එදා මෙදා තුර අපි අහපු ලස්සනම ටෙලි නාට්‍ය තේමා ගීත – I.

අද වෙද්දී ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාව ඉන්දියානු, කොරියන් මෙගා රැල්ලට අහුවෙලා තියෙන හැටි දැක්කාම ඉස්සර ගුණාත්මක නිර්මාණ තිබුණද කියලත් විශ්වාස කරන්න අමාරුයි. ඒ තරම් වෙනසක් මේ කාල වකවානු දෙකේ බිහිවුණු ටෙලිනලුවල තියෙනවා. කතා පිටපත විතරක් නෙවෙයි, ඒවාට රංගන දායකත්වය ලබාදුන්න නළු නිළියන්ගේ රංගන ප්‍රතිභාව, සංගීතය වගේ හැම අංශයකින්ම ඒ ටෙලි නාට්‍ය ගොඩාක් ඉදිරියෙන් තිබුණු බව සැකයක් නැතුවම කියන්න පුළුවන්.

ඒ කාලේ විකාශය වුණු ටෙලි නාට්‍ය, ප්‍රේක්ෂකයන් විසින් මේ තරම් ආදරයෙන් වැළඳගන්න හේතු වුණු දේවල් අතරින් එකක් විදියට ,මේවයේ තේමා ගීත හඳුන්වන්න පුළුවන්. නිතර දෙවේලේ රේඩියෝ, රූපවාහිනියෙන් අපි අහපු දැකපු ගීත තරමටම මේ ගීතවලටත් අපි හුඟක් ආදරේ කළා.

ඒ අතරින් එදා මෙදා තුර අපි ආදරය කරන ටෙලි නාට්‍ය තේමා ගීත 12ක් මෙන්න මේ විදියට අපි තෝරාගන්න හිතුවා.

1. ඉටි පහනක්දෝ මා

සුළඟට සැලෙනා – පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා

ඉටි පහනක් දෝ මා – නිවි නිවි දැවෙනා, දැවි දැවි නිවෙනා

නන්දා මාලනීයන්ගේ සංවේදී හඬින් ගැයෙන මේ ගීතය අපි ඇහුවේ ඉටි පහන් ටෙලි නාට්‍යයෙන්. සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ ඉටි පහන් පොත පදනම් කරගෙන තමයි මේ ටෙලිනලුව බිහි වුණේ. අදටත් මේ ගීතය ඇහෙද්දී කටුකත්වයේ  ප්‍රතිමූර්තියක් වගේ වුණු දුලීනාගේ අසරණ බැල්ම තුළ අපි අතරමං වෙනවා.

2. ජීවිතේ කවියක්

ජීවිතේ කවියක් – ආදරය එහි සොඳුරුතම වදනක්

කඳුලැලි බිඳක් – හසරැලි පොදක්

එකට එක්වූ විට දැනෙයි – පෙර නොවිඳි රසයක්

මහා මැදුරක ඉපදුණත් බොහොම අවාසනාවන්ත අසරණියක් විදියට මිය යන්න සිදු වුණු ගජමන් නෝනාගේ ජීවිත කතාව පාදක කරගෙන නිමැවුණු, ගජමන් නෝනා ටෙලි නාට්‍යයෙන් තමයි අපට මේ ගීතය අහන්න ලැබුණේ. වසන්ති චතුරානි මහත්මියගේ ආදරණීය රංගනයත් එක්ක, නන්දා මාලිනියන්ගේ ලයාන්විත හඬ මුසු වෙද්දී, දෑහින් නුදුටු ගජමන් නෝනාගේ සිතුවිලි අතරට යන්න අපට අවස්ථාව ලැබෙන්නේ හරිම අපූරු විදියට. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ලිපියේ මුලින් තියෙන ඒ ගීතයේ පදවැල් එක්ක ඇඳපු ලස්සන චිත්‍රය ගැන. ඒක ඇන්දේ උෂාන් ගුණසේකර කියන සිත්තරා සහ ඡායාරූප ශිල්පියා

3. වළා අතුල සිරි යහනේ

වළා අතුල සිරි යහනේ – උණුසුම් හිරු කෙඳි පොරවා

ඉන්ද්‍රචාප කුමාරයා – නිදා වැටෙනවා

අමරසිරි පීරිස් මහත්මයාගේ හඬින් ගැයුණු මේ ගීතය අපි ඇහුවේ දළ රළ පෙළ ටෙලි නාට්‍යයෙන්. සමිතා රත්නායක මහත්මියත් මේ ටෙලි නාට්‍යයේ රඟපෑවා ඔයාලට මතක ඇති. ගීතයෙන් හිතේ මැවෙන චිත්ත රූපය එක පද පෙලකින් විතරක් සීමා නොකර, ගීතයේ අවසානය දක්වාම එකම විදියට තියාගන්න පුළුවන් ගතියක් මේ ගීතයේ තිබුණා.  

4. ඉපනැලිද රඟයි

ඉපනැලිද රඟයි දෙණිපෙත ද සැලෙයි – ගම්දොර සැමරුම් හමුවේ

මගෙ වෙහෙර නුඹයි අත නෙළුමක් වෙයි – පිදුමට පින් මදිද සිතෙයි

දෙමාපිය යෝජනාවෙන් එක වහලක් යටට වුණත්, වේලුන් සහ බබුන් ආදරයෙන් බැඳුණේ සංසාරේ පතාගෙන ආවා වගේ. අලුතෙන් හදන ගෙදරක් වගේ බොහොම සීරුවෙන් පියවරින් පියවර තමන්ගේ පවුල ගොඩනගද්දී, ඔවුන්ට මුහුණ දෙන්න වුණු හැල හැප්පිලිත් එමටයි. මේ චරිත අපි දැක්කේ ජයසේන ජයකොඩි මහත්මයාගේ අඹු දරුවෝ නවකතාවෙන්. ඒත් ඒ චරිත වලට ජීවය දෙන්න සමත් වුණේ අඹු දරුවෝ ටෙලි නාට්‍යය. නන්දා මාලනීයන් වගේම සුනිල් එදිරිසිංහ යුග ගායනා කරන මේ තේමා ගීතය,පවුලක අඹු සැමියන් අතර තියෙන ආදරය, නොසැළෙන ගෞරවය මනාවට කියා පාන්නක්.

5. අකල් මාරුතෙන් ගිලිහී

අකල් මාරුතෙන් ගිලිහී – අගාධයක නොරැඳුණු මල

වසන්තයෙන් පිටමන් වී – නිවන්නයක පහනක් වී

ජයසේන ජයකොඩි මහත්මයාගේ බැද්දේගෙදර නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු බැද්දේගෙදර ටෙලි නාට්‍යයේ තමයි මේ තේමා ගීතය අඩංගු වුණේ. නන්දා මාලනීයන්ගේ සොඳුරු හඬ මෙතැනදීත් අපට අහන්න ලැබුණා. අතීත ජන සමාජයේ තිබුණු එක ගෙයි කෑම සංකල්පය නිසා, සෙනෙහෙබර සොහොයුරන් දෙන්නෙක්ට මැදිවන බිරින්දෑ කෙනෙක්ගේ සංකල්පනාවන් තමයි මේකෙන් කියවුණේ.

7. සිනා පිපෙනා මේ වසන්තය

සිනා පිපෙනා මේ වසන්තය – නෙලා දෝතින් මලක් සේ

සිනාසී…

මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ – වසන්තය මලක් සේ

ගායකයෙක්, සංගීතඥයෙක් වගේම රංගන ශිල්පියෙක් විදියට ලක්ෂ්මන් වීරසේකර මහත්මයාගේ හැකියාවන් අපට දැකගන්න ලැබුණු ටෙලි නාට්‍යයක් විදියට ගංගා සහ නිශ්ශංක හඳුන්වන්න පුළුවන්. මේක ඒ කාලේ විකාශය වුණු හොඳ තත්වයේ ආදර කතාවක්. ගංගාගේත් නිශ්ශංකගේත් තිබුණු ආදරය හොඳින්ම මේ ගීතයෙන් පිළිඹිබු වෙනවා. මේක ලක්ෂ්මන් වීරසේකර මහත්මයගේත් සමිතා මුදුන්කොටුව මහත්මියගේත් යුග ගායනයක්.

8. කටු අකුළේ මල් ඇහැරේ

කටු අකුළේ මල් ඇහැරේ – රළු අහසේ තරු හිනැහේ

රළු අහසේ තරු හිනැහේ – කටු අකුළේ මල් ඇහැරේ

ටී.බී ඉලංගරත්නයන්ගේ අඹ යහළුවෝ කියන්නේ අපි පොඩ්ඩෝ කාලේ හරිම ආසාවෙන් කියවපු පොතක්නේ. ඒකෙ ඉඳපු සුදු අප්පොගෙයි නිමල්ගෙයි යාළුකමට ජීවය දුන්නේ අඹ යහළුවෝ ටෙලි නාට්‍යයෙන්. එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායනා කරපු අඹ යහළුවෝ ටෙලිනලුවේ තේමා ගීතය අදටත් අපට මතක් කරවන්නේ ඒ යහළුකමේ මහිමය කිව්වොත් වඩාත් නිවැරදියි.

9. දේවතාවන් සිතන දේවල්

දේවතාවන් සිතන දේවල්  – දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ

හිරු රැසින් හැම පිණිබිඳක් වත් – දිලිසි දිලිසි අවදි වෙන්නෑ

පිටරට අයට කොමික් බුක් වගේ තමයි ඒ කාලේ ලංකාවේ චිත්‍ර කතා ජනප්‍රිය වුණේ. “සුසීමා” කියන්නේ ජනක රත්නායක අතින් නිර්මාණය වුණු ඒ වගේ චිත්‍ර කතා අතරින් එකක්. ඉතින් ඒ ඇසුරෙන් බිහිවුණු සුසීමා ටෙලි නාට්‍යයෙන් අහන්න ලැබුණු මේ තේමා ගීතය ගායනා කළේ ක්ලැරන්ස් විජේවර්ධනයන්. ඒ විතරක් නෙවෙයි මේ ටෙලිනලුවේ තිබුණු “දෑස පියා ගත් කල” ගීතයත් සෑහෙන්න ජනප්‍රිය වුණා ඔයාලට මතක ඇති.

10. සීතල සිතුවිලි

සීතල සිතුවිලි උණුසුම් සුසුමින් – සුවපත් කල ළබැඳේ

ජීවිත කතරට සිහිලැල් පිණිබිඳු ඉසිමින් – පෙර මං කී නිරිඳේ

අවුරුදු 30කට අධික කාලයක් අපි යුද්ධයේ කටුකත්වය අත්වින්ද බව ඔයාලට මතක ඇති. ඉතින් මේ යුද්ධයේ ප්‍රතිපලයක් විදියට අතුරුදහන් වෙන තාත්තා කෙනෙකුත්, ඒ තාත්තගේ උණුහුම හොයන පුංචි දියණියකගේ කතාව දැක්වෙන “සෙනුරි” නවකතාව ලියවුණේ එඩ්වඩ් මල්ලවාරච්චි අතින්. පොත කියවපු නොකියවපු හැමෝටම ඒ කතාව සෙනුරි ටෙලිනලුවෙන් දැකගන්න ලැබුණා. මේක ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් වුණේ රූකාන්ත, චන්ද්‍රලේකා දෙපළ ගායනා කරන මේ ලස්සන තේමා ගීතය.

11. ආ මග වැරදී

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ – නුඹෙ සෙවණැලි පාවෙයි නිල් දියරැළි අතරේ

දං පඳුරෙන් මංකඩ ළඟ ගොම්මන් අඳූරේ – දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

තරමක් මෑත කාලේදී විකාශය වුණු ටෙලි නාට්‍යයක් වුණත් මේ ගීතය අපේ හිත්වල ලැගුම් ගත්තේ හරිම අපූරු විදියට. වයඹ පළාතේ ගම්මානයක වුණු සත්‍ය සිදුවීම් මාලාවක් ආශ්‍රයෙන් නිර්මාණය වුණු, සඳගලතැන්න ටෙලි නාට්‍යයෙන් තමයි මේ ගීතය අපට අහන්න ලැබුණේ. රනමල් අයියගෙත්, සඳා නංගිගෙත් ආදර කතාව ගැන කියවුණු මේ ටෙලි නාට්‍ය තේමා ගීතය, අමරසිරි පීරිස් මහත්මයාගේත්, ශෂිකා නිසංසලා මහත්මියගේත් යුග ගායනයක්.

12. රතු රෝස

ගීතයක් නොවුණත්, රතු රෝස ටෙලි නාට්‍යය බලපු ඕනෙම කෙනෙක් දන්නවා ඒකෙ තේමා සංගීතය කොච්චර ලස්සනද කියලා. රතු රෝස ටෙලි නාට්‍යය විකාශය වෙද්දී අපි ගොඩක්ම පොඩියි. ඒත් කීර්ති පැස්කුවල් මහත්මයා නිර්මාණය කරපු මේ තේමා සංගීතය අපේ මතකයේ අදටත් තියෙනවා.

වාණිජ රාමුවටම කොටු නොවී, ගුණාත්මක බවින් ඉහළ නිර්මාණ බිහි කරනකොට, ඒවායේ කතා සාරය, රංගන ශිල්පීන්ගේ හැකියාවන් විතරක් නෙවෙයි, සංගීතයත් වැදගත් වෙන බව කියාපාන්න මේ ටෙලි නාට්‍ය ටිකම ඇති. කාලාන්තරයක් ගිහිල්ලත් අපේ මතකයේ ඒවා රැඳිලා තියෙන්නේ ඒ නිසාමයි.

ඉතින් ඔයාලගේත් මතකෙට එන, මේ වගේ ලස්සන ටෙලි නාට්‍ය තේමා ගීත තියෙනවා නම්, පහළින් කමෙන්ට් කරන්නකෝ. එතකොට අපේ යාළුවන්ටත් ඒවා මතක් කරගන්න පුළුවන්නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide