නත්තලට රස කේක්, ගන්නවානම් මෙන්න තැන්.

කොහොමින් කොහොම හරි ඔන්න 2017 අවුරුද්දේ නත්තලත් අත ළඟ. කට්ටිය නත්තල් ගස් සරසලා, පුංචි ගවලෙන් හදලා දැන් දැන් ම මෙදා සැරේ නත්තලට ලකලෑස්ති වෙනවා ඇති. ඔය නත්තල් කාලෙට, නැතිව ම බැරි දෙයක්නේ නත්තල් කේක්. මොන කෑම නොහැදුනත්, මේ කාලෙට නත්තල් කේක් නැති ගෙයක් හොයනවා කියන්නේ කළුනික හොයනවා වගේ වැඩක්. පලතුරු රසට, මද්‍යසාර ඩිංගක් එකතු කරලා හැදෙන මේවයේ රස මතක් වෙද්දී කටට කෙළ උනන්නේ ඉබේටම.

ඉතින් මොකක් හරි හේතුවක් නිසා, නත්තල්  කේක් එකක් හදාගන්න විදියක් නැති වුණොත්, ගෙදර හැදුවා වගේ රස නත්තල් කේක් එකක් ගන්න පුළුවන් තැන් කීපයක් ගැන කියන්න මේ හොඳම වෙලාව.

1. Perera and Sons

ලංකාවේ ජනප්‍රියම බේකරි අතරින් එකක් වෙන පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ නත්තල් කේක් එක, ගොඩක්දෙනා අතර ජනප්‍රියයි. රට පුරා ශාඛා ගණනාවක් තියෙන නිසා හොයාගන්න අමාරුත් නැහැ. කෑල්ලක් රුපියල් 80ක් වගේ වෙනවා. කිලෝ එකක් ගන්නවානම් රුපියල් 1500කට වගේ ගන්න පුළුවන්. තව ග්රෑම් 400 කේක් එකත් තියෙනවා රුපියල් 600ට. මොනවහරි වැඩිදුර තොරතුරක් දැනගන්න ඕනේ නම් මෙන්න මේ නොම්මර දෙකට කතා කරන්නකෝ; 0112793826, 0112792827-9.

2. Bakes by Bella

කේක්වලින් හැඩ වැඩ දාන Bakes by Bella; මෙයාලත් හදනවා හරි අපූරු රස ඇති නත්තල් කේක් එකක්. හැබැයි ගාන නම් පොඩ්ඩක් විතර වැඩියි. ග්රෑම් 200ක් රුපියල් 750ක් වගේ වෙනවා. ඒ වුණාට පංකාදු රසක් තියෙන්නේ. 0777445449ට කතා කරලා මේ කේක් එකේ විස්තරේ අහගන්න පුළුවන්. අහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ලිබර්ටි ආකේඩ් එකේනේ මෙයාලගේ ශාඛාව තිබුණේ. ඒක මේ ටිකේ වහලා දාලාලු. හැබැයි දුක් වෙන්න කාරි නැහැ. අලුත් ම ලොකු වැඩක් පටන්ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි කඩේ වහලා තියෙන්නේ. ඒ කොහොම වෙතත් මෙයාලගේ Instagram ගිණුමෙන් බලාගන්න පුළුවන් මේ දවස්වල මොකද ඒ පැත්තේ වෙන්නේ කියලා.

3. Yumi Cake

ෆ්ලවර් රෝඩ් එකේ යුමි කේක් එකෙත් රස නත්තල් කේක් එකක් හැදෙනවා කියලා ආරංචියි. ග්රෑම් 50ක කේක් කෑල්ලක් රුපියල් 160ක් වගේ වෙනවා. හැබැයි රුපියල් 900කට ග්රෑම් 450 කේක් එක ම ගන්න ඔයාලට පුළුවන්. ඕඩර් දෙන්නේ කොහොමද කියලා අහගන්න 0777563627 නොම්මරේට කතා කරන්නකෝ.

4. The English Cake Company

ඔයත් ජාවත්ත පැත්තට නිතර යන එන කෙනෙක්ද? එහෙනම් ඔයාට පුළුවන් ලේසියෙන් ම The English Cake Company එකේ නත්තල් කේක් එක මිලදී ගන්න. හොඳම වැඩේ කියන්නේ බ්‍රැන්ඩි දාපු, නොදාපු කේක් දෙවර්ගේ ම මෙතැන තියෙනවනේ.බ්‍රැන්ඩිත් එක්ක ගන්නවානම් මේ කේක් කිලෝ එකකට රුපියල් 3600ක් වගේ අය වෙනවා. බ්‍රැන්ඩි නැතුව ගාන රුපියල් 3000යි. 0112501344ට කතා කරොත් තව විස්තර දැනගන්න පුළුවන් වෙයි.

5. Ambrosia

බොරැල්ලේ Ambrosia එකේ ග්රෑම් 500, කිලෝ එක වගේ ම තනි නත්තල් කේක් කෑල්ලත් ගන්න පුළුවන්. මිල ගණන් පිළිවෙලින් කිව්වොත් රුපියල් 1800, 3600 සහ 180. අනිත් ඒවත් එක්ක සැසඳුවා ම ටිකක් විතර ගණන් වැඩියි. හැබැයි 0777772052ට කතා කරොත් ඒවාට හේතු එහෙම අහගන්න ඔයාට පුළුවන්.

6. Coffee Stop (Cinnamon Grand)

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ කෝපි කඩේනේ ඔය Coffee Stop කියන්නේ. මෙතැනින් ගන්න පුළුවන් කිලෝ එක සයිස් එකේ නත්තල් කේක් තමයි. මේක රුපියල් 2900ක් වගේ වෙනවා. 0112497382 නොම්මරේට කතා කරලා, මේ කේක් හදන විදිය, ඕඩර් කරන විදිය ගැන දැනගන්න ඔයාලට අවස්ථාව තියෙනවා.

7. Sits

කොළඹ පහේ කාලිංග මාවත පැත්තේ කිට්ටුව ඉන්න අයට නම් නත්තල් කේක් හොයාගන්න හරි ම ලේසියි. මොකද අපි මේ කියන Sits එක තියෙන්නේ ඔය ළඟ පාතනේ. ග්රෑම් 450ක මිල වෙන්නේ රුපියල් 2000ක් වගේ. හැබැයි ගෙදරට ම ගෙන්නගන්නත් පුළුවන්. එහෙනම් ඒ විස්තර අහගන්නකෝ 0777730793ට කතා කරලා.

8. Aunty Cynthia's

Image Credits : auntycynthia

මේක හෝම් බේකරියක්. ඒ නිසා “ගෙදර හැදුවා වගේ රස” කියන එක ගැන කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. අපේ මේ ලංකාවේ තියෙන අඩුම කුඩුම පාවිච්චි කරලා වගේ ම, පිටරටින් ගෙන්නපු ඉස්තරම්ම වර්ගයේ ද්‍රව්‍ය යොදලා හදපු කේක් වර්ගත් මෙතැන තියෙනවා. ඒ ඒ ජාතියේ හැටියට තමයි ඉතින් ගණන් හිලව්. කිලෝ එකේ, ග්රෑම් 500, වගේ ම තනි කේක් කෑලිත් මේ බේකරියේ හැදෙනවා. ආනයනික අමුද්‍රව්‍යවලින් හදනවා නම්, ඒවායේ ගාන රුපියල් 3500 සිට රුපියල් 175 දක්වා වෙනස් වෙනවා. ලංකාවේ අමුද්‍රව්‍යවලින් හැදෙනවානම් මේක වෙනස් වෙන්නේ රුපියල් 2500 සිට රුපියල් 135 අතර මිලකට. ඉතින් මේ ගැන විස්තර වගේ ම, ඕඩර් ගැන තොරතුරු අහගන්න නම් 0770786109 කතා කරන්න ඕනේ.

9. Divine

Divine එකේ නත්තල් කේක් කෑල්ලක් රුපියල් 200ක් වගේ වෙනවා. ග්රෑම් 450 අලෙවි වෙන්නේ රුපියල් 1840කට. Divine එකෙත් ශාඛා කීපයක් ම කොළඹ අවට තියෙනවනේ. එයින් එකකට ගොඩ වෙලා හෝ, 0112583598 නොම්මරෙන් මේ ගැන විස්තර දැනගන්න පුළුවන්.

10. BreadTalk

මේකත් ලංකාවේ ජනප්‍රිය බේකරියක්. අපට දැනගන්න ලැබුණු විදියට, මේ මාසේ දෙවැනි සුමානේ ඉඳන් නත්තල් කේක් අලෙවි කරන්න BreadTalk එක සූදානම්. එහෙනම් දැන් ම කතා කරලා ඔයාගේ කේක් එකත් වෙන් කරගන්නකෝ. 0117356777 තමයි එයාලගේ නොම්මරය.

11. Sponge

කොල්ලුපිටියේ Sponge එක මෙදා සැරේ නත්තල් කේක් විකුණන්නේ දෙසැම්බර් පහළොස්වෙනිදායින් පස්සෙලු. අද හෙට ම 0112573321ට කතා කරලා, කේක් එක වෙන් කරගත්තොත් නරකද?

12. Fine Things

හිල්ටන් එකේ Fine Things අවන්හල නියම රස නත්තල් කේක් එකක් හදනවා. හැබැයි පට්ට ම ගණන්. කිලෝ එකක් රුපියල් 6500ක්. තනි කෑල්ලක් ගන්නවානම්, එයින් එකකුත් රුපියල් 550ක්. ඒ නිසා අතේ මිටේ හොඳට ම සල්ලි ගැවසෙනවානම් මේ පැත්තට ගිහින් ආවට කමක් නැහැ. යන්න කලින් මේ නොම්මරේ (0112492125) ඇමතුවොත්, එයාලා කේක් එක හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය ගැන දැනගන්න පුළුවන් වෙයි.

13. Royal Bakery

වැල්ලවත්තේ රෝයල් බේකරිය, පොකට් එකට බරක් නොවී බඩ පුරවගන්න කැමති අය යන එන ප්‍රසිද්ධ තැනක්. බැලුවොත් ඇත්තන් සූ ගාලා සෙනඟ මේකේ. ඉතින් මෙයාලගේ නත්තල් කේක් එකත් ඒ වගේ තමා. එක කේක් කෑල්ලක් රුපියල් 100ක් වගේ. කිලෝ එකක් ගන්නවානම් රුපියල් 1500ක් වගේ. ඒ නිසා සාක්කුවට වැඩි තට්ටුවක් නැහැ. තවත් වැඩි විස්තර ඕනේ නම්, මෙන්න නොම්මරේ: 0112588476.

14. Dolly's

Image Credits : Dolly's

මේකත් හෝම් බේකරියක්. මෙහෙ හැදෙන නත්තල් කේක් දෙවර්ගයක් තියෙනවා. ඒ මතුපිටින් ආමන්ඩ් පේස්ට් එක අතුරපු, සහ නොඅතුරපු වශයෙන්. ආමන්ඩ් පේස්ට් ඇති නත්තල් කේක් කිලෝ එකක ගාන රුපියල් 3300 යි, නැති එක රුපියල් 3000යි. කේක් කෑලි විදියට මිලදී ගන්නවානම් එකක් අලෙවි වෙන්නේ රුපියල් 180 ගානේ. එහෙනම් 0715382749 නොම්මරය අමතලා අද ම ඔයාලගේ කේක් ඕඩර් එක දෙන්නකෝ.

15. The Cake Factory

මේක තියෙන්නේ කොළඹ 03, පස්වෙනි පටුමගේ. ඒ පැත්තෙන් යන එන කෙනෙක් නම්, කේක් ෆැක්ටරියට ගොඩවෙලා ඔයා ආස කරන විදියේ නත්තල් කේක් එකක් ගන්න මේ දවස්වල පුළුවන්. මෙයාලා ළඟත් බ්‍රැන්ඩි දාපු, නොදාපු දෙවර්ගේ ම තියෙනවා. බ්‍රැන්ඩි දාපු කේක් කිලෝ එක රුපියල් 2900කටත්, ඒවා නොදාපු එක රුපියල් 1450කටත් මිල කරලා තියෙනවා. ඔය දෙකම නැතුව කේක් කෑලි විදියට ගන්නත් ඔයාලට පුළුවන්. කේක් කෑල්ලක මිල වෙන්නේ රුපියල් 190ක් වගේ. මේ කේක් ගැන තව විස්තර 0777382510න් දැනගන්න පුළුවන්.

16. Sen Saal

කොළඹ තියෙන බේකරි රැල්ලේ තවත් ජනප්‍රිය සාමාජිකයෙක් තමයි මේ. සෙන්සාල් එකේ නත්තල් කේක් කෑල්ලක මිල සෑහෙන්න අඩුයි. කොටින්ම කියනවනම් රුපියල් 75යි. මේ හැරුණාම කිලෝ එකේ, ග්රෑම් 500 කේක්නුත් සෙන්සාල් ශාඛාවලින් ගන්න පුළුවන්. ඒවායේ මිල පිළිවෙලින් ගත්තොත් රුපියල් 1200, 800 වගේ වෙනවා. මෙච්චර ගණන් අඩු ඇයි කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අනේ බල බලා ඉන්නේ නැතුව 0112590591ට කතා කරන්නකෝ. ඒ ගැන සේරම තොරතුරු අහගන්න පුළුවන්නේ එතකොට.

ඔන්න යාළුවනේ රස නත්තල් කේක් ගන්න පුළුවන් තැන් 16ක් ම කිව්වා. තවත් ඔයාලා දන්න තැන් තියෙනවනම් කමෙන්ට් කරන්න ඕනේ හොඳද. කොහොම වුණත් කල් නොයවා දැන් ම කේක් ඕඩර් දෙනවනම් කාටත් ලේසියි. ඉතින් මේ ලබන්නා වූ නත්තල, ඔයාලා හැමෝටම රස ම රස නත්තල් කේක් කන්න ලැබෙන, සුබම සුබ නත්තලක් වේවා!

Image in the Cover : freefoodphotos.com
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide