සොබාදහමට තුරුළු වෙලා! නිවාඩුවක් ගත කරන්න ලස්සන වනගත නවාතැන් 8ක්.

වැස්ස කාලෙ පටන් ගැන්මත් එක්ක දළු දාලා එන ගස් කොළන් පරිසරයට ගේන්නෙ හරි අපූරු සුන්දරත්වයක්. දවසට දෙකට නිල් තණ පිට්ටනි බවට පත්වුණු ගංගා, වැව් ඉවුරුවල, නිදහසේ හැසිරෙන සතා සීපාවො රොතු බුරුතු පිටින් පිරිලා. එතකොට වේළිලා ඉරි තලල ගියපු පොළවෙ අතරින් පතර එබිකම් කරන පැළෑටි, මහ පොළවෙන් හමන පුස්ඹ හරිම ආශ්වාදජනකයි. කොටින්ම කියනව නම් ඇඟේ දැවටෙන හුළං පොදට පවා පුදුම විදියට ආදරේ හිතෙනව.

ඇත්තටම ඇයි මේ?
කල්පනා කරගෙන යද්දි තමයි අපිටත් මතක් වුණේ, පරිසරය, සොඳුරු වසරාන්තයකට සේන්දු වෙන්න හදන්නෙ කියල. ගිණියම් අව්වෙන් ඉරි තැලිල ගියපු කඳු මුදුන් පවා මීදුම් වළා වලින් වැහිල යන සෞම්‍ය දේශගුණයක් ඉස්සරහට එන්න යන්නෙ. ඒ නිසා නිකම් ඉඳල නම් හරියන්නෙ නෑ. නරකද ආදරණීයයන් එක්ක හරි යාළුවො එක්ක හරි රැයකට දෙකකට වනගත වෙන්න ගියොත්. සීතල කාලෙ නිසා, ගිණි මැලයක් එහෙම ගහගෙන කාරිය රස කෑම ටිකක් කන්න, හීනියට සිංදුවක් කියන්න නැත්නම්… බෝතලයක් දෙකක් හරි හිස් කරන්න බැරියැ.

ඒ නිසයි අපි කෝකටත් කියල සුන්දර වනගත රැයක ආශ්වාදය විඳින්න පුළුවන් අපූරු බංගලා ටිකක් ගැන ඔයාලට කියන්න හිතුවෙ. එතකොට කල්තියාම ගමන ප්ලෑන් කරල ගන්න පුළුවන්නෙ. හැබැයි ඉතින් අපිට හොරා ගිහින් ආව වගේ නෙවෙයි, ලබපු අත්දැකීම් අපිත් එක්ක ෂෙයාර් කර ගන්න නම් අමතක කරන්න එපා හොඳද.

1. Fishing Hut (Maskeliya)

ශ්‍රී පාද කඳු පාමුල, නල්ල තන්නි, මුරේ වතු යායෙ ඉදිකරල තියෙන ෆිෂින්ග් හට්, බංගලාවක් නම් නෙවෙයි. බාගෙට බාගයක් කෑම්ප් සයිට් එකක්. මොකද ආවතේව කටයුතුවලට ඉන්නෙ එක්කෙනයි. එතකොට කෑම බීම එහෙමත් ගෙනිහින්, තනියෙන් උයා ගන්න වෙන්න ඉඩ තියෙනව.

කොහොම වුණත් මොකද, සමනළ කඳු පන්තියෙන් පටන් ගන්න ලස්සන ඔය පාරක් අයිනෙනෙ ෆිෂින්ග් හට් පිහිටල තියෙන්නෙ. මුලු මනින්ම ලීවලින් හදල තියෙන නිසා හරිම සුව පහසුයි. ඒ වගේම බැලූ බැල්මට හිත ඇදිලා යන තරම් ලස්සනයි. සතා සීපාවා, කුරුලු කොබෙයියන්ගෙන් එහෙමත් අඩුවක් නැති නිසා සොබාදහමෙ ආශ්වාදය හිතේ හැටියට විඳගන්න පුළුවන්. 

කියන්න බැරි වුනාට සමාවෙන්න, එක්කෙනෙක්ට ඒ ගාණ වැටෙන්නෙ හට් එකේ ඉන්න ඉඩ තියෙන කට්ටිය ගාණ සෙට් කරගෙන ගියොත් තමයි. නැත්නම් ඉතින් මුලු ගාණම තනියෙන් ගෙවන්න වෙනව.

2. The Ark Villa (Mathugama)

කුළුඳුල් හිරු කිරණ මීදුම් වළා අතරින් ඇවිල්ල කොළ පාටින් දිදුලන වන පියස හැඩ කරන අපූරුව, තොර තෝංචියක් නැති කුරුල්ලන්ගෙ හඬ, ඒ අපූර්වත්වයට ගේන රිද්මය, නිදහසේ විඳගන්න ආසයිද?

එහෙනම් යන්න මතුගම, කෝපිවත්ත-උතුම්ගම පාරෙ පිහිටල තියෙන ආර්ක් විලා හෝටලයට. වනාන්තර මුදුන් තලයෙනුත් උඩට වෙන්න, පුංචි කඳු ගැටයක බෑවුමේ ඉදිකරල තියෙන මේ හෝටලයෙ ලස්සන දෙගුණ තෙගුණ වෙන්නෙ ඒකෙ තියෙන සුපිරි නිර්මාණ කරනය නිසා. බිත්ති ඔක්කොම වීදුරුවලින් හදල බිමයි වහළයි විතරක් ලී වලින් හෙවිලි කලාම, කොහොමට තියෙයිද? ඒ විතරක් නෙවෙයි, සුන්දර දර්ශන තලයකට මුහුණ පාපු ලස්සන නාන තටාකයකුත් තියෙනව. ආරංචියෙ හැටියට කෑම බිම එහෙමත් හොඳටම තියෙනවලු. 

3. Rain Forest Eco Lodge (Deniyaya)

දෙනියාය, විහාර හේන, එන්සෙල් වත්ත කියන්නෙ සිංහරාජ මායිමේ පිහටල තියෙන අපූරු තේ වතු යායක්. සතා සීපාවා, කුරුලු කොබෙයියන්ගෙන් විතරක් නෙවෙයි මලින් බර වුණු ගස් වැල් වලින් පවා පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නෙ. මේ තේ වත්තෙ එක කඳු බෑවුමකට වෙන්න ඉදිවුනු රේන් ෆොරස්ට් ඉකෝ ලොජ් කියන්නෙ වන අරණක සුන්දරත්වය, සුව පහසුව ඉඳගෙන විඳගන්න කියාපු තැනක්.

මුලුමනින්ම වීදුරු බිත්තිවලින් හැඩ වෙලා තියෙන ඉකෝ ලොජ් හෝටලයෙ සිවිලිම වගේම කාමර බිම් හෙවිලි කරල තියෙන්නෙත් ලී වලින්. ඒ විතරක් නෙවෙයි හෝටලයෙ අනිත් ඉදිකිරීම් එහෙමත් සෑහෙන්න දුරට ලී වලින්ම කරල තියෙන නිසා ගතට හිතට දැනෙන ඉකෝ අත්දැකීමක් ගන්න පුළුවන්. හිතේ හැටියට හොඳ වතුර ටිකක් නා ගන්න ස්වභාවික නාන තටාක එහෙමත් ඕන තරම් තියෙනව. හැරත් කෑම බීම ටිකත් පංකාදු පහට තියෙනවනෙ. 

4. Ella Jungle Resort (Ella)

කිරිඳි ඔයේ සුන්දරත්වය කැටි කරල හදපු ඇල්ල නගරයෙ තියෙන සුන්දරම නවාතැන, ඇල්ල ජන්ගල් රිසෝට්. පිහිටල තියෙන්නෙ ඇල්ල-වැල්ලවාය පාරෙ 16 කණුව හංදියට කිට්ටු වෙන්නෙ. හැබැයි පාර අයිනෙ නම් නෙවෙයි තනි කරම කැළේ ඇතුලෙ.

කැළේ කොළේට මුහු කරපු ජන්ගල් රිසෝට්වල කාමර, ආලින්ද සොබා දහමෙ සුන්දරත්වය ගතට හිතට ගේන්නෙ හරිම ආශ්වාදජනක විදියට. මුලුමනින්ම වගේ ලී වලින් ඉදිකරපු මේ හෝටලයෙ ගත කරන එක මොහොතකට වත් කාර්යය බහුල ජීවිතය නම් මතක් වෙන එකක් නෑ. මොකද ආලින්දය පාමුලින් කඩා හැලෙන සුන්දර දිය ඇල්ලයි, කිරිඳි ඔයේ සැඩ පාරයි කිසිම ඉවක් බවක් නැතුව හිත් හොරා ගන්න නිසා. ඒ විතරක් නෙවෙයි වතුරත් එක්ක සෙල්ලම් කරන්න බය නැති කට්ටියට ඇල්ල ජන්ගල් රිසෝට්වල කරන්න වැඩ ඕන තරම් තියෙනව. දිය ඇලි නගින්න, වතුරට පනින්න, ඔරු පදින්න, ඒ විතරක් නෙවෙයි හිතේ හැටියට රස කෑම රස බලන්නත් පුළුවන්. 

5. Kalundewa Retreat (Dambulla)

එක පැත්තක වෙල් යායක් අනික් පැත්තෙ ඔය පාරක්, හරිම සුන්දරයි. හිතේ තියෙන ලංකා ඉතිහාසයට මොහොතකට හරි පණ පොවන්න කියාපු තැනක් තමයි කළුන්දේව බංගලාව. පිහිටල තියෙන්නෙ දඹුල්ල, දඹුලු ඔය-කළුන්දේව පාරෙ. කිට්ටුව පාත තියෙන පුංචි වැවක් පෝෂණය කරන්න යන ඔය පාරක් අල්ලල තමයි මේ බංගලාව නිර්මාණය කරල තියෙන්නෙ. වීදුරු බිත්ති, ලී හෙවිලි කරපු කාමර බිම්, සිවිලිම, ඇත්තටම කළුන්දේව බංගලාවෙ තියෙන්නෙ අමුතුම ලස්සනක්.

ඉස්සරහින් තියෙන වෙල් යාය නිසා මුලු වට පිටාවම සිහිල් හුළඟෙන් පිරිලා. කුඹුක් ගස්වලින් පිරුණු ඔය පාරත් හරිම ලස්සනයි. හොඳ සුව පහසුවට හදපු කාමර, නාන තටාක, රස කෑම විතරක් නෙවෙයි විනෝදජනක ඔරු, පාරු සවාරි පවා මෙතන තියෙනව. 

6. Aanawila Bungalow (Wilpattu)

අලි, කොටි, වලස්සුත් එක්ක රැයක් ගත කරන්න කැමතිද? එහෙනම් හොඳම තැන තමයි විල්පත්තුවෙ ආනවිල බංගලාව. හරිම ලස්සන තැනක්. ආනවිල බංගලාව ඇවිල්ල ලී පාවිච්චි කරල හදපු තට්ටු දෙකේ නවාතැනක්. ආරක්ෂාවත් හොඳයි. පොල් අතු වහල, විවෘත නිදන කාමර විතරක් නෙවෙයි සුව පහසුවට වාඩි වෙලා රස කෑම ටිකක් කන්න පුලුවන් අපූරු ආලින්දයකුත් තියෙනව. එතකොට රෑ ජාමෙ අල්ලල ඉස්සරහ ලොකු මිදුලෙ ගිණි මැලයක් ගහගෙන සිංදුවක් කියන්නත් බැරි කමක් නෑ. උදෙන්ම නැගිට්ටොත් විල්පත්තුවෙ සෆාරියක් ගිහින් හිතේ හැටියට වන සතුන්ගෙ වැඩ කිඩ බලා ගන්නත් පුලුවන්. 

7. Rain Forest Edge (Weddagala)

කලවාන-වැද්දාගල පාරෙ සිංහරාජ මායිමේ හැංගුණු තවත් අපූරු හෝටලයක් තමයි රේන් ෆොරස්ට් ඉකෝ ලොජ් කියන්නෙ. තෙත් කලාපීය වනාන්තරයක අපූර්වත්වය විඳ ගන්න තවත් කියාපු තැනක්.

පුංචි කඳු ගැටයක මුදුනට වෙන්න පිහිටල තියෙන මේ හෝටලයෙ හැම නිර්මාණයක් වගේම කරල තියෙන්නෙ මැටි, පොල් අතු උපයෝගී කරගෙන. පැල්පත් විදියට ඉදිකෙරුණු කාමර නිසා වනගත ගම්මානයක ඉන්නව කියන හැඟීමෙන් නම් කිසිම අඩුවක් නෑ. නාන තටාකයත් ස්වාභාවික පෙනුමක් එන විදියට තමයි හදල තියෙන්නෙ. කොහොම වුණත් මී දුමෙන් වැහුනු හිමිදිරිය සංගීතවත් කරන කුරුල්ලන්ගෙ කීචිබීචිය, සැඳෑ අඳුරෙ ගිලී යන වන පියසට එළිය ගේන කණාමැදිරියො නිරන්තරයෙන්ම ඔයාගෙ තනියට ඉන්න නිසා පාළුවක් නම් දැනෙන එකක් නෑ. 

8. Palpatha (Wilpattu)

විල්පත්තු, සාලිය වැව පිහිටල තියෙන පැල්පත බංගලාව සෑහෙන්න වෙනස් නවාතැනක්. මොකද කියනව නම් මේක ඇත්තම පැල්පතක්. හතර වටෙන්ම විවෘතයි. ලී වලින් ඉදිකරල, මැටි බිත්ති ගහල, පොල් අතු හෙවිලි කරල හැදුවට මොකද නිදන කාමර ටික නම් හොඳ සුව පහසුවට තියෙනව. නාන තටාකයක් නැති වුණාට ජල පහසුකමත් හරි ලස්සනට කළමණාකරනය කරල තියෙන්නෙ. ඒ හැරුනාම කැලේටම වෙලා ඉන්න කැමති කට්ටියට වෙනමම කෑම්ප් සයිට් එකකුත් තියෙනව ටෙන්ට් ගහගෙන ඉන්න. වැඩේ කියන්නෙ මෙයාලගෙ කෑම බීම ගැනයි දවසක වියදම ගැනයි නම් හරි හමන් විස්තරයක් අපිට හොයා ගන්න බැරි වුණා. 

මේ… නවාතැන් 8ක් ගැන විතරක් කිව්ව කියල තරහ ගන්න එපා. තව සති දෙකකින් විතර අපි තවත් වනගත නවාතැන් ටිකක් ඔයාලට කියනව. මේ තැන් හරියන්නෙ නෑම කියල හිතෙනව නම් ටික දවසක් ඉවසල ඉන්නකො.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide