මේ චිත්‍රපටි 9 ලංකාවේ රූපගත වුණු බව දැනගෙන හිටියද?.

“ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය” විදියට සැලකෙන ලංකාව, බොහොම පුංචි දූපතක් වග අපි ඉගෙනගන්නේ බාලාංශ පන්තියේ ඉද්දීමයි. පොඩි දූපතක් වුණත්, ලස්සන මුහුදු තීරය, විවිධ බෝග වගාවන්, ජෛව විවිධත්වය, පුරාණ නටබුන්, සිනමාව වගේ හේතු ගොඩක් නිසා විදේශිකයන් අතරේ ලංකාව ගොඩක් ප්‍රසිද්ධයි.

හැබැයි වර්තමාන ලංකාවේ සිනමා කර්මාන්තය ගැන හිතද්දි නම් දැන් තනි ඇහැට ඇඩෙන සයිස්. ඇත්තටම රසවිඳින්න පුළුවන් චිත්‍රපට බිහිවීම අඩුයි වගේ ම, ඉස්සර වගේ දක්ෂ නළු නිළියනුත් මේ පරම්පරාවේ අඩු බවකුයි පේන්න තියෙන්නේ. ඒත් ලංකාවේ තියෙන විවිධ දේශගුණික පාරිසරික තත්ත්ව නිසා, සිනමා නිර්මාණයට ගැලපෙන අපූරු පරිසරයක් මෙහෙ තියෙන වග නම් සැකයක් නැතුව ම කියන්න පුළුවන්.

අපි අද මේ කියන්න යන්නෙත්, පිටරටින් ඇවිදින් ලංකාවේ ඉඳගෙන නිර්මාණය කරපු ජාත්‍යන්තර චිත්‍රපට කීපයක් ගැන. සම්පූර්ණයෙන් ම ලංකාවේ රූගත වුණු වගේ ම, සමහර දර්ශනවලට ලංකාව යොදාගැනුණු වෙලාවල් මේ අතරේ තියෙනවා.

1. The Bridge on the River Kwai

මේ චිත්‍රපටිය බිහිවුණේ 1957දී. ඒකට පසුබිම් වුණේ 1952 අවුරුද්දේදී පියේ බෝව්ල් ලියපු “Le Pont de la Rivière Kwai” පොතයි.

මේ චිත්‍රපටයේ රූගත කිරීම් ලෑස්ති කරලා තිබුණේ තායිලන්තයේයි. හැබැයි ඒකෙ දර්ශන බොහොමයක් ලංකාවේ කිතුල්ගල ප්‍රදේශයේත් පටිගත වුණා. සිනමාපටයේ එක්තරා අවස්ථාවක, බුරුමයේ ජපන් ජාතිකයින් යුද වැදෙන හැටිත්, ඉන්පස්සේ බ්‍රිතාන්‍ය ජාතික සිරකරුවන් පාලමක් හරහා ගෙන යන දර්ශන කීපයකුත් පෙන්වනවා. ඒ වෙනුවෙන් පාවිච්චි වුණු ලංකාවේ පාලම අදටත් කිතුල්ගල පැත්තේ තියෙනවා දැකගන්න පුළුවන්.

2. Indiana Jones and the Temple of Doom

ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කරපු “ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්” චිත්‍රපටය නිර්මාණය වුණේ 1984දී. මේක රූගත කරන්න හිටියේ ඉන්දියාවේදී. ඒත් ඉන්දියානු රජය ඒ වැඩේට අකමැති වුණා. ඔවුන් මේ චිත්‍රපට පිටපත සැලකුවේ වර්ගවාදය පෙන්නුම් කරන එකක් හැටියට. ඔන්න ඔය හිතුව නිසා, මේක ලංකාවේ රූපගතකරන්න තීරණය වුණා.

සිනමාපටයේ පෙන්වන මායාපූර් නගරය හැදුණේ හන්තාන පැත්තේ තියෙන තේ වත්තක්. අද වෙද්දී මේ තේ වත්ත ලංකාවේ තේ කෞතුකාගාරය බවට පත්වෙලා තියෙනවා. ඒ වගේ ම, චිත්‍රපටයේ ඇති පැන්කොත් මාළිගාවේ අලියන් සහිත දර්ශනවලට උපයෝගී වුණේ පින්නවල අලි අනාථාගාරයයි. මේ හැරුණා ම, වික්ටෝරියා ජලාශය ආශ්‍රිතවත් මේකේ රූගත කිරීම් සිද්ධවුණා.

3. Mother Teresa: In the Name of God's Poor

ඇල්බේනියාවේ උපත ලබලා, කතෝලික පූජකවරියක් විදියට ඉන්දියාවේ පුරවැසි බව අරගෙන, මුළු ලෝකයට ම අමිල සේවයක් කරපු තෙරේසා මව්තුමියගේ කතාන්දරය තමයි මේ චිත්‍රපටයෙන් අපට දකින්න ලැබුණේ. මේකේ දර්ශන බොහොමයක් රූගත කෙරුණේ ලංකාවේ කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල. විශේෂයෙන් ම මේ වෙනුවෙන් කොළඹ මුඩුක්කු පරිසරය යොදාගැනුණා. නිම්මි හරස්ගම, වීණා ජයකොඩි, යශෝධා විමලධර්ම වගේ ලංකාවේ නළු නිළියන් රැසකුත් මේකේ රඟපෑවා.

4. Water

ඉන්දියාවේ සිද්ධවෙන ළමා විවාහවල ඇතුල්පැත්ත පෙන්වපු වෝටර්, මුල ඉඳල ම සෑහෙන්න ආන්දෝලනයකට මුහුණ දුන්නු චිත්‍රපටයක්. මේකත් ඉන්දියාවේදී රූගත කරන්න තමයි තීරණය වෙලා තිබුණේ. ඒත් හින්දු අන්තවාදීන්ගෙන් වෙච්ච කරදර නිසා, ඒ වැඩේ කරන්න වුණේ ලංකාවේදී. දීපා මේතා අධ්‍යක්ෂණය කරපු මේ සිනමාපටයේ සරලා කාරියවසම් කියන ළමා නිළියගේත්, බුද්ධි වික්‍රම, අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණ නළු නිළියන්ගේත්  රංගනය අපට දැකගන්න ලැබුණා.

ඔස්කාර් ඇතුළු සම්මාන 32කට නිර්දේශ වුණු වෝටර්හි දර්ශන කීපයක් ම රූගත වුණේ මොරටුවේ බොල්ගොඩ ගඟ ආශ්‍රිත ව.

4. The Purple Plain

පර්පල් ප්ලේන් බිහිවුණේ 1954දී. “ද පර්පල් ප්ලේන්" චිත්‍රපටය හැදුණෙත් එච්.ඊ. බේට්ස් ලියපු නවකතාවක් පසුබිම් කරගෙනයි. සීගිරිය හා කොග්ගල පරණ ගුවන් තොටුපළ ආශ්‍රිත ව තමයි මේකේ රූගත කිරීම් බොහොමයක් වුණේ. චිත්‍රපටයේ දර්ශනවලට පොල් ගස් පිටින් හිටවන්නත් සිදුවෙලා තියෙනවා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඒ කාලේ ඉඳපු සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක්. ඒ ග්‍රෙගරි පෙක්. රත්මලාගේ ගුවන් තොටුපලින් ලංකාවට ගොඩබහිද්දී, ඔහුට සෑහෙන්න උණුසුම් පිළිගැනීමක් ලැබිලා තිබුණා. එදා ම රෑ සීගිරියට පිටත් වෙච්ච ග්‍රෙගරි ට, සතියක වගේ කාලයක් ඇතුළත රසික ලියුම් බර තොගයක් ලැබිලා තිබුණා. එයින් 300කටත් එහායින් ඔහුගේ ඡායාරූපයක් ඉල්ලපු ලියුම්. ගෙවල්වලට ඒමට තිබු ආරාධනාත් 150කට අධික ගණනක් මේ අතර තිබිලා. ඒ විතරක් නෙවෙයි, විවාහ යෝජනාත් කීපයක් තිබුණලු.

5. Tarzan the Ape Man

ජෝන් ඩෙරෙක් අධ්‍යක්ෂණය කරපු “ටාසන් ද ඒප් මෑන්” නිර්මාණය වුණේ 1981දී. අපි කවුරුත් දන්න හඳුනන ටාසන්ගේ චරිතය වටා ගෙතුණු මේ සිනමාපටයේ දසුන්වලට කඳුකර පැත්තක ඇති කැලෑබද ප්‍රදේශයක් උවමනා වුණා. නුවර බහිරව කන්ද හරියේ තියෙන කැලය මේ වෙනුවෙන් පාවිච්චි වුණේ ඒ නිසයි.

6. A Dangerous Life

ෆර්ඩිනැන්ඩ් මාකෝස් යටතේ පිලිපීනය පාලනය වෙච්ච කාලෙදී දැකගන්න ලැබුණු තත්ත්වය පෙන්නුම් කරන “අ ඩේන්ජරස් ලයිෆ්" සිනමාපටය තිරගත වුණේ 1988දී. මේකෙත් දර්ශන කීපයක් ලංකාවේ කොළඹ නගරයේ රූගත වුණා.

7. Elephant Walk  

විලියම් ගිල්ට්‍රේ අධ්‍යක්ෂණය කරපු “එලිෆන්ට් වෝක්” චිත්‍රපටයේ තිබුණේ  2 වන ලෝක සංග්‍රාම කාලෙදී තේ වැවීමට ලංකාවට එන වතු හිමියෙක් සහ ඔහුගේ බිරිඳ පිළිබඳ කතාවයි. මහනුවර ආශ්‍රිත තේ වතු මේ වෙනුවෙන් පාවිච්චි කෙරුණා. මේ චිත්‍රපටියේ බිරිඳගේ චරිතය  කළේ එලිසබෙත් ටේලර් නම් සුරූපී නිළියයි. ඒත් ලංකාවේ රූගත කරපු දසුන්වල ඇය හිටියේ නැහැ. ඒ වෙනුවට හිටියේ විවියන් ලේ නම් නිළියයි.

මුලින් මේකේ බිරිඳගේ චරිතය කරන්න හිටියේ විවියන් ලේ වුණත්, පස්සේ ඇයව සුව කරන්න බැරි රෝගයකට ගොදුරු වුණා. ඒ නිසා චිත්‍රපටියේ අන්තිම දසුන් සේරට ම රඟපෑවේ එලිසබෙත් ටේලර්යි.

8. Midnight's Children

මේකත් දීපා මේතාගේ අධ්‍යක්ෂණයක්. 2012දී තිරගත වුණු මිඩ්නයිට්’ස් චිල්රන් චිත්‍රපටයට පාදක වුණේ සල්මන් රුශ්දී ලියපු නවකතාවක්. ඉන්දියාවට නිදහස ලැබෙන දවසේ උපදින බිළිඳන් දෙදෙනෙකුත්, වැරදීමකින් ඒ දෙදෙනා වෙනස් පවුල් දෙකකට මාරුවෙලා යන විදියත් පෙන්වමින් තමයි මේ චිත්‍රපටිය පටන්ගන්නේ. ඉතින් ලංකාවේ කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ 65ක මේක රූගත වුණා.  

9. Bombay Velvet

රන්බීර් කපූර්, අනුෂ්කා ශර්මා, කරන් ජොහාර් එහෙම රංගනයෙන් දායක වුණු “බොම්බේ වෙල්වට්”, බොක්සිං ක්‍රීඩකයෙක් සහ ගායිකාවක් අතරේ ඇතිවෙන ප්‍රේම පලහිලව්වක් ගැන තියෙන කතාවක්. මේ සිනමාපටයෙදී ඉන්දියාවේ බොම්බේ නගරය ලංකාවේ ඉදි කරන්න කටයුතු කෙරුණා. මේකට පාවිච්චි වුණේ හම්බන්තොට රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානයයි. ඒ හැරුණා ම, බෙන්තොට පාලම, කොළඹ කොටුව දුම්රිය ස්ථානය, ගාලු කොටුව වගේ තැනුත් මේ වැඩේට පාවිච්චි වුණා. ලංකාවෙන් අක්කර පහක් අරගෙන හදපු මේ බොම්බේ නගරයෙන් නිරූපණය වෙන්නේ 60 දශකයේ ඉන්දියාවයි.

ලංකාවේ හැදුණු මේ වගේ චිත්‍රපට ගැන තවත් රසබර විස්තර දන්නවද? එහෙනම් යාළුවන්ට දැනගන්නත් එක්ක දාන්නකෝ කමෙන්ට් එකක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide