කොලොම්තොටේ කරක් ගහන කෙනෙක්ට, ෂුවර් එකට ම කන්න ලැබෙන ස්ට්‍රීට් ෆුඩ් වර්ග 15ක්.

ඇමෙරිකාවේ, යුරෝපයේ තරම් නැතත්, අපට ම ආවේණික වෙච්ච ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතියක් ලංකාවේ තියෙනවා. මේක කොහොමද කියලා බලන්න කොළොම්පුරේ කරක් ගහලා තියෙන්නම ඕනේ.

විටින් විටේ යමු එකේ අපි කොළඹ හරියේ රවුම් ගහනවනේ. අන්න එහෙම වෙලාවල් වල දැකබලාගත්ත දේවල් අනූව, අපේ ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතියට එක්කාසු වෙන කෑම බීම ටිකක ලැයිස්තුවක් අපි හැදුවා. ඒක තමයි මේ.

1. බොම්බයි මොටයි

ටිලින් ටිලින් සද්දෙන් ගෙජ්ජියක් හොල්ලමින් පාරේ යන බොම්බයි මොටයි අංකල්, කොළොම්පුරේ සුලබ දසුනක්. ඉර මුදුන් වෙන වෙලාවක කොළඹ පැත්තේ ඉස්කෝලයක් කිට්ටුවට ගියොත් නොවරදවා ම මෙයාව දැකගන්න පුළුවන්. සාමාන්‍ය කැන්ඩි ෆ්ලොස්වලට වඩා මේ බොම්බයි මොටයි පොඩ්ඩක් විතර රළුයි. ඒත් රස විඳින්න ඒක බාධාවක් එහෙම නෙවෙයි. ලාවට එන පොල් තෙල් රසත් එක්ක මිශ්‍ර වෙච්ච සීනි රස ඇති මේවා අහුරක් වැඩිම වුණොත් රුපියල්  පනහක් වගේ වෙයි.

2. ඉස්සෝ වඩේ

ගෝල් ෆේස් එක ප්‍රසිද්ධ ඉස්සෝ වඩේවලට කිව්වොත්, ඒ කතාවෙත් ඒ හැටි වැරද්දක් නැහැ. ගෝල් ෆේස් පැත්තට ඇවිල්ලා මේ සුප්‍රසිද්ධ ඉස්සෝ වඩේ එකක් කාලා නැත්තම්, ඇත්තමයි ඒ ගමනත් අසම්පූර්ණයි. මතුපිටින් ඉස්සෝ හතරපස්දෙනෙක් දාලා, ස්පයිසි රසට හදපු මේ ඉස්සෝ වඩේ උණු උණුවෙ ම ගන්න පුළුවන් කෑම කරත්ත පෙළක් ම ගෝල් ෆේස් එකේ තියෙනවා. නිකන් ම නෙවෙයි, පොඩියට කපපු රට ලූණු ටිකක් එක්ක සැර හොද්දකුත් ඉහලා තමයි මේ වඩේ පිළිගැන්වෙන්නේ.

මේ හැරුණාම, වඩේ එක්ක බැදපු මාළු, සුදුලූණු විකුණන කරත්ත කොළඹ අවට ඕනෑ තරම්. රතට රතේ බැදපු මිරිස් කරල් එක්ක හැපෙන මේ වඩේවලට නම් හරියන්නේ උණු උණුවට හදපු ප්ලේන්ටියක් තමයි.

3. අච්චාරු

Image Credits : Indi Samarjiva

ගහක, වැලක හැදෙන ඕනේ ම පලතුරකින්, එළවළුවකින් අච්චාරු හදන්න අපේ උන්දැලා හරි ම දක්ෂයි. අඹ, වෙරළු, දිවුල්, ලොවි, ජම්බු, නෙල්ලි වගේ පලතුරුවලින් හදපු අච්චාරු විකුණන කරත්ත, ලංකාවේ පාරතොරේ ඕනෑ තරම් දැකගන්න පුළුවන්. පිටකොටුව හරියේ වගේ ම, ඉඳලා හිටලා කොල්ලුපිටිය, බම්බලපිටිය ආශ්‍රිත පාර තොටේ මේ කරත්ත තියෙනවා.

4. චූන් පාන්/ෂෝටීස්

Image Source : sbs.com.au

හප්පේ! වලිගෙ ගිනිගත්ත කොටියා වගේ ත්‍රීවීල් එකෙන් පිඹගෙන යන චූන් පාන් මල්ලිව අල්ලගන්න නම්, රොකට් එකෙන් යන්න ඕනේ. හැබැයි මොකක් හරි පිනක් තිබිලා මෙයාව අල්ලගත්තොත් සෑහෙන්න වටිනවා. මොකද ලාබෙට, ලංකාවේ තාලෙට හදපු බිත්තර පාන්, බනිස්, රෝල්ස්, සොසේජස් පාන් ටිකක් ගන්න පුළුවන්නේ. අපේ අය මේවට කියන්නේ “ෂෝටීස්” කියලා. චූන් පාන්වලින් විතරක් නෙවෙයි, වීදුරු ෂෝකේස් එකේ දාලා මේවා විකුණන කඩවල් ඕනේ තරම් කොළඹ අවට තියෙනවා.

5. කොත්තු

 

ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය

සද්ද බද්ද දාලා හදපු මේක කොත්තු රොටිය

කොත්තු ලංකාවේ කොච්චර ජනප්‍රියද කියන්න, නිහාල් නෙල්සන් මහත්තයා ගායනා කරන මේ සින්දුව ම සාක්කි. කොටුවෙන් පටන්ගත්ත ම ගාලු පාර දිගේ එක දිගට කොත්තු කඩවල් තියෙනවා. නානාස්, පිලාවුස්, බිලාල්; මේ ස්ට්‍රීට් කොත්තුවලට ප්‍රසිද්ධ කඩවල්වල නම් කීපයක්. ඕවයින් දවසේ ඕනේ වෙලාවක කොත්තු ගන්න පුළුවන්. ඔය අතරේ සමහර කඩවල් තියෙනවා රෑට විතරක් කොත්තු ගහන.

6. රටකජු, මුරුක්කු

Image Credits : Maheash Nelanka

“බබල්ගම් එකක්, රටකජු, කඩල පැකට් එකක්"

කෝච්චිවල, බස්වල යන අයට අනිවාර්යෙන් මුණගැහෙන ඇත්තෙක් තමයි මේ. කිව්වත් වගේ මෙයා විකුණන්නේ බැදපු රටකජු, කඩල, බබල්ගම්, මුරුක්කු, ග්‍රීන්පීස් වගේ ජාති. ඒ හැරුණා ම, හවස් වරුවට සෙනග ගැවසෙන තැන් ආශ්‍රිතව කරත්ත පිටින් රටකජු, කඩල විකුණන අයත් ඉන්නවා. මෙයාලා ළඟ තියෙන පාට පාට සීනි මුරුක්කු, මිරිස් රහට හැපෙන බෝල මුරුක්කු, සුදුලූණු රස චිකන් මුරුක්කු එහෙම සෑහෙන්න නැගලා යනවා.

7. කිලෝ පේර

Image Source : exploresrilanka.lk

ලුණුයි, මිරිසුයි උඩින් ඉහලා, කෑලිවලට කපපු කිලෝ පේර, ලංකාවේ පාර තොටේ ඇවිදින අයට කන්න ලැබෙන තවත් රස කෑමක්. කැමති පේර ගෙඩිය තෝරලා දුන්නම සට පට ගාලා ඒක කපලා, සීසනින් කරලා සිලි බෑග් එකකට දාලා ගන්න පුළුවන්.

8.  BBQ

කොළඹ පැත්තෙන් අඩු ගාණට හොඳ බාබෙකියු කන්න පුළුවන් තැන්වලින් එකක් තමයි නානාගේ කඩේ. එක කඩයක් නෙවෙයි, නානාගේ කඩවල් තුන හතරක්ම ගෝල් ෆේස් පිට්ටනියේ තියෙනවා. සෝස් එහෙම තවරලා, කටට සැරට රස පදමට හදපු මේ බාබෙකියු චිකන් කෑලි පිළිගැන්වෙන්නේ ගම්මිරිස්, ලුණු, රවුමට කපපු රට ලූණු, සලාද කොළ, සහ තක්කාලි සෝස් එක්කමයි. චිකන් විතරක් නෙවෙයි මෙයාලගෙන් සීෆුඩ් බාබෙකියු එහෙමත් ගන්න පුළුවන්.

හවස හයෙන් පස්සේ හල්ෆ්ස්ඩෝර්ප් ස්ට්‍රීට් පැත්තේ ගියොත්, ඔන්න මහත්තයෝ තියෙනවා තවත් බාබෙකියු ගන්න තැන් තොගයක් ම. බාබෙකියු විතරක් නෙවෙයි, තවත් ස්ට්‍රීට් ෆුඩ් තොගයක් ම මේ හරියේ දැකගන්න පුළුවන්. එහෙනම් බලාගන්නකෝ මේ වීඩියෝ එකෙන්.

9.  තැඹිලි

Image Source : Indi Samarjiva

සයිස් එකේ හැටියට ගාණ තීරණය වෙන තැඹිලි, ලංකාවේ තියෙන ඝර්ම කලාපීය දේශගුණේට නියමෙට ම හරි යන බීමක්. රස්නේ දවසට දැනෙන තිබහට මේ තරම් හොඳ බීමක් තවත් නැති තරම්.

10. ප්ලේන්ටී, කිරි තේ

තේ කියන්නේ ලංකාවේ ජාතික පානයනේ. කලින් කිව්වා වගේ ඝර්ම කලාපීය රටක් වුණාට මොකද, තිබහට, මහන්සියට, උණට, හීතලට, නිදිමතට සේරටම ලංකාවේ අයගේ බෙහෙත තමයි තේ. ඒ නිසා ම, ස්ට්‍රීට් ෆුඩ් අතරේ කිරි තේ, ප්ලේන්ටීවලට සෑහෙන්න තැනක් ලැබෙනවා. ගාණත් අඩුයි. ඕනේ තැනකින් ගන්නත් පුළුවන්නේ.

11.  සරුවත්

Image Credits : Ramesh de silva

කසකසා ඇට දාපු පැණිරස වතුර; සරුවත්වලට දෙන්න පුළුවන් සරල ම නිර්වචනය තමයි ඒ. පිටකොටුව හරියට ගියොත් සරුවත් කරත්ත ඇති පදම් හොයාගන්න පුළුවන්. සාක්කුවට දැනෙන්නේවත් නැතිව තිබහ යවාගන්න ඕනේ නම්, මේක තමයි භාණ්ඩේ.

12. පරාටා, බිත්තර රොටි, පොල් රොටි

ලංකාවේ කොත්තු ගහන ඕනේ ම ස්ට්‍රීට් ෆුඩ් කඩේකට ගියොත් තක්කෙට ම ගන්න පුළුවන් රොටි ජාති තුනක් විදියට මේ තුන හඳුන්වන්න පුළුවන්. පොල් රොටි කන්න නියමෙට ම හරියන්නේ ඇඹුල්, මිරිස් පදම ගාණට දාලා හදපු ලුණුමිරිසක් වග අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හැබැයි හෑස් හූස් ගාලා කෑවට පස්සේ බොන්න කට පිච්චෙන තරමට උණු ප්ලේන්ටියකුත් ඕනේ.

බිත්තර රොටි, පරාටා රොටිවලට නම් ඉතින් සැර මාළු හොද්දක්, චිකන් හොද්දක් තරම් හොඳ තවත් දෙයක් නැහැ.    

13. සෝයා අයිස්ක්‍රීම්

රුපියල් 20, 30 කෑලිවලට තිබහයි මහන්සියයි නිවාගන්න කියාපු කෑමක් මේකත්. වැනිලා, චොකලට් කියලා දුන්නට, ඔය මැෂින් එකෙන් හදන සෝයා අයිස්ක්‍රීම්වල ගොඩක් වෙලාවට ලොකු රසක් නැහැ. හැබැයි ඉතින් රස්නේ දවස්වලට ඔය කොයිකත් එකයි.

නලාවකුත් නාද කර කර, අයිස් පෙට්ටියක් බයිසිකලේ බැඳගෙන එන අයිස්ක්‍රීම් වෙළෙන්දොත් කොළඹ අවට ඉන්නවා. හැබැයි එයාලා දැන් පොඩ්ඩක් මොඩ් වෙලා. බ්‍රෑන්ඩඩ් අයිස්ක්‍රීම් තමයි විකුණන්නේ.

14. ආප්ප, ඉඳිආප්ප

අර කිව්ව පරාටා, කොත්තු විකුණන ඕනේ ම කඩේක තියෙන තවත් කෑම වර්ග දෙකක් විදියට ආප්ප, ඉඳිආප්ප දෙවර්ගෙ හඳුන්වන්න පුළුවන්. මේ ඉඳිආප්ප එක්ක කිරි මාළු හොද්දක්, මිරිස් මාළු හොද්දක්, පරිප්පු හොද්දක්, ලුණු ඇඹුල් පදමට ඇති පොල් සම්බෝලයක් වරදින්නේ නැහැ.

ආප්ප ගත්තොත් මේකේ වර්ග තොගයක් ම දැන් තියෙනවා. ඉස්සර තිබුණු පැණි ආප්ප, බිත්තර ආප්ප වගේ ම, දැන් කිරි ආප්ප, චීස් ආප්ප එහෙමත් කඩවල්වල හරි හරියට විකිණෙනවා.

15. බර්ගර්

ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ් සංස්කෘතියට අලුතෙන් ම එකතු වෙච්ච සාමාජිකයා තමයි මේ. ඉස්සර නම් බර්ගර් එකකට අපට තිබුණේ KFC, මැක්ඩොනල්ඩ්ස්වල පිහිට විතරයි. හැබැයි දැන් ලාබෙට, රසට බර්ගර් කන්න පුළුවන් තැන් ගොඩක් කොළඹ හරියේ තියෙනවා. Burger’s King, Burgers Hut, Royal Burger ඒ අතරින් කීපයක්.

ඒ විතරක් නෙවෙයි, දැන් බර්ගර් කරත්තත් කොළඹ තියෙනවා. KGN Burgers on Wheels මේකට හොඳ ම නිදසුනක්.

අපට මග හැරුණා කියලා ඔයාලට හිතෙන තවත් ස්ට්‍රීට් ෆුඩ් ජාති තියෙනවද? අපට මතක් වෙන්නත් එක්ක දාන්නකෝ එහෙනම් කමෙන්ට් එකක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide