හත් ඉලව්වයි මෙහෙමත් කෑමක්! කෑම සම්බන්ධයෙන් අරුම පුදුම ලෝක වාර්තා 9ක්.

රස කෑම කන්න කවුරුත් ආසයි තමයි. හැබැයි ඒ, සුවපහසුව වාඩිවෙලා, හීන් සීරුවෙ කෑම රස බලන්නනෙ. නැතුව කටට දෙකට කෑම තොගයක් කාගෙන කාගෙන යන්න නෙවෙයිනෙ.

ඒක පැත්තකින් තියන්නකො, පැය භාගෙකින් හදන කෑම ජාතියක් කවුරුහරි විනාඩි 5න් හැදුවොත් කොහොමට තියෙයිද? හැරත් මොනව හරි කෑම ජාතියක්, ඒකෙ සාමාන්‍ය සයිස් එක වගේ 20, 30 ගුණයක් ලොකුවට හැදුවොත්? අනේ මන්දා!

''හැමදේම කරන්නෙ බඩගින්න නිවාගන්න'' කියල කතාවක් තිබුණට, කෑමවලින් බඩගින්න නිවාගන්න එකට එහා ගියපු ගොඩක් දේවල් කරපු අය ලෝකෙ ඉන්නව. ඉතින් අපි අද ඔයාලට කියන්න යන්නෙ අන්න ඒ වගේ පිස්සු පොරවල් ටිකක් ගැන. බලන්නකො මෙයාල කෑමවලින් කරන දේවල්. ඒ එක්කම මතක තියාගන්න, මේ හැම එකක්ම ලෝක වාර්තා හොඳේ.

1. හැම් බර්ගර්

බර්ගර් කියන්නෙ අපි කවුරුත් ආස කරන කෑමක්. මස් පුරවල හදපු පැටි එකක් තමයි බර්ගර් එක මැද්දට වැටෙන්නෙ. හැබැයි ඔය මොනව දාලා, කොච්චර රසට හැදුවත් බර්ගර් දෙක තුනක් කද්දි අපිට නම් හොඳ ගණන්. හරියට වැල කාපු කිඹුලෙක් වගේ.

අපිට එහෙම වුනාට, ජපානෙ ටකෙරු කොබයාෂිට ඒව ගාණක් නෑ. 2014 ජුලි 11 වෙනිදා ඉතාලියෙදි මෙයා ගිනස් ලෝක වාර්තාවක් තියන්නෙ විනාඩි 3කදි ග්‍රෑම් 50ක් බර හැම් බර්ග්ර් 12ක් කාලා. ආරංචියෙ හැටියට නම් ඒ වාර්තාව තවම කවුරුත් කඩලත් නෑ.

2. ඩෝනට්

නම ඇහෙද්දි කටට කෙළ උනන අතුරු පසක්. හැබැයි හරියට හදන්න ඕන. ලංකාවෙ නම් වැඩි හරියක්ම ගන්න තියෙන්නෙ චොකලට් ඩෝනට්ස්නෙ. ඒ හැරුණාම වැනිලා, කැරමල්, ස්ට්‍රොබෙරි, ෆෘට් ඇන්ඩ් නට් වගේ එක එක රසවලින් එන බර්ගර් ජාති ගොඩක් තියෙනව. ඔය කොහොම තිබුණත් ඩෝනට්වල තියෙන පැණි රසයි, තෙල් ගතියයි නිසා උපරිම වුනොත් අපි නම් තුනක් හතරක් කාවි. ඒකත් හෙමිහිට හෙමිහිට, පොඩි කතාවකුත් දාගෙන.

හැබැයි බැඩ්ලන්ඩ් කියන්නෙ කතා බහක් නැතුව, විනාඩි 8කදි ඩෝනට් 49ක් ගිලපු කෙනෙක්. හිතන්න එපා. හිතා ගන්න බැරිවෙයි. ඒ විතරක් නෙවෙයි බැඩ්ලන්ඩ්, මීට් බෝල්ස්, කැන්ඩි බාර්ස්, කෝර්න්ඩ් බීෆ්, ළූණු, ග්‍රීන් පීස්, වට්ටක්කා පයිස් වගේ කෑම ජාති 7,8ක්ම අඩු කාලයකදි වැඩිම ප්‍රමාණයක් කාලා දැනටමත් ගිනස් වාර්තා පොතට ගිහින් ඉන්නෙ.

3. මිරිස්

කතා කරන්න එපා, ඔය මොනව කොච්චර කෑවත් ඇමරිකාවෙ ජේසන් මැක්නැබ් වගේ මිරිස් නම් කන්න බෑ, ඔට්ටුයි!

ලෝකෙ සැරම මිරිස් ජාතිය විදියට හඳුන්වන්නෙ 'භට් ජොලොකියා' මිරිස්නෙ. ඒවයින් ග්‍රෑම් 66ක් විනාඩි 2කදි කාපු ජේසන් ගිනස් වාර්තා පොතට යන්නෙ 2013 ජුනි 19 වෙනිදා. දන්නවද, ජේසන්ගෙ වාර්තාව කඩන්න ඊට පස්සෙත් දෙන්නෙක් උත්සාහ කරල තියෙනව. අවාසනාවට එයාලට නම් කන්න පුළුවන් වෙලා තියෙන්නෙ ග්‍රෑම් 45, 46ක් විතරයි. අනේ මන්දා, ආයෙ කවද කඩන්නද ඔය වගේ වාර්තා?

4. චීස් කේක්

ජේසන් මිරිස් කෑවට කටේ සැර යන්න චීස් කේකේ කෑවෙ නම් වෙන කෙනෙක්. එයාගෙ නම සොන්යා තෝමස්. බර කිලෝ 45යි. විනාඩි 9ට චීස් කේක් කිලෝ 4.9ක් ගේමක් නැතුව බඩට දාගන්න සොන්යා ඊට කලින් තියපු වාර්තාව තමයි විනාඩි 10කදි ෆෘට් කේක් කිලෝ 2.2ක් කාලා ඉවර කරපු එක.

කොටින්ම කියනව නම් මේ කෙල්ල යකාගෙ කෙල්ලෙක්. එක පාරක් ඇමරිකාවෙ වොෂින්ටන් නුවර පැවැත්වුනු කූනිස්සො කෑමේ තරඟයකදි, කූනිස්සො ග්‍රෑම් 700ක් කාලා රැන්ඩි තෝමස් තියපු වාර්තාවත් බිඳ දානව. ඒකත් හෙමින් නෙවෙයි විනාඩි 10ට කූනිස්සො කිලෝ 3ක් කාලා.

5. බේක්ඩ් බීන්ස්

2004 අගෝස්තු 7 වෙනිදා තිබිල තියෙනව අච්චාරු කෑමේ තරඟයක්. මේ තරඟයෙදි සොන්යා තවත් වාර්තාවක් තියෙනව. ඒ තමයි විනාඩි දෙකයි තප්පර 47කදි බේක්ඩ් බීන්ස් කිලෝ 3.8ක් කාලා ඉවර කරපු එක.

සොන්යා ගැන තව මුකුත් කියන්න ඕනද?

6. ලයිම් පයි

චිකන් පයි, මට්න් පයි, චීස් පයි එහෙම නම් ෆැබ්, පී. ඇන්ඩ් එස්. වගේ කඩවලත් ගන්න තියෙනවනෙ. අර පේස්ට්‍රි වගේම හදන, හැඩේ ටිකක් වෙනස්, මැද්දට වගේම උඩටත් මිශ්‍රණය දාපු ෂෝටීට්ස් ජාතිය, සෝස් එක්ක කන්නෙ.

අන්න ඒ විදියටම එළවළු, මස් පිරවුම වෙනුවට දෙහි දාලා හදන, පැණි රස ටිකක් වැඩි කෑමක් තමයි ලයිම් පයි කියන්නෙ. ඔන්න ඔය ලයිම් පයි කිලෝ 4.9ක් විනාඩි 8කදි කාලා 2006 මාර්තු 21 ගිනස් පොතට නම ගෙනිච්චෙ පැට් බර්ටොලෙට්ටි. ආරංචියෙ හැටියට නම් මෙයා පැණි රස කන්න උපන් හපනෙක්ලු. ඒ නිසාම මෙයාට 'ස්වීට් ස්පෙෂලිස්ට්' කියලත් කියනවලු.

7. බබල් ගම්

මතකද 'පාර්ටි ටයිම්' චුයින්ගම් එක. ඉස්සර අපි හපල හපල බෝල පුම්බන්නෙ. මාර ආතල් වැඩේ නේ.

අන්න ඒ ආතල් එක ලොකුවටම ගත්තු කෙනෙක් තමයි ඇමරිකාවෙ චැඩ් ෆෙල්. 2004 අප්‍රෙල් 24 වෙනිදා චැඩ් බබල් ගම් දෙකක් හප හප ඉන්න ගමන් වටප්‍රමාණය අඟල් 20ක් තරම් ලොකු බෝලයක් පුම්බල තියෙනව. අහම්බෙන්ද, හිතලමද කියන එක ගැන නම් සඳහනක් නෑ. කොහොම වුනත් ඒක ගිනස් පොතට ගියපු ලෝක වාර්තාවක්.

8. පීසා

පීසා කාලා රෙකෝඩ් තියන එක ගැන නෙවෙයි මේ කතාව. ලොකුම පීසා එක හදපු එක ගැන. ලෝකෙ ලොකුම පීසා එක හැදෙන්නෙ 2012 අවුරුද්දෙ ඉතාලියෙදි. මේ වැඩේට මුල පුරන්නෙ එන්. අයි. පී. කියන රෝමානු අවන්හල. ඩොවිලියෝ, ඇන්ඩ්‍රියා, මාර්කෝ, මාටියෝ කියල කට්ටියක් තමයි සූපවේදීන් විදියට වැඩ කරල තියෙන්නෙ.

මේ පීසා එකේ නම ඔටාවියා. 100%ක්ම ධාන්‍ය නිදර්ශකවලින් තොරයිලු. දන්නවද මේකෙ සයිස් එක. වර්ග අඩි 13, 580ක්. මට නම් හිතා ගන්නවත් බෑ, කී දෙනෙක්ගෙ බඩවල් පුරවයිද කියල.

9. සමෝසා

ඔය ගමන්ම කියන්නම්කො ලෝකෙ ලොකුම සාමෝසා එක ගැන. සමෝසා කිව්වාම එක පාරටම හිතෙන්නෙ ලංකාවෙ හරි ඉන්දියාවෙ හරි හදන්න ඇති කියල. නෑ, මේකත් හැදෙන්නෙ එංගලන්තයෙ බ්‍රැඩ් ෆොඩ් පාසලේදි.

2012 ජුනි 22දා හැදෙන මේ සමෝසා එක කිලෝ 110.8ක් බරයිලු. දිග සෙන්ටිමීටර් 135යි. පළල සෙන්ටිමීටර 33යි. උස සෙන්ටිමීටර 29ක්. මරුවට තියෙන්න ඇති නේ. කටට කෙලත් උනනව.

දැන් ඉතින් නිකන් ඉඳල බෑ. ලොකුම කෑම එක හදන්න බැරි නම් පොඩිම එක හරි හදල රෙකෝඩ් එකක් තියන්න. ලංකාවෙ නමත් ඔය වාර්තා අතරට යන්න එපැයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

Yamu Guide.

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide

ROSES & ROMANCE – VALENTINE’S AT ITC RATNADIPA

WHEN THE CITY FALLS IN LOVE 1.INDIAN OCEAN PAVILION - Valentine's Dinner Buffet Price: LKR

Highlights Yamu Guide

A Valentine’s Dining Guide for 2026

From elegant high teas to candlelit dinners, here’s a curated guide to the best spots

Highlights Yamu Guide