ආණ්ඩුවේ හෝමෝෆෝබියාවට බෙහෙත් නැද්ද?.

පසුගියදා කැබිනට් මණ්ඩලයට ආපු ආන්දෝලනාත්මක යෝජනාවක් සහ එහි ප්‍රතික්ෂේප වීම අද වෙනකනුත් කතා බහට ලක්වෙනවා. ඒ ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කිරීමයි. මෙය අලුතින් සැකසුණු මානව අයිතීන් සඳහා ක්‍රියාකාරී සැලැස්මේ කාන්තා අයිතීන් ගැන කොටස තුළ ලිංගික නැඹුරුව මත පුද්ගලයින්ට වෙනස්කම් කිරීම යටතේ යෝජනා වුණා.

මෙයට කැබිනට් ඇමතිවරුන් විරෝධය පළකළ අතර, ඉන්පසුව ජනාධිපතිතුමාගේ අණ පරිදි එම කොටස ඉවත් කරනු ලැබුවා. එසේම පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය ලක්ෂ්මන් යාපා ප්‍රකාශ කළේ ක්‍රියාකාරි සැලැස්මේ සඳහන් සමලිංගික විවාහ නීතිය ඇති කිරීමේ යෝජනාව සහ තවත් ඉදිරිපත් කල යෝජනාවලින් රටට ක්‍රියාත්මක කිරීමට නොහැකි යෝජනා ක්‍රියාත්මක නොකිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන බවයි.

මේ යෝජනාව මොකද්ද?

මේ වගන්ති ඇතුළු වුණේ මානව සම්පත් සඳහා වූ ක්‍රියාකාරී සැලසුමෙයි. මේක යුරෝපා සංගමයෙන් GSP+ සහන ශ්‍රී ලංකාවට ලබාගැනීමට සම්පුර්ණ කරන්න අවශ්‍ය කාරණා ලබාගන්න අරමුණින් කල යෝජනාවක් වුනත්, සමලිංගිකත්වය නීතිගත කිරීම GSP+ ලැබීමට අවශ්‍ය කොන්දේසි වලින් එකක් නෙමෙයි. මේක වැටෙන්නේ ලංකා-යුරෝපා සංගම් මානව හිමිකම සුරැකීම, නීතිය සහ යහපත් පාලනය සම්බන්ධ ක්‍රියාකාරී කණ්ඩායම යටතටයි.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය හිමිව තිබෙන්නේ වර්තමාන ආණ්ඩුව රට තුළ ඇතිකළ මානව හිමිකම සුරැකීම, ප්‍රජාත්‍රන්තවාදය ඇතිකිරීම නිසාත් මේ නිසා ක්‍රියාකාරී සැලැස්ම එතරම් වැදගත් නොවන බව ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කරලා තිබුණා.

දැනට ලංකාවේ තත්ත්වේ කොහොමද?

නෙෙතිකව බැලුවොත් ලංකාවේ තාම දුවන්නේ සුද්ද දීල ගිය අවරුදු 134ක් පරණ English Common Law නීතියයි. එකේ 16වන පරිච්ඡේදයේ අස්වාභාවික ක්‍රියා සම්බන්ධ 365 සහ 365A වගන්ති තමයි මේකට අදාළ වෙන්නෙ.

“ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් පුරුෂයකු සමග තදබල අශෝභන ක්‍රියාවක් කරන හෝ එබදු ක්‍රියාවකට පාර්ශවකරුවකු වන හෝ එබදු ක්‍රියාවක් යම් පුරුෂයෙකු ලවා කරවීමට හෝ තැත් කරන පුරුෂයකු වරදකට වරදකාරයකු විය යුතු”

1995 වසරේදී සිදු කරන ලද අංක 22 දරන සංශෝධනයට අනුව ඊට අදාළ සිර දඩුවම වසර දෙකක් වුණු අතර දඩයක්ද ගෙවන්න වෙනවා.

ඒ වගේම, “අවුරුදු 18 ට වැඩි පුද්ගලයකු විසින් වයස අවුරුදු 16 ට අඩු පුද්ගලයකුට මෙවැනි අස්වාභාවික ක්‍රියාවක් කරනු ලැබුවහොත් එම පුද්ගලයා වසර 10කට නොඅඩු, වසර 20කට නොවැඩි බරපතල වැඩ සහිත සිර දඩුවමකට යටත් කළ යුතු බවටත්, දඩයක්ද ගෙවිය යුතු බවටත්, අදාළ ක්‍රියාවට ලක්වුණු පුද්ගලයා වෙත වන්දියක් ලෙස උසාවිය මගින් තීරණය කරනු ලබන මුදලක් ගෙවිය යුතු” බවත් දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා. 

සුද්දගේ පරණ නීතියට ක්‍රිස්තියානි ආගමේ බලපෑම සෑහෙන්න තියෙනවා. එය තුළ කාන්තාවක් හා පිරිමියෙක් අතර ඇති වන ශුද්ධ බන්ධනයක් ලෙස විවාහය සැලකෙන නිසා එයින් පිට සම්බන්ධතාවලට විරෝධය පළවෙනවා. නමුත් මේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව පිරිමි අතර ලිංගික ක්‍රියාවන් මිස ගැහැණු අතර ලිංගික ක්‍රියාවන් ගැන මොනවත් නැහැ. ඒ වගේම දැන් සුද්දගේ රටෙත් සමලිංගිකත්වය නීති විරෝධී වන්නෙත් නැහැ, සමලිංගික විවාහවලටත් නිදහස තියෙනවා.

සමාජීය වශයෙන්?

ජායාරූපය srilankabrief.org වෙතින්

සමාජීය වශයෙන් බැලුවොත් ලංකාවේ බහුතරයක් තවමත් සමලිංගිකත්වය, හෝ සංක්‍රාන්ති ලිංගිකත්වය, විවිධ ලිංගික නැඹුරු පවා, පිළිගැනීමට අකමැති තැනක ඉන්නේ. “ගේ කුරුල්ලා”, “සමනලයා" වැනි අන්වර්ථ නාමවලින් සමරිසි පුද්ගලයින් හැඳින්වීමට සහ එය මානසික ව්‍යාධියක් ලෙස පිළිගන්න තත්ත්වයක තමයි ලංකාව ඉන්නේ. ලෝකයේ හුඟක් තැන්වල සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් ලෙස දැක්වුණත් ඒවා ලාංකීය සංස්කෘතියට නුසුදුසු බටහිර කුමන්ත්‍රණ ආදිය ලෙස බැහැර කෙරෙනවා. හැබැයි ආගම, සංස්කෘතිය, ළමා අපචාර, ඒඩ්ස් වගේ කතා ඉස්සරහට දාගෙන මේකට විරුද්ධ වෙන අය නම් හෝමෝෆෝබියාව කියන මානසික ව්‍යාධියෙන් පෙළෙන්නන් වෙන්න හොඳට ම ඉඩ තියනවා.

කොහොමත් මොන ලිංගික නැඹුරුව තිබුණත් එක දෙයක් නං ලංකාවේ කාටත් පොදුයි. ප්‍රසිද්ධියේ ශාරීරිකව ආදරය ප්‍රකාශ කරන්න ගියොත් පොලෝසියේ මහත්තුරු ඇවිල්ල බාල්දියක් අදිනවාමයි. මොකද ලංකාවේ දී ආදරය කරනව කියන එක නීතිවිරෝධි වැඩක් නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Yoroko at Cinnamon Life: An Unforgettable Sky-High Japanese Experience

Our visit to Yoroko was one for the books — and your bucket list. It’s

Highlights Kamu

The Chinwag- Review

By Sharon Nonis Chinwag has always been a crowd favorite, and now with their new

Highlights Kamu

Trending.

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Browns Hotels & Resorts Unwraps the Festive Season with Joyful Cake Mixing Celebrations

Browns Hotels & Resorts officially unwrapped the festive story for 2025 with grand cake mixing

Trending

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

ITC Ratnadipa Celebrates the Spirit of the Season with its 2nd Annual Cake Mixing Ceremony

ITC Ratnadipa, the jewel in Colombo’s skyline, heralded the start of the festive season with

Trending

The Kingsbury, Colombo, Crowned Sri Lanka’s Leading Hotel 2025 at World Travel Awards

The Kingsbury, Colombo, is honoured to have been awarded Sri Lanka’s Leading Hotel 2025 at

Trending

8 Thai Restaurants to try in Sri Lanka

You can ask around – but it’s rare to find someone who doesn’t love Thai

Highlights Trending Yamu Guide

Yamu Guide.

Sip, Slurp and Savour : 9 Ramen Spots to try in Colombo

If you’re food curious and always looking for your next Instagram-worthy bite, this ramen route

Highlights Yamu Guide

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Top Affordable Countries in Asia : Budget Destinations 

Sitting at your office desk wishing you’d have a little getaway for yourself - but

Highlights Yamu Guide

Baked with Love – Meet 9 of Sri Lanka’s sweetest home bakers

There’s something undeniably magical about home-bakes that café and bakery chains just cannot get right.

Highlights Yamu Guide

The Best Cities for Food in the World — Readers’ Choice Awards 2025

By Fathima Rukaiya, As travel and dining experiences evolve, food-savvy travelers are looking beyond just

Trending Yamu Guide

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide