ඔෆිස් එකේ පුටුව රත් කරලා ම ඇතිවෙලාද?.

“කන්තෝරුව තමයි මගේ විනෝද උයන" කියලා ඇන්ටන් ජෝන් මහත්තයා කිව්වට, වෙලාවට ඒක තරම් එපා කරන තැනක් ලෝකේ කොහෙවත් නැති තරම්. රාජකාරිවල පීඩනය විතරක් නම් කමක් නැහැයි කියමුකෝ. අයිස් බාප්පලා, ඕපදූප අම්මන්ඩිලා, කේලම්කාර ගැහැණු වගේම, චීත්ත ඇඳපු පිරිමි කරන වැඩ සේරම බලා කියාගෙන, තමන්ගේ වගකීම් ඉෂ්ට කරනවට අපට ඇත්තමයි වෙනම ගාණක් දෙන්න ඕනේ. හැබැයි වෙනසකටත් එක්ක, මේ සේරගෙන් ම මොහොතකට මිදිලා, තමන්ගේ පාඩුවේ නිස්කලංකේ වැඩ ටිකක් කරන්න පුළුවන් කැෆේ ටිකක් ගැන කියන්න අපි හිතුවා.

හැබැයි ඉතින් එක දෙයක් මුලින් ම කියන්න ඕනේ. හැම ඔෆිස් එකෙන්ම මේ වැඩේට අවසර ලැබෙන එකක් නැහැ. ඒ නිසා තමන්ගේ රැකියාවේ ස්වභාවය, ඔෆිස් එකේ වාතාවරණය ගැන එහෙම කල්පනා කරලා මේ තැන්වලට යනවා නම් තමයි හොඳ (පණ්ඩිතකම් කරන්න ගිහින් ලොක්කව එහෙම තරහා කරගන්නවා නෙවෙයි ඕං).   

1. Whight & Co

කොල්ලුපිටියේ මැරීන් ඩ්‍රයිව් එකේ තියෙන Whight & Co එක, හැමෝම දන්නා කියන සුපිරි කැෆේ එකක්. හොඳට ඉඩකඩ තියෙන මේ කැෆේ එකේ වයි-ෆයි පහසුකමත් තියෙනවා (පොඩ්ඩක් විතර හෙමින් හැබැයි). එස්ප්‍රෙසෝ, ෆ්‍රැපේ, කැපුචිනෝ වගේ කෝපි වර්ග කටට රහට, හොඳ කොලිටියට හදලා දෙන තැනක් තමයි මේ. ඒ විතරක් නෙවෙයි, සැන්විච්, බර්ගර්, සලාද ජාතිත් මෙතැනින් ගන්න පුළුවන්. අනික මේක පිහිටලා තියෙන්නේ කොල්ලුපිටියේ මුහුද පැත්තට බර වෙන විදියට නේ. ඒ නිසා පරිසරයේ ලස්සන බලන ගමන් ම තමන්ගේ වැඩක් කරගන්න පුළුවන්.

2. E-Cafe

හැව්ලොක් ටවුම පැත්තේ ඉන්න අයට, තනියෙන් විතරක් නෙවෙයි, කාණ්ඩෙ ගැහිලා වුණත් වැඩකරන්න පුළුවන් අපූරු තැනක් තමයි මේ. මෙතැන එකිනෙකින් වෙන්වුණු කාමර හතරක් තියෙනවා. එයිනුත් දෙකක් හොඳින් ආවරණය වෙලයි තියෙන්නේ.

පාටි දාන්න වගේම, කට්ටිය එක්ක එකට සෙට් වෙලා වැඩකරන්නත් මේ කාමර නියමයි. වයි-ෆයි පාවිච්චි කරන්නත් පුළුවන්. ලැප්ටොප් වුණත් අරගෙන ගියත් අවුලක් නැහැ. මොකද ඕනේ තරම් ප්ලග් පොයින්ට් එහෙමත් තියෙනවනේ.

3. Java Lounge

සුවපහසු වටපිටාව, සුහදශීලී සේවය, රස කෝපි සහ කෑම; මේ සේරම එකට එක්කාසු කරපු තැනක් විදියට ජාවා ලෞන්ජ් එක හඳුන්වන්න පුළුවන්. ජාවත්ත පාරේ තියෙන ජාවා ලෞන්ජ් එකේ රස කෝපි, ෆ්‍රැපේ ජාති වගේම, සුපිරි රසට හදපු ලසඤ්ඤා, පැස්ටා වර්ගත් ගන්න පුළුවන්. හැබැයි වයි-ෆයි පහසුකම තිබුණත්, ඒක අධිවේගී එහෙම නම් නෑ හොඳේ.

4. Black Cat Cafe

ගෙදර ඉඳන් වැඩකරනවා වගේ හැඟීමක් ගන්න ඕනේ නම්, යන්න ම ඕනේ තැන තමයි මේ Black Cat Cafe එක. කුරුඳුවත්තේ විජේරාම පාරේ පිහිටලා තියෙන මේ කැෆේ එකේ හොඳ කෝපි, සැන්විච්, විතරක් නෙවෙයි පලතුරු ජූස් වර්ගත් තියෙනවා.

වැඩකරන අතරතුරේදී පුංචි විවේකයක් ගන්න ඕනේ නම්, ඒකටත් කියාපු තැනක් මේක. මොකද රසවත් පොත් එකතුවකුත් තියෙනවනේ. හරිම සුහන්දශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න නිසා, සර්විස් එකත් පට්ට.

5. Hansa Coffee

හැව්ලොක් ටවුමට කිට්ටුව, ෆයිප් පාර හරියේ රස්සාව කරන උදවියටයි මේ කියන්නේ. නියම කැෆේ එකක් තියෙනවා ඔයාලා කිට්ටුව ම. ඉඩකඩ එච්චර නැති වුණාට “හංස කොෆි” එකේ තියෙන්නේ හරිම නිදහස් ගතියක්. කෝපි උගුරක රස බලන ගමන්, පොතක් කියවන්න වුණත් අපූරු තැනක් විදියට මෙතැන හඳුන්වන්න පුළුවන්.

6. Cup Cafe

ටවුන් හෝල් පිටිපස්සේ තියෙන කප් කැෆේ එක වැඩියෙන්ම ප්‍රසිද්ධ ලංකාවට එන විදේශිකයන් අතර. ඒකයි කියලා අපට යන්න තහනමක් නැහැනේ. මෙතැන කෑම වර්ග වගේම, කෝපි වර්ගත් හොඳ රසට තියෙනවා. කලබල ටවුමක් මැද පිහිටපු එකක් වුණත්, සෙනඟ තරමක් අඩුයි. ඒ නිසා නිස්කලංක වාතාවරණයක් මෙතැනින් දැකගන්න පුළුවන්.

7. Coco Veranda

“සුපිරි කෑම තියනවා”ය කියලා ම කියන්න බැරි වුණත්, Coco Veranda එක ෂේප්. හැබැයි මෙයාලගේ බීම වර්ග නම් හොඳයි. මොකද හොට් චොකලට්, තේ, ෆ්‍රැපේ, ජූස් වර්ග එහෙමත් තියෙනවනේ. කොළඹ හතේ වුණත්, මෙතන තියෙන නිදහස් පරිසරයට තමයි අපි ගොඩක් ම කැමති වුණේ. හැබැයි නිවාඩු දවස්වල නම් සෑහෙන සෙනගක් මෙහෙට එනවා. හොඳ සුවපහසු වටපිටාවක තියෙන Coco Veranda එක, තනියම වගේම කට්ටි ගැහිලා වැඩකරන්න පුළුවන් විදියේ තැනක්.

8. The Coffee Bean and Tea Leaf

ගාලු පාරට මුහුණලා, කොල්ලුපිටිය පැත්තට වෙන්න තියෙන කොෆි බීන් එක තමයි අපේ අදහසේ හැටියට හොඳම කොෆි බීන් ශාඛාව. තැනත් බොහොම පිරිසිදුයි. ඉඩකඩත් තරමක් තියෙනවා. ලිබර්ටි ප්ලාසා එකේ තියෙන කොෆී බීන් එකත් ෂේප්. හැබැයි හිටපු ගමන් වටේ පිටේ මහ සද්දෙට දාන සිංදු නිසා ටිකක් විතර හිත එකඟ කරගෙන වැඩක් කරගන්න අමාරුයි. මෙයාලගේ පරණ ම ශාඛාව තියෙන්නේ මේට්ලන්ඩ් චන්ද්‍රවංකය හරියේ නේ. එතැන වාතාවරණය නම් ඇත්තටම හොඳයි. සද්ද බද්දත් අඩුයි. හැබැයි සර්විස් එක නම් ගන්න දෙයක් නැහැ. ගොඩක් වෙලාවට පැත්තකට වෙලා ඔහේ වාඩිවෙලා ඉන්න තමයි වෙන්නේ. ශාඛාව කොහේ වුණත්, කෑම බීම දෙවර්ගේම හොඳ තැනක් විදියට කොෆී බීන් එක හඳුන්වන්න පුළුවන්.

අපි මේ සඳහන් කරපු කැෆේ කිහිපයම, ඔයාලට කරදරයක් නැතුව නිදහසේ වැඩ කටයුතු කරගන්න පුළුවන් තැන්. ඔෆිස් එකේ තියෙන ඒකාකාරි බවින් මිදිලා, ඉඳලා හිටලා හරි මේ වගේ තැනකට ඇවිත් වැඩකරන්න පුළුවන් නම්, ඔයාලගේ හිතට වුණත් හරි සැහැල්ලුවක් දැනේවී. ඒ විතරක් නෙවෙයි, රාජකාරිවලින් එන පීඩනයත් අඩු කරගන්න ඒක හේතුවක් වෙයිනේ.

මේ කියපු තැන් හැරෙන්න, ඔෆිස් එකේ කන්කරච්චලේ මග හරින්න ඕනෙකමට ඔයාලා යන්න පුරුදුවෙලා ඉන්න කැෆේ එහෙම තියෙනවද? එහෙනම් දාමුකෝ බලන්න කමෙන්ට් එකක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide