රසම චොකලට් අයිස් ක්‍රීම් වර්ගය මොකද්ද? මේ අපේ අත්දැකීම.

ඉඳලා හිටලා පොදයක් ගියත් මේ දවස්වල තියෙන රස්නේ හැටියට අයිස් ක්‍රීම් කියන නම ඇහුණත් ඇති. තද අව්ව තියෙන දවසක එලියට බැහැලා මහන්සිවෙලා ඉන්න වෙලාවක, හොඳට කූල් කරපු අයිස් ක්‍රීම් එකක් කද්දී එන්නේ පුදුම සනීපයක්. මේ දවස්වලට දැනෙන වතුර තිබහ විතරක් නෙවෙයි, මහන්සිය නැති කරගන්නත් හොඳ කෑමක් තමයි මේක. අපේ සමහර අය නම් ඉතින් අව්ව, වැස්ස, හෙම්බිරිස්සාව, කැස්ස කියල නෑ, ඕනේ වෙලාවක අයිස් ක්‍රීම් වලට වග කියන්න ලෑස්තියි.

අයිස් ක්‍රීම් කිව්වම චොකලට් රසම හොයන අයත් මේ අතරේ සෑහෙන්න ඉන්නවා.පාට පාටින් නා නා විධ රසින් යුතු අයිස් ක්‍රීම් තිබුණත් කොහෙන් හරි චොකලට් අයිස් ක්‍රීම් එකක් උස්සන් එන එක තමයි මෙයාලගේ පුරුද්ද.

සුපර් මාකට් එකක් පැත්තේ ගියත්, ගෙදර ළඟ තියෙන සිල්ලර කඩේට ගියත් ගන්න ලැබෙන චොකලට් අයිස් ක්‍රීම් වර්ග අතරින් රසයෙන් වැඩිම චොකලට් අයිස් ක්‍රීම් වර්ගය මොකද්ද? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න YAMU එකේ අපි පුංචි වැඩක් කළා. ඒ තමයි මේ අයිස් ක්‍රීම් වර්ග සේරම ගෙනැල්ලා කාලා බලපු එක. අපි මේ වෙනුවෙන් තෝරාගත්තේ වෙළඳපොළේ තියෙන සුලභ වගේම ප්‍රසිද්ධ චොකලට් අයිස් ක්‍රීම් වර්ග හයක්. ඒ Highland, Elephant House, Alerics, Kotmale, සහ Cargills.

මේ අයිස් ක්‍රීම් වර්ග වල රස ගැන අපේ අත්දැකීම, මෙන්න මේ විදියට සඳහන් කරන්න පුළුවන්.

1. Highland

හයිලන්ඩ් කියන්නේ පොඩි කාලේ ඉඳලම අපි අඳුනන රසක්. හයිලන්ඩ් චොකලට් කිරි බෝතලයේ රස ගැනත් පහුගිය දවසක කතා කළා ඔයාලට මතකත් ඇති. හැබැයි ඉස්සර තිබුණු ඒ හොඳ රස, අද වෙද්දී හයිලන්ඩ් චොකලට් අයිස් ක්‍රීම් එකෙන් හොයාගන්න ලැබෙන්නේ නැහැ. චොකලට් රසට වඩා සීනි රස තමයි මේකෙන් අපට දැනුණේ. අනික කිරි රසත් හරිම අඩුයි මේ අයිස් ක්‍රීම් එකේ. ඒ නිසාම අයිස් ක්‍රීම් එකක තියෙන්නම ඕනේ ලක්ෂණයක් වන ක්‍රීමි ගතිය, මේකෙන් අපට ලැබුණේ නැහැ.

                                                                                                    ★☆☆☆☆ 1/5

2. Elephant House

හයිලන්ඩ් වගේම තමයි, එලිෆන්ට් හවුස් කියන්නෙත් අපි ඒ කාලේ ඉඳලම අහලා, දැකලා, රස බලලා තියෙන වෙළඳ නාමයක්. පොඩි කාලේ ඉස්කෝලේ ඇරිලා එන ගමන් එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් පලමක් ඉල්ලලා අම්මලට කරදර කරන පුරුද්දක් ඔයාලටත් තියෙන්න ඇති. ඒත් අපි කාලා බලපු චොකලට් අයිස් ක්‍රීම් එකේ හැටියට නම්, අද මේ රස තරමක් වියැකිලා කියලයි අපට හිතුනේ. හයිලන්ඩ් තරම්ම නැතත්, ටිකක් කිරි අඩු ගතියක් මේකෙනුත් අපට දැනුණා. බොහොම ලා චොකලට් රසක් තමයි මේ අයිස් ක්‍රීම් එකෙන් ආවේ. ක්‍රීමි ගතියත් එච්චරම හොඳට මේකේ තිබුණේ නැහැ.

                                                                                                   ★★☆☆☆  2/5

3. Alerics

දැන් රස කර කර කෑවත්, ඇලේරික්ස් අයිස් ක්‍රීම් කියන්නේ 1949 තරම් ඈත කාලයේදී බිහිවුණු වෙළඳ නාමයක් බව ඔයාලා දැනගෙන හිටියද? ඇලේරික්ස් ද සිල්වා විමලරත්න මහත්මයා ආරම්භ කරපු මේ ව්‍යාපාරය 1960, 70 දශක වලදී තිබුණු හොඳම අයිස් ක්‍රීම් වෙළඳ නාම අතුරින් එකක්.

මේ චොකලට් අයිස් ක්‍රීම් එකේ රස ගැන කතා කරොත්, ලොකු අවුලක් කියන්න නැහැ. සාමාන්‍යයෙන් හොඳ චොකලට් රසක් තිබුණත්, ඊට වඩා දැනෙන කැරමල් රසක් මේකේ තිබුණා. ටිකක් කිරි ගතියක් තිබුණු නිසා, තරමක ක්‍රීමි ගතියකුත් මේකෙන් දැනුණා අපට.

                                                                                                  ★★★☆☆  3/5

4. Kotmale

කොත්මලේ රස අපි හඳුනා ගන්නේ ඉස්කෝලේ යන කාලේ බිව්ව කොත්මලේ චොකලට් කිරි පැකට් වලින්. ඒ කාලේ බඩගින්න, මහන්සිය දෙකම නිවාගන්න මේ කිරි පැකට් ආසාවෙන් බිව්ව හැටි ඔයාලට මතක ඇති.

අපි තෝරගත්ත අයිස් ක්‍රීම් අතරින් චොකලට් පැහැය තදටම තිබුණේ කොත්මලේ අයිස් ක්‍රීම් එකේ බව සැකයක් නැතුවම කියන්න පුළුවන්. පාට වගේම චොකලට් ගතියත් හොඳටම තිබුණා මේකේ. ගානට සීනි රස තිබුණු නිසා ඒ චොකලට් රස හොඳින්ම අපට තේරුණා. ඒත් කිරි වලට වඩා වතුර ටිකක් වැඩි ගතියක් තිබුණු නිසා මේකේ ක්‍රීමි ගතිය නම් අඩුයි.

                                                                                                ★★★☆☆  4/5

5. Cargills

අපි රස බලපු චොකලට් අයිස් ක්‍රීම් අතරින්, හොඳටම ක්‍රීමි ගතිය තිබුණේ කාගිල්ස් අයිස් ක්‍රීම් එකේ. ගොඩක්ම තද කිරි රසක් මේකේ තිබීම තමයි ඒකට හේතුව. කොත්මලේ අයිස් ක්‍රීම් එකේ වගේ තද චොකලට් ගතියක් නොතිබුණත්, ඒක මදි පාඩුවක් විදියට අපට දැනුණේ නැහැ මේ ක්‍රීමි ගතිය නිසා. මේකේ රස වැඩියෙන් දැනෙන්න අනිත් හේතුව තමයි සීනි රසයත් ඒකට ගැළපෙන විදියටම දාලා තිබීම.

                                                                                                ★★★★☆  4.5/5

 

අයිස් ක්‍රීම් වර්ගය මිල (රුපියල්) ප්‍රමාණය (ලීටර)
Cargills 280 1
Kotmale 260 1
Alerics 270 1
Elephant House 280 1
Highland 250 1

 

කලින් කිව්වා වගේම හොඳම රස තිබුනේ කාගිල්ස් චොකලට් අයිස් ක්‍රීම් එකේ. චොකලට් රස පොඩ්ඩක් මදි වුණත් කිරි රස වැඩි නිසා මේකේ රසට ඒකෙන් ලොකු බාධාවක් වුණේ නැහැ. චොකලට් සහ කැරමල් එකතුවෙච්ච රසයක් තියෙන ඇලේරික්ස් අයිස් ක්‍රීම් එක නරකම නැහැ. හැබැයි පොඩ්ඩක් සීනි අඩු වුණා නම් තමයි හොඳ.

 

චොකලට් පාට, රසය හරි හරියට තිබුණේ කොත්මලේ අයිස් ක්‍රීම් එකේ. ඒත් ඒකෙ පොඩ්ඩක් විතර වතුර වැඩි එක තමයි තිබුණු එකම අවුල. හැබැයි එලිෆන්ට් හවුස්, හයිලන්ඩ් චොකලට් අයිස් ක්‍රීම් එක්ක සංසන්දනය කරලා බලද්දී නම් කොත්මලේ අයිස් ක්‍රීම් එක හුඟක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්.

වෙළඳපොළේ සුලභ චොකලට් අයිස් ක්‍රීම්වල රස ගැන අපේ අත්දැකීම තමයි අපි මේ සඳහන් කළේ. හැබැයි ඉතින් ඔයාලගේ අදහස් දැනගන්නත් අපි කැමතියි මේ ගැන. ඒ නිසා ඒවත් අපට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා හොඳද.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

Yamu Guide.

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide