Hike නැතුව Bike Ride? සොබාදහම රස විඳ විඳ සුපිරි රෝඩ් ට්‍රිප් එකක් යන්න කියාපු පාරවල් 9ක්.

මේ කතාව පටන් ගන්න හරිම ලේසියි. මොකද කතාවට පදනම් වෙන්නෙ නිදහස් දවසයි, පාරවල් වැහිල්ලයිනෙ. ඒ අතරට අපේ වාහන පිස්සො, බයික් පිස්සො ටික දැම්මාම සුපිරි කතාවක් හැදුව හැකි.

ඒක සිද්ධ වෙන්නෙ මෙහෙමයි. නිදහස් දවසට කොළඹ වටේටම පාරවල් වහන නිසා දේශපාලකයො කොළඹ පැත්තෙ නිදහසේ සැරි සැරුවට අපේ කොල්ලන්ට එහෙම චාන්ස් එකක් එන්නෙ නෑනෙ. කොටින්ම කියනව නම් ඔය නිදහස, අපෙන් කාලා ඉන්න අයට මිසක් අපිට නෙවෙයි. හැබැයි එහෙමයි කියල නිකම්ම වැඩේ අල්ලල දාන්නත් බෑ. පොඩි කාලෙ නම් ගෝල් ෆේස් පිට්ටනියෙ පැවැත් වුනු නිදහස් උත්සවය හරි, ආසාවෙන් බලන් හිටිය. ඒත් දැන් එ් රැවැට්ටිල්ල තේරෙන නිසා ඒක බලන්නත් හිතක් නෑ. හැරත් නිවාඩුවක් ලැබුන ගමන් යාළුවොත් එක්ක සෙට් වෙලා කොහේ හරි රෝන්දයක් දාන්න තියෙනව නම් ඉතින් තව මොනවද නේ.

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ ඔය කාර්, වෑන් වැඩිහරියක්ම බයික් එහෙම තියෙන යාළුවන්ට නිදහස සමරන්න අපූරු ක්‍රමයක් කියන්න.

කරන්න තියෙන්නෙ මෙච්චරයි. නිදහස් දවසෙ උදෙන්ම නැගිලට ඔය අතට අහුවෙන ඇඳුමක් දෙකක්, කෑම ටිකක් පොඩි මල්ලකට දාගන්න. ඒ එක්කම දන්න කියන යාළුවෙක්ට දෙන්නෙක්ටත් කතා කරල වාහනේ නම් එහෙමයි, බයික් එකේ නම් එහෙමයි, ටුවර් එක පටන් ගන්න. හැබැයි යන්න ඕන අපි මේ කියන පාරවල් වල. මොකද මේ පාරවල් තමයි බයික් රයිඩ් එකක් දාන්න ලංකාවෙ කියාපුම පාරවල් ටික. ලොකු වියදම් හොටෙල් ඉඳුම් එහෙමත් නෑනෙ. මග අහුවෙන කඩේකින් කාලා, ඔය පාරකින් නාලා, හිතේ හැටියට පරිසරය රස විඳල එන්න පුලුවන්. මදි පාඩුවට ටෙන්ට් එකකුත් දාගෙන ගියා නම් සුපිරි නයිටකුත් ගැහුව කියයි.

හා… එහෙනම් බලල කරග ගමන ලෑස්ති කරගන්නකො. ඔන්න තියෙනව පාරවල් ටික.

1. Kandy, Digana, Hasalaka to Mahiyanganaya

කොළඹින් පටන් ගත්තාම නුවර පාර දිගේ කිලෝමීටර 115ක් විතර යන්න වෙනව නුවරට යන්න. ගොඩක් වෙලාවට ඒ දුර යන්න පැය 3.5 වගේ යාවි. හැබැයි නුවරට යන ගමනත් නිකම්ම ගිහින් හරියන්නෙ නෑ. කොහොමත් දැක බලා ගන්න පුලුවන් සුන්දර වෙල් යායවල් ටිකයි ඊට එපිටින් තියෙන අපූරු කඳු පන්ති ටිකයි හැරුනාම හොරගොල්ල වලව්ව, උතුවන් කන්ද ගම, ගන්නොරුව එහෙමත් බලා ගන්න ඕන. ඊට පස්සෙ ඔරුතොට, උඩවෙළ, රඹුක්වැල්ල වගේ තැන් වලින් වික්ටෝරියා ජලාශය බලාගෙන, හුන්නස්ගිරිය, උඩ දුම්බර රමණීය කඳු පන්ති ටිකත් රස විඳගෙන, දහ අට වංගුව පහු කරල සීතා කොටුව බලන්න යන්න. ඒ ටිකට පැය දෙක හමාරක් වගේ යාවි. මොකද කිලෝමීටර 80කට කිට්ටුයිනෙ. ඔය අතරට අපි නොකිව්ව ලස්සන තැනුත් ඕන තරම් තියෙනව. වෙලාව තිබ්බොත් ඒවත් බලන්නකො.

2. Madampe, Rakwana, Deniyaya to Akuressa

මාදම්පෙට යන්න තියෙන්නෙ කොළඹ, රත්නපුර පාරෙන් පැල්මඩුල්ලට ගිහින්. කිලෝමීටර 105ක් විතර තියෙනව. පැල්මඩුල්ලට යන ගමන් නම් ඉංගිරිය, පරවිතොටින් නාගෙන, මහ සමන් දේවාලයත් වැඳගෙන, තිරිවනාකැටියෙ රජා නෑව ඇල්ලත් බලලම ගිය හැකිනෙ. එතනින් එහාට කහවත්ත, වේ ගඟ දිගේ මාදම්පේ හරහා රක්වානට ඇවිල්ල ගල් දොළ ඇල්ල එහෙමත් බලාගෙන සිංහරාජ මායිමෙන් මෝර්නිංග් සයිඩ් පහුකරගෙන දෙනියායට එන්න. ඊට පස්සෙ මාරම්බා වැවෙන් නාගෙන හීන් සැරේ අකුරැස්සට ආහැකි. මුළු ගමනට කිලෝමීටර 125ක් වගේ තියේවි. හැබැයි පැය 3.5 ක් විතර යනව හොඳද. ලස්සන බල බල යන්නත් එපැයි.

3. Balangoda, Kaltota, Weli Oya, Hambegamuwa to Udawalawa

කලින් රයිඩ් එකේ තියෙන්නෙ පැල්මඩුල්ලෙන් හැරිලා යන්නනෙ. මේ රයිඩ් එකේ තියෙන්නෙ පැලමඩුල්ල පහු කරගෙන කෙලින්ම බළංගොඩට යන්න. වේ ගඟ දිගේ ගිහින් වළවේ ගඟත් පහු කරගෙන යන මේ ගමනෙ කිලෝමීටර 140කට කිට්ටු වෙන්න තියෙනව. අඩුම තරමෙ පැය 4ක් වත් යාවි. බළංගොඩට ගියාට පස්සෙ තමයි වැඩේ පටන් ගන්නෙ. වාහන ටික හරවන්න කෙලින්ම කල්තොට, හම්බෙගමුව පාරට. රජවක පහු වුනාට පස්සෙ වලවේ ගඟ වගේම වැලි ඔයත් තැන් දෙක තුනකදිම මුණ ගැහෙනව. එ් විතරක් නෙවෙයි, ඉමක් කොනක් පේන්නෙ නැති මහ විශාල වෙල් යායවලුත් එමටයි. මේ රයිඩ් එකේදි මතක ඇතුව දහයියාගල පන්සල, කොට වෙහෙර පන්සල වගේ තැන් වලටත් ගොඩ වෙන්න. එ් හැරුනාම හම්බෙගමුව වැවත් හරි ලස්සනයි. රයිඩ් එක දිගටම තණමල්විල හරහා උඩවළව වෙනකම් ආව නම් හරි. ඕන නම් අතර මගදි හමුවෙන මහ වැව අයිනට වෙලා විඩා නිවන්නත් පුලුවන්. ඒ ටිකට කොහොමත් කිලෝමීටර 100ක් විතර සෙට් වෙයි පැය 2.5ක් විතර තිස්සෙ වාහනේ පදින්න.

4. Rathnapura, Wewel Watta to Balangoda

මේකත් හරිම ලස්සන පාර. හුඟ දෙනෙක් යන්නෙත්, දන්නෙත් නැති තරම්. මුලු මනින්ම වගේ කැළේ මැද්දෙන් තමයි වැටිලා තියෙන්නෙ. කිලෝමීටර 80කට එහා පැත්තෙ තියෙනව. පැය 2.5ක වගේ ගමනක්. රත්නපුරෙන් පටන් අරගෙන වෙවෙල් වත්ත පාර දිගේ තමයි යන්න තියෙන්නෙ. ඒ අතර තුරදි ලස්සන කටුගස් ඇල්ලත් දැක බලා ගන්න පුලුවන්. කළු ගඟ දිගේ සෑහෙන්න දුරක් වෙනකම් වැටිලා තියෙන මේ රයිඩ් එක ඊට පස්සෙ එකතු වෙන්නෙ බඹරකොටුව ගඟට. ඔය විදියට ඉස්සරහට ගියාම කැළේ ඇතුලෙ හැංගිලා ඉන්න දෙහෙන ඇල්ල, මෝහීනී ඇල්ල එහෙමත් මුණ ගැහෙනව. වෙවෙල් වත්ත පහුවෙද්දිම වගේ හමුවෙන බේරුවත්ත ඇල්ලත් හරිම ලස්සනයි. ඔයාලා දන්නෙ නැති වුනාට ඔය රයිඩ් එකේදිම තමයි බඹර ඇල්ල, රාස්ස ගල වගේ තැනුත් බලන්න පුලුවන් වෙන්නෙ.

5. Hatton, Dik Oya, Bogawantalawa to Balangoda

කොළඹ, හැටන් ගමන පැය 4ක විතර එකක්. කිලෝමීටර 125ක් විතර තියෙනවත් එක්කනෙ. ඔය ගමනෙදි පන්සල්, ආරණ්‍ය එහෙම සෑහෙන්න හමුවෙනව. එ්වත් බලල කොලොන්න, සීතාවක ගඟෙන් නාගෙන එහෙම යන්නත් පුලුවන්. එහෙම නැත්නම් කැළණි ගඟ දිගේ වැටිල තියෙන මේ පාරෙ කිතුල්ගල කිට්ටුවෙන් නාගත්තත් කමක් නෑ. කොහොම හරි නාගෙන ඉස්සරහට යනකොට පදුපොළ හරියෙදි හමුවෙන ඇබර්ඩීන් ඇල්ලයි, කාසල් රිජ් ජලාශයයිත් බලල හැටන්, දික් ඔය හරහා බොගවන්තලාවට යන්න. ඔය අතර තුර ඔයාට කෙහෙල්ගමු ඔයත් හම්බවේවි. බොගවන්තලාවෙන් පින්නවලට ඇවිත් බළංගොඩට එන ටික තමයි ලස්සනම. හැටන් ඉඳන් බළංගොඩට එන ටිකට කිලෝමීටර 100කට එහා පැත්තෙ තිබුනට මොකද කැළෑ පාරෙ සෑහෙන්න වංගු නිසා පැය 3.5කට වඩා ගතවේවි.

6. Hunnasgiriya, Hapugaskumbura, Kandegama to Meemure

කොළඹ, මහියංගනය පාර දිගේ නුවරට ඇවිත් හුන්නස්ගිරියට එන විදිය කලින් කිව්වනෙ. මේ රයිඩ් එක ඇවිල්ල හුන්නස්ගිරියෙ ඉඳන් මීමුරේට. කිලෝමිටර 30ක් විතර තියෙනව. සාමාන්‍යයෙන් පැය දෙකක් විතර ගියාට වටපිට බල බල යද්දි නම් වෙලාවක් කියන්න බෑ. මොකද ඝන කැළෑවෙන්, ගංගා දිය ඇලි වලින්, සතා සිපාවගෙන් අනූන පාරක්නෙ. ඒ හැරුනාම කයිකාවල වගේ තවත් ගම්මාන එහෙමත් තියෙනව. කඳු පන්ති, වෙල් යායවල් වලින් වට වෙලා… කියල නිම කරන්න බැරි තරම් ලස්සනයි.

7. Beragala to Wellawaya

කොළඹ, රත්නපුර, බළංගොඩ හරහා බණ්ඩාරවෙල පැත්තට යද්දි තමයි බෙරගල හමුවෙන්නෙ. දුර කිලෝමීටර 180ක් විතර තියෙනව. අඩුම තරමෙ පැය 5ක් වත් යාවි යන්න. හැබැයි ඔය අතරට ඇල්ලෙ පොළ ඇල්ල, කිරිකැටි ඔය, සුරතලී ඇල්ල වගේ ලස්සන තැන් එහෙමත් මුණ ගැහෙන නිසා කම්මැලි කමක් නම් දැනෙන එකක් නෑ. බෙරගලින් වැල්ලවායට යන එක තමයි මේකෙ රයිඩ් එක වෙන්නෙ. ඒක නම් කිලෝමීටර 40ක් වගේ වෙන්නෙ. පැය 1.5ට වුනත් යන්න පුලුවන්. බ්ලැක්වුඩ් ඇල්ල, දියළුම ඇල්ල වගේම කැළේ කොළේ, කඳු හෙල්  එහෙමත් හිතේ හැටියට දැක බලාගන්න පුලුවන් ගමන.

8. Nanuoya, Blackpool, Ambewela, Pattipola, Horton Plains, Ohiya to Boralanda

මේ රයිඩ් එක තමයි අපි කියන්න යන පට්ටම ලස්සන රයිඩ් එක. කලින් කිව්ව වගේ හැටන් වලට ආවට පස්සෙ එතන ඉඳන් පැයක් යයි නෑ නානුඔයට තියෙන කිලෝමීටර 30 එන්න. ඒ එන ටිකට ඩෙවොන් ඇල්ල එහෙමත් බලන්න පුලුවන්. නානුඔයට ආවට පස්සෙ කන්දෙ ඇල ජලාශයත් බලල, කන්දෙ ඇල කැළේ පැත්තෙත් රවුමක් දාලා, අඹේවෙල හරහා පට්ටි පොළට එන්න. පට්ටි පොළින් ලෝකාන්තය පාරෙ හෝර්ටන් තැන්න හරහා ඔහියට එන්න. එතනින් බොරලන්දට එන පාරෙ බදුලු ඔයේ අතු ගංගාවක් එහෙමත් හමුවෙනව. කොහොම වුනත් විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලගෙ වාහනේ පොඩි පොඩි රෙපෙයාර් වලට ඕන කරන ගැජමැටික්ස් වගේම කෑම බීම ටිකකුත් මතක ඇතුව අරගෙන මේ ගමන පිටත් වෙන්න. මොකද අමු කැළේ මැදින් වැටිලා තියෙන මේ රයිඩ් එක සුන්දරයි වගේම තමයි තරමක් දුෂ්කරයි. කිලෝමීටරුත් 50කට එහා පැත්තෙ තියෙනව. නිකම් ගියත් පැය 2.5ක් විතර යනවනෙ.

9. Kalupahan to Ohiya

කොළඹ, රත්නපුර පාරෙන් කළුපහනට ආවට පස්සෙ එතන ඉඳන් කළුපහන, ඔහිය පාරෙ රයිඩ් එක පටන් ගන්න. බඹර කන්ද ඇල්ලෙ, ලංකා ඇල්ලෙ සුන්දරත්වය එහෙමත් අත්විඳල යකාගෙ පඩිපෙල තියෙන තැන බලා ගන්න ඊලඟ හයික් එකට. ඊට පස්සෙ ඝන කැළේ, සතා සීපාවා, කුරුළු කොබෙයියන්ගෙ හැඩ වැඩත් බලාගෙනම ඔහියට එන්න. මේ රයිඩ් එක නම් අනිත් ඒව තරම්ම ලොකු නැති වුනත් කිලෝමීටර 20ක් විතර තියෙනව, පැය 1.5ක් විතර වාහනේ පදින්න.

දැන් පාරවල් ටික හරිනෙ. ඔන්න වාහන නැති යාළුවන්ව පිටිපස්සෙන් නග්ග ගන්න එක ඔයාලා, ඔයාලගෙ වැඩක්. හැබැයි ඊටත් හරි වාහනේ ලෙඩ තියාගෙන නම් යන්න එපා, මහ කැළේ මැද්දෙ නන්නත්තාර වෙන්න වෙන්නෙ. ඒත් මෙතන විශේෂම කාරණය තමයි ඔය ගමන් වලදි මත් ද්‍රව්‍ය පාවිච්චි නොකර යන්න ඕන කියන එක. මොකද කඳු හෙල් අතරින් වැටිලා තියෙන පාරවල් නිසා මරණය අත ලඟනෙ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide