ගං ඉවුරක ආශ්වාදයට තුරුලු වෙලා! නිවාඩුවක් ගත කරන්න කියාපු ලස්සන හෝටල් 9ක්.

හිමිදිරි උදයෙ කුලුඳුල් හිරු කිරණ ගං ඉස්මත්තට වැටෙද්දි පින්නෙන් වැහුණු ගස් කොළන් නිලට නිලේ දිස්න දෙන ලස්සන,

තොර තෝංචියක් නැතුව ඇහෙන කුරුල්ලන්ගෙ හඬ ඇඟ මැලි කඩන ගතට ගේන ප්‍රබෝධය,

හිතේ හැටියට විඳ ගන්න ගං ඉවුරක් තරම් සුදුසු තැනක් නම් තවත් නැති තරම්. හැරත් නිසල ගං දිය දිහා බලාගෙන හොඳ හුස්මක් අරන් පහළට දාද්දි දැනෙන සැහැල්ලුව කොච්චර ආශ්වාදජනකද?

හැබැයි, ඔය කිව්වට ඊටත් වඩා ආශ්වාදජනක දෙයකුත් තියෙනව. කැළේ කොළේ ටිකක් ඇවිදල, කඩොලාන පැත්තෙ බෝට්ටු සවාරික් ගිහින්, හිතේ හැටියට ජල ක්‍රීඩා කරල, රස කෑම පිඟානක් කාලා රැයක් ගෙවන එක.

හැබැයි ඉතින් මේ දේවල් ගන්න කොළඹට වෙලා ඉඳල බෑ, ටිකක් දුර බැහැරට යන්න වෙනව. අඩුම තරමෙ බෙන්තර, බළපිටිය, තිස්ස පැත්තට වත්. එහෙම නැත්නම් රත්නපුර, බෙලිහුල් ඔය පැතිත් අවුලක් නෑ. ගිහින් ඉස්සෙල්ලාම කරන්න ඕන ලස්සන පොඩි හෝටලයක් හොයා ගන්න එක, කැලේ ඇතුලෙ ගං ඉවුරක හදපු. ඔන්න දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවනෙ කොහොමද එහෙම හෝටලයක් හොයා ගන්නෙ කියල.

අන්න ඒ නිසයි අපි හිතුවෙ අපේ රටේ තියෙන ලස්සන රිවර් හෝටල් සෙට් එකක් ඔයාලට කියන්න. දන්නවද? මේ හෝටල් හැම එකක්ම වගේ මුලු මනින්ම ස්වභාවිකත්වයට මුල් තැන දීල හදපුව. ඒ නිසා ගං ඉවුරක ආශ්වාදය හිතේ හැටියට විඳගෙන හොඳට විනෝද වෙලා එන්න පුලුවන්. හැබැයි ඉතින් විනෝද වෙලා ඇවිල්ල නිකන් ඉන්න බෑ හොඳද. ගමන කොහොමද කියල අපිටත් කියන්න ඕන.

1. Yathra

ඡායාරූපය

ජෙට් වින්ග් එකෙන් කරන අපූරු පාවෙන අවන්හලක්. පොල් අතු හෙවිලි කරපු ලස්සන වහලයක් තියෙන්නෙ. ලී බෝට්ටුවත් හරිම ලස්සනයි. කෑම බීම නම් කොහොමද කියන්න දන්නෙ නෑ. හිතෙන විදියට නම් පංකාදු පහට ඇති. නිදන කාමරත් උපරිම සුව පහසුවට හදල තියෙනව. එකම අවුල තියෙන්නෙ ගිණි මැලයක් ගහ ගන්න බැරි එක තමයි. ඒ වුනාට මොකද බෝට්ටු තට්ටුව අයිනට වෙලා ගඟ දෙපැත්තෙ සුන්දරත්වය විඳින ගමන් හෙමිහිට සිංදුවක් මුමුණන්න බැරියැ. යාත්‍රා එකේ ගාස්තුව නම් හොයා ගන්න බැරි වුනා. ඒත් මේක තියෙන්නෙ බෙන්තර ගඟේ කියන එක නම් හොයා ගත්තා.

2. Kumbuk River

ඡායාරූපය

බුත්තල කැළේ ඇතුලෙ කුඹුක්කන් ඔය අයිනට වෙන්න හදල තියෙන කුඹුක් රිවර් හෝටලයත් ගං ඉවුරක පහස විඳින්න කියාපු තැනක්. ඒ විතරක් නෙවෙයි හිතේ හැටියට කැළේ ඇවිදින්න, සත්තු බලන්න, ජල ක්‍රීඩා කරන්නත් පුලුවන්. කොහොමද රෑ ජාමෙට ගිණි මැලයක් ගහගෙන කුඹුක්කන් ඔයේ ඉවුරට වෙලා සිංදුවක් කියද්දි. බාබකියු පාර්ටි එහෙමත් නැතෑ හෝටලයෙ. හැරත් කටට රහට ගමේ කෑම ටිකක් හරි රස බලන්න පුලුවන්නෙ.

3. The River House

ඡායාරූපය

මාදු ගං ඉවුර කොයි තරම් ලස්සනද. ආස නැද්ද ඒ සුන්දරත්වය අත්විඳින්න. එහෙනම් යන්න තියෙන හොඳම තැන තමයි බළපිටිය, වෙළගෙදර මාදු ගං ඉවුරට වෙන්න පිහිටල තියෙන රිවර් හවුස් හෝටලය. ගස් කොළන් වලින් අනූන හෝටල් වට පිටාවයි, ගං ඉවුරෙ කීචි බීචි ගාන කුරල්ලන්ගෙ ලස්සනයි, අපූරු බෝට්ටු සවාරියක ආශ්වාදයයි එකතු වුනාම දවස ගෙවෙනව තේරෙන්නෙ නැති ගාණයි. කොහොමද ඒ අතරට රස කෑම බීම ටිකකුත් එකතු වුනාම, පංකාදු පහයි නේ.

4. Hotel River Front

ඡායාරූපය

තිස්ස කැලේ මායිමේ ගං ඉවුරක පාඩුවේ…ආසයි නේ…

ගඟේ නම නම් දන්නෙ නෑ. කොහොම හරි මේ හෝටලේ තියෙන්නෙ තිස්සමහාරාමෙ දෙබරගස් වැව කිට්ටුව. හරියටම වීර විල වැවයි දෙබරගස් වැවයි මැද්දෙ කැලේට වෙන්න. සතා සීපාවගෙනුත් අඩුවක් නෑ. හැබැයි එහෙමයි කියල ලොකුවට බය වෙන්න දෙයකුත් නෑ. හවස් ජාමෙ අල්ලල ගිණි මැලයක් ගහ ගත්ත නම් හරි. රිවර් ෆ්‍රොන්ට් හෝටලයෙ හොඳ සුව පහසුවට හදපු කාමර වගේම ගඟට අල්ලල ගහපු වැරෙන්ඩා එකකුත් තියෙන නිසා හිතේ හැටියට වට පිටාවෙ ලස්සන බලන්නත් පුලුවන්. කෑම එහෙමත් හොඳ රසට තියෙනව කියල තමයි ආරංචිය. පොඩි අවුලකට කියල තියෙන්නෙ හෝටලය හදද්දි ස්වභාවිකත්වයට ඉඩ දීලා තියෙන ගතිය අඩු එක තමයි. 

5. River Face Inn

ඡායාරූපය

රු. 2000ක් වගේ සෑහෙන්න අඩු ගාණකට ගං ඉවුරක සුන්දරත්වය අත්විඳින්න, යන්න දෙබරගස් වැව රිවර් ෆේස් හෝටලයට. ඔන්න මේ හෝටලය නම් හදල තියෙන්නෙ ගං ඉවුරෙ හොඳට ඉඩ තියෙන්න. කට්ටියට හොඳ හැටි විනෝද වෙන්න පුලුවන්. අනික ලී වලින් හදපු උඩ පැල වගේ කාමරත් තියෙනවනෙ. වැඩේ තියෙන්නෙ මෙයාලගෙ කෑම බීම වල රස පදම ගැන ලොකු තක්සේරුවක් දෙන්න බැරි එක තමයි.

6. Gaga Bees

ඡායාරූපය

තිස්සමහාරාම සඳගිරි ගම කියන්නෙ යාල මායිමට කිට්ටුව. කොහොමද අලි,කොටි, වලස්සු මැද්දෙ ගං ඉවුරක නයිටක් ගහද්දි. ගිණි මැලයක් ගහගෙන, සිංදුවකුත් කියාගෙන, රස කෑම ටිකකුත් බඩට දාගෙන ඇති පදමට විනෝද වෙලා එන්න පුලුවන්. විශේෂයෙන්ම කියන්න ඕන ගඟ බීස් හෝටලයෙ කාමර හදල තියෙන්නෙ හරියට බිම් පැල් වගේ, මැටි ගාලා, පොල් අතු හෙවිලි කරල එහෙම. හැබැයි හරිම සුව පහසුයි. අනික පැල්පත් වලින් වට වුනු ලස්සන පූල් එකකුත් තියෙනව. හවස් ජාමෙට ලන්තෑරුම් එළි වලින් ආලෝකමත් වුනාම තමයි ගඟ බීස් වල ලස්සන හොඳටම පේන්නෙ.

7. River Garden Resort

ඡායාරූපය

තිස්ස හිටිය ඇතිනෙ. යමු බෙලිහුල් ඔය පැත්තට. සීතල වතුර ටිකක් නා කියා ගෙන ගං ඉවුරටම වෙලා රස කෑම ටිකකුත් කාගෙන ඉඳල එන්න. ඒ විතරක් නෙවෙයි ගිණි මැලයක් ගහල සිංදුවක් කියන ගමන් ලාවට පොඩි ෂොට් එකකුත් දාන්න බැරියැ. බෙලිහුල් ඔය, සීලෝගම රිවර් ගාර්ඩන් හෝටලයත් ගං ඉවුරක් කිට්ටුව හදපු හරි ලස්සන තැනක්. හැබැයි ඉතින් කබානා, පැල්පත් වගේ නම් හදල නෑ. අනික සුපිරි පන්නයේ හෝටලයකුත් නෙවෙන නිසා කෑම බීම, ඉඳුම් හිටුම් ගැනත් ලොකු තක්සේරුවක් දෙන්න අමාරුයි. ඒ වුනත් මොකද ඇඩ්වෙන්චර් වැඩ නම් පිරිලා. හයිකින්ග්, රොක් ක්ලයිම්බින්ග් වගේ වැඩ ගොඩක් තියෙනව.

8. Kadolana Eco Village

ඡායාරූපය

බළපිටිය, ආඳා දොළ පිහිටල තියෙන කඩොලාන ඉකෝ විලේජ් කියන්නෙ ගං ඉවුරක හදපු තවත් ලස්සන හෝටලයක්. පොල් අතු හෙවිලි කරපු කාමර වගේම පොඩි පැල්පත් වගේ ඒවත් තියෙනව. හැරත් හොඳට ඉඩ කඩ ඇතුව ස්වභාවිකත්වයට ඉඩ දීලා හදල තියෙන නිසා ලොකු පිරිසකට වුනත් වට වෙලා විනෝද වෙන්න පුලුවන්. හැබැයි ගඟට බැහැලා නාන්න කරන්න නම් බැරි වේවි. මොකද මේ හරිය සෑහෙන්න ගැඹුරුයි. ඔන්න බෝට්ටු සවාරි යන්න, ජල ක්‍රීඩා කරන්න නම් කියාපු තැන. කඩොලාන ඉකෝ ලොජ් එකෙත් කෑම බීම ගැන නම් කියන්න දන්නෙ නැහැ. ඒත් හොඳ සුව පහසුවට ඉන්න පුලුවන්.

9. Maduganga Villa

ඡායාරූපය

ඉස්සෙල්ම කියන්න එපැයි, මෙයාලගෙ පැකේජ වල ගණන් නම් හොයා ගන් බැරි වුනා. හැබැයි බැලූ බැල්මට හරි ලස්සන තැන. ගඟට අල්ලල ගහල තියෙන ලොකු කබානා එකකට ගොඩ වුනා නම් නිදහසේ වට පිටාව බලන්න පුලුවන්. කෑම බීමත් සුපිරියටම තියෙන පාටයි. හැරත් නිදන කාමර ටිකත් නියමෙටම තියෙනව. අමුතුවෙන් කියන්න ඕන නෑනෙ මාදු ගඟේ බෝට්ටු සවාරි වල තියෙන විනෝදාශ්වාදය. කඩොලාන අතරින්, දූපත් පහු කරගනෙ යන ගමන හරිම රසවින්දනාත්මකයි. ඔන්න එහෙනම් මාදු ගඟට ආස කට්ටියටත් තැන් දෙක තුනක්ම තියෙනව හොඳද.

මේ විදියට රිවර් හෝටල් 9ක් කිව්වට මීට වැඩිය සුපිරි, ලස්සන රිවර් හෝටල් ඕන තරම් ලංකාවෙ තියෙනව. වැඩේ කියන්නෙ හෙමින් සැරේ හොයන්න එපැයි. එහෙනම් අපි තව ලස්සන හෝටල් ටිකක් හොයනකම් ඔයාලා දන්න කියන ඒව ටික කමෙන්ට් කරන්න. එතකොට අපේ මීලඟ හෝටල් ලැයිස්තුවට දාන්න පුලුවන්නෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide