එන්න, පොතක් කියවන්න!; සැප්තැම්බරයේ සාහිත්‍යයට, හෙළ බස දායාද කල සදාදර ලේඛකයින් 9 දෙනෙක් සහ අරුත් බර පොත් තොගයක්..

“කියවීම මිනිසා සම්පූර්ණ කරයි”ද?

නැද්ද?

කියල මම ඔයාලගෙන් ඇහුවොත්, කෙනෙක් ‘අනිවා’ කියන උත්තරේ දෙන අතරෙ තවත් කෙනෙක් ‘නෑ’ කියන උත්තරේ දෙන්නත් ඉඩ තියෙනව. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි අන්තර්ජාලය අපිට ලංවුන දවසෙ ඉඳන් පොතපත පරිහරණය අපෙන් ඈත් වුන නිසා. මොනව කරන්නද ඉතින් අද කාලෙ හැම වැඩ කටයුත්තකට වගේ අන්තර්ජාලය අත්‍යවශ්‍යයිනෙ.

දවස තිස්සෙම අන්තර්ජාලයත් එක්ක ඉන්න අපේ කට්ටිය පොතපත කියවන එකත් අන්තර්ජාලයෙන්ම කරගන්න තමයි දැන් දැන් ට්‍රයි කරන්නෙ. දන්නව ඇතිනෙ ඊ බුක් වගේ වෙබ් අඩවි ගැන. කොහොම වුනත්, මොන ආකාරයකට හරි කියවනව නම්, එ්ක නම් හොඳ වැඩක්. මොකද අද කාලෙ අපි දැනුම ලබා ගන්න ප්‍රධාන ක්‍රමය මේකනෙ.

හැබැයි ඉතින් පොතක පිටු දිහා බලාගෙන පැය ගාණක් කියවන කියවිල්ල කොම්පියුටර් ඩිස්ප්ලේ එකක් දිහා බලා ගෙන නම් කියවන්න බෑ. කාලයක් යද්දි ඇස් දෙකත් පේන්නෙ නැතුව යාවි. හැරත් ඒ හැඟීම හරියට එන්නෙත් නෑනෙ. අන්න ඒ නිසයි අපි හිතුවෙ පොත් කියවන එක ගැන ඔයාලට පොඩි මතක ආවර්ජනයක් ගේන්න. ඔය ඒ සී කාමර වලට වෙලා කොම්පියුටර් තියාගෙන ඉන්න කට්ටිය වුනත් පොඩි කාලෙ හොඳ හැටියට පොත පත කියවල ඇතිනෙ.

මේ සාහිත්‍ය මාසයෙදි අපේ රටේ අපේම භාෂාවෙන් අපේ සාහිත්‍යයට පණ දුන්නු මිනිස්සුන්ව මතක් කරන එක අපේ යුතුකම. ඒකයි සදා අනුස්මරණීය ලේඛකයො 9 දෙනෙක් ගැනයි එයාල අතින් ලියවුනු රසවත්, අර්ථවත් පොත් ටිකකුයි ලැයිස්තු ගත කරන්න හිතුවෙ. එහෙනම් ලෑස්ති වෙන්නකො, පොතක් කියවන්න.

1. ගුණදාස අමරසේකර

සිංහල සාහිත්‍ය පොත මතක අයට රතු රෝස මල පාඩම අමතක වෙන්න විදියක් නෑනෙ. එහෙනම් ගුණදාස අමරසේකර මහත්තයව කොහොමටවත් අමතක වෙන්න විදියක් නෑ. මොකද එතුමා අපිට දායාද කරපු පොත් අතරෙ රතු රෝස මල විතරක් නෙවෙයි ජීවන සුවඳ, කරුමක්කාරයෝ, ගම් දොරෙන් එළියට, අමල් බිසෝ, ගන්ධබ්බ අපදානය, භාව ගීත, ගල් පිළිමය සහ බොල් පිළිමය, කතා පහක් වගේ පොතුත් අපි ගොඩක් රස විඳින නිසා.

අමරසේකර මහත්තය උපත ලබන්නනෙ 1920 අවුරුද්දෙ ගාලු පුරවරයෙදි. ගාල්ලෙ මහින්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන මෙතුමා ද්විතීයික අධ්‍යාපනයට කොළඹ නාලන්දාවට එනව. උස්ස පෙළ ඉහලින් සමත් වෙලා කොළඹ සරසවියට පිවිසුනාට පස්සෙ තමයි අමරසේකර මහත්තය දක්ෂ ලේඛකයෙක් වෙන්නෙ. දන්ත වෛද්‍ය වරයෙක් විදියට වෘත්තීය ජීවිතය පටන් ගත්තත් අමරසේකර මහත්තය ලියන එක නම් නවත්තන්නෙ නෑ. කුඩා කල ගමේදි ලබපු අත් දැකීම්, ගැමි ජිවිතය ගැන විතරක් නවෙයි කොළඹ ජිවන රටාව ගැනත් හරිම රසවත් විදියට පොත් තොගයක් ලියනව. ඒ අතරට ලස්සන සිදුවීම් ගැබ් වුනු කෙටි කතා වගේම, ගැඹුරු අර්ථයන් ගැබ් වුනු පොතුත් තියෙනව.

2. චන්ද්‍රරත්න බණ්ඩාර 

වෙනස් දෙයක් කියවන්න උත්සාහ කරපු අය තමයි චන්ද්‍රරත්න මහත්තය ගැන දන්නෙ. පොතේ නම ‘මෙරු’. කියවපු අය දන්නව ඇතිනෙ කතාව. ‘මෙරු’ කොච්චර රසවත්ද, අර්ථවත්ද කියනව නම් 1991 අවුරුද්දෙ ජාතික සාහිත්‍ය උළලෙ සම්මානයක් පවා දිනනව. ඒ විතරක් නෙවෙයි වන සපු මල, විමන් දොරකඩ කියන්නෙත් චන්ද්‍රරත්න මහත්තය අතින් ලියවුනු ලස්සන නව කතා දෙකක්.

ඔය හැරුණාම කැණි මඩල ගිණි ගත් දා වගේ අපූරු කෙටි කතාත් අසික්කිතයාගේ සිහිනය වගේ ලස්සන කවි පන්තිත් මෙතුමා අතින් ලියවිලා තියෙනව. කොහොම වුනත් මම නම් කියන්නෙ ‘මෙරු’ ඔයාල කියවන්නම ඕන පොතක් කියල.

3. කේ. ජයතිලක

එක චරිතයක්, චරිත තුනකකට පණ පෙවීමක්.

එක චරිතය නමින් කේ. ජයතිලකය. චරිත තුන ඔහු අතින් ලියවුනු රස බර පුස්තකයය.

1926 අවුරුද්දෙ, ගම්පහදි ජන්ම ලාභය ලබපු ජයතිලක මහත්තය ලියන්න පටන් ගන්නෙ ඉස්කෝලෙ කාලෙදිමයි. ඒ නිසාම තරුණ වියට පත් වෙද්දි එතුමා ලේඛන කලාවෙ ප්‍රවීණයෙක්. ගමේ ගොඩේ ආභාෂය වගේම නාගරීකරණයේ මුසුවත් මෙතුමාගෙ පොත පතේ යහමින් තියෙන්නෙ ඒ නිසා වෙන්න ඕන. හොඳම උදාහරණය තමයි පුනරුප්පත්තිය. ඒ හැරුණාම පරාජිතයෝ, පුංචි රාළ, පියා සහ පුත්තු, එකාගෙ අවුරුද්ද, වජිර පබ්බත කියන්නෙත් ජයතිලක මහත්තය අතින් රචනා වුනු රසවත් කතා පොත්.

ජයතිලක මහත්තයගෙ ලේඛන ශෛලිය තරමක් වෙනස් රසයකට හිමිකම් කිව්වත් ඒ තුල තියෙන්නෙ ඇබ්බැහි කර ගන්න රසයක්. හැරත් අත් වඳින්නම ඕනම රසයක්. ඒ නිසා මෙදා සැරේ බුක් ෆෙයාර් ගියාම ජයතිලක මහත්තයගෙ පොතකුත් ගන්න මතක තියා ගන්න.

4. කුමාරතුංග මුනිදාස

යමුද පුංචි කාලෙට? මතකද හත් පණ? එතකොට හීන් සැරය?

කුමාරතුංග මුනිදාස නම අපි දන්නෙ පොඩි කාලෙ ඉඳන්. වෙන දෙයක් නිසා නෙවෙයි, එතුමා රචනා කරපු පොත් අතරින් ගොඩක් ඒවා අපේ ළමා කාලය සුන්දර කරන්න උර දුන්නු නිසා. කොටින්ම කියනව නම් ගැමි ජීවිතයෙ අපූර්වත්වය අපි වින්දෙ එතුමාගෙ කතා පොත් වලින්. ඒ කතා අපේ හිත්වල මවපු රූප රාමු, කොයි තරම් ලස්සනද.

අද කාලෙ ළමයින්ට ඒ අත් දැකීම ලැබෙනවද නැද්ද කියන්න අපි හරියට දන්නෙ නෑ. ඒත් මුනිදාසයන්ගෙ පොත පත අපිට නම් ඒ අත් දැකීම අදටත් ගේනව. මගුල් කෑම, නැලවිල්ල, පිය සමර වගේ පොත් කොහොම අමතක කරන්නද? විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවකුත් තියෙනව. මුනිදාසයන් පටන් ගත්තු හෙළ හවුල තමයි මෑත කාලයක් වෙනකම් සිංහල ලේඛන කලාව ගොඩක් දුරට රැක ගත්තෙ. ඒ ගරුත්වයත් මේ සාහිත්‍ය මාසයෙදි එතුමාට හිමි වෙන්න ඕන.

5. සයිමන් නවගත්තේගම

අහල පුරුදු නමක් නේ. ඒ වුනාට කලේ මොනවද කියල දන්නෙ නෑනේ. එහෙනම් අහගන්නකො.

සයිමන් මහත්තය උපත ලබන්නෙ 1940 අවුරුද්දෙදි. වන්නිකරේ තමයි මෙතුමාගෙ උපන් ගම. වන්නි මධ්‍ය මහා විද්‍යාලයෙන් පාසල් ආධ්‍යාපනය හදාරපු මෙතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයටයි, විද්‍යෝදය පිරිවෙනටයි පිවිසුනාට ඒ අධ්‍යාපනය නම් නිම කලේ නෑ. හැබැයි හරි ලස්සනට ලේඛන කලාව කරගෙන ගියා. අන්න ඒකෙ ප්‍රතිඵල තමයි ඔහුගේ කතාව, සුද්දිගේ කතාව, දඩයක්කාරයාගේ කතාව, සාංකාව, වානරයා වගේ මාතෘකාවන් යටතේ අපේ අතට ආවෙ.

ඒ හැරුණාම මෙතුමා චිත්‍රපට තිර රචනයටත් ගුවන් විදුලි වැඩසටහන් රචනයටත් දක්ෂයෙක්. නවගත්තේගම මහත්තයගෙ රචනා ශෛලියෙත් තියෙන්නෙ වෙනස් රසයක්. ඒ නිසාමද කොහෙද ඒ කතා වලට මුහු වෙලා තියෙන්නෙත් හැංගුණු රස වින්දනයක්.

6. එදිරිවීර සරත්චන්ද්‍ර

හොයාගෙන කියවන්න මළගිය ඇත්තෝ පොත. එතකොට හරියටම දැන ගන්න පුලුවන් සරත්චන්ද්‍රයන්ගේ රචනා ශෛලියෙ තියෙන අපූරු රස වින්දනය .

ගොඩ දෙනෙක් මෙතුමාව අඳුරන්නෙ මනමේ, සිංහ බාහු නාට්‍යය වලින් වුනාට ඊට එහා ගියපු ලොකු රසවින්දනයක් මෙතුමා ලියපු පොත පතින් ලබන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තාම මළවුන්ගේ අවුරුදු දා, කාලයාගේ ඇවෑමෙන් වගේ පොත්.

සරත්චන්ද්‍ර මහත්තය උපත ලබන්නෙ 1914, ගාල්ලෙදි. ශාන්ත් ඇලෝසියස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරන්න පටන් ගන්න මෙතුමා ශාන්ත තෝමස් විද්‍යාලයෙන් තමයි පාසල් අධ්‍යාපනය අවසන් කරන්නෙ. එතනින් පස්සෙ කොළඹ විශ්ව විද්‍යාලයෙනුත්, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙනුත් උසස් අධ්‍යාපනය හදාරනව. ලේඛන කලාවට දක්වපු ප්‍රවීණත්වය නිසාම පේරාදෙණිය සහ යාපනය විශ්ව විද්‍යාල වලින් පවා ගෞරව උපාධි වලින් පිදුම් ලබපු මෙතුමා පුලුල් රස වින්දන පරාසයක් අපිට උරුම කරපු තවත් සදාදර චරිතක්.

7. මහගම සේකර

නම කිව්ව සැණින් ඔලුවට එන්නෙ දක්ෂ කවියෙක්ගෙ කතා පුවතක් වුනාට මහගම සේකරයන් අතින් ලියවුනු තුං මං හන්දිය එතුමා අපූරු නව කතා කරුවෙක් කියන එකත් හොඳ හැටි ඔප්පු කරනව. ඒ හැරුණාම මහගම සේකරයන්ගෙ මනෝ මන්දිර පොතත් තියෙන්නෙ වෙනස්ම රස වින්දනයක්.

1929 අවුරුද්දෙ රදාවානෙදි ජන්ම ලාභය ලබපු මෙතුමා පාසල් අධ්‍යාපනය ලබන්නෙ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයෙන්. හැබැයි උසස් අධ්‍යාපනය විද්‍යෝදය පිරිවෙනෙන් නිමා කරද්දිත් මහගම සේකරයන් මුලු ලංකාවෙම ප්‍රසිද්ධයි. මොකද ඒ වෙන කොටත් කේ. ජයතිලක ශූරීන් එක්ක කරපු වයන්ග පද්‍ය පන්තිය ජනාදරයට පත් වෙලයි තිබුණෙ. එ් හැරුණාම එතුමා ලියපු සක්වා ලිහිණි, ප්‍රබුද්ධ කාව්‍ය වගේ පද්‍ය පන්තිත් හරිම රසවත්. 

8. ඩබ්ලිව්. ඒ. සිල්වා

ලක්ෂ්මි, හිඟන කොල්ලා, දෙයියන්ගෙ රටේ, කැලෑ හඳ, දෛවයෝගය. කියවනව නම් ඔන්න පොත්. සිල්වා ශූරින්ගෙ පොත් පත් වල රසය, අර්ථය ගැන අමුතුවන් කියන්න ඕන නෑනෙ. ඒත් එක්කම කියන්න ඕන දෙයක් තමයි මෙදා සැරේ බුක් ෆෙයාර් ගියාම මෙතුමාගෙ එක පොතක් අරගන්න. අරගෙන කියවන්න. ඒ රස වින්දනය ඔයාව ඇබ්බැහි කරගන්න තරම් බලවත් වේවි.

1890 අවුරුද්දෙ වැල්ලවත්තෙදි ඉපදුනු මෙතුමා හෙළ බස පරිශීලනයට යොමු වෙන්නෙ පැලෑනේ සිරි වජිරඤ්ඤාන තෙරුණ්ගෙන්. සිංහල, පාලි භාෂා වගේම රුසියානු සාහිත්‍යයත් මනා ලෙස පරිශීලනය කරපු මෙතුමා විජයබා කොල්ලය, අරාබි නිසොල්ලාසය, රාමායණය වගේ කතා පුවත් වලටත් හෙළ බසින් පණ පොවපු සදා අනුස්මරණීය ගත් කතුවරයෙක්.

9. මාර්ටින් වික්‍රමසිංහ

ලංකාවෙ ඉපදුණු කෙනෙක් මේ නම දන්නෙ නැත්නම් ලංකාවෙ ඉඳල වැඩක් නැති තරම්.

කොග්ගල පුරවරයෙන් බිහිවනු මහා ප්‍රාඥයා. අයිරාංගනී, බව තරණය, උන්මාද චිත්‍රා, ගම්පෙරළිය, මඩොල් දූව, යුගාන්තය, කලි යුගය අපට දායාද කල මහා ගත් කතුවරයා. සම්මාන 10කට වැඩි ගණනකින් පිදුම් ලැබූ ලේඛකයා. ඔව් ඒ මාර්ටින් වික්‍රමසිංහ.

1890 අවුරුද්දෙ ඉපදුණු මෙතුමා ගාල්ලේ බොනවිස්ටා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරපු හැටිත් එතැන් පටන් ගෙවපු සුන්දර ළමා කාලයත් තරුණ වියට එළඹෙත්ම ලේඛන කලාවට පිවිසුනු හැටිත් කියවන්න, මාර්ටින් වික්‍රමසිංහ චරිතාපදානය ගන්න. හැබැයි ඒ ගමන්ම එතුමා අතින් ලියවුනු රසවත් නව කතා පොතකුත් ගත්ත නම් තමයි හොඳ.

ගත් කතුවරුන් නව දෙනෙක්ට අපි මේ ලැයිස්තුව සීමා කලාට තරහ ගන්න එපා. අපිත් දන්නව තව ගොඩක් ශ්‍රේෂ්ඨ ගත්කතුවරු මග හැරුණු බව. ඉතින් එයාලට උපහාර දක්වන එක ඔයාලට බාරයි.  එහෙනම් දාමුද ඔයාල ආසම පොත් එක්ක ඒව ලියපු අයගෙ නම් ටිකකුත්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide