professional hikersල කියල. හැබැයි එයාලා දන්න, මේ කඳු උඩ නයිට් ගැහිල්ල ගැන අපි හිතුවා ඔයාලටත් කියන්න ඕන කියල. මොකද එයාලා ඔයාලා කියල වෙනසක් නෑනෙ, හැමෝම ආසයිනෙ අපේ රටේ සුන්දරත්වය අත් විඳින්න, සොබාදහම රස විඳින්න, පරිසරයත් එක්ක ඉන්න.

ඇත්තටම යාළුවනේ කඳු නගිද්දි ලැබෙන අත් දැකීමට වඩා හාත්පසින්ම වෙනස් අත් දැකීමක් තමයි කන්දක් උඩ රැයක් ගත කරද්දි ලැබෙන්නෙ. මීදුමෙන් වැහිල ගියපු ඝන වන්තරේ එළිය කරන කණාමැදිරියො අතරට වෙලා ඉන්න ගමන් නිකමට ඔළුව උස්සල බලන්නකො අහස දිහා. ඉමක් කොනක් නැති අහසෙ, වලාකුළු අතරින් දිලිසෙන තරු වල ලස්සන. සිහිල් සුලං පොදක සුව පහසට තුරුළු වෙලා ඉන්න අතරෙ තොර තෝංචියක් නැතුව ඇහෙන රැහැයියන්ගෙ කෑගැහිල්ල ඔයාගෙ ඇස් දෙකට නිදිමත කැන්දන නැලවිලි ගයෙක් වගේ. ඒත් ඔය අතරෙ බස්සෙක්ගෙ 'හ්ම්.. හ්ම්…' හඬ ඇහුණොත් තමයි ඔයා විනාඩි කීපයකට හරි පියවි සිහියට එන්නෙ.

හැබැයි ඉතින් ඔය සුන්දරත්වය රස විඳින්න කලින් අනිවාර්යයෙන්ම කරන්න වැඩ කටයුතු ටිකකුත් තියෙනව. මොකද, මොන දේ වුනත් අපි ඉන්නෙ කැලයක් ඇතුලෙනෙ. අපේ ආරක්ෂාව වගේම සුව පහසුව සපය ගන්න එකත් අපේම වැඩක්. ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි හොඳ තැනක් බලල කූඩාරම ගහ ගන්න එක. ඊට පස්සෙ වතුර ටික, දර ටික හොයා ගන්න ඕන. හැන්දෑවෙ කළුවර වැටෙන්න කලින් ගිණි මැලය අවුල ගත්තොත් රෑට කෑම මොනව හරි හදා ගන්නත් පුළුවන්.

කොහොම වුනත් ඔය කඳු උඩ නයිට් ගැහිල්ලෙ සුන්දරම අත් දැකීම විඳින්න පුළුවන් වෙන්නෙ පාන්දර 6ට කලින් ඇහැරුණොත් තමයි. ඇස් මට්ටමට පේන ඈත කඳු මුදුන් අතරින් එන කුළුඳුල් හිරු කිරණ, කඳු පාමුල නිම්නය එළිය කරන ලස්සන…

නෑ නෑ ඕව ගැන වැඩිය කියන්න නරකයි. ගිහිල්ලම බලන්නකො. එහෙනම් මෙන්න තැන් ටික.

1. මානි ගල

මානි ගල නැත්නම් මානිං ගල කන්ද පිහිටල තියෙන්නෙ ලංකාවෙ සුන්දරම ප්‍රදේශයක් වෙන මාතලේ, රිවර්ස්ටන් වල. රිවර්ස්ටන් කිව්වට රිවර්ස්ටන් වල ඉඳන් තව කිලෝමීටර 30ක් 35ක් විතර යන්න තියෙනව. හරියටම කිව්වොත් නකල්ස්, දුම්බර කඳු පන්ති ආශ්‍රිතව. එහෙම යද්දි තමයි 'සේර ඇල්ලට' යන පාරයි මානි ගලට යන පාරයි බෙදෙන්නෙ. ඔයාලා වම් පැත්තට ගියොත් සේර ඇල්ල බලන්න පුළුවන්. දකුණු පැත්තට ගියොත් මානි ගල ගමට යන්න පුළුවන්. හැබැයි ඉතින් පෞද්ගලික වාහනයක යනව නම් සේර ඇල්ල බලාගෙනම මානි ගල ගියොත් තමයි හොඳ.

මානි ගල ගමෙන් පටන් ගන්න පුංචි අඩි පාරක් තමයි කන්ද මුදුනට තියෙන්නෙ. මුළු මනින්ම ඝන, තෙත් කලාපීය වනාන්තරයෙන් මේ අඩවිය වැහිලා ගියාට සතා සීපාවාගෙන් නම් ලොකු අතුරු ආන්තරාවක් නෑ. Camping කරද්දි අවශ්‍ය කරන දර ටිකයි, වතුර ටිකයිත් හොඳ හැටි තියෙනව. අවුරුද්ද අන්තිමෙයි, මුලයි නම් මේ පැත්තට ටිකක් වහිනව. ජුනි, ජුලි මාස තමයි මේ පැත්තෙ යන්න නියමම කාලෙ.

ඔය කන්ද බෑවුමේ, මැද හරියට වෙන්න පිහිටල තියෙන ගල් කොටුවෙ හරි අඩක් ගලේ හෙවණැල්ලෙන් වැහෙන්නෙ හවස 4.30ටලු. සමහරු නම් කියන්නෙ ඒ කොටුව රාවණා රජ සමයෙදි නිර්මාණය කරපු එකක් කියල. හැරත් බාග වෙලාවට මේක ස්වාභාවික පිහීටීමක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් මේ කන්ද 'මැනුම් ගල' නැත්නම් 'මානිං ගල' කියල නම් වෙන්නෙ ඔන්න ඔය කාලය මැනීමේ ක්‍රමවේදය නිසයි.

කන්ද උඩ ගල් තලාවෙ අයිනටම වෙන්න නම් තුන් හතර දෙනෙක්ට කඳවුරු බඳින්න විතරයි ඉඩ තියෙන්නෙ. හැබැයි ටිකක් මෙහාට වෙන්න නම් ඕන හැටියෙ ඉඩ තියෙනව. කඳු පාමුල නිම්නයේ ඉඳන් ඉමක් කොනක් නොපෙනෙන දුරක පිහිටල තියෙන කඳු යාය රෑට තරු එළියෙන් සිතුවම් වෙද්දි හීතල හුලඟ ගත සිත කුල්මත් කරන්නෙ සොබාදහම තරම් ආශ්වාද ජනක දෙයක් මේ මුළු විශ්වයෙ කොහෙවත්ම නෑ කියන එක හොඳ හැටි ඔප්පු කරන ගමන්.

2. නමුණු කුල

ඔයාව අයිස් කැටයක් උඩින් තියල ෆෑන් එකක් දැම්මොත් කොහොමද?

නෑ නෑ, බය වෙන්න එපා අවුරුද්ද පුරාවටම නමුණු කුල එහෙම නෑ. අවුරුද්ද අන්තිමෙයි, මුලයි තමයි එහෙම තියෙන්නෙ. ඒත් එක දෙයක් මතක තියාගන්න, හොඳ හයිය කූඩාරමක් ගෙනියන්න. නැත්නම් හුලං පාරට ඇදගෙන යයි. කන්ද මුදුනෙ ගල් ලිඳක් තියෙන නිසා වතුර වලින් නම් අඩු පාඩුවක් නෑ. දරත් ඕන තරම් තියෙනව. හැබැයි ඉතින් රෑට ඇවිදින්න යන්න නම් එපා. මොකද දන්නවද, හවස 4, 5 වෙද්දි ඝන මීදුමෙන් වැහිල යන නමුණු කුල කන්ද ආයෙ එළි පෙහෙළි වෙන්නෙ පහුවෙනිදා උදේ 7, 8 වෙද්දි. කොටින්ම කියනව තමන්ගෙ වටේ අඩි 3, 4කට එහා පේන්නෙ නැති ගාණට මීදුමෙන් වැහෙනව.

කියන්න බැරි වුනානෙ, නමුණු කුල නගින්න පැය 2ක් 3ක් විතර යනව. පාරවලුත් 3, 4ක් තියෙනව. ඒ නිසා අපි ලේසිම පාර විතරක් කියන්නම්. බදුල්ල ටවුන් එකට ගිහින් නගින්න 'මී මලේ' ගමට යන බස් එකට. ටිකට් එක රු. 30ක් 35ක් විතර වෙයි. එතනින් එහාට ගමන පයින් තමයි. ගමේ මිනිස්සුන්ගෙන් අහගෙන පරිස්සටම යන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය මස් මාළු, අරක්කු එක්ක නම් මේ ගමන යන්න ටිකක් අමාරු වෙයි. මොකද මේක ඉන්ද්‍ර දෙවියන්ගෙ අඩවියනෙ. ඇත්තම කියන්නම්, මේ ලිපිය ලියන මටත් ඔය දේවල් නිසා ඒ වගේ දරුණු අත් දැකීමකට මුහුණ දෙන්න වුනා.

3. කිරිගල් පොත්ත

කවුරුත් යන එන හොඳට දන්න කියන තැනක්. හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ඇතුලෙ තමයි මේ කන්ද පිහිටල තියෙන්නෙ. ලංකාවෙ දෙවනියට උසම කන්ද වෙන කිරිගල් පොත්තට යන ගමන, හරිම අපූරු පාගමනක්. හීතල හුලං වැදි වැදි ගෝන්නු දිහා බල බල නිදහසේ යන්න පුළුවන්. ඒ හැරුණාම තව ඒක දේශික අං කටුස්සො වර්ග, එතකොට ගෙම්බො වර්ග, සමනල්ලු වර්ග එහෙමත් බලන්න පුළුවන්.

පාගමනට පැය 3ක් 4ක් යාවි. නිල්ම නිල් පාට අහස් තලේ සුදු පාට වළාකුළු වලින් මවන රටා ඔයාගෙ ගමන් මහන්සිය නිවන්න නිරන්තරයෙන් ඇප කැප වෙලා ඉන්නව. එතකොට දොළ පාරවල් දිගේ ගලා ගෙන යන සීතල වතුර, උගුරක් බිව්වනම් කිලෝමීටරයක් ඇවිද්ද හැකි. කිරිගල් පොත්ත මුදුන කියල කියන, පොරෝ තලයක හැඩය ගත්තු පුංචි කඳු ගැටය උඩ නම් කඳුවුරු බඳින්න යන්න එපා. ගියාම තේරෙයි ඇයි කියල. එතන පොඩි ඉඩක් තියෙන්නෙ. වැටුණොත් අනන්ත වූ ප්‍රපාතයෙ.

කොහොම වුනත් මතක ඇතුව සීතලට අඳින ඇඳුම් ගෙනියන්න. හුලං පාරත් එක්ක රෑට එන සීතල දරා ගන්න ටිකක් අමාරුයි. අනිත් කාරණය තමයි රක්ෂිතය නිසා ගිණි මැල ගහන්න යන්න එපා. ඉක්මනට දහනය වෙන තෘණ විශේෂ හතර වටේටම. ගින්නක් පැතිරුණොත් නිවනව බොරු. ඒකට හරියන්න ලන්තෑරුමක් තියා ගන්නකො.

කිරිගල් පොත්තෙ ලස්සන පේන්නෙ හිමිදිරියෙ වැටෙන හිරු කිරණත් එක්ක. කෑලි කැපෙන මීදුම අතරින් එන හීන් හිරු එළිය හෝර්ටන් තැන්න ලස්සන කරද්දි දෙසවන වැකෙන කුරුළු හඬ, නොමියෙන මතකයකින් ඔයාගෙ හිත හරි අපූරුවට සරසාවි.

4. ඇල්ල රොක්

'ඇල්ල' කියන්නෙ සාමාන්‍යෙයන් අවුරුද්ද පුරාවටම සංචාරක කර්මාන්තය කෙරෙන නගරයක්නෙ. 'ඇල්ල රොක්' කියන්නෙ අන්න ඒ නගරයෙ අන්‍යතාවය රැක ගන්න ලස්සන පුංචි කඳු ගැටයක්.

ඝන පයිනස්, යුකැලිප්ටස් කැලයකින් වැහිච්ච මේ කඳු ගැටයෙ තියෙන අපූරු තියෙන හැඩය නිසා තමයි 'ඇල්ල රොක්' හැමෝගෙම ආකර්ෂණය දිනාගෙන තියෙන්නෙ. කන්ද නගින්න යන්නෙ පැය දෙකක වගේ කාලයක් වුනාට අතර මගදි හමුවෙන සමනල්ලු, කුරුල්ලො වගේ සත්තු බල බල යන කොට පැය තුනක් වත් යාවි.

කොහොම වුනත් කඳු මුදුන නම් හරිම ලස්සනයි. ඉස්සරහින් පේන පුංචි ශ්‍රී පාද කන්දෙයි අනිත් කඳු පන්ති වලයි ලස්සන බලන්න උදේ පාන්දරම එතනට යන්න ඕන. ඉතින් ඊට වැඩිය ලේසියිනෙ කන්ද උඩ නයිටක් ගහන ගමන් මොනව හරි ටිකක් උයාගෙන කාලා, පොඩි ගිණි මැලයක් ගහල සිංදුවකුත් කියල, සුවබර රැයක සුන්දරත්වය අත්විඳලම පාන්දර නැගිටින එක. හැබැයි මතක තියා ගන්න ඔයාලගෙ කඳවුරට ඕන කරන වතුර ටික නම් ගෙනියන්න වේවි. මොකද කන්ද උඩ වතුර පොදක් නෑ.

ඒ මොනව වුනත් ඇල්ල රොක් මුදුනෙ ඉඳන් තරු පිරිච්ච අහස දිහා බලාගෙන හීතල හුලං පාරක ආශ්වාදය විඳ විඳ රැය පහන් කරද්දි හිතට දැනෙන සතුට නම් කියල නිම කරන්න බැරි වේවි.

5. සප්ත කන්‍යා

''කන්දේ හැපුණ මහ වනන්තරේ, E C 8 අහස් යන්තරේ'' ඇන්ටන් ජොන්ස් මහත්තය ගායනා කරන සිංදුව. ඔව් ඒ සිංදුවට පාදක වුනු, ගුවන් අනතුරේ කතාව සිද්ධ වෙද්දි තිබුණු විදියටම අදටත් සප්ත කන්‍යාව මීදුමෙන් වැහිල යනව. පාමුල ඉඳන් බැලුවාම කන්දක් තියද නැද්ද කියන්වත් බැරි තරම් ඒ මීදුම ඝනයි.

අවිස්සාවේල්ල, හැටන් පාරෙන් ගිහින් සප්තකන්‍යා කඳු මුදුනකට වාහනෙන්ම යන්න පුළුවන් වුනාට අපි අද ඔයාලට කියන්න යන්නෙ කිතුල් ගලින් පටන් අරගෙන කඳු මුදුන් 7ම නැගල සප්ත කන්‍යාවෙ සුන්දරත්වය අත් විඳින්න පුළුවන් ගමනක් ගැන. කිතුල් ගල, අළුත් පාලමෙන් එගොඩ වුනාම හමුවෙන ගම හරහා ගිහින් ඉංගිරි කන්ද පාමුලින් වැටිල තියෙන පුංචි අඩි පාර දිගේ ගියාම ඔයාලට මුණ ගැහෙන්නෙ ගිණිගත්හේන කිට්ටුව තියෙන පුංචි ගම්මානයක්. එතනින් පටන් ගන්න මේ පාගමන මුළු මනින්ම කැලේ මැද්දෙන් වැටිච්ච එකක් නිසා අතනි හැරෙන්න මෙතනින් හැරෙන්න කියල පාර කියන්න බෑ.

හොඳම වැඩේ තමයි ගමේ කෙනෙක් අල්ල ගෙන ගමන යන එක. කඳු මුදුන් 7ම තරණය කරන්න නම් දවස් 2ක් වත් යාවි. ඒ නිසා ඔයාලට අවශ්‍ය කරන කැම බීම, ඇඳුම් ටික නම් කරමළු වල දාගෙන යන්න වෙනව. මතක තියාගන්න අනිවාර්යයෙන්ම බූට් දෙකක් පලඳින්න. මොකද කූඩැල්ලො විමානෙ. ඒ හැරුණාම දිවියා නිතරම ගැවසෙන නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න. වතුරයි දරයි නම් ඕන තරම් කැලේ තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ. අනිත් කාරණය තමයි බැටරි කෑලි දාන්න පුළුවන් ටෝච්, එක්කෙනාට එක ගාණෙවත් ගෙනියන්න. කෑලි කැපෙන මීදුමේ කැලේ අතරමං වෙන්න තියෙන ඉඩ 100%යි.

කඳු මුදුන් 7 උඩම රෑ නතර වෙන්න ගියොත් වැඩේ අවුල් යන නිසා හිතට අල්ලන තැන් දෙකක්, තුනක් තෝරගෙන කඳවුරු බඳින්න. සප්ත කන්‍යාවෙදි, සොබාදහමෙ ආශ්වාදය කෙසේ වෙතත් ඝන කැලයක, හිමේ හුදකලාව, භය, සන්තාපය පිරුණු අමුතුම අත්දැකීම් සම්භාරයක් අත් විඳින්න නම් හැකියාව ලැබෙයි.

6. නකල්ස්

'මානි ගල' යන ගමන් නකල්ස් යන්නත් පුළුවන‍්, රිවර්ස්ටර්න් පැත්තෙන්. හැබැයි නුවරට ගිහින් හුන්නස් ගිරිය පාරෙන් මීමුරේ පිවිසුම් මාර්ගය ඔස්සේ නකල්ස් යන එකත් මරු. කොහොම ගියත් කඳු මුඳුන් පහම බඩ ගාලා එන්න නම් දවස් 2ක් වත් යනව. අනිත් කාරණය තමයි දන්න කෙනෙක් එක්ක යන්න ඕන. මොකද එක පාරක් කියල නෑ. ගම් වල මිනිස්සු දර ගේන්න ගියපු, හරක් දක්කන් ගියපු, එතකොට වල් ඌරො, ගෝන්නු වගේ සත්තු ගියපු අඩි පාරවල් අනන්තයි.

නකල්ස් පාගමනට නොගෙනිය යුතු දෙයක් විදියට වතුරයි දරයි කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕන දේවල් තමයි වැහි කබා, ක්ෂණික ආහාර, බූට්. මේ පැත්තෙත් අඩු නැතුව කූඩැල්ලො ඉන්නව. ඒ හැරුණාම දිවියත් නිතර දෙවේලෙ දඩයමේ. පරිස්සමට යන්න ඕන.

කන්ද උඩ තණ කොල පිරිණු තැනි තලාව කඳවුරු බඳින්න කියාපු තැන. ඒත් ගිණිමැල ගහද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න. දන්නවනෙ වේලුණු තණකොල වලට ගිණි ඇවිලුණොත්.

නිහඬ රැය නිමාවෙන් එළඹෙන කුරුළු හඬින් පිරුණු නකල්ස් මුදුනේ හිමිදිරිය, මීදුමෙන් වැහුණු නිම්නයට කුළුඳුල් හිරු කිරණ ගේන ලස්සන, ඒ සුන්දරත්වයෙන් හැඩ වුනු මතක ගොන්න කවදාවත් අමතක කරන්න පුළුවන් දේවල් නෙවෙයි යාළු.

7. තොටුපල කන්ද

කිරිගල් පොත්තට යන අතර මගදි හමුවෙන මේ කඳු මුදුන ලංකාවෙ තුන් වෙනියට උසම කන්ද. හෝර්ටන් තැන්න පිවිසුමේ ඉඳන් කඳු මුදුනට යන අඩි පාරට තියෙන්නෙ කිලෝමීටර 3, 4ක දුරක්. එතන ඉඳන් කඳු මුදුනට යන්න පැයක් වගේ කාලයක් තමයි යන්නෙ. තොටු පල කඳු මුදුනෙ කඳවුරු ගහන්න ඉඩ නැති වුනාට යන පාරෙ ටික දුරක් ආපස්සට ආවාම තියෙනව ලස්සන පුංචි තැනි තලාවක්. මීදුමෙන් වගේම වළාකුළු වලිනුත් නිරන්තරයෙන්ම වැහිල තියෙන තොටුපල කන්ද අවට පරිසරයෙ අමුතු ගුප්ත බවකුත් නැතුවම නෙවෙයි. ගොඩක් දුරට ඒ, තොටුපල කන්න හුදකලා කඳු මුදුනක් නිසා වෙන්නත් ඇති.

මේ කන්දට තොටුපල කන්න කියන නම වැටෙන්නෙ රාවණා රජ තුමාගෙ දඬුමොණරය නවත්තපු තැන නිසාලු. ඒ නිසාම මේ කන්දට 'රාවණා මංපෙත' කියලත් කියනව. ගමේ මිනිස්සු ගොඩ දෙනෙක් මේ කන්ද දන්නෙත් ඒ නමින්.

මේ ගමනෙදිත් කඳවුරට ඕන කරන වතුර ටික නම් ගෙනියන්න වේවි. ගිණි මැලය ගහන්න දර නම් ඕන තරම් තියෙනව. නිතර දෙවේලෙ එන ගෝන්නු මේ කඳු මුදුනෙදි ඕන තරම් බලා ගන්න පුළුවන්. කොහොම වුනත් රෑ සීතලට අඳින්න ඇඳුම් ගෙනියන්න මතක තියාගන්න. නැත්නම් උදේ වෙද්දි සුදුමැලි වෙලා ඉඳීවි.

හවස් ජාමෙට වළාකුළු වලින් පිරුණු අහසයි, හිමිදිරිය ආලෝකවත් කරන රත් පැහැ හිරු මඩලයි තොටුපල කන්ද මුදුනට පේන තරම් ලස්සනට වෙන කොහේටවත් පේන්න නැතුව ඇති. අංශක 360ක දර්ශණ පථයෙ එක පැත්තක අඳුර මවන ගුප්ත බව මකාලන්න උත්සාහ කරන කුළුඳුල් හිරු කිරණ හෝර්ටන් තැන්නට ගේන සුන්දරත්වය, සදා නොමියෙන මතකයක් වෙනව නොඅනුමානයි.

අපි අද කියපු කඳු මුදුන් 8 හැරුණාම උරා කෙටූ කන්ද, බතලේ ගල, දානි ගල වගේ තවත් සුන්දර කඳු මුදුන් තොගයක් ගැන විස්තර අරගෙන අපි ආයෙත් එන්නම්. එතකන් ඔය කඳු මුදුන් ටිකේ සුන්දරත්වය විඳල එන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

Yamu Guide.

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide