මේ අවුරුද්දේ මඟුලක් කන්නද ලෑස්තිය?.

අවුරුදු ගාණක් තිස්සේ පස්සෙන් ගිහිල්ලා, දවසට එකසිය ගාණට SMS ගහලා කෙල්ලෙක් ව හරි කොල්ලෙක් ව හරි යාළු කරගත්තැයි කියමුකෝ. ඊටපස්සේ ගෙවල්වලට කන්කෙඳිරි ගාලා කොහොම හරි මඟුලටත් කැමති කරගන්න එපැයි. ඒකත් කරලා, මඟුල කන්න ගියාම තමයි හිතෙන්නේ අනේ මේ මොන මළ මඟුලක් ද කියලා. අම්මගේ අක්කා බැඳපු මහත්තයාගේ අයියගේ නෝනාගේ මල්ලිගේ ළමයටත් මඟුල කියන්න ඕනේ. තාත්තගේ කන්තෝරුව ම මඟුලට ගෙන්නන්නත් ඕනේ. නැන්දම්මට ඕනේ සාරිය ඇඳලා, ආච්චි බඳිනකොට කරේ දාපු ගෙඩි මාලේ දාන්නත් ඕනේ. ඕවා එක්ක හොටෙල් බුකින්, පෝරු හැදිලි, කේටරින්, ඩීජේ, නැටුම් අනංමනං සේරමත් හිතන්න ඕනේ. ඔය වෙලාවට තමයි හිතෙන්නේ සේරම අතෑරලා වනගත වෙන්න.

මේ වෙලාවට මේ වගේ දේවල් ගැන දැනුම් තේරුම් තියෙන පිරිසක් තමන්ගේ වටේ ඉන්න එක සෑහෙන්න වටිනවා. ඒ වගේ කෙනෙක් ව හොයාගන්න නැත්තන්, හොඳ ම දේ තමයි වෙඩින් ප්ලැනින් ආයතනයක උදව් ගන්න එක.

ඉතින් ළඟකදී විවාහ මංගලෝත්සවයක් ගන්න ලෑස්තිවෙලා ඉන්න, ඒ වුණාට කොහොම මේ මඟුල කන්නද කියලා මේ ලෝකේ සංසාරයක් තේරුම් ගන්න බැරුව බලාගෙන ඉන්න අපේ අයට හරි යන වෙඩින් ප්ලැනින් සර්විස් කීපයක් ගැන කියන්නයි මේ සූදානම.

1. Our Wedding Sri Lanka

මේ වෙඩින් ප්ලැනින් ආයතනය 2007 ඉඳන් අත්දැකීම් තියෙන එකක්. ලකී අර්සකුලරත්න මහත්මයාගේ මූලිකත්වයෙන් බිහිවුණු Our Wedding Sri Lanka ආයතනයෙන් පාරිභෝගිකයන්ගේ වත්පොහොසත්කම්, ඕනෑ එපාකම්වලට අනූව ගැලපෙන වෙඩින් පැකේජ් කීපයක් ම පිරිනැමෙනවා. ඒ බ්‍රෝන්ස්, සිල්වර්, ගෝල්ඩ්, ප්ලැටිනම්, සහ සිග්නේචර් විදියට. සිග්නේචර් පැකේජ් එක තමයි මිල අධික ම එක. පෝරු සැරසිලි, මල් සැරසිලි, කේක්, ෂැම්පේන් ෆවුන්ටන්, සංගීත කණ්ඩායම්, වගේ ම මංගල වාහනය සම්බන්ධයෙනුත් වගබලාගන්න මෙයාලට පුළුවන්.

ඔයාලාට කැමති නම්, තමන්ගේ සම්පූර්ණ වෙඩින් එකේ ම වගකීම මේ ආයතනය අතට දෙන්න පුළුවන්. එහෙම නැත්තන්, මේ කට්ටිය ලවා වෙඩින් එකේ අන්තිම මාස කීපය, හෝ මංගල්‍යය තියෙන දවසේ දේවල් ගානට සැලසුම් කරගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. මේ ගැන වැඩි විස්තර 0777666623, 0773419720 හරහා දැනගන්න පුළුවන්.

2. Magical Moments

තමන්ගේ අතේ තියෙන ගාණ උපරිම හොඳින් පිරිමහගෙන වෙඩින් එකක් ගන්න ඕනේ නම් යන්න පුළුවන් තවත් තැනක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. මනාලියගේ සහ මනාලයාගේ ඇඳුම් පැළඳුම්, මේකප්, කේක්, සැරසිලි, කේටරින්, ඡායාරූප ආදී වෙඩින් එකකට අවශ්‍ය වෙන එකී මෙකී නොකී සේරම දේවල් වගබලාගන්න කණ්ඩායමක් Magical Moments එකේ ඉන්නවා. වෙඩින් එක දවසේ නැකත් පත්‍රයට අනූව වැඩ කටයුතු ටික ගානට සකස් කරලා දෙන්න මේ කට්ටියට පුළුවන්. වෙඩින් විතරක් නෙවෙයි, ඔය වෙනත් සාද, උළෙලවල් එහෙමත් හසුරවන්න මෙයාලා සමත්. එහෙනම් අදම 0773868222, 0112717510 නොම්බරවලට කතා කරලා ඒ ගැන විස්තර අහගන්නකෝ.

3. Siritha Wedding Planner

ලෝකේ කොහේ හිටියත් ඔයාගේ විවාහ මංගලෝත්සවය ලස්සනට සැලසුම් කරලා දෙන්න සමත් කාණ්ඩයක් Siritha Wedding Planner එකේ ඉන්නවා. චාරිත්‍රානුකූල වගේ ම, බටහිර පන්නයේ theme වෙඩින් ගැනත් මෙයාලට හොඳ අවබෝධයක් තියෙනවා. වෙඩින් එකට ඔයා ලෑස්ති වෙන්නේ අවුරුද්දක ඉඳන් නම්, ඒ සම්පූර්ණ කාලේ ම වගකීම මේ ආයතනයට දෙන්න පුළුවන්. ඒ නැත්තන්, වෙඩින් එක කිට්ටු මාස කීපයේ හෝ, වෙඩින් එක දවසේ දේවල් ගැන වගබලාගන්නත් මෙයාලා සැදී පැහැදී ඉන්නවා.

ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ තියෙන ශාඛාවලින් වගේ ම ලංකාවේ බත්තරමුල්ල නගරයේ තියෙන ශාඛාවෙන් මේ ගැන තවත් විස්තර දැනගන්න පුළුවන්. මෙන්න මේකයි නොම්බරය; 0112776671.

4. Wedding Planner.lk

වෙඩින් එකට මාසයක් තියලත් තවම හැමදේම හරියට ලකලෑස්තියක් නැත්තන්, දැන් ම ගන්න කෝල් එකක්     0773537085ට. මොකද මෙයාලගේ තියෙනවා වෙඩිමට මාසයක් තියෙද්දී ගන්න පුළුවන් වෙඩින් ප්ලෑනක්. තමන්ගේ කෙනෙක්ගේ විවාහ මංගල්‍යයකදී වගේ එහේට මෙහේට දුවලා පැනලා ඒ වැඩ කටයුතු ටික ගානට ඉෂ්ට කරලා දෙන්න මෙයාලා ඇප කැපවෙලා ඉන්නවා. කේක් පෙට්ටි, මල්, ආරාධනා පත්‍ර එහෙම වෙලාවට සූදානම් කරලා දෙන්න Wedding Planner.lk කට්ටිය සමත්. සේරම ජාති ලෑස්ති කළාට පස්සේ, මංගල්‍ය දවසේ වැඩ කටයුතු ටික බලාගන්න එකත් මෙයාලා ගානට කරලා දේවී.

5. EvEnTz N TrEnDz

වෙඩින් විතරක් නෙවෙයි, වෙනත් උත්සව, උළෙලවල් සැලසුම් කිරීමේ වගකීම බාරදෙන්න පුළුවන් කාණ්ඩයක් තමයි මේ EvEnTz N TrEnDz. මෙයාලගේ සම්පූර්ණ වෙඩින් පැකේජ් එක ආරාධිතයෝ 300ක් හසුරුවන්න පුළුවන් විදියේ එකක්. වෙන එකක් තියා පැකේජ් එක එන්නේ වෙඩිමට ඉන්න ඕනේ දෙවන මනාල මනාලිවරු, මල් කුමාරි කුමාරවරු ගණනත් කල් තබා අන්තර්ගත කරලයි. උවමනා නම්, මංගල්‍යයට කලින් තමන්ගේ වෙඩින් එක දවස කොයි විදියටද වෙන්නේ කියලා බලාගන්න පුළුවන් විදියේ පෙරහුරුවකුත් පවත්වගන්න පුළුවන්. 0777626547 තමයි මෙයාලගේ නොම්බරේ.

6. PerfectDay Wedding Planners

වෙඩිම ගන්න හෝටලය බුක් කරන තැනේ ඉඳලා, මධු සමයට යනතුරු ඔයාගේ මඟුල් උත්සවේ වෙන්න ඕනේ වැඩ කටයුතු නූලට කරලා දෙන්න PerfectDay Wedding Planners ආයතනය සමත්. ඒ නිසා ඇඳුම් හදාගන්නේ කොහොමද, ෆොටෝ ගහලා දෙන්නේ කවුද කියලා හිත හිත දුක් වෙන්න ඕනේ නෑ. මේ නොම්බරේට කතා කරලා ඒ සේරම වැඩ ටික එක වහලක් යටින් කරගන්න පුළුවන්; 0775826466.

7. The DREAM

The DREAM; මෑතකදී ආරම්භ වෙච්ච, ඒත් කෙටි කාලෙකින් සෑහෙන ජනප්‍රියත්වයක් ලබාගත්ත ආයතනයක්. මේ වැඩේ පටන්ගත්ත ධනුෂිකා මෙනවියගේ කාර්යශූරත්වය තමයි ඒකෙ රහස. චාරිත්‍රානුකූල වගේ ම බටහිර පන්නයට බර විවාහ උත්සව හරි අපූරුවට සංවිධානය කරන්න මේ ආයතනය සමත්වෙලා තියෙනවා. හිතේ මැවිලා තියෙන විවාහ මංගල්‍යය ඒ විදියට ම දැකගන්න කැමති නම්, 0778129132න් The DREAM ආයතනයට කතා කරන්න පුළුවන්.

8. MyWedding.lk

මංගල උත්සව ප්ලෑන් කරන්න විතරක් නෙවෙයි, වෙඩින් එකට තමන්ට ඕනේ විදියේ ඡායාරූපකරණ, මේකප්, වස්ත්‍රාභරණ, නැටුම් කණ්ඩායම්, සංගීතය, කේටරින් වගේ දේවල් ගැන විස්තර හොයාගන්න පුළුවන් විදියේ ආයතනයක් විදියට MyWedding.lk හඳුන්වන්න පුළුවන්. මෙයාලත් එක්ක අනුබද්ධ වෙච්ච හෝටල්, ස්ටුඩියෝ, සැලෝන්, කේටරින් සර්විස්  ගණනාවක් ම තියෙන නිසා, හොඳ සේවාවක් ලැබෙන වග සැකයක් නැතුව ම කියන්න පුළුවන්. වැඩි විස්තර ඕනේ අය මේ නොම්බරේට කතා කරන්නකෝ; 0727621727.

9. Zeal – Sri Lanka & Maldives Wedding Planner

ඔයා ඉන්නේ මාලදිවයිනේ ද? ළඟදී ගන්න වෙඩිම ලංකාවේ තාලෙන් ගන්න කැමතිද? එහෙනම් දැන් ම ගන්න කෝල් එකක් 0772336883. ලංකාවේ හිටියත් මාලදිවයිනේ ලස්සන දූපතක ප්‍රී වෙඩින් ෂූට් එකක් ගන්න ආසාවක් තියෙනවා නම් මේ කට්ටියට කතා කරන්න ඔයාලට පුළුවන්. සාධාරණ ගාණකට ඔයාගේ හිතේ තියෙන වෙඩින් එක ගන්න උදව් වෙන්න මේ කාණ්ඩය ලෑස්තියි.

10. The Wedding Planner by Rosh

මීගමුව පැත්තේ ඉන්න කෙනෙක් නම්, මේ ආරංචිය ඔයාටයි. තව දුරටත් වෙඩින් එක ගැන හිතලා ඔළුව අවුල් කරගන්න ඕනේ නැහැ. අද ම  0766730999, 0773828213 නොම්බරවලට කතා කරලා, මඟුල සැලසුම් කරන එක රොෂ් ට භාරදෙන්න. ඔයාගේ හිත කියෙව්ව ගානට එයා ඒ වැඩේ කරලා දේවි.

මඟුල කියන්නේ ඉතින් හැමදාම කන එකක් නෙවෙයිනේ (එහෙම කන අයත් ඉන්නවා). ඒ නිසා පුළුවන් තරමින් ඒ වැඩේ හොඳ තත්ත්වෙන් ගොඩ දාන එක වැදගත්. මොකද මේවා පවුල් දෙකක ඈයෝ එක්කාසු වෙන වැඩනේ. චාටර් විදියට මඟුල් කෑවම, සමහර වෙලාවට කසාදෙ දික්කසාදෙන් කෙළවර වෙන සයිස් එකට කේස් එනවා. හොඳ ම දේ තමයි කල් තියලා ලෑස්ති වෙන එක. කරන්න ඕනේ මොනවද කියලා තේරුමක් ඇත්තෙම නැත්තන්, මේ ඉන්න වෙඩින් සැලසුම් කරන ආයතනයක උදව් ගන්න එක ඇඟට ගුණයි.

අහ්! අමතක වෙන්න කලින් මේකත් කියන්න ඕනේ. අපට මඟ හැරුණු වෙඩින් ප්ලැනින් ආයතන තව තියෙනවානම්, කමෙන්ට් එකක් දාන්න හොඳද. ඉස්සරහට මඟුලක් කරන්න ඉන්න කාට කාටත් මේවා වැදගත්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide