DSLR + සෝමපාල’! ෆෝන් එකෙනුත් සුපිරි ෆොටෝ ගන්න කියාපු ට්‍රික්ස් 11ක්.

ඇමරිකන් ඩොලර් එක, ජයග්‍රාහී රු. 150 වෙනි කණුව පහු කර කර ඉන්න මේ වෙලාවෙ, උවමනාවට ගන්න ඉඳපු වාහනයක් තියා ආසාවට ගන්න ඉඳපු කැමරාවක් ගැන වත් හිතා ගන්න බැරි වෙලා තියෙන්නෙ. ඒ මදිවට අර පාර්ලිමේන්තුවෙ වැඩම කරල ඉන්න ‘ටැක්සු..’ දෙවියන්ගෙ බලේ නිසා අතට එන ගාණ වාෂ්ප වෙනව තේරෙන්නෙත් නෑ. පෝන් කට්ටක් ගත්තත් ඔය ගන්නම ඕන කමට ගත්තොත් මිසක්…

මොනව කරන්නද ඉතින්, ඉල්ලන්නෙ කා ගත්තෙ.

ඒකෙන් මේකෙන් වැඩක් නෑ, වැඩේ තියෙන්නෙ හැම දෙයක්ම අමාරුවෙන් වාවගෙන, හිත හදාගන්න කියල බුකිය පැත්තට ගියාම දෑහට දිස්වෙන මාර මාර පොටෝ ටිකෙන්. අම්මප, බඩ පපුව දාලා යනව අප්පා. එවෙලෙ ගිහින් අතේ තියෙන කීයක් හරි දීලා DSLR එකක් ගේන්න හිතෙනව. ඇයි ඉතින් වෙන විසඳුමකුත් නෑනෙ.

හැබැයි, එහෙම කියල මේ සීන් එක නිකම්ම අත ඇරල දාන්නත් බෑ. ඒ නිසයි කෝකටත් තෛලෙ කියල තියෙන ගූගල් එකේ, මේ ගැන මොනව හරි තියෙනවද කියල මම හොයල බැලුවෙ.

වැඩේ හරි කියන්නකො, DSLR පොටෝ වගේම කොලිටියට පෝන් එකෙන් පොටෝ ගහන්නෙ කොහොමද කියල තියෙනව කියන්නකො. ඇත්තටම හිතපු තරම් අමාරු නෑ, ඔන්න පල්ලෙහායින් තියෙනව ට්‍රික්ස් ටික, ඔයාලත් කියවල බලන්නකො.

1. තිරස්, සිරස් ඉරි බැලන්සින්ග්

 ඡායාරූපය: iphonephotographyschool ඡායාරූපය: verizonwireless

ෆෝන් එකේ කැමරාව ඕන් කරපු ගමන්, ඩිස්ප්ලේ එකේ වැටෙන ඉරි ටික තියෙනවනේ. කට්ටිය තඹ සතේකට ගණන් ගන්නෙ නැති වුනාට ඔතන තමයි ලොකුම රහස තියෙන්නෙ. සමහරු නම් සදාකාලිකව ඔය ග්‍රිඩ් ලයින්ස් ටික ඕෆ් කරල දානවා. එහෙම කරන්න එපා, ෆොටෝ එක ගනිද්දි, අදාළ වස්තුව තියෙන්න ඕන තැන ගාණට සෙට් කර ගන්න උදව් කරන්නෙ ඔය ග්‍රිඩ් ලයින්ස් ටික තමයි. ඔන්න පහළින් තියෙනව එක එක ෆොටෝ වලදි අදාළ වස්තු ස්ථාන ගත කරන විදිය. බලල, හොඳට මතක තියා ගන්න.

2. නානාප්‍රකාර ඈන්ගල්ස්

 ඡායාරූපය: Paul Octavious

මේකට වෙන කිසිම දෙයක් බලපාන්නෙ නෑ. බලපාන්නෙ ඔයා ඉන්න තැනට වට පිටාව පේන විදිය. සමහරු ගොඩක් උස් තැන්, පහත් තැන් වලට ගියාම ෆොටෝ එක ගහන්නෙ එක්කො සෙල්ෆියක් නැත්නම් ඇස් මට්ටමට වටේ පේන විදියක් නෙ. එහෙම නැතුව උඩ ඉඳන් නම් පහළ පේන විදියෙ ෆොටෝ එකක්, පහළ ඉඳන් නම් උඩ පේන විදියෙ ෆොටෝ එකක් එහෙමත් ගහන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි ඒ පේන විදියෙ පැනරෝමා ෆොටෝ එකක් ගැහුවොත් ඊටත් වඩා ලස්සනට තියෙයි. කෝකටත් කියල ඔය පහළින් තියෙන සාම්පල් ෆොටෝ දෙකත් බලල ඉන්නකො.

3. පරාවර්තනයෙන් වැඩ ගන්න

 ඡායාරූපය: Joshua Lott ඡායාරූපය: iphonephotographyschool

හීනෙකින් වත් හිතන්නෙ නැති පොයින්ට් තමයි මල්ලි. ඔය ෆොටෝ ගහද්දි වතුර වළක්, වීදුරුවක්, තහඩු කෑලි එහෙම හමුවුනාම මග අරිනව නේ. හෙණ ගොන් වැඩ හොඳද. ඒ වගේ දේවල් තියෙද්දි පොඩ්ඩක් කැරකිලා කරල බලන්න අදාළ වස්තුවෙ චායාව ඒක ඇතුලෙන් පරාවර්තනය වෙලා පේන හැටි. සමහර වෙලාවට ඇස් මට්ටමේ ඉඳන් ගහන නෝර්මල් ෆොටෝ එකට වඩා අර අමුතු ෆොටෝ එක පට්ට ගති වෙන්න පුලුවන්. ආ.. බොරු නම් බලන්නකො ඒ විදිට ගහපු මේ ෆොටෝ දෙක කොහොමද කියල.

4. අන්තය, සමබරතාවය සහ රටාව

 ඡායාරූපය: iphonephotographyschool

අන්නතයෙ කතාව මෙහෙමයි. පටු, ඒත් ඈත පේන (කොටින්ම කියනව නම් ඉමක් කොනක් නොපෙනෙන) දර්ශන තල තියෙනව නේ. අන්න ඒවයෙ ෆොටෝස් නිකම් ගැහුවත් ලස්සනයි. නැතත් ඔය නහයෙන් අඬන කවුරු හරි ඉන්නව නම් එයාව තිරස්ව හරි මැද්දට, සිරස්ව ග්‍රිඩ් ලයින්ස් රූල්ස් වලට අනුව තියල ෆොටෝ එක ගන්න. ආයෙ ඉතින් DSLR පරාදයි.

 ඡායාරූපය: ඡායාරූපය: Eric Christian

සමබර ෆොටෝස් ගන්න එකෙත් අමුතු ගතියක් තියෙනව. හැබැයි ඒ සමබරව පිහිටපු වස්තු වල විතරයි. ඒ කියන්නෙ ෆොටෝ එක හරි මැදින් දෙකට බෙදල බැලුවාම දෙපැත්ත සමාන සීන් එකක් තියෙන්න ඕන.

 ඡායාරූපය: Patrick Janelle

රටා කිව්වාම ඉතින් ගොඩක් තියෙනවනෙ. හිතන්නකො පිළිවෙලට තියල තියෙන පළතුරු ලෑල්ලක් ගැන. ඔය පිටකොටුවෙ එහෙම තියෙන්නෙ. ටිකක් ලඟට ගිහින් හොඳ, පිළිවෙලට තියල තියෙන කොටසක් අල්ලල ෆොටෝ එකක් අරන් බලන්නකො කොහොමද කියල.

5. වයිල්ඩ් ලයිෆ් බැරි එකේ ජෙනුඉන් ලෑන්ඩ්ස්කේප් වත්

 ඡායාරූපය: iphonephotographyschool

ඈත අහසෙ කුරුල්ලෙක් ඉන්නව දැක්ක ගමන් සූම් කරනව හිටු කියල. අන්තිමට වදින්නෙ, අම්බානක බොඳ වුනු නැත්නම් බ්‍රයිට්නස් අවුල් ගිහින් ලැරි වුනු ෆොටෝ එකක්. ඇත්තටම DSLR එකකින් ගන්නව වගේ ඈත තියෙන දේවල් සූම් කරල පට්ට ලස්සනට ෆොටෝ ගන්න ෆෝන් එකකින් බෑ. ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නෙ, ලොකු බැක් ග්‍රවුන්ඩ් එකක, ග්‍රිඩ් ලයින්ස් රූල්ස් වලට අනුව කුරුල්ලව හිටින විදියට සෙට් කරල, ඌවම ෆෝකස් කරල ෆෝටෝ එක ගන්න එක. අරන් බලන්නකො, මේ වගේම ඒ ෆොටෝ එකත් ලස්සනද කියල.

6. චූටි චූටි දේවල්

 ඡායාරූපය: Paul Octavious

අහල ඇතිනෙ මැක්‍රො ෆොටෝස් ගැන. හැරත් ෆෝන් එකේ සෙටින්ග්ස් වලත් තියෙනව මැක්‍රො ඔප්ෂන් එක. ඔය ඔප්ෂන් එක පාවිච්චි කරල ගන්න ඕන පොඩි පොඩි කෘමි සත්තු, මල් රේණු වගේ ඒවා තමයි. කෑම බීම වලට එහෙමත් අවුලක් නෑ. අදාළ වස්තුවෙත් අදාළම තැන විතරක් ෆෝකස් කරල ගන්න මේ ෆොටෝස් වල කොලිටිය වැඩි වෙන්න නම් ‘ග්‍රිඩ් ලයින් රූල්ස්’ තිතටම පාවිච්චි කරන්න ඕන.

7. අමුතු පැනරෝමා

 ඡායාරූපය: hongkiat

මෙන්න මේ වැඩේ කරල බලන්නකො. ගෙදර ඉන්න බල්ල, පූසා කම්මැලි කමට හෙමින් ගමනෙ යන වෙලාවක් අල්ලල ඌව පැනරෝමා කරන්න. එතකොට මේ වගේ පට්ට ආතල් අවුට් පුට් එකක් ඒවි. ඒකෙන් දළ අදහසක් අරගෙන ඉස්සරහට ගහන පැනරෝමා ගොඩ දාගන්න බැරියැ.

ඔය වැඩ කිඩ ටික හැරුණාම මෙන්න මේ වගේ කැමරා සෙටින්ග්ස් හදා ගන්න, පාවිච්චි කරන්න ඕන ක්‍රම ටිකකුත් තියෙනව. කියවල, බලල ඔලුවෙ තියා ගන්නකො.

8. එළිය, අඳුර බැලන්සින්ග්

 ඡායාරූපය: iphonephotographyschool

හොඳට මතක තියාගන්න ඔටෝ මෝඩ් දාලා ෆොටෝ ගහල නම් පොෆෙෂනල් වෙන්න අමාරුයි. මොකද එතනදි වෙන්නෙ ෆෝන් එකට ඕන විදියට ෆොටෝ එක වදින එකනෙ. ඒ නිසා පුළුවන් තරම් ඔයාගෙ ඇහැට පේන ලස්සනට එක්ස්පෝෂර් එක හදා ගෙන (මැනුඅල්) ෆොටෝ ගහන්න පුරුදු වෙන්න.

9. ෆ්ලෑෂර්

පාවිච්චි නොකර ෆොටෝ ගහන තරමට ඒවයෙ තියෙන ප්‍රොෆෙෂනල් ගතිය සෑහෙන්න වැඩි වෙයි. මොකද ෆෝන් වලට සුපිරි ෆ්ලෑෂර්ස් එන්නෙ නෑනෙ. (ෆ්ලෑෂර් එකක එළිය වැඩි එකමෙන්ම කියවෙන්නෙ නෑ ඒක සුපිරි ෆ්ලෑෂර් එකක් කියල. තව ගොඩක් දේවල් තියෙනව)

 ඡායාරූපය: makeuseof

හැබැයි ෆ්ලෑෂර් ඕනෙම නම්, මේ වගේ අල්ලල ගහන්න.

10. රෙසොලුෂන්

 ඡායාරූපය: hongkiat

අමුතුවෙන් කියන්න ඕනත් නෑ. ෆොටෝ ගහන්න කලින් බලන්න කැමරා සෙටින්ග්ස් වල රෙසොලුෂන් තියෙන්නෙ කීයෙද කියල. අඩු ගාණක, මැද ගාණක නෙවෙයි උපරිම ගාණට ගන්න ඕන, හොඳද.

11. HDR

 ඡායාරූපය: makeuseof

කට්ටිය හිතාගෙන ඉන්නෙ ‘HD’ කෑල්ල තියෙන ඕනම ඔප්ෂන් එකෙන් ෆොටෝ කොලිටිය වැඩි වෙනව කියල. එහෙම වෙන්නෙ නෑ. මේ HDR ඔප්ෂන් එක තියෙන්නෙ බැක්ග්‍රවුන්ඩ් එක්ස්පෝෂර් එක, එහෙම නැත්නම් පසුබිම් එළිය බැලන්ස් කරල හෙවණැල්ලෙන් සිද්ධ වෙන ආබාධ ටික හරි ගස්සන්න. ඒ නිසා HDR පාවිච්චි කරද්දි එළිය බලල පාවිච්චි කරන්න මතක තියාගන්න.

ඒ විතරක් මත් මදි, ඔයාලා දන්න අපි නොදන්න මේ වගේ ටිප්ස්, ට්‍රික්ස් කමෙන්ට් කරන්නත් ඕන. එතකොට… ඔය ෆොටෝග්‍රැෆි වැඩ්ඩො ඉන්නෙ, අන්න එයාලා අපි මේ කියපු ටිප්ස්, ට්‍රික්ස් වල වැරදි අඩු පාඩු පෙන්නල දෙන්නත් ඕන හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Goodies at Cinnamon Lakeside Empowers Women with All Female Team

In a significant step towards promoting greater female representation in hospitality, Cinnamon Lakeside Colombo has

Highlights Trending

Cinnamon Colombo Hotels and Royal Colombo Golf Club Tee Off the Inaugural Cinnamon Colombo Golf Classic

Cinnamon Colombo Hotels is proud to announce the launch of the inaugural Cinnamon Colombo Golf

Highlights Trending

ITC Ratnadipa Presents Dim Sum & Co., an Exclusive Dim Sum Experience at Yi Jing

Yi Jing at ITC Ratnadipa introduces Dim Sum & Co., a first-of-its-kind curated series of

Highlights Trending


Anantara Kalutara Resort Unveils a Taste of La Dolce Vita at Acquolina Restaurant & Lounge

Kalutara, Sri Lanka – 22 June 2026 – Anantara Kalutara Resort unveiled a renewed dining

Highlights Trending

Soul Sounds Returns to the Lionel Wendt with The Pop Era!

Led by internationally acclaimed Music Director Soundarie David Rodrigo, the celebrated ensemble will revisit the

Highlights Trending

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide