ලෝකයේ ප්‍රධාන ආගම් කීපයක් ආදරය දකින හැටි.

“අනේ බං වැලේ වැලුත් නෑ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා”

අද උදේ පාන්දර දුකසැප අහන්න යාළුවෙක්ට කතා කරපු මට ලැබුණු උත්තරයක් තමයි මේ. ලෝකේ ම අය ආදරය සමරන්න දාගෙන ඉන්න පෙබරවාරි 14 ගැන, අපි අතරේ නා නා ප්‍රකාර මත තියෙනවා. කට්ටියක් කියන විදියට මේක මේ අමතක වෙච්ච වගකීම් මතක් කරගන්න දාගෙන ඉන්න දවසක්. සමහරුන්ට මේක අතේ තියෙන සත පහටත් කෙළවෙන දවසක්. තවත් කට්ටියකට අනේ ඉතින් මේ අවුරුද්දෙත් සිංගල් කියලා හිතලා නහයෙන් අඬන්න තියෙන දවසක්. ඕවා මුකුත් ගාණක් නැතුව පුරුදු විදියට තමන්ගේ රාජකාරිය කරගෙන යන අයත් ඔය අතරේ ඉන්නවා.

ඉතින් අද ආදරේ ගැන කතා කරන, නොකරන හැමෝටම දැනගන්නත් එක්ක ලෝකේ තියෙන ප්‍රධාන ආගම් හතරක් ආදරේ දකින විදිය ගැන කියන්න අපි හිතුවා.

1. බුද්ධාගම

Image credits : Studiouk Photography

ආදරය කියන්නේ මානව සංහතියේ දිගුකාලීන පැවැත්මට හේතුවෙන සාධකයක්. මේ නිසා ම බුදුදහමේ දී ආදරය කියන දේ ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. හැබැයි, සරාගී සිතුවිලිවලින් විතරක් ගොඩනැගුණු ආදරය වෙනුවට, ශික්‍ෂණයක්, ප්‍රතිපත්තියක් ඇති ආදරය ගැන බුදුදහමේ සඳහන් වෙනවා. අෂ්ටාංග සීලය තුළත් “අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි” කියලා සිල් පදයක් අඩංගු වෙලා තියෙන්නේ මේ නිසාමයි. මේකෙන් කියන්නේ කුමර බඹසර, කුමරි බඹසර රැකීම වගේ ම, මේ උපෝසථ සීලයේ පිහිටපු අය ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් වැළකී සිටිය යුතුය යන්නයි.

බුදුදහමේ එන හොඳ ම ආදර කතාව වෙන්නේ සිද්ධාර්ථ කුමාරයත්, යශෝධරා දේවියගේත් අතර තිබුණු බැඳීමයි. මේක භවයෙන් භවයට ගිය ආදරයක්. චන්දකින්නර ජාතකය වගේ ජාතක කතාවලින් මේ බව තහවුරු වෙනවා. අංගුත්තර නිකාය සඳහන් කරන විදියට, මිනිසෙකුට ඇතිවන ලොකුම බැඳීම ඒ මිනිසා ඇතිකරගන්නේ ගැහැනියක් සමගයි. නකුලමාතා – නකුල පිතා, බද්දකාපිලානි – පිප්ඵලී මානවක අතර ආදර කතා මේවාට උදාහරණ විදියට දක්වන්න පුළුවන්.

විවාහ වෙන යුවළකට තියෙන්න ඕනේ ගතිගුණ හතරක් බුදුන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ සම ශ්‍රද්ධා, සම ශීල, සම ත්‍යාග, හා සම ප්‍රඥා විදියට. ඒ කියන්නේ මේ දෙන්න ම තුනුරුවන් ගැන පැහැදීමෙන් ඉන්න ඕනේ. සංවර වෙන්න ඕනේ. ත්‍යාගවන්ත වෙන්න ඕනේ. ඒ වගේ ම සමාන බුද්ධියක් තියෙන්න ඕනේ. මේ හැමදේකින් ම කියවෙන්නේ බුදුදහමේ දැක්වෙන සදාචාර සම්පන්න ආදරය ගැනයි.

2. හින්දු ආගම

වේද ග්‍රන්ථවල සඳහන් වෙන විදියට, ආදරය කියන්නේ මරණය දක්වාත් ඉන්පස්සේත් යන උත්තරීතර බැඳීමක්. රාධා – ක්‍රිෂ්ණා යුවළගේ ආදර කතාව, මේකට හොඳ ම නිදසුනක්.

ජීවිත දෙකක් විදියට උප්පත්තිය ලැබුවත්, එකෙක් විදියට ජීවත් වෙන්න අවසර පැතීමක් හින්දු ආගමේ විවාහයෙන් සංකේතවත් වෙනවා. හින්දු ආගමේ දැක්වෙන විවාහයෙන් කෙළවර වෙන ආදරය දෙන්නෙක්ගේ එකතුවක් විතරක් නෙවෙයි, පරම්පරා දෙකක එකතුවක් විදියටයි සැලකෙන්නේ.

හින්දු සංස්කෘතියට අනූව දෙන්නෙක් ආදරය කරපු පලියට විවාහයට සුදුසු වෙන්නේ නැහැ. කේන්දර ගැළපීම, කුලයන් ගැළපීම වගේ දේවල් මෙහිදී සලකා බැලෙනවා. කඩදාසි කොළයක ගහන අත්සනකට වඩා, විවාහ උත්සවෙදී සිද්ධවෙන වත් පිළිවෙත්වලට තමයි හින්දු ආගමේ වැඩි තැනක් ලැබෙන්නේ.

3. කතෝලික ආගම

Image Source : weheartit.com

“Love is patient and kind; love does not envy or boast; it is not arrogant or rude. It does not insist on its own way; it is not irritable or resentful; it does not rejoice at wrongdoing, but rejoices with the truth. Love bears all things, believes all things, hopes all things, endures all things.” (1 Corinthians 13)

“ආදරය යනු ඉවසීම සහ කරුණාවයි. ආදරය කිසිවිටෙකවත් ඊර්ෂ්‍යාව හෝ කට මැත දෙඩවීමක් නොවේ. එය ආඩම්බරකමක් හෝ නපුරු දෙයක් නොවේ. එය බලකිරීමක් නොවේ. එය අප්‍රියජනක හෝ අමනාපකම් ඇති දෙයක් නොවේ,..”

ආදරය ගැන අපූරුවට කියවෙන මෙන්න මේ වගේ ලස්සන වගන්ති බොහොමයක් බයිබලයේ සඳහන් වෙනවා. කතෝලික ආගමේ ආදරය කියන සංකල්පය ආරම්භ වෙන්නේ දෙවියන්වහන්සේ වෙත දක්වන ආදරයත් එක්කමයි. ඒ ආදරය ඔහුට විතරක් සීමා නොවී, ලෝකයට ම දක්වන්න පුළුවන් වෙන විදියට මිනිස්සුන්ව නිර්මාණය කරපු බව කතෝලික ආගමේ විශ්වාසයක් තියෙනවා. ඉතින් දෙන්නෙක්ගේ විවාහයෙන් නිරූපණය වෙන්නෙත් දෙවියන්වහන්සේ කියලා දුන්නු ඒ ආදරයයි.

විවාහ ජීවිතයෙන් ලැබෙන දරුවන් සැලකෙන්නේ දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක් විදියට. ලෝකයට ආදරය තව තවත් පතුරවන්න මේ දරුවන්ට පුළුවන් වග මේකෙන් පෙන්නුම් කෙරෙනවා.

4. ඉස්ලාම් ආගම

Image Source : knowmuhammad.org

ආදරය වගේ ම, විවාහය කියන සංකල්පයට ලොකු තැනක් කුරාණයෙන් දීලා තියෙනවා. තමන්ගේ හිත යන තරුණියක් හෝ තරුණයෙක් එක්ක ආදරයෙන් ඉන්න එක, කතා බහ කරන එක මුස්ලිම් ආගමෙන් වරදක් විදියට දකින්නේ නැහැ. ඒත් මුස්ලිම් නොවන අය කරන “Dating” සංකල්පයට ඉඩක් මේකෙන් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ, විවාහ වෙන්න කලින් සිපගැනීම, ස්පර්ශය වගේ දේවල් මුස්ලිම් ආගම සලකන්නේ “හරාම්” හෙවත්, ආගමට පටහැනි දෙයක් විදියටයි. ඒ වගේ දේවල්වලට අවසරය ලැබෙන්න ඕනේ විවාහයෙන් පස්සේ බව තමයි ඔවුන් කියන්නේ.

“We do not think that there is anything better for those who love one another than marriage” (Vol. 3, Book 9, Hadith 1847)

කුරාණයේ සඳහන් වෙන මේ වගන්තියෙන් කියන්නේ විවාහය තරම්, දෙන්නෙක් අතරේ තියෙන ආදරය තව තවත් ඔප් නංවන්න පුළුවන් තවත් දෙයක් නැති බවයි. හැබැයි විවාහය සිද්ධවුණේ අර කිව්ව හරාම් හැසිරීම්වලින් පස්සේ නම්, ඒ විවාහයට අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය නොලැබෙන බවට තදබල මතකයක් ඔවුන් ගොඩක් අය අතරේ තියෙනවා.

ඉතින් ආදරේ ගැන, වැලන්ටයින් දිනේ ගැන ඔයාලාගේ අදහස් මොනවද? අපට දාන්නකෝ කමෙන්ට් එකක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide