කිචි කවාගන්නේ නැතුව හිනාවෙන්න, බලන්නම ඕනේ සිංහල කොමඩි චිත්‍රපටි 9ක්.

හිනාවෙන්න කවුද අකමැති? ඒ වුණාට සිංහල කොමඩි කියලා ලේබල් කරපු සමහර චිත්‍රපටි දැක්කම නම් ඉබේටම ඇඬෙනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි, හිනාගස්සන්න කියලා ඒ ඉන්න නළු නිළියෝ දඟලන දැඟලිල්ල දැක්කම. ඒ කියන දෙබස්වලට, රඟපෑම්වලට අපිම කිචි කවාගත්තත් හිනායන්නේ නැහැනේ.

හැබැයි කාලයක් ගියත් මතක් කර කර හිනාවෙන්න පුළුවන් හොඳ කොමඩි චිත්‍රපටත් මේ අතරේ නැතුවම නෙවෙයි. අවුරුදු 69ක් වගේ වයසැති ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය ඇතුලේ, මේ කාණ්ඩෙට වැටෙන චිත්‍රපටි කීපයක් ගැන මතකය අවදි කරගන්න අපි හිතුවා.

1. අල්ලපු ගෙදර

ඔයාලා සමහරවිට බලලා ඇති “අඩූත වීට්ටු පෙන්” කියන ඉන්දියානු දමිළ චිත්‍රපටිය.1960 අවුරුද්දේ බිහිවුණු මේ සිනමාපටය ඇසුරු කරගෙන තමයි ලංකාවේ “අල්ලපු ගෙදර" චිත්‍රපටිය නිර්මාණය වුණේ. දැන් කාලේ එන හින්දි කොපි වගේ නෙවෙයි, ලංකාවේ සිනමාව බාල්දු නොවෙන විදියට ඉන්දියානු ආභාෂය ගන්න මේ චිත්‍රපටිවලට පුළුවන්කම තිබුණා.

අල්ලපු වත්තේ ඉන්න සංගීතයට ඇලුම් කරන තරුණියකගේ හිත දිනාගන්න, තරුණයෙක් දාන උප්පරවැට්ටි තමයි මේකේ කතා සාරයේ තිබුණේ. ජෝ අබේවික්‍රම මහත්මයාගේ රංගනය, මේ චිත්‍රපටිය නරඹපු අයව සිනා සාගරයක ගිල්වන්න සමත් වුණා. 1965 වසරේදී බිහිවුණු “අල්ලපු ගෙදර” අධ්‍යෂණය කළේ එම්. මස්තාන් නම් දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරයෙක්.

2. කොළඹ සන්නිය

දොට්ට පිලට යන්න බඩ වැටියකට රිංගන අන්දරේට හම්බෙනවා නිලක්. ඕකට මැණික් සංස්ථාවෙන් රුපියල් කෝටියක්ම ලැබෙනවා. අතමිටත් සරු වෙච්ච එකේ, අන්දරේයි, ජාකොලිසුයි, අන්දරේගේ අක්කයි, දුවයි හතරදෙනාම යනවා කොළඹ පදිංචියට. පරණ පාර්ලිමේන්තුවටයි, ගලදාරි හෝටලෙටයි සාදුකාර දිදී මේ ගමන යන අතරතුරදී, මෙයාලා යන මොරිස් මයිනරේ වතුර ඉවරවෙලා ඒක මග හිටිනවා. ජාකෝලිසා කොහෙන්දෝ හොයාගත්ත රා මුට්ට්ටියක් වක්කරනවා ඒ වෙනුවට. ඊටපස්සේ වාහනේ යන්නේ රුවිතෙට. ෂහ්! මෙන්න මේ වගේ පණ යනකන් හිනාවෙන්න පුළුවන් විදියේ සිද්ධි ගොඩක් තියෙන චිත්‍රපටියක් තමයි කොළඹ සන්නිය.

1979 අවුරුද්දේ දිගහැරුණු කොළඹ සන්නිය චිත්‍රපටියේ ජෝ අබේවික්‍රම, දෙනවක හාමිනේ, ගීතා කුමාරසිංහ, දොන් සිරිසේන, සහ ෆ්‍රෙඩී සිල්වා වගේ නළු නිළියන් කිහිපදෙනෙක්ම රඟපෑවා. කොළඹ තියෙන යුරෝපීය ආරය හමුවේ, අන්දරේ ඇතුළු පවුලේ අයට මුහුණ දෙන්න වුණු අකරතැබ්බ ගැන මේ චිත්‍රපටිය පුරාවට දැකගන්න ලැබුණා. මේ සිනමාපටයේ “දුම් දම දම යන දුම් බර බාගේ දුම්බර දුම්බර දුම් බරබාගේ” ගීතය අදටත් අපි අතරේ හරිම ජනප්‍රියයි.

3. ඇර සොයිසා

හර්බට් රන්ජිත් පීරිස් මහත්මයා අතින්, 1984 අවුරුද්දේදී නිර්මාණය වුණු ඇර සොයිසා, ඉල ඇට කැඩෙන හිනාවලින් පිරුණු තවත් චිත්‍රපටියක්. බෝඩිමක නැවතිලා ඉන්න ගමන්, බෝඩිම් අයිතිකාරියගේ දුවගේ ආදරය දිනාගන්න නා නා විධ දහංගැට ගහන තරුණයෝ දෙන්නෙක් ගැන තමයි මේ සිනමාපටයේ තිබුණේ. ඉතින් සොයිසාත්, වඩිගපටුනත් තරගෙට වගේ දාන මේ උප්පරවැට්ටිවලට මැදිවෙන්න කාන්තිට සිද්ධ වෙනවා. ෆ්‍රෙඩී සිල්වා , විමල් කුමාර ද කොස්තා, දොන් සිරිසේන වගේ නළු නිළියන් කිහිපදෙනෙක්ම මේ චිත්‍රපටයේ රංගනයට දායක වුණා.

4. කෝලංකාරයෝ

හැඩට වැඩට ඉන්නට මට සැන් පව්ඩර් ගෙනත් දියව්

මඟුල් ගෙදර යන්නට මට බැල් බොටමක් මහල දියව්

ෆ්‍රෙඩී සිල්වා මහත්මයාගේ හඬින් ගැයෙන මේ සින්දුව ඇහෙද්දීම ඔයාලට මතක් වෙනවා ඇති මේ චිත්‍රපටිය මොකක්ද කියලා. ෆ්‍රෙඩී සිල්වා මහත්මයා වගේම,ජෝ අබේවික්‍රම, ගීතා කුමාරසිංහ, විමල් කුමාර් ද කොස්තා වගේ අය බොහොමයක් දෙනා කෝලංකාරයෝ චිත්‍රපටයේ රඟපෑවා. හොඳට හිනාවෙන්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේකත්. 1991දී තිරගත වුණු කෝලංකාරයෝ, සුනිල් ආරියරත්න සහ තිස්ස නාගොඩවිතානයන්ගේ අධ්‍යක්ෂණයේ සුසංයෝගයක්.

5. බහුබූතයෝ

කොන්ක්‍රීට් වනන්තරේ මිරිඟු සර්පයා – තහනම් ගෙඩියකට ‍රැවටිලා

කාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයා – මලක් නොදු‍ටු උන් වාගේ දැලේ පැටලිලා

මතකයි නේද සින්දුව? නන්දා මාලිනිය ගායනා කරපු මේ ගීතය තිබුණේ 2001 අවුරුද්දේ තිරගත වුණු බහුබූතයෝ චිත්‍රපටියේ.

ලස්සනට රැවටිලා යක්ෂණියක්ව ගෙදරට වද්දගෙන ලැන්ටියි, බන්ටියි කරගත්තේ හරිම අකරතැබ්බයක්. සේරමත් පැත්තකින් තියමු, දුම් ගහලවත් මේ යක්ෂණිව එළවගන්න බැරි එකනේ වැඩේ. පළාතටම ඉන්න චණ්ඩියා වුණු සක්කර ගුණේට තියා, මේ ලෝකෙට පාත් වෙච්ච දිව්‍ය ලෝකේ දෙයියෙක්ටවත් බැරිවෙනවා ඒ වැඩේ කරන්න. ඔය විදියට ගලාගෙන යන බහුබූතයෝ චිත්‍රපටියේ හිනාවෙන්න පුළුවන් කොටස් එමටයි. රොඩ්නි වර්ණකුල, මහේන්ද්‍ර පෙරේරා, පබෝධා සංදීපනී තමයි මේකේ ප්‍රධාන චරිත රඟපෑවේ.

6. සිකුරු හතේ

“මඟුලක් කතා කොරනවා"

අපේ කතාබහට මේ වචන පෙළ එකතු වුණේ සිකුරු හතේ චිත්‍රපටියෙන්. දෙබස් ඇතුළෙන් බොහොම ස්වභාවික විදියට සිනහව මතු කරන්න හැකියාවක් තිබුණු, විජය නන්දසිරි මහත්මයා තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑවේ. කපුකමෙන් ජීවිතය ගැටගහගන්න පුද්ගලයෙක්, තමන්ගේ දියණියට කසාදයක් හොයන විදිය සිකුරු හතේ සිනමාපටයේ කතා සාරයයි. සුසිලා කෝට්ටගේ, රොඩ්නි වර්ණකුල, හිමාලි සයුරංගි එහෙම රංගනයෙන් දාක වුණු මේ චිත්‍රපටිය තිරගත වුණේ 2007 අවුරුද්දේ.

7. මචං

“ජර්මනියට ගියාම සේරම අළුත්. මාත් අළුත්”

“ඔව් ඉතින්, උඹ මෙහෙදී කෙළවගත්ත හැටි එහේ උන් දන්නේ නෑනෙ”

කොමඩි චිත්‍රපටියක් විදියට එක එල්ලේම නම් කරන්න බැරි වුණත්, බලලා හොඳට හිනාවෙන්න පුළුවන් සිනමාපටයක් විදියට “මචං” හඳුන්වන්න පුළුවන්. මේකට පසුබිම් වුණේ ලංකාවේ සිදුවුණු ඇත්තම කතාවක් බව ගොඩක්දෙනා දන්නවත් ඇති.

එදිනෙදා වියදම ගැටගහගන්න, පොඩි පොඩි රස්සාවල්වල නිරත වුණු කණ්ඩායමක් ජර්මනියට යන්න උත්සහ කළා. ඒත් එක එක අඩුපාඩුකම් නිසා එයාලට ඒ වෙනුවෙන් ජර්මන් එම්බසියේ අනුමැතිය ලැබුණේ නැහැ. මෙන්න මේ හේතුව නිසා ලංකාවේ නැති හෑන්ඩ්බෝල් කණ්ඩායමක් හදාගෙන, ජර්මනියේ තියෙන හෑන්ඩ්බෝල් තරගයකට යන්න එයාලා පෙළඹෙනවා. සැලසුම තිබුණේ ජර්මනියට යන්න විතරක්ම වුණත්, නොහිතපු විදියට එහෙදි හෑන්ඩ්බෝල් සෙල්ලම් කරන්නත් ඔවුන්ට සිදුවෙනවා. මේ හැමදේම අවසානයේදී පොඩි කණ්ඩායම් විදියට බෙදුණු මේ පිරිස රටවල් කිහිපයකට හොර රහසේම මාරුවෙනවා.

2008 අවුරුද්දේ තිරගත වුණු මචං චිත්‍රපටියේ කතාව ඔය වගේ එකක්. ධර්මප්‍රිය ඩයස්, දර්ශන ධර්මරාජ්, සුජීව ප්‍රියලාල්, මහේන්ද්‍ර පෙරේරා වගේ රංගන ශිල්පීන් මේ සිනමාපටයේ චරිත නිරූපණය කළා. මේ කතාවට පදනම් වුණු ඇත්ත පිරිස ගැන, අදටත් කිසිම ආරංචියක් නැති බව තමයි කියැවෙන්නේ.   

8.  කිං හන්තර්

“මන්ත්‍රී හොඳයි. ඇමති හොඳායි"

විජය නන්දසිරි මහත්මයාගේ විකට රංගනය හරි අපූරුවට දැකගන්න ලැබුණු තවත් චිත්‍රපටියක් විදියට “කිං හන්තර්” හඳුන්වන්න පුළුවන්. බල අරගලය කියන දේට එදා මෙදා කියලා වෙනසක් නැති බව තමයි මේකෙන් කියවුණේ.

අවුරුදු 300කට වගේ කලින් ඇතිවෙන කැරැල්ලක් ඇතිවෙනවා. පුරෝහිතගේ අවවාද අනූව, රජතුමාගේ හැඩරුවම ඇති වෙනත් කෙනෙක්ව (රූකඩ රජෙක්) පාවිච්චි කරලා සතුරා පළවා හරින්නත්, ඇත්තම රජතුමා ගුහාවක දීර්ඝ නින්දකට පත් කරන්නත් තීරණය වෙනවා. ඒත් හිතට එකඟව මේ දේ කරන්න ඇත්ත රජතුමා කැමතිවෙන්නේ නැහැ. ඒ නිසා එතුමා පළා යනවා. අන්තිමට අර කලින් කිව්ව දීර්ඝ නින්දට යන්නේ රූකඩ රජතුමායි.

අවුරුදු 300කට පස්සේ අපි මේ ඉන්න අනාගතයේදී අවදිවෙන රූකඩ රජතුමා අද සමාජයේ තියෙන දේවල් එක්ක ගැටෙන විදියත් එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නේ. 2011 අවුරුද්දේ බිහිවුණු මේ චිත්‍රපටියේ මහේන්ද්‍ර පෙරේරා, අනර්කලී ආකර්ෂා වගේ නළු නිළියන් රැසක් රඟපෑවා.  

9. සුහද කොකා  

කාලෙකට උඩදී ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු එතුමා ටෙලිනාට්‍යය, ඇත්තටම අපට පෙරළි පෙරළි හිනාවෙවී බලපු ටෙලිනාට්‍යයක්. ඒකෙ ඉඳපු රාජ මන්ත්‍රී, සුමනසිරි, ලියන මහත්තයා, වික්‍රමසූරිය මාමා, සුමුදු වගේ චරිතවල මතකයන් ආයෙත් සැරයක් අලුත් කරන්න, 2015දී තිරගත වුණු “සුහද කොකා" චිත්‍රපටියට හැකිවුණා. ගිරිරාජ් කෞශල්‍ය මහත්මයා තමයි මේ සිනමාපටය අධ්‍යෂණය කළේ.

ඇත්තම කිව්වොත්, හොඳ විකට චිත්‍රපටියක් නම් කී සැරයක් බැලුවත් අවුලක් නැහැ;බලපු පළමුවෙනි සැරේ වගේම හිනා යනවා. ඔයාලටත් මතක් වෙන ඒ වගේ තවත් චිත්‍රපටි තියෙනවද? එහෙනම් පහළින් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide