බුෆේ එකේ අමුතු අතුරුපසක්.

Halcyon Hotel Days මැයෙන් අප විසින් ලියන ලද ලිපියට ටැංජරින් ‍හෝටලය විසින් දක්වන ලද ප්‍රතිචාරයක් එචිලන් සඟරාවේ පළවී තිබෙනවා. (පෙනෙන විධියට ඔවුන් අපේ ලේඛක සවන් එල්ල කරමින් පහර දෙනවා. ඒ අතරම ඔවුන්ගේ අධික මිළ හා සේවා දුබලකමත් පිළිගන්නවා. ඔබම කියවා තීරණය කරන්න.)

මෙන්න ඔවුන්ගේ මුල් ලිපිය. ඔවුන් සැලකිලිමත් වන කාරණා මේවායි: 1) අපි හෝටලයට ගියේ නැහැ. 2) ලේඛකයාට වංචාකාරී හා මත්පැන්ලෝලී ළමා වියක් තිබෙනවා. 3) ඔහු ජාතිවාදියෙක්t.

අපි තහවුරු කරනවා අපි 1) හෝටලයට ගියබව. 2) මොකක්ද? 3) විවිධ ජාතීන් පිළිබඳ සඳහන් කිරීම ජාතිවාදය නොවෙයි. කෙසේ වෙතත්, ඒ ලියුම් කියවලා බලන්නකෝ.

ටැංජරින් බීච් හෝටලයෙන් ලැබුණු ලියුම

ඔබේ ප්‍රකාශනයේ පළ වූ  ඉහත සඳහන් කරන ලද ලිපිය කෙරෙහි අපේ අවධානය යොමු වී තිබේ. අපේ හෝටලය පිළිබඳ විස්තර කිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙමු. කාමර 170කින් යුත් අපේ හෝටලය තිස් වසරක් පුරා ගොඩනැඟුණු පාක්ෂික පාරිභෝගික ජාලයකින් සමන්විතය. අපේ හෝටලයේදී ලේඛකයාගේ අත්දැකීම පිළිබඳ අපි අභියෝග නොකරනමුත්, ඔහුගේ සටහනෙහි ඇති කරුණුමය වැරදි කීපයක් පෙන්වා දෙන්නට කැමැත්තෙමු. ඔබ ඒ පිළිබඳ පැහැදිලි කරනු ඇතැයිද බලාපොරොත්තු වන්නෙමු.

1) ඔබේ ලේඛකයා ටැංජරින් විවරණය කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම බුෆේ දිවා ආහාරය හා අදාළවයි. අපේ දිවා ආහාරය රු. 2600ක් වැනි අධි මිලක් බව කියන ඔහුගේ ප්‍රකාශය වැරදිය. අපේ බුෆේ එක මිළ කර තිබෙන්නේ රු. 2750කටයි. ඔබේ ලේඛකයාට කලුතරදී රු. 2600කට බුෆේ ක්‍රමයට ආහාර වේලක් ලබාගත හැකිය. ඒත්, අපේ හෝටලයේදී නොවේ. මේ හේතුවෙන්  මේ ලේඛකයා තුළ ආහාර හා සංචාරක ලේඛකයකු ලෙස තිබිය යුතු මූලික ගුණාංගයක් වන විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු වේ.

2) මෙම ලේඛකයා ඇත්තෙන්ම ටැංජරීන් පැමිණ බුෆේ ආහාර මිළ පිළිබඳ වරද්දා ගැනීමක් කර තිබේ යයි සිතමු.  එහෙත්, “”සුපිරි වෙළඳසැල් මිළට හොරෙන් පිටතින් හෝටලයට ගෙන එන ලද මත්පැන් ගැනීමේ”” ඔහුගේ උවමනාව සපිරීමට නොහැකිවීම ගැනනම් අපි කණගාටු වෙමු. ලිපියේ හැඳින්වීමෙන් පෙනෙන්නේ මේ ලේඛකයා හෝටලයේ ආදායම ගැන නොසිතා සිය ළමා කාලීන වංක චෞරත්වයක් නැවත කරන්නට උත්සාහ කළ බවයි. අපට ඒවාට ඉඩ දිය නොහැකිය.

3) අපේ ඇතැම් මධ්‍යම ආසියාතික අමුත්තන් පිළිබඳව ඔබේ ලේඛකයාගේ ජාතිවාදී අදහස් පළකිරීම් පිළිබඳ අපි අප්‍රසාදය පළ කරමු. ජාතිවාදය ප්‍රතික්ෂේප කරන අපි සෙසු අමුත්තන්ට ගරු නොකරන අය මෙහි පිළිගන්නේ නැත. සංචාරක ලේඛකයන් ලෙස වෙස්වළාගෙන පැමිණෙන ජාතිවාදීන්ට පවා අපේ හෝටලය ප්‍රියජනක තැනක් නොවීම ගන අපි ආඩම්බර වෙමු.

සාධාරණ හා සමබර මාධ්‍ය කලාවේ නාමයෙන් ඔබගේ මීළඟ කලාපයේ මෙම ලිපිය පළ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මෙයට හිතවත්,

මංජුල රාජපක්ෂ,

ආහාර හා බීම පිළිබඳ විධායක

අපේ ප්‍රතිචාරය

ටැංජරීන් හෝටලයේ කළමනාකාරිත්වය වෙත,

කලුතර ටැංජරීන් හෝටලය පිළිබඳ අපේ ලිපියට ඔබේ ප්‍රතිචාරය පිළිබඳ අපි කණගාටු වෙමු. ඔබේ හෝටලය විසින් පිරිනමනු ලබන ආහාර හා සේවාවන්ගේ තත්වය පිළිබඳ පෙනී සිටීම හෝ අඩුපාඩු ගැන සමාව අයැදීම වෙනුවට ඔබ කරන්නේ අවංක හා ස්වාධීන ලේඛනයකට පහර දීමයි.

මුලින්ම ඔබ පෙන්නුම් කරන පරිදි  ඔබේ බුෆේ ආහාර මිළ රු. 2600ක් නොව රු. 2750කි. අපේ ඉදිරිපත් කිරීම නිවැරදි යයි අපි තවමත් විශ්වාස කරමු. එහෙත්, රු. 2750ට ඔබේ ආහාර වටිනාකමින් තවත් අඩු බව ඔබ පිළිගෙන  ඇත.  ඔබේ අවංකකමට ස්තුතියි.

1990 දශකයේදී අප කුඩා කාලයේ මෙහි පැමිණි ගමන් පිළිබඳ විස්තර හා අදාළ දෙවන කරුණ අපැහැදිලිය. ඒ වනාහි අපේ සීයලාගේ, තාත්තලාගේ පුරුද්දක් පිළිබඳ අතීතකාමී සඳහන් කිරීමකි. මෙම ගමනේදී අපි දිවා කාමර වෙන් කරගත්තේ හෝ කිසිදු මත්පැනක් බිව්වේ හෝ නැත. අපි බාර් එකෙන් කෝක් බෝතල් දෙකක් ඇණවුම් කළා පමණි. ඔබේ කාර්ය මණ්ඩලය එය ලබාදීමට අසමත් විය.

ඔබ ජාතිවාදී අදහස් දැක්වීමක් යයි කියන දෙය ඇත්තෙන්ම භූගෝලීය කාරණාවකි. ලෝකයේ වැඩියෙන්ම භූමියෙන් වට වී තිබෙන, මුහුදක් නැති රට කසකස්ථානය විය හැකිය. ඒ නිසා කසකස්ථාන් අමුත්තන් ස්වදේශිකයන්ට වඩා මුහුද හා නිවාඩු නිකේතන ගැන සැලකිලිමත් නැති විය හැකි යයි අපි කීවෙමු. අපි යම් තරමකට ඔබේ තර්කය පිළිගනිමු. ඒත්, කසකස්ථාන්, ජර්මන් හෝ ලාංකික කවර අමුත්තකු හෝ ඔබේ හෝට‍ලයේදී අප භුක්ති විඳි අන්දමේ දුර්වල සේවාවක් අත්විඳිය යුතු නැත.

අවසානයේදී අපි හෝටලයේ අප ගත කළ මුළු දිනය වෙනුවෙන්ම ගෙව්වෙමු. අපි එහි ආවේ ස්ථානය ගැන සොඳුරු අතීත මතකයන් රැගෙනය. ගියේ බලාපොරොත්තු සුන් කරගෙනය. අපි අපේ අත්දැකීම ලිව්වෙමු. අපි ඔබේ අවධානය යොමු කළේ දුර්වල ආහාර, දොම්නස් සහගත සේවාවන්, තුවාවල තත්වය, කල්ගිය උපාංග ආදිය ගැනයි. ඒ ගැන කිසිවක් නොකියන ඔබ ඒවා එසේ බව පිළිගෙන තිබේ. අපි දශක ගණනාවක් තිස්සේ ටැංජරීන් පැමිණෙන්නන් හා එහි විභවයන් ගැන අදහස් ඇති අය බැවින් මෙය කණගාටුදායක කරුණකි. ජෙට්වින් ලැගූන් ආදර්ශයට ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. එය කුඩා හෝටලයක් යයි ඔබ කියනමුත්, එයද 1970 දශකයේ සිට තිබෙන ස්ථානයකි. තටාකයද පාවිච්චි කරමින් එහි දවසක් ගතකිරීම ටැංජරීන්ට වඩා ලාභදායකය. ඒ අනුව කොළඹ වැසියන්ගේ එක් දින ගමනකට අදාළව ගත් කල ජෙට්විං ලැගූන් වෙනුවට ටැංජරීන් යාමෙහි තේරුමක් නැතිබව පෙන්වීම මෙම ලිපියෙහි අරමුණ විය. ඔබේ ලිපියෙන්ද එය පිළිගැනෙන බව පෙනේ.

දැන් කුමක්ද?

කෙසේ වෙතත් ආන්දෝලනයට තුඩු දුන් මුල් ලිපියකියවන්න. ඔවුන්ගේ හෝටලය මිළ අධික හා අමුත්තන් කෙරෙහි නොසැලකිලිමත් යයි අප ඉදිරිපත් කළකරුණ පිළිබඳ කළමනාකාරිත්වයේ ප්‍රතිචාරය ආමන්ත්‍රණය නොකරන බවඅපි පවසමු. අපි ටැංජරීන් නිර්දේශ කරන්නේ නැත.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide