ලංකාවේ ලස්සන ම කවර් සින්දු – I.

සකල සිරින් පිරි සිරි ලංකාවේ, සංගීතයට කාලෙන් කාලෙට එක එක රැළි පෙරළෙනවනේ. දවසින් දවස සංගීත කණ්ඩායම් බිහිවෙන්නේ හතු පිපෙනවා වගේ. මේවයින් සමහරක් නම් මේ ලෝකේ රහක් නැහැ. හැබැයි කට්ටියක් ඉන්නවා ඇත්තට ම හැකියාව තියෙන, සංගීතය වෙනුවෙන් දෙයක් කරන්න බලාගෙන මේ ක්ෂේත්‍රයට එන අය.

අර කලින් කිව්වා වගේ, ලංකාවේ සංගීතයට පෙරළෙන රැළි අතරේ තියෙන අලුත් ම රැල්ල තමයි “කවර් සින්දු” (Cover Songs). යුරෝපීය සංගීත කලාවේ නම් මේක සෑහෙන්න ප්‍රසිද්ධ වුණත්, ලංකාවේ අය මේ වැඩේ හරි විදියට කරන්න ගත්තේ ළඟදී.

ඔයාලත් එහෙනම් අහලා බලන්නකෝ. ලංකාවෙන් බිහිවෙච්ච අපූරු කවර් සෝන්ග්ස් ටිකක් තමයි මේ.

1. වළා තීරයෙන් එහා

කවර් සින්දුවලට ම වෙන් වුණු සංගීත කණ්ඩායමක් විදියට “අපි මචං” සංගීත කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. මෙයාලා ගොඩක් වෙලාවට තෝරාගන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ ම ගායකයන්ගේ ගීත. ශබ්ද රසය වගේ ම, රූප රසයත් හරි ලස්සනට එයාලගේ කවර් සින්දුවල තියෙනවා. වීඩියෝ ව මුලදී ම ගීතවල මුල් අයිතිකරුවන් හැමෝම ගැන සඳහනකුත් තියන්න ඔවුන් අමතක කරන්නේ නැහැ. ටී.එම් ජයරත්න මහත්තයා මුල් ගායනය කරපු මේ ගීතයත්, එයින් එකක් විතරයි.

2. ඔබ ගාව මම ඉන්නෙමි

මේක ෆේස් බුකිය තුළින් එක රැයින් ජනප්‍රිය වෙච්ච සින්දුවක් කිව්වොත් වඩාත් නිවැරදියි. මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා මුල් ගායනය කරපු මේ ගීතයට, මේ විදියට කවර් සින්දුවක් කළේ සහන් චාමිකරයි. මෙයාගේ අලුත් කවර් සින්දුව මේ ළඟදී නිකුත් වුණා. ඒ “හීන රටේ කින්නරාවි”.

3. Bailando

ස්පාඤ්ඤ බස හරි අපූරුවට හසුරවමින් මේ ගීතය කියන්නේ ලංකාවේ රනුර පෙරේරායි. එන්රික් ඉග්ලීසියස්ගේ ස්පාඤ්ඤ බසින් ගැයෙන ගීත කීපයක් ම ඔහු මේ විදියට කවර් සින්දු බවට හරවලා තියෙනවා. ඒවා විතරක් නෙවෙයි, සිංහල ගීත ගයන්නත් ඔහුට තියෙන උපන් හපන්කම මේ ළඟදී අපට දැකගන්න ලැබුණා. ඒ දුෂ්‍යන්ත් වීරමන් මුල් ගායනය කරපු “ජේත්තු නෝනේ” ගීතයට ඔහු ඉදිරිපත් කරපු කවර් සින්දුවෙන්.

4. මට රවනා

ගිටාර් එක වාදනය කරන ගමන් ගී ගයන රීනි ද සිල්වාගේ කවර් සින්දු ගොඩක් ම අපට දැකගන්න ලැබෙන්නේ මුහුණු පොතෙන්. හැබැයි මේ ළඟදී, ලහිරු පෙරේරා මුල් ගායනය කරපු මේ සින්දුවට හරි ලස්සන කවර් එකක් කරන්න එයා සමත් වුණා.

5. පෙනෙනා නිසා

යොහානි ද සිල්වා සිංහල, හින්දි, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම ගීත ගායනා කරන්න පුළුවන් කෙනෙක්. කවර් සින්දු මෑෂ් අප් කරන්නත් මෙයාට තියෙන දක්ෂතාවය මේ සින්දුවෙන් ම පේනවා.

6. රන් තාරකාවන් දිලෙන රැයේ

ජගත් වික්‍රමසිංහ මහත්මයා 90 දශකයේදී ගායනා කරපු මේ ගීතය, දැනට මාස දෙකකට වගේ කලින් අපට අහන්න ලැබුණේ අලුත් හඬකින්. ඒ මදූෂ ශ්‍රී සංඛපාල මේකට නිර්මාණය කරපු ලස්සන කවර් සින්දුවෙන්.

7. සරත් සඳේ

ජූලියා චිත්‍රපටියෙන් අහන්න ලැබුණු මේ ගීතයට හරි අපූරුවට කවර් සින්දුවක් කරන්න සමත් වුණේ මලිඳු කිරිඳගමාරච්චි. කවර් සින්දු මෑෂ් අප් කීපයකුත් මෙයා නිර්මාණය කරලා තියෙනවා.

8. ඔබ නිදන්න 

සිංහල, හින්දි භාෂා දෙකෙන් ම ගීත ගායනා කරන්න පුළුවන් කෙනෙක් විදියට දිලීප සාරංග ව හඳුන්වන්න පුළුවන්. මෙයාගෙත් ගොඩක් තියෙන්නේ කවර් සින්දු මෑෂ් අප් තමයි. මේවයේ වීඩියෝ හදලා තියෙන්නේ කොරියන්, දමිළ චිත්‍රපටි දසුන් එකතු කරලයි.

9. සරා සඳේ

නැසී ගිය ජෝතිපාල මහත්මයාගේ තවමත් නොනැසී තියෙන ගීතයක් තමයි මේක. ප්‍රභාත් ජයසූරිය ඒකට නිර්මාණය කරපු මේ කවර් සින්දුවත් සෑහෙන ජනප්‍රියත්වයක් ලැබුවා. කවර් සින්දු කීපයකින් ගමන් අරඹපු ඔහු මේ ළඟදී තමන්ගේ ම කියල ගීතයකුත් නිර්මාණය කළා.

10. සමුගන්නේ නෑ

කසුන් සහ චාමික, 2010 ඉඳන් 2014 වගේ වෙනකම් එක දිගට කවර් සින්දු කළත්, ඊටපස්සේ එයාලගේ හඬ අහන්න ලැබුණේ නැහැ. ගිටාර් එකයි, ඩෝලයයි වාදනය කර කර, බොහොම සරල විදියට තමයි වැඩේ කළේ. හැබැයි මීට මාස පහකට වගේ කලිනුත් මේ දෙන්නගේ කවර් සින්දුවක් YouTube එකට නිකුත් වුණා.

තමන්ගේ හැකියාවෙන් සංගීතය කන්න හදන අය ඉන්න මේ කාලේ, මේ වගේ අය ඉන්න එකත් සෑහෙන වාසනාවක්. මොකද කවර් සින්දුවලින් පරණ ගීත ගැන අපේ මතකයත් අලුත් වෙනවනේ.

ඔයාලා දන්නා තවත් මේ වගේ ලස්සන සිංහල කවර් සින්දු තියෙනවද? එහෙනම් දාමුකෝ බලන්න කමෙන්ට් එකක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

Yamu Guide.

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide

Velvet Splash, Valentine’s Day pool party

If candlelit dinners aren’t your thing this Valentine’s Day, Ravana Pool Club in Ella has

Yamu Guide