ලංකාවම කම්පා කළ, බිහිසුණු මිනීමැරුම් – I.

මරණය ; මේ ඉපදෙන හැමකෙනෙක්ම නිසැකයෙන්ම අරගෙන එන දෙයක්. ඒත් කවදා, කොතැන, කොහොම මේකට මුහුණ දෙන්න වෙනවද කියලා අපි කාටවත් කියන්න බැහැ. ජීවත් වෙන්න ඕනේ කාලේ හරියට ජීවත් වෙලා, තමන්ගෙන් මේ ලෝකෙට වෙන්න ඕනේ වගකීම් ඉෂ්ට සිද්ධ කරලා මිය යන්න තියෙනවනම්, ඒක ඇත්තටම ලොකු වාසනාවක්. ඒත් හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැනේ. සමහර අය මිය යන්නේ දරුණු රෝගයකින් පීඩා විඳලා. පාර තොටේදී වෙන අනපේක්ෂිත අනතුරුවලින් මිය යන අය කී දෙනෙක් ගැන අපට දවසකට අහන්න ලැබෙනවද? ඒත් මේ සේරටම වඩා, තමන් වගේම තවත් කෙනෙක් අතින්, මිය යන්න වෙන එක තරම් අවාසනාවන්තකමක් තවත් නැතිව ඇති. සුරංගනා ලෝක ගැන හීන මැව්වත්, අපි ඇත්තටම ජීවත් වෙන්නේ ඒ වගේ ලෝකෙක.

අපි මේ කියන්න යන්නේ, මුළු ලංකාවම භීතියෙන් සසල කරපු, එක වගේ කම්පා කරපු බිහිසුණු මිනීමැරුම් කිහිපයක් ගැන. මේ මිනීමැරුම්වලට සම්බන්ධ නඩු බොහොමයක් ඒවා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් විසින් (trial-at-bar) විනිශ්චය කර, තීන්දුව ලබා දුන් ඒවා විදියට සඳහන් කරන්න පුළුවන්.

1. මැතිව් පීරිස් මිනීමැරුම්

Source : divaina.comisland.lkvernoncorea.wordpress.com

ඒ 1944 වසරයි. ෆෙලිසියා ලොයිස් ඉයුනිස් මෙන්ඩිස් සමඟ අතිනත ගත් මැතිව් ජෝර්ජ් ෆෙඩ්රික් පීරිස් තමන්ගේ යුග ජීවිතය ආරම්භ කලේ සාමාන්‍ය විවාපත් යුවලක් විදියටමයි. කාලය ගත වෙද්දී, දරුවන් තුන් දෙනෙක්ගේ දෙමාපියන් බවට පත් වෙන්න ඔවුන් දෙන්නා වාසනාවන්ත වුණා.

1950 අවුරුද්දේදී මැතිව් පීරිස් අසනීප වෙනවා. අත පය වාරු නැතිව සති හයක් රෝහල්ගත වෙලා ඉන්න ඔහුට සිද්ධ වෙනවා. මේකට හේතුව ඔහුගේ මොළයේ ටියුමරයක් බව තමයි වෛද්‍යවරු පවසන්නේ. ඒ කාලය ඇතුලත ඔහු සිහින පෙළක් දැකලා තියෙනවා. එයින් කියවෙලා තියෙන්නේ ඔහුගේ මේ රෝගී තත්ත්වය දෙවියන් වහන්සේ විසින් සුව කරන්න පුළුවන් බවයි. ඊට වසර හතරකට පස්සේ, එංගලන්තයේදී ඔහු මැතිව් පීරිස් පියතුමා බවට පත්වෙන්නේ මේකේ ප්‍රතිඵලයක් විදියට.

පුංචි බොරැල්ලේ තිබුණු ශාන්ත පාවුළු දේවස්ථානයේ දේවගැතිවරයා වුණු මැතිව් පීරිස් පියතුමා ප්‍රසිද්ධ වුණේ, මනුස්ස ශරීරයෙන් අමනුෂ්‍ය ආත්මයන් පළවාහරින්නට හැකියාව ඇත්තෙක් විදියට. සුමානයක් පාසා, බ්‍රහස්පතින්දා දවසේ මේ සඳහා දේව පූජාවක් පැවැත්වුණා. ඩැල්රින් ඉන්ග්‍රම් සහ රසල් ඉන්ග්‍රම් කියන්නේ ඒ පූජාවට සහභාගී වුණු තරුණ, විවාපත් යුවලක්. මැතිව් පීරිස් පියතුමාගේ ලේකම් විදියට රැකියාවට බැඳෙන්න ඩැල්රින් ඉන්ග්‍රම්ට අවස්ථාව ලැබෙන්නේ මේ අතරේදී. දේවස්ථානයේම වාසය කරන්නත් ඉන්ග්‍රම් පවුලට ඔහුගෙන් ආරධනා ලැබෙනවා. රැකියා විරහිතව ඉඳපු ඔවුන්ට මේක ලොකු අස්වැසිල්ලක් වෙනවා. ඒත් වැඩි කලක් ඒ සතුට විඳින්න ඔවුන්ට ලැබුණේ නැහැ.

හොඳ සෞඛ්‍යමත් කෙනෙක් වුණු රසල් ඉන්ග්‍රම් දරුණු විදියට රෝගී වෙන්නේ කවුරුවත් නොහිතපු විදියට. මොළයට සැපයෙන ග්ලුකෝස් ප්‍රමාණය අඩු වීම නිසා ඔහු මිය යන්නේ කොළඹ ජාතික රෝහලේදී. මේ කාරණා සේරම වෙද්දී, මැතිව් පීරිස් පියතුමාගේ බිරිඳත් දරුවනුත් ජීවත් වුණේ එංගලන්තයේ. මේ මරණයෙන් පසුව, මැතිව් පියතුමාගේ කීම පිට ඔවුන් නැවත ලංකාවට එනවා. වැඩි කලක් නොයාම ඉයුනිස් මෙන්ඩිස්, එහෙමත් නැත්තන් මැතිව් පියතුමාගේ බිරිඳ රෝහල්ගත වෙලා මිය යන්නේ, ඇයගේත් සිරුරේ ග්ලුකෝස් මට්ටම අඩුවීම හේතුවෙන්. නුදුරු කාලයක් ඇතුළතදී එකම රෝගී තත්ත්වය නිසා කොළඹ ජාතික රෝහලේදී සිද්ධ වෙච්ච මේ මරණ දෙක ගැන, ඒ රෝහලේ වෛද්‍යවරුන්ට දැනෙන්නේ ලොකු සැකයක්. මේ ගැන පොලිස් පරීක්ෂණ දියත් කෙරුණේ ඉන් පස්සෙයි. ලොවට හොරා අනියම් පෙමක පැටලිලා ඉඳපු ඩැල්රින් ඉන්ග්‍රම් සහ මැතිව් පීරිස් ගැන ඔවුන් දැනගත්තේ මෙහි ප්‍රතිඵලයක් විදියට.

තමන්ගේ ආදරයට බාධාව විදියට ඔවුන් දැක්කේ තමන්ගේ ජීවන සහකරුවන්ව. දියවැඩියා රෝගීන්ට දෙන ඉන්සියුලින් ඖෂධය ලබා දීලා තමන්ගේ බිරිඳත්, ඩැල්රින්ගේ ස්වාමි පුරුෂයා වුණු රසල් ඉන්ග්‍රම්වත්, ඝාතනය කල මැතිව් පීරිස්ට මරණ දඬුවම ලබා දෙන්න අධිකරණය තීරණය කළා. එයට අත් උදව් දීම හේතුවෙන් ඩැල්රින් ඉන්ග්‍රම්ද වරදකාරියක් බවට පත් වුණා. ලංකාවේ මරණ දඬුවම එලෙසින්ම ක්‍රියාත්මක නොවෙන නිසා, තමන් පළවා හැරපු අමනුෂ්‍ය ආත්ම බඳු මිනිස්සු සැරිසරන බන්ධනාගාරයක හිරබත් කන්නට මැතිව් පීරිස්ට සිදුවුණා.

2. රීටා ජෝන්ස් ඝාතනය

Source : sundaytimes.lkdinamina.lk

රීටා ජෝන්ස් මනෝහරන්; ඉන්දියාවේ සුරූපිණියක් වුණු ඇය, තමන්ගේ සැමියාත් සමඟ ලංකාවට ආවේ 1998 අවුරුද්දේ. ඒ ඔවුන්ගේ මධුසමය වෙනුවෙන්. ඔක්තෝම්බරයේ දවසක මෝදර මුහුදු වෙරළේ අත්වැල් පටලාගෙන ගමන් කරපු මේ යුවළ, තමන්ගේ අනාගතය ගැන සිහින රැසක් දකින්න ඇති. ඒත් අද මේ ගමන් කරන්නේ තමන්ගේ අවසන් ගමන බව ඇය මොහොතකටවත් නොහිතන්න ඇති.

රීටා ජෝන්ස්ගේ සුන්දරත්වයට වසඟ වෙන කාමාතුරයන් තිදෙනෙක් ඇයව පැහැරගත්තේ ඇගේ සැමියාට පහර දීමෙන් අනතුරුවයි. දරුණු වධ හිංසාවලට ලක්වෙලා, සමූහ දූෂණය කරපු ඇගේ මල සිරුර පසුදා හමුවුණේ කාක දූපතේ වගුරකින්.

එසැණින් දියත් කෙරුණු පොලිස් පරීක්ෂණවලින් අපරාධකරුවන් සිර භාරයට ගත්තා. වසරක කාලයක් පැවතුණු මේ නඩුවෙන්, වර්ණකුලසූරිය පලිහක්කාරගේ අජිත් ප්‍රනාන්දු, කුරුකුලසූරිය බාලප්පුවඩුගේ බැසිල් මෙන්ඩිස්, සහ චමින්ද කුමාර යන අයට මරණ දඬුවම නියම වුණා.

3. සදීප ලක්ෂාන් ඝාතනය

Source : island.lksundaytimes.lkdinamina.lk

දාහත් අවුරුදු තරුණයෙක් වුණු නුවන් සිල්වාගේ තාත්තා මිය ගිහින් තිබුණේ කළුවාමෝදර පැත්තේ සිද්ධවෙච්ච, මැර කණ්ඩායම් දෙකක් අතරේ ඇති වුණු රණ්ඩුවකින්. ඊට පස්සේ ඔහුට ඔහුගේ මවත් නැති වුණා. අන්තිමට ඔහුව බලා කියාගන්න ඉදිරිපත් වුණේ ඔහුගේ අත්තම්මා සහ සීයා. එක රැයින් පොහොසතෙක් වෙන්න, මෝටර් සයිකලයක් ගන්න, වගේම අවුරුදු තුනකට කලින් තමන්ව අත හැරලා ගිය පෙම්වතියට පේන්න හොඳ කොලිටියේ තුවක්කුවක් ගන්න ඕනෙකමක් ඔහුට සෑහෙන්න තිබුණා. නමුත් ඒ හීන හැබෑ කරගන්න ඔහු තෝරාගත්තේ වැරදි මඟක්.

ඔහුගේ නිවසට නුදුරින් පදිංචි වෙලා සිටි ජයන්ත සිල්වා මහත්මයා, අලුත්ගම පැත්තේ හැමෝම දන්නා කියන පොහොසතෙක්. ඔහුට පුත්තු සිව් දෙනෙක් හිටියා. පවුලේ බාලයා වුණු අට හැවිරිදි සදීප ලක්ෂාන් හැරුනාම, ඉතුරු පුත්තු තුන්දෙනාම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කොළඹ බෝඩිම් වෙලයි හිටියේ. නුවන් විටින් විට මේ දරුවන් සමඟ ක්‍රිකට් ගහන්න පුරුදුවෙලා හිටියා. මේ දැන ඇඳුනුම්කම නිසාම ජයන්ත මහත්මයාට අයිති කඩේක රැකියාවක් ඉල්ලගන්න ඔහු උත්සහ කළා. ඒත් නුවන් ගැන වගේම, නුවන්ගේ පවුල් පසුබිම ගැන හොඳින්ම දැනගෙන ඉඳපු ජයන්ත මහත්මයා, මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ "අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න ඕනේ නැහැ"යි කියලා හිතුණු  නිසයි.

කාලය ගෙවිලා ගියා. එදා සිකුරාදා දවසක්. ජයන්ත මහත්මයාගේ බිරිඳ කොළඹ ගියේ බෝඩිම් වෙලා ඉන්න පුත්තු තිදෙනාව එක්කරගෙන එන්න. හවස් වෙද්දී ක්‍රිකට් සෙල්ලම් කරන්න ගිය සදීපව පැහැරගත්ත බවත්, ඔහුව නැවත දකින්න ඕනෑ නම්, රුපියල් මිලියන 2.5ක් අවශ්‍ය බවත් පවසමින් දුරකථන ඇමතුමක් සදීපගේ තාත්තට ලැබෙන්නේ මේ අතරේදී. පොලිසියට පැවසුවොත් දරුවාගේ ජීවිතය නැති කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේ ජයන්ත මහත්මයාව අන්ත අසරණ තත්ත්වයකට පත් කරමින්.

මිලියන 2.5ක් කියන්නේ සුළුපටු මුදලක් නෙවෙයි. අනික සති අන්තයක් වුණු නිසා බැංකුවෙන් සල්ලි ගන්නවත් ඔහුට විදියක් තිබුනේ නැහැ. ඒත් ඉරිදා වෙද්දී සල්ලි ටික එකතු කරගන්න ඔහු සමත් වුණා. මේ කාලය ඇතුලත විටින් විට කප්පම්කරුගෙන් ඔහුට ඇමතුම් ලැබුණා. අලුත්ගම පොලිසිය ඇති තැනට යාර 150ක් පමණ දුරින් තිබුණු දුරකථන කුටියක් ඇතුළෙන් කප්පම් මුදල්  තබන ලෙසත්, ඉන්පසුව සදීපව නිවසටම ඇරලන බවටත් කප්පම්කරු දැනුම් දුන්නා. ඒ කියපු විදියටම දුරකථන කුටිය ඇතුළෙන් සල්ලි තියපු ජයන්ත මහත්මයා, ටිප් ටිප් පැකට්ටුවකුත් අරගෙන ගෙදරට දිව්වේ ඒවාට සදීප ආස බව හොඳින්ම දන්නා නිසයි. ඒත් ඊට කලින්, තමන්ගේ සේවකයන් ලවා මේ සිද්ධිය පොලිසියට රහසේ දැනුම් දෙන්න ඔහු වග බලා ගත්තා.

වෙලාව ටිකෙන් ටික ගත වුණත්, සදීප ගෙදර ආවේ නැහැ. මේ අතරේදී පොලිසිය ක්‍රියාත්මක වුණා. දුරකථන කුටියේ තිබුණු සල්ලි ටික නැති බව දැනගත්ත පොලිසිය ගාලු පාර දිගට ආව සියලුම වාහන පරීක්ෂාවකට ලක් කළා. බයිසිකලයක ආව කොලු ගැටයෙක්ගේ සැක සහිත හැසිරීම ඔවුන්ගේ දුටුවේ මේ වෙලාවේ. පොලිසියේ හරස් ප්‍රශ්න, ගුටි බැට හමුවේ ඔහු කවුරුන්ද යන වග ඔහුගේ කටින් පිටවුණේ ඉබේටම. ඒ වෙන කවුරුවත් නෙවෙයි, පුංචි සදීප ලක්ශාන්ව පැහැරගත්ත නුවන් සිල්වා.

දුරකථන කුටියෙන් ගත්ත මුදල් ටික මුහුදු වෙරළේ හංගලා එන ගමන් පොලිසියට හසු වුණු ඔහු පැවසුවේ සදීප තවමත් තමන්ගේ ගෙදර ඉන්න බවයි. ඒත් පොලිසියට හොයාගන්න ලැබුණේ පුංචි සදීපගේ ප්‍රාණය නිරුද්ධ සිරුර විතරයි. ඒ නුවන්ගේ ගෙවත්තේ තිබුණු පැරණි වැසිකිළි වළකින්.  

පොලිසිය පසුව දැනගත්ත විදියට, නුවන් මේ පුංචි එකාගේ හුස්ම හිර කරලා මරලා දාලා තිබුණේ ඔහුව පැහැරගත්ත ගමන්මයි. සදීපගේ තාත්තට කප්පම ගැන කියන්න පළමු දුරකථන ඇමතුම ලබා දෙද්දීත්, පුංචි සදීපගේ මළකඳ තිබිලා තියෙන්නේ වැසිකිළි වළ ඇතුළේ. තමන් එක්ක හිතවත්කමට සෙල්ලම් කරන්නට ආ හය හතර නොතේරන පොඩි එකෙක්ව හිත් පිත් නොමැතිව ඝාතනය කළ නුවන් සිල්වාට මරණීය දණ්ඩනය නියම වෙද්දී, ඔහුට යන්තමින් වයස අවුරුදු 18ක් පිරුණා පමණයි.

4. සතාසිවම් ඝාතනය

Source : dinamina.lkranscurrents.comsportskeeda.com

සතාසිවම් ඝාතනය ගොඩක් අය දන්නේ වංගෙඩි මිනීමැරුම විදියට. ඒකට හේතුව තමයි, මේ මිනීමැරුමට අන්තිමට වරදකරු වුණේ ගරාජයේ තිබුණු වංගෙඩියක් වීම.

මහාදේවන් සතාසිවම් කියන්නේ ලංකාවේ ඉඳපු දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුගේ බිරිඳ වුණු ආනන්ද රාජේන්ද්‍ර, බොහොම සුරූපී කාන්තාවක්. මේ දෙපළ ඒ වෙද්දී පුංචි දියණියන් දෙන්නෙක්ගේ දෙමාපියන් බවට පත්වෙලා හිටියා.

මේ කතාව ආරම්භ වෙන්නේ සතාසිවම් බිරිඳගේ මළකඳ ඔවුන්ගේ නිවසේ ගරාජයක් තුළ තිබී හමුවීමෙන්. ඇගේ සිරුරේ තුවාල දකින්න ලැබුණත්, මේ මරණයට හේතුව මොකද්ද කියන එක ගැන වටහාගන්න පුළුවන් විදියේ සාක්ෂියක් දැකගන්න පොලිසියට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි ඇගේ සියලුම රත්තරන් බඩු අතුරුදහන් වී ඇති බව ඔවුන් වටහාගත්තා.

බිරිඳගේ මරණය පිලිබඳ සැකය කෙලින්ම එල්ල වුණේ මහාදේවන් සතාසිවම් මහතා වෙත. ඒකට හේතුව සතාසිවම් දෙපළ තමන්ගේ විවාහයට තිත තබන්න, එහෙමත් නැත්තන් දික්කසාද වෙන්න තීරණය කරන තිබීමයි. දික්කසාද නඩු දමා තිබියදීත් සතාසිවම් මහතා නිවසට යන්න එන්න පුරුදු වෙලා සිටියා. මේ මරණය සිදු වුණු දවසට කලින් රැයත් ඒ වගේ දවසක්. මේ මරණය කොහොම සිද්ධ වුණාද යන්න පැහැදිලි නැතත්, ගෙදර මෙහෙකරු විදියට ඉඳපු දහනව හැවිරිදි විලියම්ගේ අතුරුදහන් වීම විශාල සැකයක් ඇති කරන්න සමත් වුණා. මාතර පොලිසිය දියත් කරපු පරීක්ෂණවලදී ඔහුව හොයාගන්න ලැබුණේ හුංගම පැත්තේ ගෙදරකින්. අත්අඩංගුවට පත් වුණු විලියම් පැවසුවේ රෙජිනා සතාසිවම් මහත්මියව ඝාතනය කලේ ඔහුත්, සතාසිවම් මහතාත් බවයි.

සතාසිවම් මහතා තමන්ගේ බිරිඳගේ ගෙල පයින් පාගා මරා දමද්දී උගුරු දණ්ඩ කැඩෙන ශබ්දය තමන්ටත් ඇසුණු බව විලියම්ගේ සාක්ෂියේ සඳහන් වුණා. ඒත් මේ ගැන පරීක්ෂණ පවත්තපු අධිකරණ වෛද්‍ය විශාරද සර් සිඩ්නි ස්මිත් මහත්මයා පැවසුවේ උගුරු දණ්ඩක් කැඩී යද්දී ඒකෙන් පිටතට සද්දයක් නොදැනෙන බවයි. ඒ වගේම, විලියම් කියපු වෙලාවට වඩා, පැයකට හමාරකට වගේ කලින් මේ මරණය සිදු වෙලා තියෙන බවත්, ඔහු නිශ්චය කළා. ඒ විතරක් නෙවෙයි, සතාසිවම් මහත්මිය මිය ගිය දවසේ උදේ සතාසිවම් මහත්මයා ගෙදරින් පිටවෙලා තිබුණේ උදේ 11ට විතර. ඒ නිවසටම ගෙන්වාගත්ත ටැක්සියකින්. සතාසිවම් මහත්මිය ඒ වෙද්දීත් ගෙදර දොර ළඟ ඉඳපු බවට ඒ ටැක්සි රියදුරා සාක්කි දීලා තිබුණා. ඒත් එදා උදේ ඇය තමන්ගේ නීතිඥවරයා අමතපු වෙලාවත් එක්ක, මේ සාක්කියත් පිළිගත නොහැකි එකක් වුණා. කෙසේ නමුත්, විලියම් කියපු විදියටම, රත්තරන් බඩු ටික හොයාගන්න ලැබුණේ වැල්ලවත්ත පැත්තේ උකස් කඩේකින්.

මේ වගේ ගැටළු රාශියක් මේ ඝාතන නඩුව තුළ තිබුණා. නීතියෙන් හෝ සාක්ෂිවලින් ඔප්පු නොවුණත්, සමාජයේ බොහොමයක් දෙනාගේ මතයක් වුණේ, විලියම් මේ ඝාතනය කරපු බවයි. තමන්ගේ ස්වාමිදුවට බලහත්කාරකමක් කරන්නට යාමේදී සිදු වුණු පොර බැදීමකින් අනතුරුව, ඇයව ඝාතනය කරන්නට ඇති බවත්, ඉන්පස්සේ ඇගේ සිරුර මතට වංගෙඩිය අතහැර පැන යන්නට ඇති බවත් මේ අය විශ්වාස කළා. සාක්කිවල තිබුණු ගැටළු නිසා, අදටත් මෙහි මිනීමරුවා කවුද යන්න හඳුනාගෙන නැහැ.

බණ කියන රටක් – බණ අහන රටක්

යුධ බිමක් වුණේ කෙලෙසා?

එය නිවන මගක් – මල් පිපුණු ලොවක්

අපි දකිමු ඉතින් කවදා?

තමන් වගේම ලේ, ඇස්, මස්වලින් හැදුණු කෙනෙක්ගේ හුස්ම වැටෙන එක නවත්තන්න, කොච්චර නම් පාපකාරී හිතක් තියෙන්න ඕනෙද? එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ හඬින් ඇහෙන මේ ගීතයේ තියෙන යුද්ධයෙන් අපේ රට මිදුණු බව හැබෑව. ඒත් තෙවරක්  බුදුන් වැඩි රට විදියට අභිමානයෙන් කියන, මෙච්චර බණ කියන, අහන රටක් වුණු ලංකාව ඇතුළේ, මේ වගේ බිහිසුණු මරණ වෙන එකේ කෙළවරක් අපට කවදා නම් දකින්න ලැබෙයිද?

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide