බුෆේ එකේ අමුතු අතුරුපසක්.

Halcyon Hotel Days මැයෙන් අප විසින් ලියන ලද ලිපියට ටැංජරින් ‍හෝටලය විසින් දක්වන ලද ප්‍රතිචාරයක් එචිලන් සඟරාවේ පළවී තිබෙනවා. (පෙනෙන විධියට ඔවුන් අපේ ලේඛක සවන් එල්ල කරමින් පහර දෙනවා. ඒ අතරම ඔවුන්ගේ අධික මිළ හා සේවා දුබලකමත් පිළිගන්නවා. ඔබම කියවා තීරණය කරන්න.)

මෙන්න ඔවුන්ගේ මුල් ලිපිය. ඔවුන් සැලකිලිමත් වන කාරණා මේවායි: 1) අපි හෝටලයට ගියේ නැහැ. 2) ලේඛකයාට වංචාකාරී හා මත්පැන්ලෝලී ළමා වියක් තිබෙනවා. 3) ඔහු ජාතිවාදියෙක්t.

අපි තහවුරු කරනවා අපි 1) හෝටලයට ගියබව. 2) මොකක්ද? 3) විවිධ ජාතීන් පිළිබඳ සඳහන් කිරීම ජාතිවාදය නොවෙයි. කෙසේ වෙතත්, ඒ ලියුම් කියවලා බලන්නකෝ.

ටැංජරින් බීච් හෝටලයෙන් ලැබුණු ලියුම

ඔබේ ප්‍රකාශනයේ පළ වූ  ඉහත සඳහන් කරන ලද ලිපිය කෙරෙහි අපේ අවධානය යොමු වී තිබේ. අපේ හෝටලය පිළිබඳ විස්තර කිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙමු. කාමර 170කින් යුත් අපේ හෝටලය තිස් වසරක් පුරා ගොඩනැඟුණු පාක්ෂික පාරිභෝගික ජාලයකින් සමන්විතය. අපේ හෝටලයේදී ලේඛකයාගේ අත්දැකීම පිළිබඳ අපි අභියෝග නොකරනමුත්, ඔහුගේ සටහනෙහි ඇති කරුණුමය වැරදි කීපයක් පෙන්වා දෙන්නට කැමැත්තෙමු. ඔබ ඒ පිළිබඳ පැහැදිලි කරනු ඇතැයිද බලාපොරොත්තු වන්නෙමු.

1) ඔබේ ලේඛකයා ටැංජරින් විවරණය කර තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම බුෆේ දිවා ආහාරය හා අදාළවයි. අපේ දිවා ආහාරය රු. 2600ක් වැනි අධි මිලක් බව කියන ඔහුගේ ප්‍රකාශය වැරදිය. අපේ බුෆේ එක මිළ කර තිබෙන්නේ රු. 2750කටයි. ඔබේ ලේඛකයාට කලුතරදී රු. 2600කට බුෆේ ක්‍රමයට ආහාර වේලක් ලබාගත හැකිය. ඒත්, අපේ හෝටලයේදී නොවේ. මේ හේතුවෙන්  මේ ලේඛකයා තුළ ආහාර හා සංචාරක ලේඛකයකු ලෙස තිබිය යුතු මූලික ගුණාංගයක් වන විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතු වේ.

2) මෙම ලේඛකයා ඇත්තෙන්ම ටැංජරීන් පැමිණ බුෆේ ආහාර මිළ පිළිබඳ වරද්දා ගැනීමක් කර තිබේ යයි සිතමු.  එහෙත්, “”සුපිරි වෙළඳසැල් මිළට හොරෙන් පිටතින් හෝටලයට ගෙන එන ලද මත්පැන් ගැනීමේ”” ඔහුගේ උවමනාව සපිරීමට නොහැකිවීම ගැනනම් අපි කණගාටු වෙමු. ලිපියේ හැඳින්වීමෙන් පෙනෙන්නේ මේ ලේඛකයා හෝටලයේ ආදායම ගැන නොසිතා සිය ළමා කාලීන වංක චෞරත්වයක් නැවත කරන්නට උත්සාහ කළ බවයි. අපට ඒවාට ඉඩ දිය නොහැකිය.

3) අපේ ඇතැම් මධ්‍යම ආසියාතික අමුත්තන් පිළිබඳව ඔබේ ලේඛකයාගේ ජාතිවාදී අදහස් පළකිරීම් පිළිබඳ අපි අප්‍රසාදය පළ කරමු. ජාතිවාදය ප්‍රතික්ෂේප කරන අපි සෙසු අමුත්තන්ට ගරු නොකරන අය මෙහි පිළිගන්නේ නැත. සංචාරක ලේඛකයන් ලෙස වෙස්වළාගෙන පැමිණෙන ජාතිවාදීන්ට පවා අපේ හෝටලය ප්‍රියජනක තැනක් නොවීම ගන අපි ආඩම්බර වෙමු.

සාධාරණ හා සමබර මාධ්‍ය කලාවේ නාමයෙන් ඔබගේ මීළඟ කලාපයේ මෙම ලිපිය පළ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

මෙයට හිතවත්,

මංජුල රාජපක්ෂ,

ආහාර හා බීම පිළිබඳ විධායක

අපේ ප්‍රතිචාරය

ටැංජරීන් හෝටලයේ කළමනාකාරිත්වය වෙත,

කලුතර ටැංජරීන් හෝටලය පිළිබඳ අපේ ලිපියට ඔබේ ප්‍රතිචාරය පිළිබඳ අපි කණගාටු වෙමු. ඔබේ හෝටලය විසින් පිරිනමනු ලබන ආහාර හා සේවාවන්ගේ තත්වය පිළිබඳ පෙනී සිටීම හෝ අඩුපාඩු ගැන සමාව අයැදීම වෙනුවට ඔබ කරන්නේ අවංක හා ස්වාධීන ලේඛනයකට පහර දීමයි.

මුලින්ම ඔබ පෙන්නුම් කරන පරිදි  ඔබේ බුෆේ ආහාර මිළ රු. 2600ක් නොව රු. 2750කි. අපේ ඉදිරිපත් කිරීම නිවැරදි යයි අපි තවමත් විශ්වාස කරමු. එහෙත්, රු. 2750ට ඔබේ ආහාර වටිනාකමින් තවත් අඩු බව ඔබ පිළිගෙන  ඇත.  ඔබේ අවංකකමට ස්තුතියි.

1990 දශකයේදී අප කුඩා කාලයේ මෙහි පැමිණි ගමන් පිළිබඳ විස්තර හා අදාළ දෙවන කරුණ අපැහැදිලිය. ඒ වනාහි අපේ සීයලාගේ, තාත්තලාගේ පුරුද්දක් පිළිබඳ අතීතකාමී සඳහන් කිරීමකි. මෙම ගමනේදී අපි දිවා කාමර වෙන් කරගත්තේ හෝ කිසිදු මත්පැනක් බිව්වේ හෝ නැත. අපි බාර් එකෙන් කෝක් බෝතල් දෙකක් ඇණවුම් කළා පමණි. ඔබේ කාර්ය මණ්ඩලය එය ලබාදීමට අසමත් විය.

ඔබ ජාතිවාදී අදහස් දැක්වීමක් යයි කියන දෙය ඇත්තෙන්ම භූගෝලීය කාරණාවකි. ලෝකයේ වැඩියෙන්ම භූමියෙන් වට වී තිබෙන, මුහුදක් නැති රට කසකස්ථානය විය හැකිය. ඒ නිසා කසකස්ථාන් අමුත්තන් ස්වදේශිකයන්ට වඩා මුහුද හා නිවාඩු නිකේතන ගැන සැලකිලිමත් නැති විය හැකි යයි අපි කීවෙමු. අපි යම් තරමකට ඔබේ තර්කය පිළිගනිමු. ඒත්, කසකස්ථාන්, ජර්මන් හෝ ලාංකික කවර අමුත්තකු හෝ ඔබේ හෝට‍ලයේදී අප භුක්ති විඳි අන්දමේ දුර්වල සේවාවක් අත්විඳිය යුතු නැත.

අවසානයේදී අපි හෝටලයේ අප ගත කළ මුළු දිනය වෙනුවෙන්ම ගෙව්වෙමු. අපි එහි ආවේ ස්ථානය ගැන සොඳුරු අතීත මතකයන් රැගෙනය. ගියේ බලාපොරොත්තු සුන් කරගෙනය. අපි අපේ අත්දැකීම ලිව්වෙමු. අපි ඔබේ අවධානය යොමු කළේ දුර්වල ආහාර, දොම්නස් සහගත සේවාවන්, තුවාවල තත්වය, කල්ගිය උපාංග ආදිය ගැනයි. ඒ ගැන කිසිවක් නොකියන ඔබ ඒවා එසේ බව පිළිගෙන තිබේ. අපි දශක ගණනාවක් තිස්සේ ටැංජරීන් පැමිණෙන්නන් හා එහි විභවයන් ගැන අදහස් ඇති අය බැවින් මෙය කණගාටුදායක කරුණකි. ජෙට්වින් ලැගූන් ආදර්ශයට ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. එය කුඩා හෝටලයක් යයි ඔබ කියනමුත්, එයද 1970 දශකයේ සිට තිබෙන ස්ථානයකි. තටාකයද පාවිච්චි කරමින් එහි දවසක් ගතකිරීම ටැංජරීන්ට වඩා ලාභදායකය. ඒ අනුව කොළඹ වැසියන්ගේ එක් දින ගමනකට අදාළව ගත් කල ජෙට්විං ලැගූන් වෙනුවට ටැංජරීන් යාමෙහි තේරුමක් නැතිබව පෙන්වීම මෙම ලිපියෙහි අරමුණ විය. ඔබේ ලිපියෙන්ද එය පිළිගැනෙන බව පෙනේ.

දැන් කුමක්ද?

කෙසේ වෙතත් ආන්දෝලනයට තුඩු දුන් මුල් ලිපියකියවන්න. ඔවුන්ගේ හෝටලය මිළ අධික හා අමුත්තන් කෙරෙහි නොසැලකිලිමත් යයි අප ඉදිරිපත් කළකරුණ පිළිබඳ කළමනාකාරිත්වයේ ප්‍රතිචාරය ආමන්ත්‍රණය නොකරන බවඅපි පවසමු. අපි ටැංජරීන් නිර්දේශ කරන්නේ නැත.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide