ගාන්ධිව දන්නවා, ඒත් නාතුරාම්ව දන්නවද?.

Photo: moviemint.com

ඉන්දියාව කියන්නේ අපේ අල්ලපු රට. අද දවස ඉන්දියාවට බොහොම සුවිශේෂ දවසක්. ඒකට හේතුව මීට අවුරුදු 69කට කලින් අද වගේ දවසක, ඒ කියන්නේ 1948 ජනවාරි 30 වෙනිදා තමයි ඉන්දියාවට නිදහස් සටනේ ප්‍රධාන නායකයෙක් වගේම ලෝකයේම පිළිගත් අවිහින්සාවාදියෙක් වුණ මහත්මා ගාන්ධි නාතුරාම් ගොඩ්සේගේ වෙඩි පහරට ලක්ව තමුන්ගේ අව්රුදු 78ක ජීවිත ගමන ඉවර කළේ.

මහත්මා ගාන්ධි ගැන හැමතැනම ලියවිලා තියෙනවා. හැමොම දන්නවා. හැබැයි කවුද මේ මහත්මා ගාන්ධිව මරපු නාතුරාම්?

නාතුරාම් උපදින්නේ 1910 මැයි මාසේ 20 වෙනිදා පුන්නේ ප්‍රදේශයේ බ්‍රාහ්මණ පවුලකට දාව. ඉන්දියාව තරම් කුලවාදෙ මුල් බැසගත්ත වෙන රටක් නැති තරම්. ඔහුගේ පියා තැපැල් සේවකයෙක් වන විනායක් වාමන්රාඕ ගොඩ්සේ ඒ වගේම මව වෙන්නේ ලක්ෂ්මී.

නාතුරාම් කියන්නේ ඔහුගේ ඇත්ත නම නෙමෙයි‍. ඔහුගේ ඇත්ත නම විනායක් රාමචන්ද්‍ර ගොඩ්සේ වුණත් ඔහුට නාතුරාම් කියන නම පටබෑඳිච්ච එක පිටිපස්සේ තියෙන්නේ ගොඩ්සේ පවුල මුහුණ දීපු අවාසනාවන්ත සිදුවීම් පෙළක්.

අපලේ නහයේ

නාතුරාම් කියන්නේ ගොඩ්සේ පවුලේ පළවෙනි ළමයා නෙමෙයි. නාතුරාම්ගේ දෙමවුපියන්ට නාතුරාම්ට කලින් පිරිමි ළමයි 3 දෙනෙකුත් ගැහැණු ළමයෙකුත් ලැබෙනවා. හැබැයි පිරිමි ළමයි තුන්දෙනාම පුංචි කාලෙදිම මියයනවා. කුලවාද අතින් වගේම මිත්‍යා විශ්වාස අතිනුත් ඉන්දියාවට ලැබෙන්නේ බොහොම ඉහළ තැනක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉතින් නාතුරාම්ගේ දෙමව්පියන් විශ්වාස කරනවා මෙහෙම වෙන්න හේතුව තමුන්ගේ පවුලට වැදිලා තියෙන සාපයක් කියලා. ඉතින් මේ සාපය නිසා පුංචිකාලේ නාතුරාම්ට සිදුවෙනවා නහයට කරාබුවක් දාන්න. නහයට දාන කරාබුවට මාරතී භාෂාවෙන් කියන්නේ නාත් කියලා. නාතුරාම් කියන එකේ තේරුම නහයට කරාබුවක් දාපු රාම් කියන එක. නාතුරාම්ට බාල සොහොයුරෙක් ලැබෙනකම්ම මේ කරාබුව පළඳින්න ඔහුට සිද්ද වුණා.

නාතුරාම් 5 වසර වෙනකම් මූලික අධ්‍යාපනය ලබාගන්නේ ඒ ප්‍රදේශයේ තිබුන පාසලක වුණත් 5 වසරෙන් පස්සේ වැඩිදුර අධ්‍යාපනයට පුන්නේ නගරයේ තියෙන ඉංග්‍රීසි පාසලකට ඇතුළත් කරන්න ඔහුගේ දෙමව්පියන් කටයුතු කරනවා. මේ කාලයේදී නාතුරාම් මහත්මා ගාන්ධිගේ භක්තිමත් අනුගාමිකයෙක් වගේම ඔහුට ලොකු ගෞරවයක් දක්වපු තැනැත්තෙක්. හැබැයි අධ්‍යාපනයට නාතුරාම් ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. පාසල් ගමන නවත්තලා දේශපාලන ක්‍රියාකාරිකයෙකු විදියට රෂ්ත්‍රිය ස්වයංසේවක සන්ගම් සහ හින්දු මහසභාවට එකතුවෙන්නේ ඒක නිසා.

හින්දු මහසභාව වෙනුවෙන් මාරතී භාෂාවෙන් අග්‍රානි නමින් පුවත්පතක් නිකුත්කරන්න ප්‍රධානත්වයක් ගන්නේ නාතුරාම්. පස්සේ කාලෙකදී “හින්දු ආග්‍රානී” විදියට ප්‍රසිද්ධ වෙන්නේ මේ පුවත්පත.

වීරයයි ද්‍රෝහියයි අතරේ වෙනස කෙස් ගසකට සමයි?

මුලදී නාතුරාම්ට මහත්මා ගාන්ධි කෙරෙහි ලොකු ගෞරවයක් තිබුන වුණත් පසුකාලීනව නාතුරාම්ගේ මහත්මා ගාන්ධි ගැන තිබුනු විශ්වාසය බිඳවැටෙනවා.

ගාන්ධි පටන්ගත්ත මාරාන්තික උපවාස නිසා හින්දූන්ගේ අනන්‍යතාවයට සහ අයිතිවාසිකම්වලට හානියක් වන බවත් මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින එකත් අසාධාරණ බව සහ ජාතිදෝහී ක්‍රියවක් බවට නාතුරාම් තුල තිබුන දැඩි විශ්වාසයක්. නාතුරාම්ට අනුව මහත්මා ගාන්ධි කියන්නේ හින්දු ජාතියත් නිදහස් සටනත් පාවාදුන් ද්‍රොහියෙක්.

මේකට ඇති එකම විසඳුම විදියට නාතුරාම් සළකන්නේ මහත්මා ගාන්ධි ඝාතනය කිරීම.

මේ සඳහා ඔහු වගේම තවත් ගාන්ධි විරෝධියෝ සය දෙනෙකු එකතුවන ඔහු මහත්මා ගාන්ධි ඝාතනය කරන්න පිඹුරුපත් සකස්කරනවා. ඔවුණ් මහත්මා ගාන්ධිව ඝාතනය කරන්න පළමු උත්සාහය දරන්නේ 1948 ජනවාරි 30 වෙනිදා. ඒත් ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ.

Photo: thevoiceofnation.com

අධෛර්යයට පත්නොවන නාතුරාම් මහත්මා ගාන්ධි ඝාතනය කරන්න තවත් උත්සාහයක් ගන්නවා. මේ අවස්ථාවේදී වැඩේ අසාර්ථක නොවීමට මහත්මා ගාන්ධිගේ ඝාතනය තමුන් විසින්ම සිදු කිරීමට නාතුරාම් බාරගත්තා. මේ සඳහා තෝරගත්ත දවස 1948 ජනවාරි 30 වෙනිදා. මහත්මා ගාන්ධි තමුන්ගේ සවස පූජාව ඉවරකළා විතරයි. වෙලාව 5.17යි. නාතුරාම් සෙමින් පූජාව අවසන්කර නැවත නිවස බලා යමින් සිටි ගාන්ධි ළඟට පැමිණියා. මහත්මා ගාන්ධිට සිය හිස නමා ආචාර දැක්වූ නාතුරාම්ගේ උරහිසට අතතැබූ ගාන්ධිගේ පරිවාර තරුණියක් “බාපුට දැනටමත් පරක්කු වෙලා” යයි පවසමින් මහත්මා ගාන්ධිව නිවස තුළට රුගෙනයාමට උත්සාහකළා. නමුත් නාතුරාම් ඇයව පසෙකට තල්ලු කර ඔහු සඟවාගෙන පැමිණි බෙරෙටා වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලය මහත්මා ගාන්ධිගේ පපු ප්‍රදේශයට එල්ලකර ක්‍රියාත්මක කළා. ඉන් නිකුත් වූ  උණ්ඩ 3 මහත්මා ගාන්ධිගේ පපුවට කිඳා බැසීමට ගතවුණේ මොහොතක් පමණයි.

ඉන් අනතුරුව නාතුරාම් පලායාමට උත්සාහ කරන නමුත් මහත්මා ගාන්ධිගේ බ්‍රිලා නිවසේ සේවකයෙකු වන රාඝු නායක් නාතුරාම් පසුපස හඹාගොස් ඔහුව අල්ලාගැනීමට කටයුතු කළා.

මෙම ඝාතනය සම්බන්ධ නඩු විභාගය පන්ජාබ් මහාධිකරණයේ පැවැත්වුණ අතර1948 නොවැම්බර් 8 වන දින නාතුරාම් හට මරණ දඬුවම නියම වුණා.  මහත්මා ගාන්ධිගේ පුතුන් දෙදෙනා විසින් මෙම දඬුවම ලිහිල් කරන ලෙස එවකට ඉන්දීය අගමැති වූ ජවහල්ලා නේරුගෙන් ඉල්ලාසිටි නමුත් එසේ කිරීම නේරු විසින් ප්‍රතික්ෂේප කළා.1949 නොවැම්බර් 15වන දින අම්බාලා බන්ධනාගාරයේ දී නාතුරාම්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක වුණා.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

What is the DINIDU Lanka Pendant & Is It Sri Lanka’s Most Recognisable Modern Jewellery Icon?

Few gold pendants crafted in Sri Lanka carry the weight of identity quite like the DINIDU Lanka Pendant. Shaped after

Highlights Trending

Radisson Hotel Kandy Welcomes Global Travel Influencers to Showcase Sri Lanka’s Hill Capital and Island Experiences

Radisson Hotel Kandy recently welcomed a group of eight global travel and lifestyle influencers as

Highlights Trending

A Taste of the Swiss Alps comes to Colombo

High in the Swiss Alps, where mountain landscapes shape both life and cuisine, Chef Heinz

Highlights Trending

Sheraton Colombo Unveils a New Chapter for Ceylon Bake Shop with a Fresh Home in the Hotel Lobby

Sheraton Colombo Hotel is delighted to announce the relocation of its beloved Ceylon Bake Shop

Highlights Trending

ITC Ratnadipa Introduces Rūhāniyat, an Indian Heritage Dining Experience, Available Until 16 August

ITC Ratnadipa introduces Rūhāniyat, an Indian heritage dining experience that invites diners to discover the

Highlights Trending

Anantara Peace Haven Tangalle Resort Introduces Panoramic Ocean View Rooms, Elevating Luxury on Sri Lanka’s Southern Coast

Set along Sri Lanka’s southern shores, Anantara Peace Haven Tangalle Resort announces the introduction of

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide