ඒලෙවල් ඉවරද? එහෙනම් අද ඉඳන් පටන් ගමු.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, ඕලෙවල්, ඒලෙවල් ; මේ ලංකාවේ ඉගෙනගන්න බොහොමයක් දෙනා පාසල් කාලය තුල පහු කරන ප්‍රධාන කඩයිම් තුනක්. තමන්ගේ ජීවිතයේ ඉස්සරහ කාලය තීරණය කරන විභාග විදියටයි අපේ සමහර වැඩිහිටියන් මේ විභාග සළකන්නේ. මේ විභාගවල තියෙන තරගකාරී බවේ හැටියට ඒ කතාවේ ලොකු වරදක් තියෙනවා කියන්නත් අමාරුයි.

ළමයින්ටත් වඩා අම්මලාගේ විභාගයක් වෙන ශිෂ්‍යත්වයට පොඩි එවුන්ව සූදානම් කරවන්නේ උන් හය හතර අඳුරගන්න පටන්ගන්න කාලේ ඉඳලමයි. හොඳ ඉස්කෝලයක් ගන්න එක තමයි මේකේ පරම බලාපොරොත්තුව. ඒකෙන් සමත් වුනත් නැතත්, ඊටපස්සේ ලෑස්ති වෙන්නේ ඊළඟට එන ඕලෙවල් විභාගෙට. මේ විභාගවල තියෙන තරගකාරිත්වය හොඳටම උත්සන්න වෙන්නේ ඒලෙවල් වලදී. මොකද අවුරුදු දහතුනක පාසල් කාලේ පුරාවටම එක්කාසු කරගත්ත පීඩනය කරපින්නාගෙන, තමන්ගේ විතරක් නෙවෙයි, දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ බලාපොරොත්තු එක්ක ගැටෙන විභාගයක් මේක. ඒ විතරක් නම් මදැයි, විභාගේ කරන ළමයටත් වඩා කැක්කුමක්නේ අපේ සමහර නෑදෑයන්ටයි, අහල පහල උදවියටයි තියෙන්නේ. ඉතින් මේ වගේ විවිධ හේතු නිසා මේ විභාගයේ තියෙන බරපතලකම තවත් වැඩිවෙනවා.

2016 අවුරුද්දේ ඒලෙවල් විභාගයත් මේ දවස්වල පැවැත්වෙනවා. අපේ සමහර නංගිලා මල්ලිලාට නම් දැනටමත් විභාගේ ඉවරයි. "ඒ තුනක් ෂුවර්" ගානට විභාගේ කරපු අය වගේම, "මේ සැරේ නම් ගන්නම දෙයක් නැහැ" කියන තත්වෙන් ඉන්න අයත් මේ අතර ඇති. මේ කොයි තත්ත්වෙන් විභාගේ කරත්, ප්‍රතිඵල එනකන් තියෙන මාස තුනක වගේ කාලය හොඳින් ගෙවන්න පුළුවන් විධි කිහිපයක් ඔයාලට කියන්න අපි හිතුවා.    

1. නිදාගන්න

නින්ද කියන්නේ ඇඟට අත්‍යාවශ්‍යම දෙයක්නේ. විභාගේ පාඩම් වැඩත් එක්ක වගේම, ඔලුවේ තියෙන පීඩනය නිසාම පහුගිය ටිකේ නින්ද කියන දේ ඔයාලට ගොඩක් මඟ හැරෙන්න ඇති. ඒ නිසා, ප්‍රතිඵල එනකන් තියෙන මේ කාල වකවානුවේ ටිකක් නිදාගන්න පුළුවන් නම්,  ඔයාලගේ ඔළුවටත් බොහොම සැහැල්ලුවක් දැනේවි. හැබැයි ඉතින් මේ කියන්නේ කුම්භ කර්ණයෙක් වෙන්න කියල එහෙම නෙමෙයි හොඳද.

2. ගෙදර අයත් එක්ක කෑමකට යන්න

ප්‍රතිඵල ගැන හිතේ තියෙන බර පැත්තකින් තියලා, ගෙදර අයත් එක්ක සතුටු සාමීචියේ යෙදෙන්න හොඳම කාලේ තමයි මේක. විශේෂයෙන්ම බෝඩිම් වෙලා ඉගෙනගත්ත අපේ නංගිලා මල්ලිලාට මේක ගොඩක් වටිනවා. ගෙදර හැමෝම එකට එක්කාසු වෙන වෙලාවක් බලලා, වෙනසකටත් එක්ක එලියට ගිහින් හොඳ කෑම වේලකුත් ඒකට එකතු කරගන්න හැකි නම්, මේ අත්දැකීම ගොඩක් සුන්දර වෙයි.

3. පාඩම් පොත් ටික අයින් කරන්න/වෙන් කරන්න

ඒලෙවල් වෙනුවෙන් පාඩම් කරන්න පාවිච්චි කරපු නෝට් පොත්, ගණන් හදපු කොළ මිටි ගණන් ඇති ඔයාලා ළඟ. කාමරේ පුරා විසිරිලා තියෙන මේවා ටික නිවාඩු පාඩුවේ ඉන්න ගමන් එකට එකතු කරලා, පිළිවෙලට අහුරගත්තොත් නරකද? තවත් විභාගේ කරන නංගි කෙනෙක්ට, මල්ලි කෙනෙක්ට, යාලුවෙක්ට දෙන්න වගේම, ආයෙත් විභාගේ කරන්න වුණොත් ඔයාගේ පාවිච්චියට ගන්න වුණත් එතකොට ලේසියිනෙ.

4. කාමරේ සුද්ධ කරගන්න

ගොඩක් වෙලාවට ළමයට විභාගේ කිට්ටු වෙද්දී අම්මලා ගෙදර වැඩක් පලක්වත් කරන්න දෙන්නේ නැහැ. ඒ පුංචි වෙලාවත් පාඩම් වැඩට යොදවන්න හැකි වෙන්නයි එයාලා ඒ දේ කරන්නේ. ඒත් දැන් විභාගේ ඉවරයිනේ. ඒ නිසා අම්මට පුංචි නිවාඩුවක් දෙන්න මේක හොඳම කාලේ. කලින් කිව්ව වගේ නෝට් ටික පිළිවෙලට අහුරන ගමන්, තමන්ගේ කාමරේත් සුද්ධ පවිත්‍ර කරගන්න ඔයාලට පුළුවන් නම්, ගොඩාක් හොඳයි. කාමරේ මකුළු දැල් එහෙම කඩලා, ඇඳ පුටු මේස පිළිවෙලක් කරලා තියෙනවා දැක්කම අම්මට වුණත් ගොඩක් සතුටු හිතෙයි.  

5. පරණ විනෝදාංශ අලුත් කරගන්න

ඔයාලා නිවාඩු පාඩුවේ ඉද්දි, එහෙමත් නැත්තන් දවසේ විවේකයක් ලැබෙනකොට කරන්න පුරුදු වෙලා ඉඳපු විනෝදාංශ බොහොමයක් මේ විභාග වැඩ නිසා ඔයාලට මඟ හැරෙන්න ඇති. මේ එන්නේ ඒවා ආයෙත් අලුත් කරගන්න කියාපු කාලේ. විනෝදාංශයක් කියලා විශේෂයෙන් දෙයක් නොතිබුණා නම්, අලුතෙන් එහෙම දෙයක් හදාගන්නත් ඔයාලට මේ කාලේ පාවිච්චි කරන්න පුළුවන්. සින්දුවක් අහන්න, පොතක් කියවන්න වගේම ඉඩ තියෙන හැටියට මිදුලේ පුංචි ගෙවත්තක් එහෙම හදන්නත් කදිම කාලයක් තමයි මේක. හැබැයි මේ පොතක් කියවන්න කියන්නේ පාඩම් පොතක් එහෙම නෙවෙයි. නව කතාවක්, කෙටි කතාවක්, කවි පොතක් වගේ දෙයක්.  

6. සමාජ වෙබ් අඩවියකට එකතු වෙන්න

පහුගිය කාලේ ෆේස්බුක් නිසා තරුණ ළමයි කරගත්ත අකරතැබ්බ දැක්කම නම් මේක හොඳ අදහසක් නෙවෙයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තම කිව්වොත් සමාජ වෙබ් අඩවි කියන්නේ නරක දෙයක් නෙවෙයි, ඒවා හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්නවා නම්. මේ ටිකේ ගෙදරටම වෙලා ඉන්න නිසා වෙනදා වගේ ඉස්කෝලේ යාළුවන්ව හම්බෙන්න තියෙන අවස්ථාත් අඩුයිනේ. ඒ නිසා මේ වගේ සමාජ ජාලයකට පොඩ්ඩක් පුරුදු වුණාට කමක් නැහැ. හැබැයි ඉතින් ඕනේ නැති දේවල් වලට ඒවා පාවිච්චි නොකිරීමේ වගකීම තියෙන්නේ තමන්ගේ අතේ බව මතක තියාගත්තොත් හොඳයි. අන්තර්ජාලය කියන්නේ උණු නිසා බොන්නත් බැරි, කැඳ නිසා අහක දාන්නත් බැරි ජාතියේ දෙයක් නිසා මොළේ පාවිච්චි කරලා සිහි නුවණින් කටයුතු කිරීම හරිම වැදගත්.

7. රස කෑමක් හදන්න

විභාගේ නිසා අමතක කරලා දාපු කුස්සිය පැත්තට ආයෙත් යන්න දැන් කාලේ හරි. ගෙදර හැමෝම කන්න කැමති වෙන ජාතියේ කෑම, අතුරුපස, බීම වර්ග තමන්ට හැකි විදියෙන් හදන්න මේ මාස ටික ඔයාලට යොදාගන්න පිළිවන්. ඒ විතරක් නෙවෙයි, අම්මට ඔය උයන පිහන වැඩ වලටත් උදව් කරන්නත් මේ කාලේ යොදා පුළුවන් ඔයාලට.

8. යාළුවොත් එක්ක ඇවිදින්න යන්න

මේ කියන්නේ දවස් ගණන් වෙන් කරගෙන විනෝද ගමන් යන්න කියන එකම නෙවෙයි. අඩු තරමේ සතියකට දවසක්වත් තමන්ගේ හිත මිත්‍ර යාළුවොත් එක්ක පොඩ්ඩක් එලියට බැහැලා කොහේ හරි ළඟ පාත පැත්තක ඇවිදින්න යන්න, චිත්‍රපටයක් බලලා කොහෙන් හරි කෑම වේලක් කාලා එන්න යන්න පුරුදු වුණොත්, ඔයාලගේ හිතටත් හරි නිදහසක් දැනේවි. වෙලාව වෙන් කරගන්න හැකියාවක් තියෙනවා නම්, දවස් දෙක තුනක් අල්ලලා කොහේ හරි විනෝද ගමනක් ගිහින් එන්නත් මේ කාලේ ඔයාලට පුළුවන්.

9. ස්වේච්ඡා සේවයට නැඹුරු වෙන්න

විවේකයෙන් ගෙවන මේ කාලය තමන්ට වගේම අපි ජීවත් වෙන සමාජයේ ඉන්න තවත් කොට්ටාශයකට ප්‍රයෝජනයක් වෙන දෙයක් කරන්න හැකි විදියක් තමයි මේක. දුප්පත් ළමයින්ට ඉගෙනගන්න උදව් කරන, නැති බැරි වැඩිහිටියන්ට විතරක් නෙවෙයි, අසරණ සත්තුන්ට උදව් කරන සංවිධාන ගණනාවක්ම ලංකාවේ මේ වෙද්දී තියෙනවා. SOS Children's Villages, Volunteer Sri Lanka, Embark, සහ Animal SOS කියන්නේ මේ වගේ සංවිධාන කිහිපයක්. මේවයෙන් වෙන සත් ක්‍රියා වලට උදව් කරන එකෙන් ලොකු පිනක් සිද්ධ කරගන්න වගේම, ජීවිතයට යමක් එකතු කරගන්නත් ඔයාලට හැකියාව ලැබෙනවා.

10. අලුත් දෙයක් ඉගෙනගන්න

ඔලුවට ලොකු බරක් නොගෙන සරල දෙයක් ඉගෙනගන්න මේ කාලය ඔයාට යොදාගතෑකි. හැබැයි ඔයාලම කල්පනා කරලා හිතාගන්න ඕනේ ඔයාලා කැමති මොන වගේ දෙයක් ඉගෙන ගන්නද කියන එක ගැන. ගිටාර් එකක් වගේ සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙනගන්න, පරිගණක, ඡායාරූපකරණය ගැන පාඨමාලාවක් හදාරන්න වගේ දේකට මේ කාලේ යොදාගන්න ඔයාලට පුළුවන්. ටිකක් මොළේ වෙහෙසලා ඉගෙනගන්න කැමති අයට CIMA, CIM වගේ certification පාඨමාලාවක් කරන්න අඩිතාලම හදාගන්නත් හැකියාව තියෙනවා . ඇත්තම කිව්වොත් ඉස්සරහට එන රැකියා තරගයට බයක් නැතුව මුහුණ දෙන්න මේ වගේ දේවල් හරිම වැදගත්.

ඒලෙවල් කියන්නේ බොහොම තීරණාත්මක විභාගයක් වග නොරහසක්. හොඳටම හොඳින් විභාගය කරත්, යන්තන් පාස් වෙන්න විභාගය කරත් ප්‍රතිඵල එනකන් තියෙන මේ කාලය සතුටින් ගෙවන එක ගොඩක් නුවණට හුරුයි. මොකද ආයෙත් විභාගය ලියන තත්ත්වයක් ආවත්, පරණ දේවල් අමතක කරලා සැහැල්ලු, නිරවුල් මනසකින් ඔයාලට ඒ වෙනුවෙන් ලැස්ති වෙන්න පුළුවන්නේ. ඒ නිසා ප්‍රතිඵලය මොකක් වුණත්, මේ කිව්ව දේවල් දහය ඔයාලට වැදගත් වෙයි කියලා අපි හිතනවා.

අවසාන වශයෙන්, මේ සැරේ ඒලෙවල් කරපු නංගිලා මල්ලිලා හැමෝටම, තමන් බලාපොරොත්තු වෙන විභාග ප්‍රතිඵලය ඒ විදියටම ලැබෙන්න කියලා යමු එකේ අපේ හැමෝම ප්‍රාර්ථනා කරනවා.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide