සම්මුතිවාදී වෘත්තීය දේශපාලඥයා වෙනුවට විකල්ප දේශපාලඥයා තෝරා ගැනීම.

ලොව සියලු දෙනාගේ අවධානය යොමුව තිබූ ඇමෙරිකානු ජනාධිපතිවරණ සටන අවසන් වී තිබේ. නමුත් එය අවසන් වූයේ සියලු දෙනා බලාපොරොත්තු වූ ආකාරයෙන් නම් නොවේ. දේශපාලන විචාරකයන්, අනාවැකිකරුවන්, විශ්ලේෂකයන් ඉදිරිපත් කළ පුරෝකථනයන් සියල්ල සාවද්‍යකරමින් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට ඇමෙරිකානු ජනතාව කටයුතු කරන ලදී.

ජාතිවාදියෙකු, කටමැත දොඩවන්නෙකු, පුරුෂාධිපත්‍යවාදියෙකු, හණමිටි අදහස් දරන්නෙකු ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලැබූ පුද්ගලයෙකු ලිබරල් ධනවාදයේ ප්‍රධාන බලකොටුව ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කරන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම බොහෝදෙනෙකුට අදහාගත නොහැකි සිදුවීමක් වීම සාධාරණවේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සංකීර්ණ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය දෙස බැලීමේ දී පවතින ක්‍රමය පවත්වාගෙන යාම සඳහා වඩාත් සුදුසු සහ අත්දැකීම් සහිත අපේක්ෂකයා ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වන නමුත්, ඇමෙරිකානු ජනතාව ඇය වෙනුවට දේශපාලනයට සම්පූර්ණයෙන්ම නවකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පුද්ගලයෙකු තෝරා පත්කරගත්තේ ඇයි?

ඇමෙරිකානු ජනතාව සිය රට තුළ ක්‍රියත්මක වන රාජ්‍ය යාන්ත්‍රණය හරහා තමුන් අත් විඳින ගැටලුවලට විසඳුම් ලබාගත හැකිද යන්න පිළිබඳව අවිශ්වාසයක් පවතින බවට ජනාධිපතිවරණයේ මූලික ඡන්ද විමසීම්වල සිට ම පැහැදිලිව දැකිය හැකි කරුණක් විය. ධනවාදය කෙරෙහි විශ්වාසය තබා සිටින සහ සමාජවාදය කෙරෙහි පදනම් විරහිත විරෝධයක් පෙන්නුම් කරන බහුතරයක් සිටින රටක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සැලකෙන නමුත් ඩිමොක්‍රටික් පක්ෂයේ මූලික ඡන්ද විමසීම්වලදී ඇමෙරිකාවේ ඉතාම සීමිත පිරිසක් පමණක් ඒ වන විට දැන සිටි සමාජවාදියෙකු ලෙස තමුන්ව හඳුන්වාගන්නා ලද ඩිමොක්‍රටික් පක්ෂයට අලුතෙන් සම්බන්ධ වූ බර්නි සැන්ඩර්ස් විශාල ජනප්‍රියත්වයක් ලබාගැනීමත් මධ්‍යම පන්තිය සහ තරුණ පරපුර තුළ දේශපාලනය සම්බන්ධයෙන් විශාල ප්‍රබෝධයක් ඇති කරන්නේ පවතින ක්‍රමයට එරෙහිව යන සහ පවතින ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරනවාය යන හැඟීම ඔහුගේ ඡන්ද ප්‍රචාරණ ව්‍යාපෘතිය තුළින් දකින්නට හැකිවීම හේතුවෙනි. රිපබ්ලිකන් පක්ෂයේ තුළින් ජනාධිපතිවරණ තරඟයට පිවිසි ටෙඩ් කෲස්, ජෝන් කසීච් වැනි සම්මුතිගත වෘත්තීය දේශපාලඥයින් අභිබවා දේශපාලනයට නවකයෙකු වන අත් දැකීම් අඩු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගන්නේත් මේ හේතුව නිසාවෙනි. ටෙඩ් කෘෂ්, ජෝන් කසීච් වැනි සම්මුතිවාදී වෘත්තීමය දේශපාලඥයන් විසින් පොරොන්දු වශයෙන් ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණමය යෝජනාවලට වඩා රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් නැති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද සැබෑවට ම ක්‍රියාත්මක කිරීමට අපහසු නමුත් නිර්භීත යෝජනා ලෙස පෙනෙන මෙක්සිකෝ දේශසීමා තාප්පය, මුස්ලිම් භක්තිකයන්ට රටට ඇතුළුවීමේ සීමා පැනවීම, මැදපෙරදිග අර්බුදවලින් ඉවත් වීම ආදී යෝජනා වෙත රිපබ්ලිකන් පාක්ෂිකයන් ආකර්ෂණය වීම සිදු විය.

මෙම තත්ත්වය එකවර ම වර්ධනය වූවක් නොවේ. 2007- 2009 වසරවලදී ඇමෙරිකා එක්සත් ජනපදය මුහුණ දුන් ආර්ථික අර්බුදය, ඒ සඳහා රජය විසින් ලබාදුන් විසඳුම්වල අසාර්ථකත්වය, ඇමෙරිකානු සමාගම් රැසක් සිය නිෂ්පාදන කටයුතු චීනය ඇතුළු ආසියානු කලාපය වෙත ගෙනයාම නිසා ඇතිවූ රැකියා වියුක්තිය සමඟ ඇතිවූ ඔකියුපයි වෝල් ස්ට්‍රීට් ව්‍යාපාරයත්, සුළු ජාතිකයන්ට එරෙහිව සිදුවන අඩන්තේට්ටම් හේතුවෙන් ඇතිවූ බ්ලැක් ලයිව්ස් මැටර්ස් ව්‍යාපාරය ආදී ව්‍යාපාර හරහා සම්මුතිගත වෘත්තීය දේශපාලඥයන් සහ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ජනතාව තුළ තිබූ විශ්වාසය ක්‍රමානුකූලව බිඳවැටීමකට ලක්විය. ඇමරිකාව තුළ පවතින රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඇති සංකීර්ණත්වය සහ එම යාන්ත්‍රණයන් හැසිරවීම හෝ වෙනස් කිරීමේ දී ඇතිවන සංකූලතා පිළිබඳ අවබෝධකරගැනීමට තරම් දැනුමක් බහුතරයක් ජනතාව කෙරෙහි නොමැති වීමත් තුළ ඔවුන් සම්මුතිගත වෘත්තීය දේශපාලඥයන්ගෙන් ඈත් වන්නටත් තමාට වඩාත් සමීප අදහස් දරන සහ දැඩි තීරණ ගන්නා බවක් පෙනෙන්නට තිබෙන විකල්ප මතධාරී සහ දේශපාලනික දැනුමකින් තොර දේශපාලඥයන් වෙත ආකර්ෂණ වීමත් පැහැදිලිව දැකීමට හැකිය. සම්මුතිගත වෘත්තීය දේශපාලඥයන් පවතින ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග තුළ ජනතාව අපේක්ෂා කළ රැඩිකල් වෙනසක් පෙනෙන්නට නොතිබීම සහ විකල්ප මතධාරී දේශපාලඥයන් ඉදිරිපත් කරන ලද විසඳුම් තුළ ඒ කියන රැඩිකල් වෙනස දකින්නට තිබීම ද ඔවුන් කෙරෙහි ජනතා ප්‍රසාදය වර්ධනය වීමට හේතු විය.

මෙවර ජනාධිපතිවරණ මූලික වටය තුළදී ඩිමොක්‍රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය යන පක්ෂ දෙක තුළින්ම විකල්ප මතධාරී අපේක්ෂකයන් ඉදිරිපත් වූ නමුත් ඩිමොක්‍රටික් පක්ෂයේ විකල්ප මතධාරී අපේක්ෂකයා වූ බර්නි සැන්ඩර්ස් අභිබවා අපේක්ෂක්ත්වය ලබා ගැනීමට සම්මුතිගත වෘත්තීය දේශපාලන පසුබිමක් සහිත හිලරි ක්ලින්ටන් සමත් වූවාය. නමුත් මෙසේ අපේක්ෂකත්වය ලබාගැනීමේ සටන තුළ හිලරි ක්ලින්ටන් වරින් වර සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමත්, ඇයගේ දේශපාලන වෘත්තීය ජීවිතය තුළ ඇය විසින් සිදුකළ දේශපාලනමය ප්‍රයෝග හෙළිදරව් වීමත් තුළින් ඇය කෙරෙහි තිබූ ජනතා විශ්වාසය පලුදු වූ අතර ජනාධිපතිවරණය අවසන්වනතෙක් නැවත එම විශ්වාසය ගොඩනඟාගැනීමට ඇයට හැකියාවක් ලැබුණේ නැත. තවද බර්නි සැන්ඩර්ස් හට සහාය පළකරන ලද බහුතරය රැඩ්කළ වෙනසකින් තොරව, පවතිනා රාජ්‍ය යාන්ත්‍රණය තුළ රටේ පවතින ගැටලු නිරාකරණය කරගැනීමට හැකියාවක් නොමැති බව දැඩිව විශ්වාස කළ අතර ඔවුන්ගේ සහාය දිනාගැනීමට හිලරි ක්ලින්ටන් හට හැකියාව ලැබුණේ නැත.

ඩිමොක්‍රටික් පක්ෂයේ විකල්ප අපේක්ෂකයා මෙලෙස තරඟ බිමෙන් ඉවත් වද්දී රිපබ්ලිකන් පකෂයේ විකල්ප අපේකෂකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමා සතුකර ගැනීමට සමත් විය. එම මොහොතේ බොහෝ දෙනෙකු විශ්වාස නොකළ නමුත් සමාන නොවන පසුබිමක් සහිත අපේක්ෂකයන් දෙදෙනෙකු ඉදිරිපත් වීම රිපබ්ලිකන් පක්ෂයට වාසි දායක විය.

එමෙන්ම මැතිවරණ කාලසීමාව තුළදීම සිය ප්‍රතිපත්ති වරින් වර වෙනස් කිරීම හේතුවෙන් ඇය රටේ ජනතාවට දැනෙන ආකාරයේ දැඩි තීරණ ගැනීමට හැකියාවක් ඇති නායකයෙක් නොවනු ඇති බවට මතයක් බහුතරයක් ජනතාව තුළ ව්‍යාප්ත විය. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, $15 ක අවම වැටුප, අන්තර් පැසිෆික් හවුල වැනි කරුණු සම්බන්ධයෙන් තමා නියෝජනය කළ ප්‍රතිපත්තීන් බැහැර කරමින් වඩාත් ජනප්‍රිය ලෙස පෙනෙන්නට තිබූ බර්නි සැන්ඩර්ස්ගේ ප්‍රතිපත්තීන් වැළඳ ගැනීම තුළින් ඇය ජයග්‍රහණය සඳහා ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන අවස්ථාවාදී පුද්ගලයෙකුය යන මතය බහුතරයක් ජනතාව තුළ මුල්බැස ගන්නා ලදී. රාජ්‍ය ලේකම් වරිය වශයෙන් කටයුතු කරන සමයේ දී රාජකාරි කටයුතු සඳහා පෞද්ගලික ඊ මේල් සර්වර් එක්ක භාවිතා කිරීම සම්බන්ධ චෝදනාවට අමතරව සමාජ ජාල හා විකල්ප මාධ්‍ය හරහා හිලරි ක්ලින්ටන් හට එල්ල වූ ප්‍රධාන චෝදනාව විය.

විශේෂයෙන්ම හිලරි ක්ලින්ටන්ගේ ඡන්ද පදනම වූ ලිබරල් මතධාරී පිරිස්වලට රාජ්‍ය ආරක්ෂාවට වඩා විශ්වාසනීයත්වය වැදගත් වීම තුළ ඩිමොක්‍රටික් පක්ෂය වෙත ඡන්දය ප්‍රකාශකළ හැකිව තිබූ සැලකිය යුතු පිරිසක් කිසිඳු අපේක්ෂකයෙකු සඳහා ඡන්දය ප්‍රකාශකිරීමෙන් වැළකී සිටියහ.

ජනාධිපතිවරණ කාල සීමාව තුළ හිලරි ක්ලින්ටන්ගේ ඡන්ද පදනම මේ ආකාරයට ක්‍රමක්‍රමයෙන් හැකිළෙද්දී තමාගේ ඡන්ද පදනම ක්‍රමයෙන් වැඩි කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනතාව තුළ ඇතිව තිබූ ඉච්ඡාභංගත්වය සහ පීඩනය රටේ සුළුතරය වෙත යොමුකරවීමටත් තමගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කුකුසක් ජනතාවතුළ ඇතිකරවීමට සමත්වීමත් තුළින් අවසාන වශයෙන් ජනාධිපතිවරණ සටන ජයගැනීමට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකිවී තිබේ.

ඇමරිකා එක්සත් ජනපද වාසීන් හට ද ඔවුන් බලාපොරොත්තු වූ පරිදි පවතින සමජ නිර්මිතිය සොලවා දැමීමට හැකි ආකරයේ ජනාධිපතිවරයෙකු ලැබී තිබේ, නමුත් ඒ තුළින් එක්සත් ජනපදයේ සමජීය ගමන් මග කුමන දිශානතියක් ගනීද යන්න පිළිඹඳ අදහසක් පැවසීමට තවමත් කල් වේලා මදිය.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

A Spanish Sobremesa at Bistro des Marées

JOK Barcelona's head chef Olga Starnari to present modern Catalan cuisine at Bistro des Marées

Highlights Trending

Christmas Cheer Arrives Early in Kosgoda

Sheraton Kosgoda Turtle Beach Resort Hosts Traditional Cake Mixing Christmas arrived early on the southern

Highlights Trending

Cinnamon Hotels & Resorts introduces Cinnamon DISCOVERY – Dine with D$, a new dining rewards programme for Colombo

Cinnamon Hotels & Resorts has introduced Cinnamon DISCOVERY – Dine with DISCOVERY Dollars (D$), a

Highlights Trending

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide