හදිස්සියට ඩොක්ටර් කෙනෙක්? ඔන්ලයින් ඩොක්ටර් චැනලින් සේවා 6ක්.

ලෙඩ දුක, හදිස්සි කරදර අපිව හොයා ගෙන එන්න කිය කිය නෙවෙයිනෙ. හැබැයි ඉතින් ඒ වෙලාවට හරි හමන් ප්‍රතිකාරයක් කලේ නැත්නම් කපෝතියි. මොකද සමහර ලෙඩ, ආබාධිත තත්වයන් වලට ඉක්මන් විසඳුම් අත්‍යවශ්‍යයි. නැතත් වේදනාව අඩු කර ගන්න හරි බෙහෙත් ගන්න වෙනවනෙ. 

ප්‍රශ්නය තියෙන්නෙ අපි බෙහෙත් ගන්නෙ මොන දොස්තරගෙන්ද කියන එක තමයි. ඒ කියන්නෙ ලෙඩේ සම්භන්ධවම වැඩ කරන ස්පෙෂලිස්ට් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවද නැත්නම් නෝමල් එක් කෙනෙකගෙන්  බෙහෙත් ගන්නවද?. කොහොම වුනත් ඒකට හොඳම විසඳුම තියෙන්නෙ අපි ලඟ.

ලෙඩක් දුකක්, කරදරයක් ඇති වුනාම, ඒකට හොඳ ඩොක්ටර් කෙනෙක් පටස් ගාලා හොයා ගන්න විතරක් නෙවෙයි එයාලව චැනල් කරන්නත් පුලුවන් සුපිරි සේවා ටිකක් තමයි අපි අද කියන්න යන්නෙ. හිතනව ගොඩ දෙනෙක්ට මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි කියල. හැරත් වෙන කෙනෙක්ට හරි ඕන වෙන්න ඉඩ තියෙන නිසා කියවල බලල වැරදි අඩු පාඩු තියෙනව නම් අපිට කියන්න.

1. E Channelling (0115 300400)

අපි දන්න කියන, දැනට ලංකාවෙ තියෙන හොඳම වගේම ලොකුම ඔන්ලයින් චැනගින්ග් සේවාව කියල කියන්න පුලුවන්. මොකද මේ වෙබ් සයිට් එකට ගියාම ඩොක්ටර්ගෙ නම ගහල, ඉන්න හොස්පිට්ල් එක හොයාගෙන ඉඩ තියෙන වෙලාව බලල චැනලින් එක දාන්න පුලුවන්. ඓහෙම නැත්නම් ලෙඩේ ගහල ඒකට අදාල ස්පෙෂලිස්ට් එකෙනෙක් හොයල චැනලින් එක දාන්නත් පුලුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාලා ඊ චැනලින් සයිට් එකේ රෙජිස්ටර් වෙලා හිටියොත් ඔක්කොම වැඩ ටික ඊමේල් මාර්ගයෙන් කර ගන්නත් පුලුවන්.

විශේෂයෙන්ම කියන්න ඕන ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් ෆෝන් වලටත් ඊ චැනලින් ඇප්ලිකේෂන් එක එන නිසා හදිස්සි අවස්ථාවකදි වුනත් බය වෙන්න දෙයක් නෑ. අනිත් කාරණය තමයි පෞද්ගලික වගේම රජයේ හොස්පිටල් වල ඩොක්ටර්ලා වුනත් චැනල් කරන්න පුලුවන්නෙ. අය කරන්නෙත් ඩොක්ටර්ගෙ ගාණ හැරුණාම රු. 100ක් 200ක් විතරයි.

2. Nawaloka Channelling (011 7778 48-50) 

ගාණ ටිකක් සැර වුනත් සෑහෙන්න කාර්යක්ෂම සේවාවක් විදියට හඳුන්වන්න පුලුවන් සේවාවක් තමයි නවලෝක හොස්පිටල් එකේ ඩොක්ටර් චැනලින් සේවාව. හැබැයි ඉතින් මෙයාලගෙ සේවාවෙන් චැනල් කරන්න පුලුවන් නම් මෙයාලගෙ හොස්පිටල් එකේ ඉන්න ඩොක්ටර්ස්ල විතරයි. ස්පෙෂලිස්ට්ලත් වෙනමම හොයා ගන්න පුලුවන් නිසා වැඩේ හරිම ලේසියි. ඩොක්ටර්ගෙ ගාණ හැරුණාම වැඩිපුර රු. 200ක් විතර වියදම් වේවි. ඒත් ගණු දෙනු ටික ඊ මේල් වලින් සිද්ධ වෙන නිසා සැකයක් තියා ගන්න ඕන නෑ.

3. Doc.lk (0117 990990)

මේකත් ඇවිල්ල ඊ චැනලින් වගේ සේවාවක්. ඒත් ඒ තරම්ම නැගල යන පාටක් නෑ. කොහොම වුනත් ඩොක්. සයිට් එකෙත් ගොඩක් පහසුකම් තියෙනව. ස්පෙෂලිස්ට්ලව හොයා ගන්න, එයාල ඉන්න හොස්පිටල්, වෙලාවල් හොයා ගන්න වගේම එවෙලේම චැනල් කරන්න වගේ. අනික වීසා කාඩ් එකෙන්, ඊසි කෑෂ්, ෆෝන් ක්‍රෙඩිට් වලින් සල්ලි ගෙවන්නත් පුලුවන්. ගණු දෙනු සිද්ධ වෙන්නෙ කොහොමද කියන එක ගැන නම් හරි හමන් විස්තරයක් නෑ. ඒත් හොඳ වගකීමකින් වැඩේ සිද්ධ වෙනව කියල කියන්න පුලුවන්.

4. Mobitel E Channeling

කිසිම වෙනසක් නෑ. එටිසලාට් වල වගේම 225ට කතා කරන්න තියෙන්නෙ. ඕන කරන ඩොක්ටර්ව හොයාෙ ගෙන චැනල් කරන ගමන් ඔයාලෙ විස්තර ටිකත් දුන්න නම් චැනලින් එක කන්ෆර්ම් වෙලා විස්තර ටික එස්. එම්. එස් එකකින් එනව. හැබැයි මතක තියා ගන්න මේ කෝල් වලට රු. 6ක් 7ක් විතර විනාඩියට කැපෙනව හොඳද.

5. Dialog Doc 990 (0117 990990)  

කෝල් එකකින් ඩොක්ටර්ල චැනල් කරන ලොකුම සේවාව විදියට මේ සේවාව හැඳින්නුවත් ලොකු වැරුද්දක් නෑ. මොකද හොස්පිටල් 7, 8ක් පුරාවට විහිදුණු මෙයාලගෙ සේවාව සෑහෙන්න කාර්යක්ෂමයි. ඒත් පහසුකම් අඩු ගතියක් තියෙනව. මොකද ඩොක්ටර් ගැන වැඩි විස්තර දැන ගන්න, ඔයාට අදාල හොස්පිට්ල් එකට කතා කරන්න වෙනව. හදිස්සියෙ යන්න පරක්කු වුනොත් ඒ පාඩුවත් ඔයාට. නොකියා මග අරින්න බෑනෙ, මේ සේවාව ක්‍රියාත්මක වෙන්නෙත් ඩොක්.එල්.කේ. සයිට් එක හරහා.

6. Hemas Hospital Doctor Appointmants (0117 888888)

කිසිම කදරයක් නැතුව චැනලින් එකක් දාන්න කියාපු තැන. හැබැයි මෙයාලගෙ හොස්පිටල් වලට එන ඩොක්ටර්ල විතරයි චැනල් කරන්න පුලුවන්, ඒ කියන්නෙ තලවතුගොඩ එකටයි වත්තල එකටයි. විශේෂයෙන් කියන්න ඕන මේ සයිට් එකෙනුත් ස්පෙෂලිස්ට්ල හොයා ගන්න පුලුවන්. හැරත් රෙජිස්ටර් වෙලා හිටිය නම් ඊ මේල් වලින් විස්තර ටිකත් ගෙන්න ගන්න පුලුවන්. අනික ඇන්ඩ්‍රොයිට්, ඇපල් ෆෝන් වලට හේමාස් ඇපොයින්මන්ට්ස් ඇප්ලිකේෂන් එක එන නිසා යමින් ගමනෙ වුනත් ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න දෙපාරක් හිතන්න ඕන නෑ.

මේ ක්‍රම හත හැරුණාම ගොඩක්ම සාර්ථක නැති තවත් ක්‍රම තුන හතරක් අපිට හමුවුනා. ඒත් ඒව නම් ඕන නෑ කියන එකයි අපේ අදහස. නැතත් මේ ටිකත් ඇති නේ හදිස්සියට වැඩක් ගන්න.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide