රූප පෙට්ටියෙන් අපේ සවන් පිනවූ, මේ සංගීත වැඩසටහන් මතකද?.

සාලේ මැද්දේ ආඩම්බරකම් පෑව රූප පෙට්ටිය, ඉස්සර කාලේ ගෙදරක වත් පොහොසත්කම පෙන්වපු ආභරණයක්. දැන් කාලේ වගේ ගෙයක් ගෙයක් ගානේ රූපවාහිනී නොතිබුණු නිසා ත්, ගුණාත්මක බවින් අනූන වැඩසටහන්වල තෝතැන්නක් වුණු නිසා ත්, මේ අභිමානය රූපවාහිනියට ලැබුණු බව සැකයක් නැතුවම කියන්න පුළුවන්.

90 දශකයට ලඟා වෙද්දී, ලංකාවේ සංගීතය වේගයෙන් වෙනස් වුණු ගතියක් දැකගන්න තිබුණා. මේ නිසාමද කොහේදෝ ඒ දවස්වල සංගීත වැඩසටහන් බොහොමයක් අපට රූපවාහිනියෙන් දැකගන්න ලැබුණේ. සාම්ප්‍රදායික සංගීත රැකගන්න ගමන්, අලුත් සංගීත රටාවල් ඒකට එකතු කරන්න, මේ වැඩසටහන්වලට තිබුණේ හරි අපූරු හැකියාවක්. අදටත් මේවයේ මතකය අපේ හිතේ තියෙන්නේ ඒ නිසාම වෙන්න ඇති.

1. නන්දන වින්දන

80 දශකයේ මැද භාගයේදී ප්‍රේක්ෂකයන් ඇදබැඳගත්ත, නව ආරක සංගීත වැඩසටහනක් තිබුණා නම්, ඒ “නන්දන වින්දන"යි. මේක විකාශය වුණේ මාසෙකට සැරයක් විතරයි. ඉතින් හැම මාසෙම අන්තිම ඉරිදා දවසේ, රාත්‍රී දහය වෙනතුරු ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න තරම් ආකර්ෂණීය බවක් එහි තිබුණා. අසහාය ගායන ශිල්පියෙක් වුණු අබේවර්ධන බාලසූරිය මහත්මයාගේ අතින් නිෂ්පාදනය වුණු මේ වැඩසටහන, සංගීතය වගේම විනෝදය කැටි කරපු එකක්. මොකද ගීත විතරක් නෙවෙයි, සැමුවෙල්, බර්ටි, ඇනස්‌ලි, ත්‍රිත්වය ඉදිරිපත් කරපු “විනෝද සමයත්” මේ වැඩසටහනේ කොටසක් නේ. ඒ නිසා ම ලස්සන ගායන, වාදන රසවිඳින  ගමන්, පෙරළි පෙරළී හිනාවෙන්න පුළුවන් විදියේ විහිලුත් අපට අහන්න ලැබුණා.

2. මධු රසාංග

“මධු රසාංග”, 80 දශකයේ විකාශය වුණු තවත් සංගීතමය වැඩසටහනක්. සෙනසුරාදා හැන්දෑවේ හවස හතට ස්වාධීන රූපවාහිනියෙන් දැකගන්න ලැබුණු මේ වැඩසටහන, ප්‍රවීණයන්ගේ ගීත මතක අලුත් කරන්නත්,ආධුනික ගායකයන්ගේ හැකියාවන් පෙන්වන්නත් සමත් වුණා. පී.එල්.ඒ. සෝමපාල මහත්මයාත්, ෆ්‍රැන්සිස් වන්නිආරච්චි මහත්මයාත් තමයි මේ වැඩසටහන නිර්මාණාත්මකව ඉදිරිපත් කළේ.

3. මනෝහාරී

ඉස්සර හැම සිකුරාදාම හවස හතට අපි ජාතික රූපවාහිනිය ඉස්සරහ පෙළ ගැහෙන්නේ "මනෝහාරී" වැඩසටහන බලන්න. සංගීත වැඩසටහනකටත් වඩා රූපමය කාව්‍යයක් වුණු මේ වැඩසටහන, ප්‍රවීණ, නවක ගායක ගායිකාවන් දෙගොල්ලන්ගේම ගීත එක්කාසු කරපු එකක්. සමන් අතාවුදහෙට්ටි මහත්මයාගේ ලයාන්විත හඬින් “මනෝහාරී" තවත් ලස්සන වුණා. ගොඩක් වෙලාවට මේකට සංගීතය සැපයුවේ ආනන්ද පෙරේරා ප්‍රමුඛ “සිහ ශක්ති" කණ්ඩායම. අතරින් පතරේ අතුල අධිකාරි මහත්මයත් මේකේ සංගීතය සපයන්න දායක වුණා. ගෝල් ෆේස් හෝටල් පරිශ්‍රය, මහනුවර තිලංකා හෝටල් පරිශ්‍රය වගේ තැන්වල තමයි මනෝහාරී පටිගත වුණේ.

4. යාත්‍රා

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා

මතකයි නේද මේ ගීතය? පද පෙළ, තාලය විතරක් නෙවෙයි, අවුරුදු විස්සක් විතර පරණ ගීතයක් වුණත්, අදටත් මේකේ රූපරචනා පවා අපට මතකයි. සෙනේෂ් බණ්ඩාර දිසානායක මහත්මයා විසින් ඉදිරිපත් කරපු “යාත්‍රා", අලුත් ගීත බොහොමයක් අපට අහන්න අවස්ථාව ලබා දුන්නා. අපේ පුංචි මනසට පවා වැටහෙන ප්‍රාසංගික බවක්, ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු මේ වැඩසටහනේ තිබුණා. අප්සරා ද සිල්වා ගායනා කරපු මේ ගීතය වගේම, ඉමාන් පෙරේරා ගේ “වසන්තයේ මල්", සමන් ජයනාත්ගේ “තුමුළ නමුණුකුල ගිරි හිස”, අපි “යාත්‍රා" තුළින් අහපු, දැකපු, රස විඳපු තවත් ගීත කිහිපයක්.

5. මියුරුසර

රූපවාහිනී ආයතනයකින් නිෂ්පාදනය කෙරුණු ලංකාවේ සංගීත වැඩසටහනකට, පළමුවරට ජාත්‍යන්තර සම්මානයක් ලැබුණේ 1999 අවුරුද්දේ. ඒ ජාතික රූපවාහිනියේ “මියුරුසර” වෙනුවෙන්. මේ දක්වලා තියෙන මේ දක්වලා තියෙන රොඩ්නි වර්ණකුලයන්ගේ "සෙංකඩගල දිලෙනා" ගීතයත් අපට අහන්න ලැබුණේ, මියුරුසර සංගීත වැඩසටහනේ, වසන්තයේ ගී රූපවාහිනී විචිත්‍රාංගය වෙනුවෙන් නිර්මාණය වුණු එකක් විදියට. කණ වගේම, ඇහැත් පිනවන්න පුළුවන් විදියේ රූපරචනා “මියුරුසර” තුළින් අපට දැකගන්න ලැබුණා.

6. මන්දාකිණි

කලින් කිව්වා වගේම, 90 දශකය අග භාගය සංගීත ලෝකයේ වෙනස්කම් බහුලවම දැකගන්න ලැබුණු කාලයක්. අලුත් ගායක ගායිකාවන්, සංගීත කණ්ඩායම්, සංගීත ශෛලීන් දවසින් දවසේ එකතුවෙන්න පටන්ගත්තු වකවානුවක් තමයි ඒ.

ජාතික රූපවාහිනියෙන් “මන්දාකිණි” වැඩසටහන බිහිවුණේ, සංගීතයට එකතු වුණු මේ අලුත් මුහුණුවරට ඉඩක් දීමේ බලාපොරොත්තුවෙනුයි. රූපවාහිනී මැදිරියකට කොටු නොවී, එළිමහන් හෝටල් පරිශ්‍රවල පටිගත කෙරුණු මේ වැඩසටහනින්, අලුත් ආරයේ සංගීත රටා, තාල, මුහුණු හුඟක් දැකගන්න ලැබුණා.

7. ගී හත

එක පෙළට වැයෙන, මිහිරි ගීත හතක් ගෙන ආව “ගී හත"; තවත් ලස්සන සංගීතමය වැඩසටහනක්. ජාතික රූපවාහිනියෙන් තමයි අපට මේකත් දැකගන්න ලැබුණේ. සුභාවිත සංගීතයේ පැතිකඩක් පෙන්නුම් කරපු “ගී හත" තුළ, අපූරු රූප රචනා ත් තිබුණා. 2000 අවුරුද්දේ විකාශය ආරම්භ කරපු මේ වැඩසටහන පුරා වසර තුනක් ම විකාශය වුණා.

8. නදුන් උයන

රුක් අත්තන මල මුදුනේ – බඹරු නටන හැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර
කවුරුද එන්නේ – පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ

නන්දා මාලිනියන්ගේ දයාබර හඬින් විතරක් නෙවෙයි, රංගනයෙනුත් හැඩ වුණු මේ ගීතය ඇහෙද්දීම ඔයාලට මතක් වෙනවා ඇති මේ වැඩසටහන මොකක්ද කියලා. ජාතික රූපවාහිනියේ “නදුන් උයන", ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත අලුත් මුහුණුවරකින් අපි වෙත ගෙන්න සමත් වුණා. ගීත තරම්ම රස විඳින්න පුළුවන් විදියේ රූපරාමු තිබුණු මේ වැඩසටහනත්, තවත් රූපමය කාව්‍යයක්.

9. සීගිරි ගී සිරි

සීගිරි ගී සිරි; සංගීතයේ තාලයට ස්වභාව ධර්මයේ අලංකාරය මුසු කරපු විචිත්‍රමය වැඩසටහනක්. ලාංකිකයන්ගේ නිර්මාණාත්මක හැකියාව ගැන ඉතිහාසයෙන් සැපයෙන සාක්කියක් විදියට සීගිරිය පාමුල පටිගත කෙරුණු මේ වැඩසටහන, ඇත්තටම හරිම ආකර්ෂණීයයි. මොකද සංගීතයේ රස විතරක් නෙවෙයි, පරිසරයේ සොඳුරු බවත් පේන විදියට තමයි මේ වැඩසටහන පෙළ ගැස්විලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි, සීගිරි කාශ්‍යප රජතුමා විදියට පෙනී ඉඳපු සුමින්ද සිරිසේන මහත්මයාගෙන් මේක තවත් රසවත් වුණා.

ඇත්තම කිව්වොත්, මේ වගේ වැඩසටහන් දකින්න ලැබුණු අපේ පරම්පරාව හරිම වාසනාවන්තයි. මොකද අද බිහිවෙන ළමයින්ට ඒ වගේ ගුණාත්මක නිර්මාණ දකින්න නොලැබෙන තරම්. වසර ගණනාවක් ගිහිල්ලත්, මේ වැඩසටහන් ගැන මතකය, ඒ ගීත ගැන මතකය අපේ හිතේ තියෙන්නෙත් ඒවායේ තිබුණු සුවිශේෂී බව නිසාමයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide