විභාග ෆේල් වන්නෝ භාග්‍යවන්තයෝ ය.

ගිය සතියේ උසස් පෙළ ප්‍රතිඵල ආවා. සමහරු විභාගේ ඉහළින් පාස්; සමහරු ළාවට පාස්. සමහරු ෆේල්. එහෙම තමයි ඉතිං විභාග වුණාම. හැමෝම පාස් වෙන්න නම් විභාග ඕන නෑනේ.

ඉතිං ප්‍රතිඵල අවුල් කියලා අවුල් වෙලා ඉන්න අයටයි මේ කියන්නේ. දුක්වෙන්න එපා, විභාග ෆේල් වුණ නිසාම ගොඩගිය අය ගොඩක් ඉන්නවා. හිතාගන්න අමාරුයි නේද? කියවලම බලන්නකෝ.

අයිස්න්ටයිනුත් විභාගේ ෆේල්

වයස 17 දී අයින්ස්ටයින් ස්විස් ෆෙඩරල් පොලිටෙක්නික් ස්කූල් එකට ඇතුලත්වීමේ විභාගෙට ලීවා. විද්‍යාව, ගණිතය වගේ විෂයන් එයා ඉහළින් පාස් වුණත් ඉතිහාසය, භූගෝලය, ප්‍රංශ භාෂාව වගේ විෂයන් ඔක්කොම ෆේල්! අයින්ස්ටයින් විතරක් නෙවෙයි, වින්ස්ටන් චර්චිල්, හෙන්රි ෆෝඩ්, රිචඩ් බ්‍රැන්සන් වගේ ලෝක ප්‍රසිද්ධ වුණු ගොඩදෙනෙක් ඉන්නවා විභාග ෆේල් වුණු, ඉස්කෝලේ මගින් හැලුණු අය. විභාගේ ෆේල් කියන්නෙ ජීවිතේ ෆේල් කියන එක නෙවෙයි.

එක දොරක් වැහෙන්න ඕන තව දොරක් ඇරෙන්න

ඇත්තට ම ලංකාවේ දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට සමහර විෂය ධාරාවලින් කැම්පස් ගිහින් අවුරුදු ගාණක් කට්ටකාලා ඩිග්රියක් ගන්න එක තේරුමක් තියෙනවද කියන එකත් ප්‍රශ්නයක්. ඒත් ඉතිං ‘ඒ’ 3ක් වගේ එක්ක ඉහළින් විභාගේ පාස් වෙලත් කැම්පස් නොගිහින් ඉන්න තීරණය කරන එක නිකං මොකක්ද මොකක්ද වගේ නේ. ඔයා තීරණයක් ගත්තත් අම්මලා තාත්තලා සහ නෑදෑයොන්ගෙන් බේරිලා ඉන්න එක ලේසි නෑ. ඉතිං ඔයාට කැම්පස් යන්න ලකුණු මදි නම් මේ ප්‍රශ්න මුකුත් නෑ; ගොඩයන්න පුළුවන් කියලා ඔයාට හිතෙන පැත්තට යන්න පටන්ගන්න පුළුවන්. කාලෙත් ඉතුරුයි, සල්ලිත් ඉතුරුයි.

පාර හරිද?

වළකට වැටෙන එක මොළේට හොඳයි කියල පරණ කතාවක් තියෙනවනේ. සමහර විට පාර මැද තියෙන තඩි වළට පිං සිද්ධ වෙන්න තමයි තේරෙන්නෙ මේ ඇවිත් තියෙන්නෙ වැරදි පාරෙ කියලා. ලංකාවේ දෙමාපියෝ වැඩිදෙනකුට තියෙන ඉන්ජිනේරු-දොස්තර හීනය, නැත්නම් වෙනත් බලකිරීම් උඩ සමහර විට ඔයා මෙච්චර කල් ට්‍රයි කරලා තියෙන්නෙ ඔයාට හරියන්නෙ නැති විෂය ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන්. ඉතිං මේක හොඳ චාන්ස් එකක්; ඔයා ඇත්තටම දක්ෂ, ඇත්තට ම ආසා මේ විෂයටද කියල ආපහු හිතලා බලන්න. තාම පරක්කු වැඩි නෑ. ඔයාට හරියන පාර දැන්වත් තෝරාගත්තොත් ඊළග අවුරුද්දේ ගොඩයන්න පුළුවන්.

සුදුස්සාට සුදුසු තැන

මේකත් කලින් කියපු එකට ටිකක් සම්බන්ධයි. හිතන්න, ජීව විද්‍යාව කියන්නෙ ඔයාට පෙන්නන්න බැරි එපා කරපු විෂයක් වුණත් අම්මලාගේ බලකිරීමට කොහොම හරි පාඩම් කරලා කැම්පස් ගිහින් ඔයා දොස්තර කෙනෙක් වුණා කියලා. අන්තිමේ අපට ඉතුරුවෙන්නෙ තමන් කරන දේට ආසා නැති, තමන්ගේ මුළු ජීවිත කාලෙම අප්පිරියාවෙන් තමන්ගේ රස්සාව කරන දොස්තර කෙනෙක්. ඉතිං එයාගේ ජීවිතේ වගේ ම එයාගෙන් බොහෙත් ගන්න අයගේ ජිවිතත් අපරාදේ. ලංකාවේ මෙඩිකල් කොලේජ් එකට තේරෙනවා කියන එක පට්ට අමාරු වැඩක් නේ. ඉතිං ඔයාට සතුටුවෙන්න පුළුවන් අකැමැත්තෙන් මේක කරපු ඔයා වෙනුවට මේ විෂයට ආසා කෙනෙක්ට ඒ අවස්ථාව ලැබුණු එක ගැන. ජීව විද්‍යාව විතරක් නෙවෙයි, අනිත් විෂයන්ටත් මේක මේ විදියට ම අදාළයි.

 

තාරාවෙක් වගේ නෙවෙයිද? කවුද දන්නේ, ඔයා හංසයෙක් වෙන්න පුළුවන්

අපේ (විතරක් නෙවෙයි, ගොඩක් රටවල) අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නෙ එක රාමුවකට මිනිස්සු හැඩගස්වන්න. සමහර විට ඔයා ඒ රාමුවට ෆිට් වෙන්නෙ නැත්තෙ ඔයා අනිත් අයට වඩා වෙනස් නිසා වෙන්න පුළුවන්. ස්ටීව් ජොබ්ගේ ඇපල් අැඩ් එකේ කියන විදියට මේ විදියට සිස්ටම් එකට ගැලපෙන්නෙ නැති අමුතු මිනිස්සු තමයි ලෝකය වෙනස් කරන්නේ. අර පොඩි කාලේ අහපු කැත තාරා පැටියගේ කතාව මතකද? පොඩි කාලෙ දි අනිත් තාරා පැටවුන්ට වඩා කැත වුණාට මොකද, පස්සෙ ලොකුවෙලා බලද්දි උෟ හංසයෙක්!

දන්නව වැඩිද?

ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා ළමයින්ට බනිනවා එයාලා “දන්නවා වැඩි” නිසා තමයි හැමදේම ඇනගන්නෙ කියලා. නෝන්ඩියට වගේ කීවට මොකද මේක සමහර විට ඇත්තක් වෙන්නත් පුළුවන්. කෙනෙක් දන්නව වැඩියි කියන්නෙ කොහෙත් ම නරක දෙයක් නෙවෙයි. හැබැයි ඉස්කෝලේ උගන්වන යල්පැන ගියපු දේවල්වලට වඩා අලුත්, වෙනස් දේවල් දන්න අය ඒවා විභාගවලට ලියන්න ගියොත් ගොඩක් වෙලාවට ප්‍රතිඵලේ එච්චර හොඳ වෙන එකක් නෑ. අනිත් අතට කොච්චර ට්‍රයි කළත් සමහර වෙලාවට ඇත්ත දැන දැන බොරු ලියන්න ටිකක් අමාරුයිනේ. විශේෂයෙන් ඉතිහාසය, දේශපාලන විද්‍යාව වගේ සමාජයීය විද්‍යා විෂයයන් කරන අයට තමයි මේ ප්‍රශ්නේ දරුණුවට ම බලපාන්නේ. හැබැයි ඉතිං විභාග ලකුණු පටිපාටියට අනුව වැරදි වුණාට ඇත්ත ලෝකෙ දි ඔයාගේ මේ වෙනස්, අලුත් දැනුම ගොඩක් වටිනවා.

වැටුණත් නැගිටිමු වැටිවැටි නැගිටිමු

ඉගෙනගන්නවා කියන්නෙ ඉස්කෝලෙ උගන්වන විෂයන් ටික විතරක් නෙවෙයි; ජිවිතේ හැම දේකින් ම අපි දෙයක් ඉගනෙගන්නවා. පරාජයන්, ඇදවැටීම්, අසමත්වීම් දරාගන්න ඉගෙනගන්නවා කියන්නෙත් ජිවිතේ වැදගත් පාඩමක්. ෆේල් වෙලා පුරුදු නැති කෙනෙක්ට කොයි වෙලාවක හරි වගේ පරාජයකට මුහුණදෙන්න වුණොත් එයා හොඳටම වැටෙන්න පුළුවන්. ඒත් වැටිවැටී නැගිටපු අය දන්නවා කොච්චර වැටුණත් ආපහු නැගිටින විදිය. ඒක ජීවිතේට ගොඩක් වැදගත්.

මොන වගේ මී හරකෙක් වුනත් මේ වගේ මී හරකෙක්නම් වෙන්න එපා.https://t.co/uRYBlXdeUr

— Sudaraka Kalidasa (@ssudaraka) January 7, 2017

ආයෙත් වරක්…

එකම ගඟට දෙපාරක් බහින්න බෑ කියන කතාව බොරු කියල හිතන්නෙ පුළුවන් ලංකාවේ ඉස්කෝලෙක හරි කැම්පස් එකක හරි එකම පන්තියේ දෙපාරක් ඉගෙනගන්න කෙනෙකුට. දැන් ඔය ෆේල් වුණු ගොඩක් අය ඊළග අවුරුද්දෙත් විභාගේ කරනවා ඇතිනේ. ඉහින් බලන්නනෝ ක්ල්ස්වලට එහෙම. එකම නෝට් එක, එකම වාක්‍ය, එකම වචන විතරක් නෙවෙයි, සමහර විට අතරින් පතර ක්ලාස්වල සර්ලා කරන ජෝක් පවා ගිය අවුරුද්දේ ඒවාමයි, පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. ඉතිං මේ දේවල් දිහා ටිකක් විවෘත ව බැලුවොත් මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය කොච්චර බොරුවක්ද කියලා අත්දැකීමෙන් ම තේරුම්ගන්න වගේ ම, කළින් පාර ක්ලාස් ගිය ගුරුවරයා මේ පාරත් මෝඩ ජොක් දාළා වැඩේ අල කරන්න යනව වගේ තේරෙනව නම් කල් ඇතුවම ඒක තේරුම් අරන් එයාට වඩා හොඳ ගුරුවරයෙක් හොයගන්නත් මේ ‘සෙකන්ඩ් චාන්ස්’ එක පාවිච්චි කරන්න පුළුවන්.

විභාග කියන්නෙ ජීවිතේ නෙවෙයි. ඇත්තට ම විභාග විතරක් නෙවෙයි ඉස්කෝලේ දි අපට හරි වැදගත් කියල උගන්වන දේවලුත් වැඩි හරියක් මෙලෝ වැඩකට ඇති දේවල් නෙවෙයි කියල ඔයාලට තේරෙයි තව අවුරුදු 10-15ක් ජීවත්වෙද්දි. ඒ ලෙවෙල් වගේ විභාගයක් පාස් කියලා කඩදාසි කොළයක් තියෙන එක වැදගත් වෙනවා තමයි. හැබැයි අපි ගොඩදෙනක් මැරීගෙන පාඩම් කරලා විභාගේ ලියලා පහුවදාට ඇහුවොත් පාඩම් කරපු මෙලෝ දෙයක් මතක නෑ. ඔන්න ඔකයි තත්ත්වේ. ඉතිං ඕක තේරුම්ගත්ත නම් විභාග මත්තේ නැහිලා ප්‍රතිඵල  ආවාම අඬන්නෙ දොඩන්නෙ නැතුව විගාගේ ඇතුව හෝ නැතුව ජීවිතේ ගොඩයන එක එච්චර අමාරු නෑ.

 

Cover Photo: sabithl.blogspot.com

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide