ගීතයක් පිටුපස සැඟවුණු කතාවක් – III.

අපි ගොඩක් වෙලාවට අහන්නේ ගීතයක වචන ටික විතරයි. ඒ නැත්තන් ඒකෙ තාලය විතරයි. ඒත් මේ පද පේලි අතර කොච්චර නම් රහස්, කතාන්දර හැංගිලා තියෙනවද කියලා අපි හිතන්නෙම නැති තරම්. සමහර ගීතවල පද රචනාවල තියෙන කතාව, ඒකට වස්තු වුණු කතාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් මේ වගේ ගීත කිහිපයකම තතු, මීට කලින් පළ කරපු ලිපි දෙකකින්ම අපි ඔයාලගේ හමුවට ගෙනාවා. මේ, එහි අවසාන කොටසයි.

1. ස්නේහයේ නගරයයි සිත මගේ

ස්නේහයේ නගරයයි සිත මගේ – මාවතක් හෝ නොවූ රාගයේ

වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් – කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ

ආදරේ තියෙන පූජනීය බව, පිවිතුරු බව හරිම අපූරුවට ගළපලා තියෙන ගීතයක් තමයි මේක. ඒත් මේකට මුල් බීජය වෙලා තියෙන්නේ ඒ වගේ කතාන්දරයක් නෙවෙයි.

ඉස්සර වගේ නෙවෙයි, දැන් ආදරය හොයාගන්න විදි ඕනේ තරම්. තාක්ෂණයේ දියුණුවත් එක්ක අද වෙද්දී ගෙදර තියෙන කම්පියුටරයෙන්, අතේ තියෙන ජංගම දුරකතනයෙන් ආදරේ හොයාගන්න පුළුවන් තරමට ඒක සුලබ දෙයක් වෙලා.

දවසක්දා මේ ගීතය ලියපු හේමසිරි ගුණතුංග මහත්මයා කොළඹින් ඉන්ටසිටි බස් එකකට ගොඩවෙන්නේ වැලිගම තියෙන තමන්ගේ නිවස බලා යන්නයි. මේ බස් රථයේ එක තරුණ ගැහැණු ළමයෙකුත්, පිරිමි ළමයෙකුත් එක ළඟ වාඩිවෙලා හිටියා. හැසිරීමෙන් පෙනුණු විදියට නම් මේ දෙදෙනා පෙම්වතුන් නෙවෙයි. ඒත් දෙන්නම එකිනෙකා දිහා හොරෙන් බලමින් ඇස්වලින් මුකුළු කරමින් තමයි ඉඳලා තියෙන්නේ. බස් එක ඉස්සරහට ඇදෙද්දී එයින් නොනැවතුණු මේ දෙන්නා හෙමීට හෙමීට කතා කරන්න පටන් ගත්තා. ටිකට් කඩන්න කොන්දොස්තර මහත්තයා ආවාම, දෙන්නටම ටිකට් ගන්න ඉදිරිපත් වුණේ ඒ පිරිමි ළමයාමයි.

කොහොමින් කොහොමහරි, ගමනේ අවසානය වෙද්දී මේ දෙන්නා පෙම්වතුන් බවට පත්වෙලා හිටියා. දුරකථන අංකත් හුවමාරු කරගත්ත මේ දෙපළ බස් එකෙන් බැහැලා ගියෙත් එකට අත්වැල් පටලාගෙන. එක පාරටම බස් එකක දැකපු කෙනෙක් පැය දෙක තුනකින් තමන්ගේ ප්‍රේමවන්තිය, ප්‍රේමවන්තයා බවට පත් කරගන්න තරම් ආදරය කියන දේ ලාබ ද, කියන හැඟීම හේමසිරි මහත්මයාගේ හිතට ආවේ, තරමක කලකිරීමක් එක්කයි.

ඉස්සර අපි දැකපු ආදරයේ තිබුණු උතුම් බව හැමෝටම මතක් වෙන්නත් එක්ක, එතුමා මේ ගීතය රචනා කරන්න හිතුවා. අමරසිරි පීරිස් මහත්මයා සහ මැණික් ජයසේකර මහත්මිය තමයි මේ ගීතය ගායනා කරන්නේ.

2. සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ

සිහිනයකි ඔබ නිහඩ මැදියම් රෑ – නිදන නෙත් යුග සනසනා

සිතුම් රැළි ඔබ තනිව හිදි වේලේ – නිහඩ මා හද සනසනා

ප්‍රවීණ ගේය පද රචිකාවියක් වෙන කුසුම් පීරිස් මහත්මිය හොඳින් අඳුනන යුවලක් වෙනුවෙන් තමයි මේ ගීතය ලියවුණේ. අද වෙද්දී ඒ දෙන්නා බොහොම සතුටින් විවාහ වෙලා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා.

කලකට ඉහතදී මේ දෙදෙනා එකිනෙකාට ආදරය කරත්, ඒ බව මුවින් පැවසුවේ නැහැ. යාලුවෝ විදියට තමයි ආශ්‍රය කළේ. ඉතින් නියම කල වයස ආවම, මේ තරුණිය ඇයට ගෙදරින් ගෙනාව විවාහ යෝජනාවකට කැමති වුණා. ඇය විවාහ වුණාම, අර තරුණයට දැනුණේ දරාගන්න බැරි දුකක්. ගෙදර කීමට විවාහ වුණත්, ඒ තරුණියගේ පවුල් ජීවිතය සාර්ථක වෙන්නෙත් නැහැ. ඇගේ සැමියා බේබද්දෙක්. ඉතින් වැඩි කල් නොයා ඔවුන් දෙන්නා දික්කසාද වෙනවා.

මේ ගැන දැනගන්න ඇයට ආදර කරපු තරුණයා ඇය සොයා ගිහින්, තමන්ගේ හිතේ එදා වගේම අදටත් තියෙන ආදරේ ගැන ප්‍රකාශ කරනවා. බටහිර රටවල්වල කෙසේ වෙතත්, ලංකාවේ සමාජය දික්කසාද වුණු තරුණියක් දිහා බලන්නේ වපර ඇහින්. අඩු තරමේ ඇය ඒ තත්ත්වෙට වැටුණේ කාගේ වරදින්ද කියලවත් හොයලා බලන්නේ නැතුව, දෝෂාරෝපණය කිරීම තමයි ඔවුන් කරන්නේ. ඒ ගැටලුවට මේ තරුණියටත් මුහුණ දෙන්න වුණා. නමුත් ඇයට ආදරය කරපු තරුණයාට ඇය දික්කසාද වුණු එක ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔවුන් දෙදෙනා සාමාන්‍ය යුවලක් විදියටම විවාහ දිවියට එළඹුණා.

"ලොවම සසලව බලා සිටියාවේ" කියලා මේ ගීතයේ තියෙන්නෙත්, ලෝකය කුමක් කිව්වත් මට එයින් කමක් නැතැයි කියන තරුණයාගේ හැඟීම බවයි කුසුම් පීරිස් මහත්මිය පවසන්නේ. කරදර, විවේචන, බාධක සියල්ල මැද්දේ විවාහ වුණු මේ යුවළ වෙනුවෙන් ලියවුණු මේ ගීතය ගායනා කෙරුණේ බණ්ඩාර අතාවුදයන් සහ නිරංජලා සරෝජිනියන් විසින්.

3. දේව මන්දිරේ

දේව මන්දිරේ – වැතිරී බැතියෙන් පුදසුන අබියස

ආයාචනා කරමි දැවෙන සිතේ – සංකා සෝ දුක් නිවන ලෙසේ

ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා මහත්මයා කාලයක් කතෝලික දහම් පාසලක ගුරුවරයෙක් විදියට වැඩ කළා. ඔහු වගේම තරුණ තරුණියන් කිහිප දෙනෙක්ම මේ පාසලේ රැකියාව කළා. ඒ අතරින් කැමිලස් මහත්මයාගේ හිත ගත්ත තරුණියකුත් හිටියා. රූපයෙන් වගේම හැසිරීමෙන්, ඇය හරිම ආකර්ෂණීයයි. ඉතින් දවසක්දා තමන්ගේ ආදරය ඇයට ප්‍රකාශ කරන්න ඔහු කල්පනා කළා. ඒත් ඔහු ගැන තමන්ගේ හිතේ එවන් අදහසක් නැති බවත්, තමන් කන්‍යා සොයුරියක් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න බවත් ඇය පැවසුවා.

අනපේක්ෂිතව ලැබුණු මේ පිළිතුරින් ඔහුගේ හිත වේදනාවෙන් පිරී ගියා. සතියක් පාසා ඇයව හමුවෙන නිසා ඔහු පත් වුණේ හරිම අසරණ බවකට. කාලය ගත වෙද්දී, ඔහු තමන්ගේ ආදරය අහිමි වීමෙන් තැවෙන බව ඒ තරුණියටත් වැටහුණා. ඉතින් දවසක් ඇය ඔහුත් එක්ක මේ ගැන කතා කළා. ඇයත් ඔහුට ආදරය කරන නමුත්, ඇය කලින් අරගත් තීරණය වෙනස් කරන්න නොහැකි බව තමයි ඒ තරුණිය ප්‍රකාශ කළේ.    

තවත් කාලයක් ගත වුණා. කැමිලස් මහත්මයාට මේ තරුණියව ආයෙත් මුණගැහෙනවා. ඇය ඒ වෙද්දී කන්‍යා සොහොයුරියක් බවට පත්වෙලා ඉවරයි. ඉස්සර දවසක කතා කරපු විදියටම, ඇය ඔහුත් එක්ක කතා කරලා යන්න ගියා. ඉන්පස්සේ ඇයව ආයෙත් දකින්න ලැබුණේ නැහැ. ආරංචියේ හැටියට නම්, ඇය දුර පලාතක පල්ලියකට මාරුවෙලා ගිහින්.

තමන්ගේ ආදර යෝජනාව ප්‍රතික්ෂේප වුණත්, ඒ ගැන දුකක් මිස අමනාපයක් ඔහු තුළ තිබුණේ නැහැ. "උන්මාද වූ ප්‍රේමාදරේ", "වාසනා වේවා" වගේ තමන් අතින් ලියවුණු ගීත අතරින්, අදටත් කැමිලස් මහත්මයා වැඩියෙන්ම කැමති මේ ගීතයටයි. රෝහණ සිරිවර්ධනයන් තමයි මේ ගීතය ගායනා කළේ.

4. මේ මැයි ගහ යට

මේ මැයි ගහ යට දවසක් දා – වැස්සට අපි උන්නා

රතු කැට වාගේ මැයි මල් පිපි පිපි – අපට හෙවණ දුන්නා

මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ සොඳුරු හඬ හරි අපූරුවට මුසු වෙච්ච ගීතයක් තමයි මේ. අජන්තා රණසිංහයන් ලියපු මේ ගීතය, එතුමාගේම අත්දැකීමක්.

තමන්ගේ පෞද්ගලික උවමනාවකට බොරැල්ල පැත්තට ඔහු ඇදුණේ තමන්ගේ යතුරු පැදියෙන්. වැහිබර අහසක් තිබුණත්, එක පාරටම වැස්සක් කඩාගෙන වැටේවි කියලා ඔහු හිතුවේ නැහැ. නොහිතපු විදියට බිමට ඇද හැලෙන්න ගත්ත වර්ෂාවෙන් බේරෙන්න වටපිට බලපු අජන්තා මහත්මයා දැක්කේ පාර අයිනේ තියෙන විසල් මැයි ගහක්.

වැස්ස අඩු වෙනතුරු ගහ යටට වෙලා ඉඳපු ඔහුගේ හිතට නොයෙකුත් සිතුවිලි ආවා. තමන්ව වැස්සෙන් තෙමෙන එක තරමකට හරි අඩු කරපු මැයි ගහ දිහා ඔහු බැලුවේ කෘතඥ සහගත බැල්මකින්. ඒ වගේ හිතට ආව සිතුවිලි අතරේ, තමන්ගේ භද්‍ර යෞවන මතකයකුත් තිබුණා.  

තරුණ වියේ ඉඳපු අජන්තා මහත්මයා තමන්ගේ ප්‍රේමවන්තියත් එක්ක දෙමටගොඩ පාරේ ඇවිදිමින් හිටියා. මේ විදියෙම අනෝරා වැස්සක් එදත් කඩාගෙන වැටුණේ නොහිතපු විදියට. දෙන්නා ළඟ කුඩයක්වත් තිබුණේ නැහැ. නුදුරින් පේන්න තිබුණු මැයි ගහක් යටට ඔවුන් දෙන්නා දුවගෙන ගියා.

ඉතින් ඒ එදා, මේ අද.

එදා වගේම අදත් වැස්ස. මැයි මල් පිපුණු මැයි ගහ එදා වගේම අදත් හෙවණ දෙනවා. ඒත් එදා වගේ අද ඇය තමන් ළඟ නැහැ. එදා නොදැනුණු සීතල මුසු වෙච්ච තනිකමක්, පාළුවක් ඔහුගේ හිතට ඇතුල් වුණා.

මේ හැඟීම් සමුදාය මතකේ තියාගෙන ගෙදර ගිය අජන්තා මහත්මයා, ඒක කොළයක කුරුටු ගෑවා. මෙල්රෝයි ධර්මරත්න සංගීතවේදියාගේ තනුවෙන් හැඩ වුණු, "මේ මැයි ගහ යට" ගීතය බිහි වුණේ ඔන්න ඔය විදියටයි.

වර්තමානය කෙසේ වෙතත්, අතීතය කියන්නේ අපට අමතක කරන්න බැරි දෙයක්. මේ අතීතය තුළ මුසු වෙච්ච ආදරය, විරහව, එහෙමත් නැත්තන් වෙනත් හැඟීමක් ගෙන දුන්නු අත්දැකීම් රැසක් තියෙනවා. ඒවා තමන්ගේම අත්දැකීම් වෙන්නත් පුළුවන්. නැත්තන් වෙන කෙනෙක්ගෙන් තමන් අහපු, දැකපු දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත්, කලාකරුවෙක් කැටයම් කරන පද වැලක ගොඩක් වෙලාවට මුදාහැරෙන්නේ මෙන්න මේ වගේ අත්දැකීම්. අපි මේ දක්වලා තියෙන කතාන්දර කියවද්දී, ඔයාලටත් ඒක තේරුම් යන්න ඇති.

Image Credits : sarigama.lksinhalamusicbox.onlinesinhalasindu.lk
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide