ඔන්න ආයෙත් ඒ කාලය උදාවෙලා. වැලන්ටයින් ඩේ හෙවත් ආදරවන්තයන්ගේ දිනය. අපි මේ ළඟදි ඇහුවා අත්‍යවශ්‍ය හා භයානක වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මම කොහේටද මගේ පෙම්වතිය රැගෙන යන්නේ?

ඔබට වැදගත් හොඳ වයින් හා රස ආහාර නම් කොළඹ ඔබට මිත්‍රශීලී තැනක්. අපි එහෙම ආදරවන්තයන්නේ. අපි පහත පෙළගස්වන්නේ සම්භාවනීය, මිළ අධික, මතක හිටින ආදරවන්තයන්ගේ  දිනයක් ගත කළහැකි තැන් පහක්. ඉතින් අපි ආදරය කරමු.


චෙසා ස්විස්


කෙටියෙන් කීවොත් චෙසා ස්විස් මිළ ඉහළයි. ඒ වගේම එතැන ඉතාම හොඳයි. එය කොළඹ හොඳම අවන්හල් අතරින් එකක්ය කියන එක ගැන සැකයක් නැහැ. මෙහි ගතකරන ආදරවන්තයන්ගේ දිනයක් ඇත්තෙන්ම ලස්සන දවසක්.  ඉතා හොඳ වයින් එකතුව, කොලොම් පුරයේ හොඳම ආහාර හා පරිසමාප්ත සේවාව සමග ඔබට පිටත ගොස් ආහාර පාන ගැනීමේ පූර්ණ අරුත විඳගන්න පුළුවන්. තැනනම් ඒතරම් සුවිශේෂ නැහැ. එය අවම අලංකාර සහිත සන්සුන් සරළ නිවසක්. උද්‍යානය රාත්‍රියට සුන්දරයි.

මෙතැන ඉක්මණින් වෙන් කරගෙන අවසන් වේවි. ඒ නිසා යනවානම් කලින් වෙන් කරගන්න. අපේ පූර්ණ විවරණය මෙතැනින් කියවන්න.


ගැලරි කැෆේ


හොඳ හේතු සහිත ශෲංගාරාත්මක හමුවීම් සඳහා ගැලරි කැෆේ තමයි තැන. කීර්තිමත් ගෘහනිර්මාන ශිල්පී ජෙෆ්‍රි බාවාගේ පැරණි කාර්යාලයේ පිහිටුවන ලද ගැලරි කැෆේහි සුන්දර උද්‍යානය එළිමහන් භෝජනයක් සඳහා පුරව‍රයේ තිබෙන හොඳම තැනක්. මෘදු, සිත් ඇදගන්නාසුළු ආලෝකය ඇති එ‍තැනදී විශිෂ්ට කොක්ටේල් වර්ග රැසක් අතරින් ඔබ කැමති දේ තෝරාගෙන භුක්ති විඳින්න පුළුවන්. සීතකළ මාගරිටා හා අතුරුපස වර්ග රසවිඳ බලන්න. ගැලරි කැෆේ කියන්නේ ඔබේ බලාපොරොත්තු සුන් කර දමාවිය කියා හිතන්න අමාරුම තැනක්. එහි කිසිදා වෙනස් නොවන මෙනුපත ගැන පැමිණිලි තිබෙනවා. ඒත්, ලැබෙන භෝජනය විශිෂ්ටබව නම් සහතික කරන්න පුළුවන්, ඔබ එය කලින් රසවිඳි එකක් වුණත්.

ඉටිපහන් ආලෝකය සහිත සුන්දර පරිසරයක රසවත් භෝජනයක් සඳහා එහි යන්න. 

අපේ පූර්ණ විවරණය මෙතැනින්


හැව්ලොක් පෙදෙසේ බංගලාව


එළිමහන් භෝජනයක් සඳහා The Havelock Place Bungalow තවත් හොඳ තැනක්. බොයාෆුට්හි හෝ ගැලරි කැෆේහි එළිමහනට වඩා කුඩා වුණත් ඒවාට සමානයි. ළං ළංව පිහිටි විශාල ගස් හා වටකුරු ගල් ඇතිරූ පොළව සුන්දර නිවර්තන පරිසරයක් මවනවා. කළු ලෑල්ලේ සුදු හුණු කූරෙන් සටහන් කරන ලද තරමට පොරොන්දු ඉටු කරනු ඇතැයි සහතික වෙන්න බැරි වුණාට ආහාර හොඳයි. ගෙදර හැදූ අයිස්ක්‍රීම් විශිෂ්ටයි. ඒවා රස රැසකින් පිරිනැමෙනවා. පැණිවද, අරක්කු, දිඹුල් හා පැණි ආදී වශයෙන්.

අපේ පූර්ණ විවරණය මෙතැනින්


කැසා කලම්බු


එතරම් ප්‍රධාන ධාරාවේ තැනක් නොවෙයි. ඒත් සුන්දර කැසා කලම්බු බුටික් හෝටලය ඉතා විශිෂ්ට තැනක්.  හොඳ මිළකට හොඳ කෑම හා බීම එහි පිරිනැමෙනවා. සුන්දර ලෙස ආලෝකවත් කරන ලද සුදු පුටු සහිත එළිමහනකුත්, සාසා (ZAZA) බාර් එකෙහි වීදුරු කුටියෙහි හෝ ප්‍රධාන අවන්හලෙහිත් ඔබට අසුන් ගන්න පුළුවන්. කැසා රාත්‍රියට ඉතා ලස්සනයි. රෝස පැහැති තටාකය ආලෝකවත් කළවිට එහි බාර්එකේ දිලිසෙන පුටුවල අසුන්ගෙන සිටීම සුන්දර අත්දැකීමක්. මෙය කොළඹ රැල්ලේ තැනක්. කල් ගත කරන ගමනක් සඳහා හොඳ තැනක්.

අපේ පූර්ණ විවරණය මෙතැනින්


නිහොම්බෂි (හොන්ටෙන්)


නිහොම්බෂි හොන්ටෙන් කියන්නේ ඇත්තෙන්ම විශිෂ්ට ජපන් බොජුන් පිරිනමන අවන්හලක්. පරවි ජෝඩු වගේ මුණුමුණුගාන පෙම්වතුන් මැද ඉන්න ඔබ අකැමැතිනම් ඔබට පුළුවන් මෙතැනින් කුටියක් ලබාගන්න. එය වඩා පෞද්ගලික, සමීපස්ථ ආහාර වේලක් සඳහා කදිම තැනක්. පුරාණ සෙන් පෙනුමැති මේ කුටි සාමාන්‍යයෙන් පුංචි පර්වත උද්‍යානයකට යාවෙනවා. ඒවායේ ජපන් විලාසිතාවේ මිටි මේස පුටු තිබෙනවා. සුදු බිත්තිවලින් වට වූ මේ මුළුවල ගුලි වී සකේ බඳුන් හා සැහැල්ලු සුෂි දීසි සමග ඔබට පුළුවන් ඔබේ ආදර කතාව සනිටුහන් කරන්න. නිහොම්බෂිහි හොඳම දේ තමයි, එහි ගොස් ආ පසු ඔබට අපහසුවක් දැනෙන්නේ දැනෙන්නේ නැහැ.

අපේ පූර්ණ විවරණය මෙතැනින්


අපි අපේ මුල් අවන්හල් පහ මෙහි ලැයිස්තුගත කළා. මෙය එතරම් දිග ලැයිස්තුවක් නොවෙයි. තවත් හොඳ තැන් ගැන කියවන්න: රෝයල් තායි, ටින්ටජෙල් (Tintagel), ලෙමන්, ලන්ඩන් ග්‍රිල්, 1864, ස්පූන්ස්, මිනිස්ට්‍රි ඔෆ් කැබ්ස්, කැලිෆෝනියා ග්‍රිල් සහ ගාලුමුවදොර හෝටලයේ ආලින්දය.

තෑගි ගැන අදහසක් ඕනෑනම් මෙතැනින්.


Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Tamarind opens its doors in Colombo

The new multi-cuisine restaurant brings variety, comfort food and contemporary dining to Kinross Avenue. Colombo’s

Highlights Trending

What Are the Best Gold & Gemstone Earrings to Shop at DINIDU in Colombo?

Earrings are among the most expressive pieces of jewellery a person can own. They may

Highlights Trending

Inside Charcoal Colombo: A Story Told Through Fire, Spice and Design

In just a few months since opening its doors, Charcoal Tandoor Fire & Grill has

Highlights Trending

Cinnamon Box Office: Launch of Destination Event Calendar to Elevate Colombo’s Entertainment Landscape

Cinnamon Box Office unveils a new era of entertainment experiences, positioning Colombo as South Asia’s

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide