බදුත් එක්කම රු. 15,000කට අඩු මුදලකට දැන් ඔබට සිංගප්පූරුව‍ට ගොස් ආපසු එන්න පුළුවන්. මේක ඇත්තෙන්ම ජීවිතය වෙනස් කරන කාරණයක්. ලාංකිකයකු‍ට වීසා නැතිව යන්න පුළුවන් මේ මිහිපිට තිබෙන ලෝකයේ තිබෙන එකම ර‍ට සිංප්පූරුවයි.
ඒ රට ගැන ඔබේ හැඟීම් කොහොම වුණත්, ඒ රට ලෝකය සමග හොඳින් බැඳුණු එකක්. ඉතින් ඔබ එහි ගියාම ඔබට පුළුවන් මුළු අග්නිදිග ආසියාවම එක්ක පහසුවෙන් සම්බන්ධ වන්න. බුරුමයට අඩු වියදම් ගුවන් සේවා. ඉන්දුනීසියාවට මුහුදු යාත්‍රා. මැලේ සියාවට හා තායිලන්තයට බස්. ගමන් බිමන් යන්නත් ව්‍යාපාර කරන්නත් ලෝකයක්ම ඔබ ඉදිරියේ විවෘත වෙලා.

එහි සිට ලෝකයේ විවිධ තැන්වලට විශ්වාස කළ නොහැකි අන්දමේ ගුවන් ගමන් මිළ ගණන් පිරිනැමෙනවා. ලන්ඩනයට රු. 60,000යි. මෙල්බෝනයට ඊටත් අඩුවෙන්. කෙසේ වෙතත්, මේ මිළ ගණන්වලට බදු ඇතුළත් වන්නේ නැහැ. සමහර ගුවන් සේවාවන් විසින් පිරිනමන ගුවන් ගමන්වලදී වෙහෙසකර හුවමාරුවීම් එහෙමත් තිබෙනවා. ඉතින් කොහොමද, ටයිගර් එයාවේස් වෙනස් වන්නේ?

පසුගිය වසර තුළ මම පස්වරක්ම ටයිගර් එයාවේස් ගුවන් යානාවලින් සිංගප්පූරුවට ගොස් පැමිණියා. මගේ අත්දැකීම මෙයයි. ඔවුන්ගේ මිළ ගණන් ඇත්ත. ඔබට නවීන, කාර්යක්ෂම, සුවපහසු ගුවන් යානයකින් සේවාව ලබාගන්න පුළුවන්. රු. 15,000 ටිකට් පත් ලබාගන්න නම් ඔබ සති දෙක තුනක‍ට කලින් ආසන වෙන් කර ගත යුතුයි. සාමාන්‍යයෙන් මම කරනවා වගේ අවසන් මිනින්තුවේදී කළත් ඔබේ ‍ටිකට් පත රු. 25,000ට වඩා මිළෙන් අඩුයි.

ඊළඟට අඩුම මිළ ටිකට් සපයන ශ්‍රී ලංකන්ගේ ගිහින් ආපසු එන ටිකට් පතක මිළ රු. 45,000යි. ලොකු වෙනසක්. ටයිගර් එයාවේස් ගුවන් සේවාව ඇති හැකි නොවන සාමාන්‍ය මිනිස්සුන්ටත් සිගප්පූරුව හා ගිනිකොණදිග ආසියාව විවෘත කර දෙනවා.
ඔබ ගෙවන්නේ අඩු මිළක් වුණත්, ඔබට ඇත්තෙන්ම විශිෂ්ට ගුවන් ගමන් අත්දැකීමක් ලැබෙනවා. ගුවන් තොටුපලට පිවිසීම හා ගුවන් යානයට නැගීම ඉක්මන්. සේවාවන් විනීතයි; කාර්යක්ෂමයි. මගේ ගුවන් ගමන් හැම එකක්ම කලට වේලාවට සිදු වුණා. යානය තුළදී ඔබට ඔබේ කෑම බීම වෙනුවෙන් ගෙවන්න සිදු වෙනවා. හැබැයි ඉතින් පැය තුනක ගුවන් ගමනකදී කාටද කන්න ඕනැ? ගුවන් යානය විසින් විනෝදාස්වාද සේවාවන් සපයන්නේ නැහැ. නැවතත් කියනවානම්, පැය තුනක ගුවන් ගමනකදී ඔබට පුළුවන් එක්කෝ පොතක් කියවන්න‍; නැතිනම් ලැප්ටොප් එකක්‍‍ ගෙනයන්න.

සෝබනයනැහැ වගේම, මෙම ගුවන් සේවාවේ දුෂ්කරතාත් නැහැ. ඕනෑම ගුවන් යානයක අඩු මිළ පංතියේ තිබෙන, සාඩින් ටින් එකක් තුළ සේ තදබද ලෙස අසුරා තිබෙන ආසන වගේම තමයි, මෙහි ආසනත්. ඒවා පොඩි නැහැ. ගුවන් යානා අලුත්. ඒ නිසා ආරක්ෂිතයි. ඔබේ අඩු මිළ ටිකට් පත යටතේ ඔබට කිලෝ දහයක ගමන් බඩු ගෙන යන්නත් පුළුවන්. කෙටි ගමනකට ඕනෑවටත් වඩා වැඩියි.

තවත් වැදගත් කාරණයක් තමයි, ටයිගර් එයාවේස්හි අන්තර්ජාලය හරහා ගුවන් තොටුපලේ ලියාපදිංචි වීමේ සේවාව එයා ඒෂියාට වඩා පාවිච්චිය පහසුයි. (එයා ඒෂියා දැන් ලංකාවට ගුවන් ගමන් නවත්වලා.) පිටත් වන හා පැමිනෙන වේලාවන් ඒ තරම් හොඳ නැති වුණත්, ඔබට කොළඹින් මධ්‍යම රාත්‍රියේ පි‍ටත් වෙලා, නින්දක් නිදාගෙන ගිහින්, උදය සුපිපුණු මලක් වගේ පාන්දර පහෙන් පසු සිංගප්පූරුවට ගොඩබහින්න පුළුවන්.

මෙය ඉතා සුමුදු අත්දැකීමක්. ගෝලීයකරණය වූ සිංගප්පූරුවට මෙතරම් ඉක්මණින්, පහසුවෙන් හා ලාබෙට යන්න ලැබෙන එක වාසනාවක්. එයා ඒෂියා නැති නිසා දැන් සිංගප්පූරුවට තිබෙන ලාභදායී සම්බන්ධතා පුරුක තමයි, ටයිගර් එයාවේස්. අවංකව කීවොත්, මෙය රු. 12,000ක ඉන්ධන දවමින්, පැය හතරක්, පහක් තිස්සේ නුවරඑළි යනවාට වඩා ලාභයි වගේ. අපි මේ ගුවන් සේවාව ඉහළින්ම නිර්දේශ කරනවා.

මතක තබා ගන්න, හැම අඩු මිළ ගුවන් සේවාවක වගේම මෙහිත් බර බෑග් ගෙන ගියොත් හෝ ආහාර, බ්ලැන්කට්ටු ආදිය ඇණවුම් කළොත් මිළ වැඩි වෙනවා. ඒ නිසා බර අඩු බෑගයක් අසුරාගෙන, ගුවන්ගත වෙන්න පෙර බඩ පිරෙන්න කාලා, තමන්ගේම බ්ලැන්කට්ටුවකුත් අරගෙන යනවානම් සැබැවින්ම මිළ අඩුයි. කිලෝමීටර් 2000ක් දුර සිංගප්පූරුවටම රු. 15,000ක් වෙද්දී, කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කටුනායක ගුවන් තොටුපළට යන්න රු. 2500ක් ගෙවන එක මිළ වැඩියි වගේ දැනෙනවානම් ගුවන් තොටුපල බසයෙන් යන්න. චැංගි ගුවන් තොටුපළේ ඉඳලා උමං දුම්රියෙන් යන්න පුළුවන්.

ඉහත තිර රූපය www.tigerairways.com වෙතිනි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide