ලංකාවම කම්පා කළ, බිහිසුණු මිනීමැරුම් – III.

වන සිව්පාවන් වැනි මිනිසුන් මැද – දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත

ඒ දේවතාවන්, දිව්‍යංගනාවන් – මනු ලෝ තලයේ වාසනාවන්

චන්ද්‍රලේඛා මහත්මිය කියන මේ විදියේ උතුම් මිනිස්සු මුණගැහීමත් ඇත්තටම අපේ වාසනාවක්. වේගයෙන් වෙනස් වෙන ලෝකයේ, ගුණදම් කියන වර්ගය මේ තරමින් හරි රැකිලා තියෙන්නේ ඒ වගේ පුද්ගලයන් නිසයි. ඒත් මොකක්දෝ කරුමයක් නිසා, ඔවුන් පරයලා නැඟෙන වන සිව්පාවන් වගේ මිනිස්සු කරන, මේ වගේ අවාසනාවන්ත සිද්ධීන් ගැන අපට අහන්න ලැබෙනවා.

1. කතරගම රූමතියගේ ඝාතනය

එකදාස් නමසිය හැත්තෑ එකේ වරුසයේ – සිදුවුණු සිද්ධියක් මේ අපේ ලංකා දීපයේ

රුහුණේ කදිර සුරිඳුන් වැඩ විසුව දේශයේ – වුණු අපරාධය පවසමි ශුද්ධ භූමියේ

ඇන්ටන් ජෝන්ස් මහත්මයාගේ මේ ගීතය ඇහෙද්දීම ඔයාලට මතක් වෙනවා ඇති මේ අවාසනාවන්ත කතාව මොකක්ද කියන එක වග. ඔව්, ඒ කතරගම රූමතිය, එහෙමත් නැත්තම් ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ ඝාතනය.

ප්‍රේමවතී මනම්පේරි පවුලේ වැඩිමහලායි. ගල් පඩි පේළිය වගේ නංගිලා මල්ලිලා එකොළොස්දෙනෙක් ඇයට හිටියා. දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු කරපු ප්‍රේමවතී මුළු ගමේ ම සිටි ආදර්ශවත් තරුණියන් අතුරින් කෙනෙක්. වනජීවී දෙපාර්තමේන්තුවේ මුරකරුවකු විදියට රැකියාව කරපු හෙන්ද්‍රික් මනම්පේරි හා ලීලාවතී උබේසිංහ දෙපළ මේ දරුවන් හැමදෙනාම රැක බලාගත්තේ බොහොමයක් දුෂ්කරතාවයන් මැද්දෙයි.

1971 අවුරුද්දේ දී ප්‍රේමවතී කතරගම බක්මහ අවුරුදු කුමරිය විදියට කිරුළු පැළඳුවා. ඒ කතරගම ගුණසිරි හෝටලය ඉදිරිපිට තිබුණු අවුරුදු උත්සවයේදී. බොහොම හැඩකාරියක් වුණු ඇය දිහා පිරිමින්ගේ දෑස් යොමුවුණේ ඉබේට ම. එවකට කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාත් මේ අතරින් එක්කෙනෙක්. උත්සවය ඉවර වෙලා දින කිහිපයකට පස්සේ, සිවිල් ඇඳුමින් සැරසුණු ඔහු ඇගේ ගෙදරට ආවා.

Source : divaina.com 

තමන් ව ආශ්‍රය කරන්න කැමති බව පවසන මේ පොලිස් ස්ථානාධිපතිවරයා ගැන ප්‍රේමවතී පසුවුනේ අකමැත්තෙන්. ඒ නිසා ඇය කිව්වේ ඒ පිළිබඳ ව තමන්ගේ දෙමාපියන්ගෙන් අහන ලෙසයි. තමන්ගේ ආශාවන්ට ඇය නොනැමෙන තේරුම් ගත්ත මේ පොලිස් නිලධාරියා, ඇගේ නිවසින් පිටවුණේ ලොකු කෝපයකින්.

මේ 71 කැරැල්ල සිද්ධවුණු සමයයි. කතරගම ප්‍රදේශය අත්පත් කරගෙන ඉඳපු කැරලිකරුවෝ, හමුදාව එද්දී ටිකෙන් ටික පසු බැස්සා. කට්ටිය කියන විදියට, මොවුන්ට අවශ්‍ය බෑග් වගේ දේවල් මහලා දෙන්න ප්‍රේමවතී ඇතුළු තරුණියන් කිහිපදෙනෙක් ඉදිරිපත්වෙලා තියෙනවා. මේ ගැන දැනගන්න ලැබුණු පොලිසියේ ලොකු තැන, ප්‍රේමවතී ව අත්අඩංගුවට ගන්න නියෝග කළේ, ඇගෙන් පළිගැනීමේ චේතනාවත් එක්කමයි.

පන්සලේ පවත්වපු පන්ති ගැන අසමින්, නොකළ දෙකට ඇයව වරදකාරිය කළ පොලිස් ලොක්කා ඇතුළු ඔහුගේ සහචරයින්, ඇයට පහර දුන්නා. කාමරයක් තුළ ඇයව සිර කරපු ඔවුන්, ඉන්පස්සේ ඔවුන්ගේ පහත් ආශාවන් ඇගෙන් සපුරාගන්නත් පෙළඹුණා.

විසි දෙහැවිරිදි වියේ ඉඳපු ප්‍රේමවතීගේ අවසන් හෝරා කිහිපය ගෙවුණු විදිය ඇහින් දැකපු, අදටත් ජීවතුන් අතර ඉන්න පුද්ගලයා වන්නේ හම්බන්තොට වනජීවී භාර නිලධාරී  වන ඩෙස්මන් වයිට් මහත්මයායි. ප්‍රේමවතීගේ පියා ඔහු යටතේ වැඩ කළ අයෙක්.  යාල වනෝද්‍යානයේ වැඩ භාරගන්නට යන අතරතුරදී, ඔහු කතරගම පොලිසියටත් ගොඩවුණා. දරුණු වද හිංසාවලට ලක්වෙලා ඉඳපු ප්‍රේමවතී ව ඔහුට දැකගන්න ලැබුණේ ඒ මොහොතේදීයි. එතැන ඉඳපු පොලිසියේ සහ හමුදාවේ අය ඇයව හැඳින්වූයේ “අපිව මරන්න ආව කැරලිකාරියක්” විදියට.

හමුදාවේ ලුතිනන්වරයාගේ විධානය පිට, ප්‍රේමවතීට නිරුවත් ව කතරගම මධ්‍යයේ ඇවිදින්න සිද්ධවුණා. ඩෙස්මන් වයිට් මහත්මයා කියන විදියට, ඇය මියගිහින් තියෙන්නේ ඇයට එල්ලවුණු තුන්වන වෙඩි පහරිනුයි.

අමනුෂ්‍යයෙකුගේ තිරිසන් බවට අවනත නොවීම නිසා, ප්‍රේමවතී මනම්පේරිට සිදුවුණේ ජීවිතයෙන් වන්දි ගෙවන්නටයි.

2. සමන් කුමාර ඝාතනය

ලිපියක් ලැබුණා ගෙදරට පොලිසි නොයන්න – ලක්ෂ එකහමාරක් පාසලේ තබන්න  

නැත්නම් වෙන්නේ දරුවට මරුවා දකින්න – කොහොම පපුව වාවන්නද අම්මට ඔන්න

ඇන්ටන් ජෝන්ස් මහත්මයාගේ මේ ගීතයත් 80,90 දශකවලදී සෑහෙන ජනප්‍රිය වුණු එකක්. මේකටත් පසුබිම් වුණේ 1984 අවුරුද්දේ සිද්ධවුණු තවත් අවාසනාවන්ත සිද්ධියක්.

දහහතර හැවිරිදි සමන් කුමාර, මතුගම පැත්තේ ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙක් වුණු තිලකරත්න මහත්මයාගේ බාල පුතායි. සමන්ගේ තාත්තා වගේ ම, ඔහුගේ වැඩිමහල් සහෝදරවරුත් මේ ව්‍යාපාරවලට දායක වුණා. ධර්මසිරි, මේ පවුලේ හිතවතෙක්.

එදා ඉස්කෝලේ නිවාඩු දෙන දවසයි. උදෙන් ම ඇඳ පැළඳගත්ත සමන්, තමන්ගේ ඉස්කෝලේ වන මතුගම මධ්‍ය මහා විද්‍යාලය බලා පිටත්වුණා. දහවල් දොළහ වගේ වෙද්දී, තිලකරත්න මහත්මයාගේ අතට ලිපියක් ලැබුණා. ඒකෙ කියවෙලා තිබුණේ සමන් ව ආයෙත් පණ පිටින් දකින්න ඕනේ නම්, රුපියල් ලක්ෂ එකහමාරක කප්පමක් උවමනා බවයි.

Source : divaina.com 

තරමක් තැති ගත්ත තිලකරත්න මහත්මයා, සමන්ගේ පාසලට ගියා. ඔහුට දැනගන්න ලැබුණේ තමන්ගේ පුතා පාසලට ඇවිත් නැති බවයි. දරුවාගේ අතුරුදහන් වීම පොලිසියට දන්වපු ඔහු, පවුලේ අයත්, ගමේ අයගේ උදව්වත් ඇතිව සමන් කුමාර ව හොයන්න පිටත්වුණා. පවුලට හිතවත් ධර්මසිරිත් මේකට සහභාගී වුණා. දවස් දෙකක් තිස්සේ ගම පීරුවත්, සමන් ගැන කිසිම හෝඩුවාවක් ලැබුණේ නැහැ. කප්පම්කරුවන්ගේ දුරකථන ඇමතුම්වලට පිළිතුරු දුන්න තිලකරත්න මහත්මයා කිව්වේ දරුවා ඇහින් දකින්න ලැබෙන තුරු තමන් කප්පම නොදෙන බවයි.

මේ සේරමත් එක්ක, ධර්මසිරිගේ හැසිරීමේ දැකගන්න ලැබුණු වෙනස හැමෝගෙම සැකයට හේතු වුණා. ඒ වගේ ම, සමන් කුමාර කාගේදෝ බයිසිකලයක නැඟිලා ගිය බව කියවෙන සාක්කියකුත් ලැබුණේ පාසල් දැරියකගෙන්. සමන් කුමාර අතුරුදන් වුණු දවසේ උදෑසන, ධර්මසිරි, තිලකරත්න ගෙදරින් බයිසිකලයක් ඉල්ලගත්ත බව හෙළිවීමෙන් මේ සැකය තවත් තහවුරු වුණා.

පොලිස් බැටන් පොළුවල රස දැනෙද්දී, ධර්මසිරි තමන් කරපු අපරාධය වැමෑරුවා. සමන් ඉස්කෝලෙට යන්න පිටවෙන වෙලාවේදී මඟ රැකගෙන ඉඳපු ධර්මසිරි අයියාගේ බයිසිකලයට ගොඩවෙන්න, ඔහු දෙසැරයක් හිතුවේ නැහැ. නමුත් තමන් ව අරගෙන බෝපිටිය කඳු මුදුනට යද්දී, ඔහු බයෙන් කෑගැහුවා. සමන් පයේ දාගෙන ඉඳපු සපත්තු යුගල ගලවලා, කටට මේස් ඔබ්බවලා, ලේස් පටියෙන් ගෙල සිර කරලා ඔහු ව මරාදාන්න තරම් ධර්මසිරි සාහසිකයෙකු වුණා. කප්පම් ඉල්ලා පණිවිඩ යවද්දීත්, සමන් ඝාතනය වෙලා අවසානයි. තිලකරත්න මහත්මයා කප්පම ගෙව්වත්, ඔහුට දෙන්න සමන් කුමාර කෙනෙක් ධර්මසිරි ඉතුරු කරලා තිබුණේ නැහැ.

ලංකා ඉතිහාසයේ පළමුවෙනි වරට දරුවෙකු පැහැරගෙන ගිහින් කප්පම් ඉල්ලලා මරා දමපු සිද්ධිය මෙයයි. අවුරුදු 20ක් සිරබත් කෑ ධර්මසිරි දැන් ඉන් නිදහස් වෙලා ගෙදර ඇවිත්. ඒත් සමන් කුමාර නැති සොවින් අදටත් ඔහුගේ පවුල තැවෙනවා.

3. ක්‍රිශාන්ති කුමාරස්වාමි ඝාතනය

Source : nation.lk

ඒ 1996 අවුරුද්දයි. උසස්පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියපු ක්‍රිෂාන්ති නිවස බලා එමින් සිටියා. කයිතඩි හමුදා මුරපොළ පහු කරගෙන එන මේ ගමන ඇයට නුහුරු එකක් නෙවෙයි. හැබැයි කවදාවත් නැති විදියට, හමුදා සෙබළු ඇගේ ගමන නැවැත්තුවේ, ඇගේ හැඳුනුම්පත ගැන විමසමින්.

මුරපොළේ ප්‍රධානියාගේ අණ කිරීම මත ඇයව මුරපොළ ඇතුළට අරගෙන ආව හමුදා සෙබළුන් හත් අට දෙනෙක්, ඔවුන්ගේ තිරිසන් ආශාවන් තෘප්තිමත් කරගත්තේ, ඇගේ විලාපය ගැනවත් නොතකමින්. ඇගේ කටහඬ ඇහෙන මානයේවත් කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා මුරපොළ ඇතුළේ වුණු දේ ගැන දන්නේ, එය වටේ තිබුණු බිත්ති හතර පමණයි.

හවස හතර වෙද්දීත් ක්‍රිෂාන්ති නිවසට නාව නිසා, ඇගේ මව වන රාසම්මා තරමක් කලබල වුණා. තමන්ගේ දාසය හැවිරිදි පුතාවත්, එක්කරගෙන, ඇය මුලින්ම ගියේ කයිතඩි හමුදා මුරපොළ දිහාටයි. ඔවුන්ගේ අසල්වැසියෙක් වුණු සිදම්බරනුත් මේ ගමනට එකතු වුණා. ක්‍රිෂාන්ති ගැන කිසිම දෙයක් නොදන්නා බව මෙහි ඉඳපු හමුදා සෙබළු කිව්වේ, ඔවුන් අතින් කිසි ම දෙයක් නොවුණු ගානට. ඒත් රාසම්මා එයින් පසුබට වුණේ නැහැ.

දිගින් දිගට ම ක්‍රිෂාන්ති ගැන අහපු ඇයවත්, ඇගේ පුතාවත්, සිදම්බරනුත් මුරපොළ ඇතුළට ඇදගෙන ගිය හමුදා සෙබළුන්, ඔවුන්ගේත් මුව, අත පය ගැටගසා දැම්මේ සියල්ලම ලෝකෙන් වසන් කරන්න හිතාගෙනයි. පහුවෙනිදා උදේ 2.30 වගේ වෙද්දී, මේ අහිංසකයන් සිව්දෙනාගේ ම ගෙල සිර කර මරා දමාපු මේ ඝාතකයන්, නුදුරින් වුණු සොහොනේ ඔවුන් ව වළලා දැම්මා.

ඒත් මේ අපරාධය සහමුලින් වළලා දාන්න ඔවුන්ට ඉඩ ලැබුණේ නැහැ. මේ සිදුවීම වෙලා මාසයක වගේ කාලයක් ඇතුළත, ගැමියෙකුගේ ඔත්තුවකට අනූව ක්‍රිෂාන්ති ඇතුළු පිරිසගේ සිරුරු ගොඩ ගැනුණා. ඇසින් දුටු සාක්ෂි නැති වුණත්, වෙනත් සාක්ෂි පදනම් කරගෙන මේ අපරාධය කළ හමුදා සෙබළුන්ට දඬුවම් නියම වුණා.

4. ශිවයෝගානන්දන් විද්‍යා ඝාතනය

Source : 247latestnews.com

පුන්කුඩතිව් ආලව වල්ලව පාරේ තල් රුප්පාවක, ඝාතනය වුණු තරුණියකගේ සිරුරක් හමුවෙලා තියෙන වග, කයිට්ස් පොලිස් ස්ථානයට දැනගන්න ලැබුණේ 119 ඇමතුමකින්. අදාළ තැනට රැස්වුණු පොලිස් නිලධාරියන්ට, ඇය ව දූෂණය කර මරා දමා ඇති බව බැලූ බැල්මට ම පෙනී ගියා.

2015 අවුරුද්දේ මේ විදියට මිය ගිහින් තිබුණේ පුන්කුඩතිව් මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනගත්ත ශිවයෝගානන්දන් විද්‍යා නම් දහඅට හැවිරිදි තරුණියයි. මේ ඝාතනයේදී කෙළින්ම සැකය එල්ලවුණේ මේ පැත්තේ ම ඉඳපු අයියා මලෝ තුන්දෙනෙක්ට. ඊට හේතුව, ඔවුන්ට එරෙහිව දාලා තියෙන නඩුවක, දිව්‍යාගේ මව සාක්කිකාරියක් විදියට ඉදිරිපත් වී තිබීමයි.

පාසල් යන්න පිටත්වුණු විද්‍යා ව පාර අතරමඟ දී අල්ලාගත්ත මේ නරුමයන්, අසල තිබුණු තල් රුප්පාවකදී ඇයව දූෂණය කළේ, ඇගේ මවට පාඩමක් ඉගැන්වීමේ අරමුණ ඇතුවයි. ඇය කෑගහන එක ඔවුන් නවත්වලා තියෙන්නේ කටට රෙදි එබීමෙන්. මේ වැඩේට සහභාගී වෙලා තියෙන්නේ කලින් සඳහන් කරපු සහෝදරයන් තිදෙනාත්, ඔවුන් කොන්තරාත්තුව ලබා දුන්නු පුද්ගලයා ඇතුළු තවත් අය පස් දෙනෙක්.

ඔවුන් පාපොච්චාරණය කරලා තියෙන විදියට, උදේ 7.45 සිට 11.00 පමණ වෙනතුරු වරින් වර මේ අපරාධය කරලා තියෙනවා. අවසානයේ ඇය මිය ගියාම ඇගේ සිරුර ඒ තල් රුප්පාවේ ම අතහැර දමා ඔවුන් පැනලා යන්න ඔවුන් කටයුතු කරලා.

කාමාතුරයන් නවදෙනෙක්ට බිලිවුණු විද්‍යාගේ මරණය, මුළු යාපනය ම කළඹන්න සමත් වුණා. මේ හේතුවෙන් යාපනයේ හර්තාල් ව්‍යාපාර, අපරාධකරුවන්ගේ නිවෙස් ගිනි තැබීම් වගේ දේවල් රැසක් පහුගිය අවුරුද්දේ වාර්තා වුණු හැටි ඔයාලටත් මතක ඇති.

අහස පොළොව නුහුලන මේ වගේ අපරාධ කරන්න, මනුස්සයෙක්ට කොච්චර රුදුරු හිතක් තියෙන්න ඕනෙද? එවන් අපරාධයක් කළාට පස්සේ, හිත හදාගෙන ඔවුන් නින්දට යන්නේ කොහොමද?

මේ වගේ අවාසනාවන්ත සිදුවීම් අහන්න දකින්න නොලැබෙන සමාජයක් අපට නුදුරු අනාගතයේදීවත් දැකගන්න ලැබෙනවානම්,.. අපේ හැමදෙනාගේම ඒකායන ප්‍රාර්ථනාව එයයි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide