69 වසරක ශ්‍රී ලංකේය සිනමා ඉතිහාසයේ ස්වර්ණමය සලකුණු තැබූ චිත්‍රපට 10ක්.

කඩවුණු පොරොන්දුවෙන් ඇරඹුණු ශ්‍රී ලංකේය සිනමාව මේ වෙද්දී පහු කරන්නේ එහි සය වෙනි දශකයයි. වසර 70කට ආසන්න කාලයක් තිස්සේ විවිධ තේමාවන් ඔස්සේ නිර්මාණය වුණු චිත්‍රපට මඟින්, ලක්ෂ සංඛ්‍යාත රසිකයන්ගේ හදවත් ස්පර්ශ කරන්නට ඔවුන් සමත් වුණා. ගොවිතැන් බතින් දවස සරි කරගත් ගැමියන්ගේ අල්පේච්ඡ ජීවන රටාවේ සිට, උපන්දා පටන් දුවිලි පොදක්වත් පය නොගැටුණු, මහා මැදුරුවල ජීවත් වෙන ලක්ෂපතියන්ගේ සුපිරි ජීවන රටාව දක්වා, ඔවුන්ගේ හපන්කම්, මෝඩකම්, සහ පුරසාරම් මෙවන් චිත්‍රපටවල කතා සාරයන් අතර තියෙනවා.

ලංකාවේ චිත්‍රපට ඉතිහාසය ඇතුලේ ජාත්‍යන්තරයට පවා පය තියපු අග්‍රගණ්‍ය නිර්මාණ වගේම, වාණිජ පරමාර්ථයෙන්ම හදපු බාල තත්වයේ චිත්‍රපටත් බිහිවුණේ නැතුවම නෙවෙයි. ඒත් එදා වගේම අදටත්, අඩුවක් නැතුව එක වගේ රස විඳින්න පුළුවන් නිර්මාණ ගණනාවකුත් මේ අතර තියෙනවා. ශ්‍රී ලාංකීය චිත්‍රපට පුරාවෘත්තයේ ස්වර්ණමය සලකුණු තැබූ මේ චිත්‍රපට සේරම වගේ බිහිවුණේ මීට දශක තුන හතරකට උඩදී.

1. රේඛාව

එතෙක් කල් ස්ටුඩියෝ ආශ්‍රිතව නිර්මාණවලින් මිදිලා, එළිමහනේ රූගත කරපු පළමු චිත්‍රපටය විදියට සැළකෙන්නේ රේඛාවයි. ග්‍රාමීය පරිසරයත් එක්ක බැඳිලා තියෙන ගුප්ත විශ්වාසයන් පාදක කරගෙන තමයි මේ සිනමාපටය ගොඩ නැගුනේ. මාටෙල් ප්‍රනාන්දු නම් රංගන ශිල්පිනිය පණ පොවපු අනුලා කියන ළමා චරිතය වටා තමයි මේ කතාව ප්‍රධාන වශයෙන්ම ගෙතිලා තිබුණේ. ඒ හැරුනාම අයිරාංගනී සේරසිංහ, ආනන්ද වීරකෝන්, සෝමපාල ධර්මප්‍රිය වගේ නළු නිලියන් බොහොමයක් මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දුන්නා. 1956 වසරේ ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්මය අතින් අධ්‍යක්ෂණය වෙච්ච රේඛාව, 1957 අවුරුද්දේ කෑන්ස් සිනමා උළෙලේදී පවා ප්‍රදර්ශනය වුණා.

2. ගම්පෙරලිය

නන්දා සහ පියල්ගේ ආදර කතාව අපි ඇහුවේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ගම්පෙරලිය පොතෙන්. ඒත් මේ කතාව ඇහින් දකින්න අපට අවස්ථාව ලැබුනේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා නිර්මාණය කරපු ගම්පෙරලිය චිත්‍රපටයෙන්. අනාදිමත් කාලයක ඉඳන් ලාංකීය සමාජයේ දකින්න තියෙන කුල භේදය පිලිබඳ මාතෘකාව ගැන තමයි මේකෙන් සාකච්ඡා වුණේ. 1963 අවුරුද්දේ බිහිවුණු මේ චිත්‍රපටයේ නන්දාගේ චරිතයට පුන්‍යා හීන්දෙනිය මහත්මියත්, පියල්ගේ චරිතයට හෙන්රි ජයසේන මහත්මයාත් පණ පෙව්වා.

3. පරසතුමල්

බටහිර අහසේ රතු සිත්තම් මැකුණා වේ

දෙණි පෙත හඬන හිරියා මල් පිපුණාවේ

මා ආදරය දුටුවග නොම හැඟුණාවේ

මා නැති කලෙක උන් සුවඳක් දැනුණාවේ

ගාමිණී වික්‍රමසිංහ මහත්මයාගේ කටහඬින් ගැයෙන මේ ලස්සන කවිය අපට අහන්න ලැබෙන්නේ පරසතුමල් චිත්‍රපටයේ අන්තිම ජවනිකාවෙන්. මේ සිනමා පටයේ කතා නායකයා වන වැලිහේනේ බොනී මහත්තයාගේ චරිතයට ජීවය ලබා දෙන්නේත් ඔහුමයි. ඒත් මේකට පාදක වුණු පී.කේ.ඩී සෙනවිරත්නයන්ගේ පරසතුමල් නවකතාවදී ඒ චරිතය දැක්වෙන්නේ ඩැනී මහත්තයා නමින්. සුරාව, සංගීතය වගේම කාන්තාව කියන දේවල් තමන්ගේ ජීවිතයේ කොටස් බවට පත් කරගත්ත බොනීගේ ජීවිතය එයින්ම විනාශ වෙන හැටි මේ චිත්‍රපටයෙන් කියවුණා. ගාමිණී ෆොන්සේකාගේ අද්විතීය රංගන කෞශල්‍යය වගේම අධ්‍යක්ෂණ හැකියාවත් මේ සිනමා පටයෙන් මනාව දිස්වුණා. 1966 අවුරුද්දේ තමයි මේ චිත්‍රපටය නිර්මාණය වුණේ.

4. සත් සමුදුර

සිනිඳු සුදු මුදු තලාවේ – පිපෙන පෙණ පිඩු සිනාසේ

සැලෙන රළ මත ගිලී ඉපිලී – ගලන සිතුවිලි මුලා වේ

මහගම සේකරයන්ගේ අතින් ලියවිලා, ඩබ්ලිව් ඩී. අමරදේවයන්ගේ ගැඹුරු කටහඬින් ඇහෙන මේ ගීතය අදටත් අපි අතර බොහොම ජනප්‍රියයි. මේක 1967 අවුරුද්දේ බිහිවුණු සත් සමුදුරු චිත්‍රපටයේ ගීතයක්. මොහොතින් මොහොත වෙනස් වෙන මුහුදත්, ඒකත් එක්ක ගැටෙන ධීවරයාගේ ජීවන බෝට්ටුව ගැන කියවුණු මේ චිත්‍රපටය එවකට සිටි උත්කෘෂ්ට කලාකරුවන්, කලාකාරියන් රාශියක් එකට එකතු කරපු එකක් විදියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම දකුණු පළාතේ ධීවරයන්ගේ ජීවිතය පදනම් කරගෙන තමයි මේ සිනමා පටය සිත්තම් වුණේ. සිරිල් වික්‍රමගේ, ස්වර්ණා මල්ලවාරච්චි, දෙනවක හාමිනේ වගේ නළු නිළියන් රැසක් මේකේ රංගනයට දායක වුණා. මේ චිත්‍රපටය අධ්‍යෂණය කලේ සිරි ගුණසිංහ මහත්මයා.

5. තුංමංහංදිය

ලොකු මාමාගේ ජීවිතය සිය බෑණන්ඩියගේ දෑසින් කියා පෙන්වන තුංමංහංදිය පොත පාදක කරගෙන 1970දී බිහිවුණු තුංමංහංදිය චිත්‍රපටය අපේ සිනමා ඉතිහාසයේ තවත් ස්වර්ණමය සළකුණක්. තුංමංහංදිය රචනා කරපු මහගම සේකරයන් විසින්ම තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වුණෙත්. නවකතාවෙන් අපි කියවපු බොහොම කලාත්මක මනසක් ඇති, නිහඬ මිනිසෙක් වන ලොකු මාමා, එහෙමත් නැත්තම් අබිලිංගේ චරිතය ඒ විදියටම දකින්න අපට අවස්ථාව ලැබුණේ ජෝ අබේවික්‍රමයන්ගේ විශිෂ්ට රංගනයෙන්.

6. වැලිකතර

ගාමිණී ෆොන්සේකාගේත්, ජෝ අබේවික්‍රමයන්ගේත් රංගන ප්‍රතිභාව හොඳින්ම ඉස්මතු කරපු චිත්‍රපට අතරින් එකක් වන වැලිකතර බිහිවුණේ 1971 අවුරුද්දේ. ඒ ඩී. බී. නිහාල්සිංහයන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය විදියට. දේශීය සිනමා වංශ කතාවේ හැරවුම් ලක්ෂ්‍ය විදියටත් මේක නම් කරන්න පුළුවන්. ඒකට හේතුව, ලංකාවේ මුල්ම සිනමාස්කෝප් චිත්‍රපටය වන්නේ වැලිකතර නිසා. මේ සිනමා පටයේ ප්‍රධාන චරිත දෙක වන ගෝරිං මුදලාලි, හා වික්‍රම රන්දෙණිය ඩී. බී. නිහාල්සිංහයන් තමන්ගේ පෞද්ගලික ජීවිතයේදී අහපු, දැකපු චරිත දෙකක්. මේ චරිත දෙක එක්කාසු කරලා මේ චිත්‍රපටයේ පිටපත ලිව්වේ තිස්ස අබේසේකරයන්.

7. නිධානය

නිධානයක් ගන්න දෙන බිල්ල විදියට තමන්ගේ බිරිඳව ඝාතනය කරන විලී අබේනායකගේ පාපොච්චාරණය දැක්වෙන නිධානය චිත්‍රපටය, 1972 වසරේ බිහිවුණු එකක්. මේක ජි.බී සේනානායකයන්ගේ නිධානය කෙටි කතාව ඇසුරින් තමයි නිර්මාණය වුණේ. මේ සිනමා පටයත් අධ්‍යක්ෂණය වුණේ ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා අතින්. ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා දෙපළගේ රංගනයෙන් හැඩ වුණු නිධානය චිත්‍රපටයට එකතු වුණු ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය, මේ සිනමා පටය ජනප්‍රිය වෙන්න තවත් හේතුවක්.

8. බඹරු ඇවිත්

ආදරයේ ඔබ ඔබමයි

මා ඔබ නොව

ඔබ මා නොව

දවසක්දා……

හඳුනාගත්තොත් ඔබ මා

සුනිලා අබේසේකරයන්ගේ මේ හඬ ඇහෙද්දී අපට මැවිලා පේන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි, පරක් තෙරක් නොපෙනෙන මුහුද දිහා බලන් ඉන්න සොඳුරු මාලනී ෆොන්සේකාවන්ගේ මුහුණ.ප්‍රේමසිරි කේමදාසයන් යන උත්කෘෂ්ට සංගීතඥයා තනු නිර්මාණය කල මේ ගීතය, බඹරු ඇවිත් චිත්‍රපටය ජනප්‍රිය වෙන්න තවත් එක හේතුවක්.. ධීවර ගම්මානයකට නගරයෙන් එන පිරිසක් නිසා ඒ ගැමියන්ගේ ජීවන රටාවන්ගේ සිද්ධවෙන වෙනස තමයි මේ චිත්‍රපටයෙන් දැක්වුණේ. මාලනී ෆොන්සේකා පණ පොවන හෙලන්ගේ චරිතය ඉන් එකක් පමණයි. විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, සිරිල් වික්‍රමගේ වගේ රංගන ශිල්පීන්ගේ රඟපෑමත් මේ සිනමා පටන් අපට දැකගන්න ලැබුණා. 1978 අවුරුද්දේ නිකුත් වෙච්ච බඹරු ඇවිත් අධ්‍යක්ෂණය වුණේ ධර්මසේන පතිරාජයන් අතින්.

9. දඩයම

1984 වසර බිහිවුණු දඩයම චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු එකක්.  වසන්ත ඔබේසේකරයන්ගේ අධ්‍යක්ෂණය යටතේ, ස්වර්ණා මල්ලවාරච්චි, රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ වගේ නළු නිළියන් රැසකගේ රංගනයන් මේ චිත්‍රපටයෙන් දැකගන්න ලැබුණා. සල්ලාලයෙකුට රැවටෙන ගැමි කාන්තාවක්ගේ ශෝකාන්තය තමයි මේ කතාවෙන් අපට දැකගන්න ලැබුණේ. ඒ කාන්තාවගේ චරිතය රඟ දක්වන ස්වර්ණා මල්ලවාරච්චිගේ අද්විතීය රංගන ප්‍රතිභාව, රසිකයන්ගේ හදවත සසල කරන්නට තරම් සමත් වුණා.

10. විරාගය

සිංහල නවකතා ඇසුරු කරන හැදුණු සිනමාපටවල ඉඳපු  චරිත අතරින්, විරාගයේ අරවින්ද තරම් විවේචනයට ලක්වුණු තවත් චරිතයක් නැති තරම්. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව පදනම් කරගෙන, මේ චිත්‍රපටය අධ්‍යෂණය කලේ තිස්ස අබේසේකරයන්. කතාවේ කතා නායකයා වන අරවින්දගේ ස්වයං ආත්ම කථනය තමයි මේ සිනමාපටයෙන් පෙන්වනු ලැබුවේ. ඒ චරිතයට ජීවය දුන්නු සනත් ගුණතිලකයන්ගේ රඟපෑම ගැනත් මෙහිදී වචනයක් නොකියම බැහැ. තමාගේ ජීවිතයේ අන්තිම කාලයේ සිතින් වගේම කයින් දුර්වල වන අරවින්දගේ චරිතය සාර්ථකව රඟ දක්වන්න, සනත් ගුණතිලකයන් සති කිහිපයක්ම කෑමෙන් තොර වෙලා ඉඳපු බව නොරහසක්. ඔහු ඒ තරම් කැපවීමක් ලබා දුන් මේ චිත්‍රපටය තිරගත වුණේ 1987 වසරේ.

69 වසරක ලංකා සිනමා පුරාවෘත්තයේ ස්වර්ණමය සලකුණු තියෙන්නේ මේ ටික විතරක්මයි කියලා කියන්න බැහැ. මොකද ඒ තරම් විශිෂ්ට නිර්මාණ ගණනාවක්ම මේ ගොන්නට අයත් වෙනවා. බොහොම අමාරුවෙන් තමයි අපි ඒ අතරින් මේ දහය තෝරාගත්තේ. ඔයාලගේ මතකයට එන ඒ වගේ චිත්‍රපට පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා හොඳද?  

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Salt Theory – Clock Out. Step Out. Coast In.

What if your after-work plan didn’t feel like a plan at all? At Salt Theory,

Highlights Trending

The Kingsbury Introduces the Dragon Brunch Buffet

The Kingsbury, Colombo, unveils an extraordinary and unmissable oriental dining experience with the Dragon Brunch

Highlights Trending

AMARI COLOMBO CELEBRATES ONYX HOSPITALITY GROUP’S 60TH ANNIVERSARY WITH A YEAR-LONG CAMPAIGN OF CURATED EXPERIENCES

Amari Colombo proudly marks the 60th Anniversary of ONYX Hospitality Group with the launch of

Highlights Trending

Jaffna Food Festival – Hotel MaRadha

Anthony Bourdain once said, "Food is everything we are. It's an extension of nationalist feeling,

Highlights Trending

City of Dreams Presents Chef Suresh Pillai’s Exclusive Takeover at Indiya

The celebrated culinary visionary brings an immersive Kerala coastal tasting experience to Cinnamon Life at

Highlights Trending

The BLAC – Bagatelle

Written by Fathima Rukaiya, Tucked away in the heart of Colombo, BLAC Bagatelle is more

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide