ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය.

සුබ දිනයක් අපේ ක්‍රීඩා ලෝලී ප්‍රිය මිතුරු මිතුරියන් සැමට. අද අපි ඔබ සමග එක්වෙන්නේ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයේ දියත් කරන ක්‍රිකට් සංග්‍රාමය තොරතුරු දැනගැනීමටයි.  ඔක්තෝබර් මස 29 වැනිදා සිට නොවැම්බර් මස 23 දක්වා අප්‍රිකානු තරග බිමේ දියත් වන මේ හටනට සිම්බාබ්වේ කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකක් සහ සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තුන්කොන්  එක්දින ක්‍රිකට් තරගාවලියක් ඇතුලත් වෙනවා.

@ZimCricketv‘s Test series at home to @OfficialSLC is inching closer and closer. Thereafter its the triseries featuring @westindies #aweee pic.twitter.com/Zzqmd8WKL6

— Zimbabwe Cricket (@ZimCricketv) October 19, 2016

ශ්‍රී ලංකා කණ්ඩායම

මෙදා පාර සංචාරය ටිකක් වෙනස් මුහුණුවරක් ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධිත ක්‍රීඩකයින් රැසක් සිටින නිසා නවක ක්‍රීඩකයින් කිහිපයකට ම අවස්ථා මේ සංචාරයේ ලැබිල තියෙනවා. විශේෂයෙන් කණ්ඩායමේ වේග පන්දු බලඇණිය අඩාල වී ඇති බවක් තමයි පේන්න තියෙන්නේ. නායක ඇන්ජලෝ මැතිව්ස් ඕස්ට්‍රේලියානු එක්දින තරගාවලියේ සිව්වැනි තරගයේ ඇතිවූ කෙණ්ඩයේ ආබාධය හේතුවෙන් තවමත් ක්‍රීඩා කිරීමට නොහැකි ව සිටිනවා. ඔහු මුළු සංචාරයට ම ක්‍රීඩාකිරීමට නොහැකි වෙනු ඇති. ඒවගේම උපනායක දිනේෂ් චන්දිමාල්ට ද සිම්බාබ්වේ සංචාරය අහිමි වෙන්නෙ වෙළෙඳ කණ්ඩායම් අතර ක්‍රිකට් තරගයකදී මහපට ඇඟිල්ල කැඩීමකට ලක්වීම නිසා. වේග පන්දු යවන නුවන් ප්‍රදිප්ද කලවේ ආබාධයක් නිසා මේ සංචාරයට ඇතුළු වන්නේ නැහැ. ධම්මික ප්‍රසාද් සහ දුෂ්මන්ත චමීර තවමත් ආබාධිත තත්වයේ පසුවෙනවා.

මේ නිසා මේ තරගාවලිය සඳහා ප්‍රවීන ක්‍රීඩක රංගන හේරත් කණ්ඩායම් නායක ලෙස නම් කර තිබෙනවා. ඔහු ටෙස්ට් වරම් ලැබී අවුරුදු 17කට පසුවයි මේ තැන ලැබිල තියෙන්නෙ. ඒ වගේම පන්දු යවන්නෙකුට නායකත්වය ලැබෙන්නෙ ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි වතාවටයි.

රංගන හේරත්ට අමතරව දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් දඟපන්දු යවන්නන් ලෙස කණ්ඩායමේ සිටිනවා.වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ටෙස්ට් වරම් ලබාගනු ඇති. ගමගේ ත්‍රිත්ව විද්‍යාලයටත්, 19 පහල කණ්ඩායමටත් දක්ෂතා පෙන්වපු ක්‍රීඩකයෙක්. මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයෙන් පැමිණ SSC සමාජයට ක්‍රීඩා කරන කසුන් මදුශංකත් කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා. ඔහු පළමු පෙළ තරග 48කදි විකට් 136 ලබාගත් ක්‍රීඩකයෙක්.

ඇන්ජලෝ මැතිව්ස්ගේ පිතිකරු තැනට උපුල් තරංග නැවතත් කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා. සහ මැද පෙළ පිතිකරු අසේල ගුණරත්නත් මේ තරගාවලියේ තම ටෙස්ට් වරම් ලබාගනු ඇති. ගුණරත්න යුධ හමුදා කණ්ඩායමේ 42.77 සාමාන්‍යයක් පවත්වාගෙන යන අතර පන්දු යවන්නත් දක්ෂයෙක්. දිමුත් කරුණාරත්න පිතිකරු ලයිස්තුවේ සිටින අතර නිරෝෂන් දික්වැල්ල කඩුලු රකින පිතිකරුවෙක් ලෙස එකතු වෙනවා.

සම්පුර්ණ කණ්ඩායම: රංගන හේරත්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ලහිරු ගමගේ, අසේල ගුණරත්න, දිමුත් කරුණාරත්න, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, තිලිණ මධුශංක, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, කෞෂාල් සිල්වා.

 

සිම්බාබ්වේ කණ්ඩායම

සිම්බාබ්වේ කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායම වගේම පෙරලිකාර කාලයක පසුවෙනවා. එනමුත් ඔවුන්ද නැවතත් නැගී සිටීමට අවස්ථාවක් ලෙස මේ ශ්‍රී ලංකා සංචාරය සලකන බව ඔවුන්ගේ නායක ග්‍රැහැම් ක්‍රේමර් පැවසුවා.

සිම්බාබ්වේ කණ්ඩායමටත් ආබාධ ප්‍රශ්ණ තියෙනවා. වේග පන්දු යවන ටෙන්දයි චටරා, ටිනාශේ පන්යන්ගාරා සංචිතයේ නැහැ. පිතිකරුවන් වුසි සිබන්ඩා සහ චාමු චිබාබාද එකතුකරගෙන නැහැ. ඒ වෙනුවට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට අවස්ථා ලබා දී තිබෙනවා.

නායක ග්‍රැහැම් ක්‍රේමර් 2005දී ටෙස්ට් වරම ලැබූ පරිණත ක්‍රීඩකයෙක්. ඔහු දක්ෂ පිතිකරුවෙකු වගේම පා දඟ පන්දු යවන්නෙක්ද වෙනවා. හැමිල්ටන් මසකඩ්සා කියන්නේ සිම්බාබ්වේ පිලේ දක්ෂතම පිතිකරුවා කිව්වොත් වැරදි නැහැ. පෙර පාදයේ පහරවල් හොඳින් ප්‍රගුණ කර තිබු මොහු දැන් හුක් සහ පුල් පහරවල්වලටද දක්ෂතා පෙන්වනවා. පීටර් මුවර් කියන්නේ නවක ක්‍රීඩකයෙක්. ඔහු තමයි කඩුලු රකින්නා. ඔහුගේ පිතිහරඹය විරේන්ද්‍ර සේවාග්ට සමාන බව පැවසෙනවා. බ්‍රයන් චාරි කියන්නේ කණ්ඩායමේ නවක පිතිකරුවෙක්. ඔහුට මගපෙන්වන්න සිකන්දර් රාසා වැනි ක්‍රීඩකයින් ඉන්නව. දැන් අවුරුදු තුනක් පමණ ඔහු කණ්ඩායමේ සිටී අතර පිතිකරණයෙන් දක්ෂතා පෙන්වා තිබෙනවා. ඔහු පකිස්තානයේ ඉපදී සිම්බාබ්වේ දේශයේ පදිංචියට පැමිණි අයෙක් වීම විශේෂත්වයක්. චාමු ජස්ටිස් කියන්නේ තුන් ඉරියව්වේ ම දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක්. ඔහුට පිතිකරු ලැයිස්තුවේ ඉහලින් ක්‍රීඩා කිරීමට හැකි අතර මද වේග පන්දු යැවීමට ද පුළුවන්. ක්‍රේග් අර්වයින්ද මේ කණ්ඩායමේ සිටිනවා. ඔහු සිම්බාබ්වේ ක්‍රිකට් සමග එච්චර හොඳ සම්බන්ධතාවක් නොතිබුණත් නැවත කණ්ඩායමට පැමිණි වමත් පිතිකරුවෙක්. සිම්බාබ්වේ ඒ කණ්ඩායමට දක්ෂතා පෙන්වපු වේග පන්දු යවන කාල් මම්බා සහ පිතිකරු තරිසායි මුසිකන්දා සංචිතයට ඇතුළු කර තිබෙනවා. ලඟදි පකිස්තාන් ඒ කණ්ඩායමට එරෙහිව අර්ධ ශතක 4ක් ලබාගත් මැල්කම් වොලර්ද නැවත කණ්ඩායමට එකතු වෙලා.

DID YOU KNOW? The match starting October 29 versus Sri Lanka will be @ZimCricketv‘s 100th Test match. What a milestone! #ZIMvSL #Test100 pic.twitter.com/iPJMJT5dST

— Zimbabwe Cricket (@ZimCricketv) October 25, 2016

සම්පුර්ණ සංචිතය: ග්‍රැහැම් ක්‍රේමර්, ටීනෝ මවෝයෝ, හැමිල්ටන් මසකඩ්සා, ක්‍රේග් අර්වයින්, ශෝන් විලියම්ස්, රීජිස් චකබ්වා, පීටර මුවර්, ඩොනල්ඩ් ටිරිපානෝ, ක්‍රිස් මපෝෆු, ටෞරායි මුසරබානි, මයිකල් චිනෝයා, බ්‍රයන් චාරි, සිකන්දර් රාසා, මැල්කම් වොලර්, කාල් මම්බා,ටරිසයි මුසකන්දා.

මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් වෙන්නෙ එළඹෙන දකුණු අප්‍රිකා සංචාරයට හොඳ කණ්ඩායමක් තනාගැනීමටයි. ඒ නිසා නවකයින් මේ ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. අපිත් ඔවුන්ට ජයෙන් ජයම ලැබෙන්න කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.

*ඡායාරූප ශ්‍රී ලංකා ක්‍රිකට් සහ සිම්බාබ්වේ ක්‍රිකට් ආයතන වලින්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide