ඉස්කෝලේ යන කාලේ අපි හොරෙන් කියවපු ‘මල් පොත්’.

මුතු බෙලි අක්කා සහ නගෝ හත් දෙනා, පුංචි තණකොල පෙත්තාගෙන් පටන්ගත්ත අපේ පොත් කියවිල්ලේ ආසාව, මඩොල් දූව, අඹ යාලුවෝ, වගේ  පොත්වලින් දෙගුණ තෙගුණ වුණා. බස්තියන්ගෙ සොහොන, සොල්දාදු ළමයි, සිරිමල්ගේ වික්‍රම වගේ පොත්පත් කියවද්දී, අපි හිටියේ නව යොවුන් වයසේ (අර ඉස්කෝලේ සෞඛ්‍ය උගන්නන මිස් කියනවා වගේ කුණාටු වයසේ). ඉතින් පොත් කඩේකට, පුස්තකාලෙට එහෙම ගියාම රතු රෝස මල්, ගැහැණු ළමයි, හින්දි නිළියන් ඉන්න පිටකවර තිබුණු නවකතාවලට අපේ ඇස් යොමුවුණේ ඉබේටම.

“ගෙදරදී කියෙව්වොත් අම්මා බනී, ඉස්කෝලේදී කියෙව්වොත් ටීචර් බනී” වගේ තත්ත්වයක් තමයි මේ පොත්වලට තිබුණේ. මේ නිසා ගොඩක් වෙලාවට අපේ කට්ටිය මේවා කියෙව්වේ පාඩම් පොත් අස්සේ හංගාගෙන. ඒ නැත්තන් ඉස්කෝලේ ඩෙස්ක් එක අස්සේ දාගෙන.

ඔන්න ඉතින් අපේ යොවුන් වයසේදී කියවපු ඒ වගේ පොත් ටිකක් මතක් වෙන්නත් එක්ක අපි ලැයිස්තුවක් හැදුවා. එහෙනම් බලන්නකෝ, මේවයින්  කීයක් ඔයාටත් මතකයිද කියලා.

1. චාතුර්යා

ෂහ්! තේමියගෙයි, චාතුර්යාගෙයි ආදර කතාව. චාතුර්යා 1,2,3,4,5,6 කියලා කොටස් හයක් තිස්සේ කියැවුණු මේ කතාව, එඩ්වඩ් මල්ලවාරච්චි මහත්තයා තමයි රචනා කළේ.

කතාවේ හැටියට නම් තේමිය බොහොම සල්ලිකාර කොල්ලෙක්. චාතුර්යා ඒකේ අනිත් පැත්ත; හරිම දුප්පත්. මොකක්දෝ හේතුවකට මේ දෙන්නා මුණගැහෙනවා. ඉතින් පවුල් පසුබිම්වල ප්‍රශ්න නිසා මේ සම්බන්ධෙට බාධාවල් එමටයි. ඕවා සේරම මැඩගෙන දෙයියනේ කියලා දෙවැනි පොත අහවර වෙද්දී දෙන්නා කසාද බඳිනවා. ඊටපස්සේ තේමියට තියෙන මොකක්දෝ අපලයකින් මිදෙන්න, ඉන්දියාවට ගිහින් පූජාවක් කරගන්නත් මෙයාලට සිද්ධ වෙනවා. මේ විදියට ගලාගෙන යන කතාවේ ඉන්න ක්‍රිෂාන් සහ මාටිනස් කියන චරිත දෙකත් අපට අමතක කරන්න බැහැ. තේමියගේ ඕනේ වැඩකට සපෝට් එකට ඉන්න යාළුවො දෙන්නා තමයි ඒ.

“ආදරේට දුප්පත් පෝසත් භේදයක් නෑ බං” කියලා ඉස්සර පණ්ඩිත කතා කියපු අපේ හුඟක් උදවිය උදාහරණයට ගත්තේ මේ පොත. පස්සේ කාලෙකදී මේ කතාව ටෙලිනාට්‍යයක් විදියටත් විකාශය වුණා ඔයාලට මතක ඇති.

2. තිසුරි

සුනිල් හේමසිරි පෙරේරා මහත්මයාගේ අතින් ලියවුණු “තිසුරි", කොටස් තුනක් ඔස්සේ ගලාගෙන ගිය ආදර කතාවක්. මේකත් දුප්පත් කෙල්ලකුයි, පොහොසත් කොල්ලෙකුයි අතරේ වෙන ආදර හුටපටයක්. මේ දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නේ ඉස්කෝලේ යන කාලෙදීමයි. ඒත් ඉතින් කොල්ලා ලොකු පවුලක කෙනෙක් නිසා, නා නා ප්‍රකාර ප්‍රශ්නවලට මේ දෙන්නට මුහුණදෙන්න වෙනවා. මේවා නිසා කොල්ලා කාලයක් රටත් ගිහින් ඉන්නවා. දුප්පත්කම නිසා තිසුරිව තරමක් වයස මුදලාලි කෙනෙක්ට කසාද බන්දන්නත් තීරණය වෙනවා.

කොහොමින් කොහොමහරි මේ සේරම බාධකවලට මුහුණදීලා දෙන්නට ගෙවල්වලින් ආශිර්වාදය හම්බෙනවා. කොල්ලා වෛද්‍යවරයෙක් වෙන්නත්, කෙල්ල නීතිඥවරියක් වෙන්නත් පොරොන්දු වීමත් එක්කම කතාවත් අහවර වෙනවා.

3. ගොළු හදවත

“ළමා වියත්, යොවුන් වියත් අතර – මල් මෙන් පියකරු, කුරුල්ලන් මෙන් නිදහස් ජීවිතය රසබරය; විචිත්‍රවත් ය; වර්ණවත් ය. මේ රසබර වූත් වර්ණවත් වූත් ජීවිතයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් ද අනුරාගයෙන් ද පෝෂිත වූ ළපටි සිතක පහළ වන රසවත් හැඟීම් මුළු ජීවිත කාලයේ ම උපුටා දැමිය නොහැකි තරම් ශක්තිමත් ව හා ස්ථීර ව පැළපදියම් වීම ස්වභාවික න්‍යායකි.”

ගොළු හදවත පොතේ ආරම්භයේදී ම දකින්න ලැබෙන මේ වචන පෙළ යොවුන් විය ගැන හරි අපූරු අර්ථකතනයක් දෙනවා. ආදරය ගැන අංශු මාත්‍රයක්වත් නොදැන හිටි අපේ හුඟක් අයට, ඒ ගැන කියලා දුන්නු පළමුවෙනි පොත තමයි කරුණාසේන ජයලත් මහත්මයාගේ “ගොළු හදවත”. ඒ නිසාමද කොහේදෝ දම්මිගෙයි සුගත්ගෙයි ආදර කතාව අදටත් අපට හොඳට මතකයි.

දඟකාර කෙල්ලෙක් වුණු දමයන්ති (දම්මි), ඉස්කෝලෙට අලුතෙන් ආව තැන්පත් කොල්ලෙක් වුණු සුගත් එක්ක මිත්‍ර වෙනවා. මේ මිත්‍රකම වැඩි කල් නොයාම ආදරේකට පෙරළෙනවා. ඒත් විභාගේ අන්තිම දවසේදී දම්මි සුගත්ට කියන්නේ තමන් ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලයි. ආදරය අහිමි වුණු සුගත්, පස්සේ කාලෙකදී චම්පා කියලා තරුණියක් එක්ක විවාහ වෙනවා. ඒත් දම්මි ගැන මතකය ඔහුගෙන් ඈත් වෙන්නේ නැහැ. පස්සේ කාලෙකදී සුගත්ව හොයාගෙන එන දම්මි, ඔහුගෙන් සමාව ඉල්ලනවා.

ආදරය වගේම විරහව හරි අපූරුවට විස්තර කරපු ලස්සනම ආදර කතාවක් තමයි මේ. ඇත්තම කිව්වොත්, පාසල් ප්‍රේමයේ සුන්දර බව මේ තරම් අගේට ලියපු වෙනත් පොතක් නැති තරම්. 1969 අවුරුද්දේදී මේ කතාව චිත්‍රපටියකටත් නැඟුණේ ඒ නිසාම වෙන්න ඇති.

4. බොඳ මීදුම්  

සංසලාගේත්, ධනුකගේත් ආදර කතාව ගැන කියන බොඳ මීදුම්, සුජීව ප්‍රසන්න ආරච්චි මහත්මයා ලියපු පොතක්. දුප්පත්, පෝසත් පවුල් දෙකක් අතරේ වුණු ආදර පලහිලව්වක් තමයි මේකෙත් තියෙන්නේ. පොත් තුනක් ඔස්සේ මේ ආදරේ ලියවිලා තිබුණා.

තාත්තගේ වත් පොහොසත්කම තරමක් ඔළුවට අරගෙන හිටපු සංසලා, තමන්ගේ තාත්තා යටතේ වැඩකරන්න ආව දුප්පත් ධනුකව තඹේකට මායිම් කළේ නැහැ. ධනුක හිත යටින් සංසලාට ආදරේ කළත්, ඒ බව ලෝකෙට නොපෙන්වන්න වගබලාගත්තා. හැබැයි පස්සේ පස්සේ සිද්ධ වෙච්ච එකඑක දේවල්වලින් මේ දෙන්නට දෙන්නා ආදරේ කරන්න පටන්ගන්නවා. ඔය අතරේ තමයි කොඳු ඇට පෙළේ ප්‍රශ්නයක් නිසා සංසලා ඔත්පළ වෙන්නේ. ඒත් ධනුක සංසලාව විවාහ කරගන්නවා. ප්‍රතිකාරවලට සංසලාව ඉන්දියාවට ගෙනියන්නත් සිද්ධ වෙනවා. ඒ අතරේ, ධනුක ලංකාවේ ඉඳන් ඒ දෙන්නට ජීවිතයක් ගොඩනගනවා. ඔන්න ඔහොමයි මේ කතාව ගලාගෙන ගියේ.

එක්තරා අවුරුද්දක සමීක්ෂණයකින් හෙළිවුණු විදියට, ඒ අවුරුද්දේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව වැඩිපුරම කියවලා තිබුණු පොතත් මේක ලු. පස්සේ කාලෙකදී මේක ටෙලිනාට්‍යයක් වෙන්නත් ඇත්තේ ඒ ජනප්‍රියත්වය නිසා කියලා කියන්න පුළුවන්.

5. වර්ෂා

පොතක් ඇර පොතක් කියෙව්වත්, කතාවේ වෙන්නේ මොකද්ද කියලා නිච්චියටම කියන්න පුළුවන් නවකතාවක් තියෙනවා නම්, ඒ තමයි වර්ෂා. මේක මේ පොත් දෙක තුනක් එහෙම නෙවෙයි, දැනටම පොත් 14ක්!!! (තවත් ඒවා ඇවිල්ලා තියෙනවා නම් පොඩ්ඩක් අපට කමෙන්ට් එකක් දාන්න හොඳද). සුජීව ප්‍රසන්න ආරච්චි මහත්මයා තමයි මේ පොත් පෙළත් ලිව්වේ.

වර්ෂාගෙයි, විමුක්තිගෙයි ආදරේ තමයි මේ පොත් පෙළ පුරාවටම තියෙන්නේ. මේකේ වර්ෂා දුප්පත්, විමුක්ති පෝසත්. අනිත් දේ තමයි මේ දෙන්නා ඇවැස්ස නෑනා, මස්සිනාලා. තාත්තා නැතිව උස් මහත් වුණු වර්ෂාට අම්මව අහිමි වෙන්නේ හරිම තරුණ වයසේදී. ඉතින් කොළඹ ඉන්න මාමගේ ගෙදර නැවතිලා ඉන්න ගමන්, තමන්ගේ ඇවැස්ස මස්සිනා වුණු විමුක්තිගේ පොත් කඩේ වැඩ කරද්දී තමයි දෙන්නගේ නෑකම් ආදරේකට පෙරළෙන්නේ (කතාව එතැනට එන්නත් කොහොමහරි පොත් හතරක් නාස්ති වෙනවා).

මේ සම්බන්ධෙ විමුක්තිගේ ගෙදරින් දැනගත්තම දෙන්නටම විසුමක් වෙන්නේ නැහැ. විමුක්තිගේ අම්මා වර්ෂාව ගෙදරින් පන්නලා දානවා. ඊටපස්සේ ඒ කෙල්ල අනුරාධපුර පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර ඉද්දී තමයි දැනගන්නේ තමන් ගැබ්බර වෙලයි කියලා.

ඔයින් මෙයින් ඔන්න තවත් කතාව සංකීරණ වෙනවා. දැනටත් මේ කතාව ඉවරයිද කියන්න නම් අපි ඇත්තටම දන්නේ නැහැ. ඒ නිසා දන්නා කෙනෙක් ඉන්නවා නම්, ඒකත් කමෙන්ට් එකක් දාන්න හොඳද.

6. ඕලු

ගුරු සිසු ප්‍රේමයක් ගැන කියැවෙන “ඕලු” පොත් පෙළ ලිව්වේ කුමාර කරුණාරත්න මහත්මයයි. පොතේ සඳහන් වෙන හැටියට නම්, ඕලු කියන්නේ කැලේ පිපුණු මලක් වගේ ලස්සන, අහිංසක කෙල්ලක්. රෝයල් කොලීජියේ ඉගෙනගත්ත අසංග පොළොවේ පය ගහපු හොඳ කොල්ලෙක්. ඔහු ගුරු පත්වීමක් හදාගෙන ඕලු ඉගෙනගන්න ඉස්කෝලෙට එන්නේ, ගමක ඉන්න දුප්පත් ළමයින්ට උදව්වක් කරන්න තියෙන ආසාව නිසාමයි.

කාලය ගෙවිලා යද්දී ඕලු ත් අසංග ත් ආදරෙන් වෙළෙනවා. කොළඹින් ඇවිත් ගමේ කෙල්ලක්ව දැලේ දාගත්තා ය කියලා අසංගට එරෙහිව කැලෑ පත්තරත් වදිනවා. ඒ විතරක් නෙවෙයි, ගමේ ළමයින්ට උදව්වක් වෙන්න දාපු ඉංග්‍රීසි පන්තිය දිහා වපර ඇහින් බලන ගැමියන්, පොලිසියට ඔත්තුව දෙන්නේ අසංග ජේ.වී.පී පන්ති පවත්වනවයි කියලා. මේ නිසා පොලිස් අත්අඩංගුවට පත්වෙන්නත් ඔහුට සිද්ධ වෙනවා.

පොත් පහක් තිස්සේ ගලාගෙන යන මේ  කතාව, පස්සේ කාලෙකදී ටෙලිනාට්‍යයක් බවටත් පත්වුණා ඔයාලට මතක ඇති.

7. සුළඟ වගේ ඇවිදින්

“මම ගෙදරින් එළියට බහිනකොටත් හත පහුවෙලා. දැන් මහරගමට ගිහින් අල්ලන්න වෙන්නේ ස්කූල් බස් එකේ වලිගේ තමයි. ජයරත්න එක ඉස්සරහට ඇවිත් බැලුවා. බේතකටවත් අපේ එකෙක් ඉඳියි ද කියලා.

එකෙක්වත් නෑ…

දැන් ඉතින් තනියම කාපංකෝ ටින්කිරි…”

දිනේෂ් කොළඹගේ ලියපු “සුළඟ වගේ ඇවිදින්” නවකතාව පටන්ගන්නේ ඔන්න ඔය විදියට. එදිනෙදා අපි කතාබහ කරන සරල භාෂාවකින් ලියවිලා තිබුණු නිසාදෝ හෝ, ජීවිතේට පොතක් නොකියවපු උන්දැලා පවා මේක කියෙව්වා.

ඉස්කෝලේ යන කාලෙදී ම ආදරය කරන්න පටන්ගත්ත අරුණි, මාලින්ද කියන චරිත වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. අරුණි මාලින්දට වඩා තරමක් වැඩිමල්. අරුණි ගැන බලාපොරොත්තු තියාගෙන ඉඳපු තවත් කොල්ලෙක් හිටියා. එයාගෙන් වගේම, අරුණිගේ ගෙදරිනුත් මේ දෙන්නට හරි හරියට ප්‍රශ්න ආවා.

කතාවේ අන්තිම හරියේදී අරුණි අසනීප වෙලා මිය යනවා. ඒ හරියටම මේ දෙන්නගේ කසාදය සිද්ධ වෙන්න තියෙන දවසේ. ඒ කොහොම වුණත්, අක්කලාට ප්‍රේම කරපු අපේ මල්ලිලා එහෙම හිත හදාගත්තේ මේ පොත කියවලා තමයි.

8. වස්සාන සිහිනය  

Image Credits : freesinhalanovels.com

තර්ස්ටන් විද්‍යාලේ ඉගෙනගත්ත කසුන්ගේත්, මියුසියස් විද්‍යාලේ ඉගෙනගත්ත චාපාගේත් ආදර කතාව ලිව්වේ උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයයි. ඒ “වස්සාන සිහිනය” නවකතාවෙන්.

මේ කතාවෙත් කෙල්ල බොහොම පොහොසත්. කොල්ලා ගමේ ඉපදිලා, ඉගෙනගන්න කොළඹට ආව කෙනෙක්. චාපා හිටියේ එයාගේ නැන්දයි මාමයි ළඟ. මොකද චාපාගේ අම්මයි තාත්තයි නිතරම හිටියේ පිටරට නිසා.

රොහාන් කියන්නේ චාපාගේ මස්සිනා. මේ දෙන්නගේ විවාහය ඒ වෙද්දීත් තීන්දු වෙලයි තිබුණේ. රොහාන් කොහොම වෙතත්, චාපාගේ හිතේ නම් රොහාන් ගැන කිසිම ආදරයක් තිබුණේ නැහැ. ඇයට කසුන්ව මුණගැහුණේ මේ අතරෙදීයි.

චාපා-කසුන්-රොහාන් කියන තුන්කොන් ආදර කතාව තමයි වස්සාන සිහිනය පොතෙන් අපට කියවන්න ලැබුණේ. චිත්‍රපටයක් විදියට වගේම, පස්සේ කාලෙකදී ටෙලිනාට්‍යයක් විදියටත් මේක ජනප්‍රිය වුණා.

9. දයාබර නෝටි

මේකත් අර “සුළඟ වගේ ඇවිදින්” පොතේ ශෛලියෙන්ම ලියවුණු එකක්. යෞවන සමින්ද රත්නායක ලියපු මේ පොතෙත් කොටස් තුනක් තියෙනවා.

“නෝටි” කියන්නේ සල්ලිකාර පවුලක දඟකාර, කටකාර කොල්ලෙක්. ඉඳලා හිටලා කරන පෝරිසාද වැඩ අස්සේ, තමන්ගේ ආදරය හොයාගන්න හැටි තමයි මේ නවකතාවේ තිබුණේ.

10. ලෝචනා  

මට මතක විදියට “ලෝචනා” මුලින්ම පළවුණේ දිවයිනේ ඉරිදා අතිරේකය වුණු මීවිත පත්තරේ. කොටස් විදියට පළවුණු මේ කතාව පස්සේ කාලෙකදී පොතක් වශයෙන් නිකුත් වුණා.

ලෝචනා කියන්නේ දේශපාලන පසුබිමක් ඇති, ඉහළ සමාජ මට්ටමේ පවුලක කෙල්ලක්. විශ්‍රාම ගිය විදුහල්පතිවරයෙක්ගේ එකම පුත්‍රයා වුණු කෝසල, සාමාන්‍ය පවුලක කොල්ලෙක්. දඟකාර ලෝචනා, තමන්ගේ වාහනය කෝසලගේ බයිසිකලයත් එක්ක හප්පන්නේ සෙල්ලමට වගේ. හැබැයි නොහිතපු විදියට කෝසලට ඒකෙන් තුවාල වෙනවා. විහිළුවෙන් ඇස් රතු කරගත්ත ලෝචනා මේ ගැන සෑහෙන්න පසුතැවිලි වෙනවා. බලෙන්ම වගේ කෝසලට උදව් කරන්න ඇය පෙළඹෙන්නේ ඒ නිසයි.

ඔය විදියට පටන්ගන්න මේ දෙන්නගේ ඇඳුනුම්කම, වැඩිකල් නොගිහින්ම ආදරයකට පෙරළෙනවා. තවත් මන්ත්‍රී පවුලක තරුණයෙක් වුණු ජන්තු එක්ක දීග යන්න තීන්දු වෙලා තිබුණත්, ලෝචනා ඒක ගණන් නොගෙන කෝසලත් එක්ක පැනලා යනවා. ඒත් තමන්ගේ බලය පාවිච්චි කරලා නැවත ඔවුන්ව හොයාගන්නත්, බලෙන්ම ඇයව කසාද බැඳගන්නත් ජන්තු සමත් වෙනවා. විරහ වේදනාවෙන් ඉන්න කෝසල විදේශගත වෙනවා.

මේ විදියට ගලාගෙන යන කෝසලගේත්, ලෝචනාගේත් ආදර අන්දරය ලියවුණේ චන්ද්‍රසිරි දොඩංගොඩ මහත්මයා අතින්. මේකත් ටෙලිනාට්‍යයක් විදියට දැකගන්න අපට අවස්ථාව ලැබුණා.

ඇත්තම කිව්වොත්, එකක් දෙකක් ඇරෙන්න, මේවයින් බොහොමයක් ඒවා බොළඳ ප්‍රේම කතා (අර මල් පොත් කියන ජාතිය). ඒ වුණාට ඉතින් යෞවනයේ එළිපත්ත උඩ ඉඳපු අපේ හුඟක් අයට, ඒ කාලේ මේවා සිරා ලව් කතා. පාඩම් පොත් අස්සේ හංගගෙන කියවපු මේ වගේ තවත් නවකතා ඔයාලගේ මතකෙට එනවා ඇති. ඒවාත් පහළින් කමෙන්ට් එකක් දාන්නකෝ හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide