ලම්ප්රයිස් The Daily FT පත්තරේ

අපි කරන්න අදහස් කරන වාර්ෂික ලම්ප්රයිස් රස බැලුම අපි ගිය සතියේ කළා. සියලු කොළඹවාසීන්ගේ හිතසුව පිණිස යමු කණ්ඩායමක් පුරයේ වඩාත්ම ජනප්‍රිය ලම්ප්රයිස් හයක් ගිල දැම්මා. ඒ කණ්ඩායම ඩේවිඩ් බ්ලැකර්, Daily FT පත්තරේ කැසැන්ඩ්‍රා (Cassandra Mascarenhas), ඉන්දි සමරජීව සහ සවන් විජේවර්ධනයි.

එය විහිළු කතාවත් නෙමෙයි. ලම්ප්රයිස් කියන්නේ ශ්‍රී ලංකාවේ බැස ගිය එහෙත් තවමත් සාඩම්බර බර්ගර් සංස්කෘතියේ ආඩම්බර ලක්ෂණයක්. එහෙත්, කොළඹ හැම බර්ගර් ආන්ටි කෙනෙකුම දන්නා කරුණක් තමයි, දැන් කොළඹ හොඳ ලම්ප්රයිස් මුලක් සොයා ගැනීම අමාරුයි කියන එක.

මහන්සි වී සැකසිය යුතු  ෆ්‍රිකැඩල්, වම්බටු පැහි වැනි අංග අතීතයට එක් වෙද්දී, ලංකාවේ ආහාර පාන කලාවේ උරුමයේ කොටසක් විය යුතු ලම්ප්රයිස් බත් මුලේත් අනාගතය අපැහැදිලියි.

අපේ මේ රස බැලීමේ අරමුණ මේ සියුම් ආහාර සම්ප්‍රදාය කෙරෙහි රුචිය වර්ධනය කිරීමයි.

 

 

 

 

ලම්ප්රයිස් මුල්. ලිහාගන්නට ඉඩ දුන්නාට බයාර්ෆුට්ට තුති.

තරගකරුවෝ

දීර්ඝ සාකච්ඡාවකින් පසු, අපේ තරගකරුවන් පැමිණියේ මේ තැන්වලින්

  • තුන්මුල්ලේ The Dutch Burgher Union – රු. 430 – (දුරකථනය: 258 4511)
  • ලන්දේසි රෝහලේ The Colombo Fort Café – රු. 660 – (දුරකථනය: 243 4946)
  • අංක 82/1A, ස්ට්‍රැට්ෆර්ඩ් වීදියේ The Dutch Grocer – රු. 360 – (දුරකථනය: 770173062)
  • තර්ස්ටන් විදුහල අසල පේද්‍රිස් පාරේ වරුසවිතාන මහත්මිය – රු. 360 – (දුරකථනය: 257 3908)
  • කොල්ලුපිටිය, ගාලු පාරේ, අංක 453,  Green Cabin – රු. 320 – (දුරකථනය: 258 8811)
  • ඩීල් පෙදෙස, අංක 24, Bars Café – Rs. 420 – (දුරකථනය: 478 6678)

අප රස පිරික්සුවේ එදින ඇණවුම් කර එක බැගින් පවා ලබා ගන්නට තිබුණු ලම්ප්රයිස්. ඒත්, අපි දන්නවා මේ ආහාරය ඉතා රසවත් ලෙස ගෙදර පිස සපයන බර්ගර් ආන්ටිලා සිටින බව. ඒත්, වෙනත් දුලබ දේ සම්බන්ධයෙන් වගේම තමයි. මේ ගැනත් ඒ අය ගැන දන්නා කෙනෙකුගෙන් දැනගත යුතුයි. එසේම අඩු තරමේ වරකට මුල් දුසිමක්වත් ඇණවුම් කළ යුතුයි.

ඒත්, කාර්යයේ අමාරුකම කොහොම වුණත්, ‘යමු’ගේ රසවිඳීමේ ක්‍රියාවලිය ඉහළම ජාත්‍යන්තර තත්වයෙන් යුක්ත වුණා. ලම්ප්රයිස් මුල් හය ඒවා හඳුනා ගත හැකි දවටන ඉවත් කර, අංක යොදා පරීක්ෂකවරුන්ට දුන්නේ රස පිළිබඳ විනිශ්චය කාඩ් පතකට අනුව ඒවා වර්ග කරන්නයි.

 

ලම්ප්රයිස් මුල් හය මේසයේ

රස උපමාන

1. පිරිනැමුම – කෙසෙල් කොළයේ ගුණයඇලෙනසුළුබව හා දැවටුම මෙන්ම, ඇතුළේ ව්‍යංජනවල පෙනුමත් වැදගත්. එකම අළු පාට ගුලියක් නොවී වෙන වෙනම ව්‍යංජන වර්ණවත්ව තිබීම ඉතා වැදගත්.
2. සුවඳ – ලම්ප්රයිස්වල සුවඳ හරි වැදගත්. දවටනය විවෘත කරන විට කෙසෙල් කොළයේ සුවඳ, මස් තැම්බූ වතුරේ කකාරා පිසින ලද බතේ සුවඳ, කුරුඳු, කරදමුංගු හා සේර මුසුවේ සියුම් සුවඳ දැනිය යුතුයි. අධික ව්‍යංජන සුවඳක් නොතිබිය යුතුයි. වෙනත් අධික සුවඳක්ද නොතිබිය යුතුයි. ඒ වගේම සුවඳින් තොර වීමත් හොඳ ලක්ෂණයක් නොවෙයි.
3. අව්‍යාජත්වය – සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් රැකගැනීම මේ ව්‍යායාමයේ මූලික අරමුණක්. අප සොයන්නේ මුල් බර්ගර් සම්ප්‍රදායේ ලම්ප්රයිස්. පහත සඳහන් ලක්ෂණ අඩංගු වීම සම්ප්‍රදායට අනුකූලයි.

  • මස් තැම්බූ වතුරේ පිසින ලද සම්බා බත් (කහ බත් හෝ නිකම් තැම්බූ බත් නොවෙයි)
  • මිශ්‍ර මස් කරිය – ඌරු මස්, කුකුළු මස්, එළු මස් හා හරක් මස් තමයි මුල් මිශ්‍ර කරිය වුණේ. එහෙත්, ලංකාවේ ඇති ආගමික විවිධත්වය හා එකී ආගම්වල ආහාර සීමාවන් නිසා බොහෝ ස්ථානවල අඩුවෙන් මතභේදයට තුඩු දෙන කුකුල් කකුල් තමයි මේ සඳහා ආදේශකය ලෙස යොදා ගන්නේ. ආහාර පර්යාලෝකයෙන් නම් එය වැරදියි. එවැනි කෙටි ක්‍රමවලට අපි ලකුණු කැපුවා.
  • පැණි රස වම්බටු පැහි කියන්නේ රසවත් වම්බටු මෝජුවක්
  • බ්ලැචන් නම් වන මැලේ ඉස්සන් තලපය
  • ෆ්‍රිකැඩල් – මුලින් නම් මෙය ගව මස් බෝලයක්. ඒ ත් දැන් එය හැම විටම ආදේශ කරනු ලබන්නේ යහමින් කුළුබඩු මුසු කළ, කර කර ගා හැපෙන පොත්තකින් යුත් ස්වදේශික කට්ලට්වලින්
  • අළු කෙසෙල් ව්‍යංජනය – ඇතැමෙක් නම් කියන්නේ මේ සාමාන්‍ය ව්‍යංජනය අනවශ්‍ය බවයි.

මේ තමයි සම්ප්‍රදායික ලම්ප්රයිස්වල මූලිකාංග. ඒවා නැතිනම් හා පොල් සම්බෝල, බිත්තර, වියළි මිදි වැනි අමතර දේ අඩංගු තිබේ නම් අපේ විනිශ්චයකරුවෝ ලකුණු කැපුවා.
4. රසවත්කම – මේ කාරණයට අනෙකුත් උපමානයන්ට දුන් ලකුණු ප්‍රමාණය මෙන් දෙගුණයක් දුන්නා. එය තමයි අව්‍යාජත්වයටත් වඩා වැදගත් දෙය, මක්නිසාද යත්, ඔබට ඕනෑ ඔබේ ලම්ප්රයිසය රසවත් වීම වන නිසා. මෙය පැහැදිළිවම පුද්ගලබද්ධයි. ඒත්, ඔබ දන්නවානේ ඇතැම් දේ රස වන අතර ඇතැම් දේ රස නැත බව.

ක්‍රමවේදය

ඩේවිඩ් බ්ලැකර් ලම්ප්රයිස් කමින්

1 සිට 6 දක්වා අංක යොදන ලද ලම්ප්රයිස් බත්මුල් රවුම් මේසයක තැබුවා. පළමු රස බැලීමේ වටයේදී විනිශ්චයකරුවෝ සිව්දෙනා ඉක්මණින් සටහන් ගනිමින් මුලෙන් මුලට රස බැලුවා. හැඳි ගෑරුප්පු තහනම් වුණා. සෑම විනිසුරුවකුටම හොඳින් අනන ලද බත් අහුරු කීපයක් කන්න අවස්ථාව ලැබුණා.

අවසන් ලම්ප්රයිස් මුල පසු කළාට පසුව කෙටි විවේකයක් හා බියර්වලින් මුව සෝදා ගැනීමේ අවස්ථාවක් ලැබුණා. බීර දිවා ආහාර වෙලාවේ සරුවත්වලට ලාංකික ආදේශකයක් වැනියි. අනතුරුව සටහන් සන්සන්දනය කරන ලද අතර, විනිශ්චයකරුවෝ නැවතත් මුලෙන් මුලට රස බැලීමේ වටයක් ගියා. මේ වතාවේ ඔවුන්ට කලින් වතාවට වඩා කාලය ලැබුණා ලම්ප්රයිස්වල ගුණාංග වෙන වෙනම අධ්‍යයනය කරන්න.

ඒ වටයෙන් පසු නැවතත් බීරවලින් මුව දොවාගෙන, සටහන් සසඳා බලා,  තුන්වන රස බැලීමේ වටයක් ද පැවැත්වුවා. හුදු කෑදරකම හැර ඒ වටයේ වෙනත් අරමුණක් අපට නම් පෙනුණේ නැහැ. එය අවසන් වටය වුණත් ඩේවිඩ් බ්ලැකර් නම් තවත් වටයක් ගියා.

ප්‍රතිඵලය

පළමු වටයේ සිටම අංක 2 දරණ මුල සියලු විනිසුරුවරුන්ගේ ප්‍රියතම එක බවට පත් වුණා. එය අනෙක් මුල්වලට වඩා මඳක් කුඩා සහ පෙනුමෙන් සරු නැති වුණත් එහි බත් හා ව්‍යංජන අනුපාතය කදිමට තිබුණ අතර රසයන් හොඳින් තුලනය වුණා. අනා ගත්තාම, සීනි සම්බෝලයේ පැණි රස, ඉස්සන් තලපයේ ලුණු රස සහ මෘදු අළුකෙසෙල් වැනි සෑම දෙයක්ම රසයට දායක වුණා. කැපී පෙනුණම දෙය වුණේ වෙන් කර හඳුනාගත හැකි ඌරු හා හරක් මස් කැබලි සහිත වූ මස් හොද්දයි. අනෙකුත් මුල්වල නම් තිබුණේ ලොකු අළු පාට කුකුල් මස් කුට්ටි.

ඒකච්ඡන්දයෙන් දෙවන තැනට පත් මුලක් නොතිබුණත්, සාමාන්‍යයෙන් අංක ‍6 දෙවනුව හොඳ යයි පිළිගැනුණා. මෙය රසවත් බතකින් හා වම්බටු පැහියකින් යුතුව හොඳින් පිරිනමා තිබුණා. එහෙත්, එහි මිශ්‍ර මස් කරියේ හා ඉස්සන් තලපයේ අඩුපාඩු නිසා එය පළමු ස්ථානයට පත් අංක 2 බත්මුලට කිට්ටු වුණේ හෝ නැහැ.

කවුරුද ඒ රසවත් බත් මුල ඉදිරිපත් කළේ?

D. Grocer DBU G. Cabin Mrs. W BARS Fort Cafe
එකතුව 30 40 19 37 23 22
ඉදිරිපත්කිරීම 5 3 2 5 2 3
සුවඳ 4 3 3 5 4 2
අව්‍යාජත්වය 4 4 2 3 2 2
රසය 3 6 3 4 3 2
බත 3 4 1 5 4 2
මස්  3 5 2 4 2 5
සෙසු 3 5 3 4 3 5
හොඳම කොටස 5 9 3 7 3 2

මේ ඩේවිඩ් බ්ලැකර්ගේ ලකුණු සටහනයි. ලකුණු සටහන පුරවා අවසන් කළේ ඔහු පමණි. 
මැදහත්කරු ලම්ප්රයිස් පිසූ තැන සටහන් කරනු ලැබුවේ විනිසුරුවන් සිය විනිශ්චය ලබා දීමෙන් පසුයි. එකේ ඔවුන් එය දැන සිටියේ නැහැ.

The DBU lamprais

1. DBU
මොහොතක අනුමාන කිරීමකින් පසු අප දැන ගත් කරුණ වන්නේ අංක 2 මුල වනාහි අප ලොල් කළ DBUහි ලම්ප්රයිස් මුල බවයි. දීර්ඝ කාලීන ප්‍රමිතීන් හා ගතානුගතික බර්ගර් සම්ප්‍රදායන් විසින් ඒ රස මුසු කර දෙන්න ඇති.  ඒ පරම්පරාරක්ෂක, මද්දහනේ මත්පැන් බොන, බයිලා නටන බර්ගර්වරුන් වඳ වී යන ජනවර්ගයක් වන්නට පුළුවන්. ඒත්, ඔවුන්ගේ ලම්ප්රයිස් තවමත් සජීවීයි. අනර්ඝයි. තරගකරුවන් පැරදවීමේ හැකියාවෙන් යුක්තයි.

The Dutch Grocer lamprais

2. Dutch Grocer
දෙවන ස්ථානය හිමි වුණේ Dutch Grocerට. පුදුමයි! මෙහි ලම්ප්රයිස් පිරිනැමුට තවම සති කීපයයි. එහි මිශ්‍ර මස් කරියේ තත්වය ඉහළ නංවා ගත්තා නම් ලබන අවුරුද්දේ ලම්ප්රයිස් රස බැලීමේ අවස්ථාවේදී එයට හොඳ තරගයක් දෙන්න පුළුවන්.

Mrs. Warusawithana’s

3. වරුසවිතාන මහත්මිය – Mrs. Warusawithana
ඇගේ ගෙදර පිසූ ලම්ප්රයිස් ගැනත් විශේෂයෙන් කිව යුතුයි. ඇගේ පිරුණු හා රසවත් බත්මුලේ වම්බටු පැහිය හා සීනි සම්බෝලය ටිකක් රසින් වැඩියි. එහි අවසන් නිමාව අපේ මුල් තේරීම් තරම් හොඳ වුණේ නැහැ.

පරාජිතයෝ: Colombo Fort Cafe, Green Cabin, Bars
වානිජමය අරමුණින් ඉදිරිපත් කරනු ලබන ලම්ප්රයිස් අවසන් ස්ථානවලට පත්වීම පුදුම විය යුතු කරුණක් නොවෙයි. ගතානුගතික නොවන ලොකු ඇට බත් වර්ග හා කුකුල් ගාත් වැනි දේ නිසා ඒවා ලම්ප්රයිස් නොවුණා පමණක් නොවෙයි, සාමාන්‍ය බත් මුල් ලෙසත් හොඳ වුණේ නැහැ.

මුදලට වටිනාකම

සියලු ලම්ප්රයිස් සමාන නොවුණා වගේම, ඒවා සමාන ලෙස මිළ වුණේත් නැහැ. මිළ ගණන් සැසඳුවාම පළමු තැන දිනාගත් DBU ලම්ප්රයිස් මුල  රු. 430ට හොඳටම වටී. Dutch Grocerගේ රු. 360ක් වූ ලම්ප්රයිස් මුල ඉතා තරගකාරීයි.  Bars’ගේ රු. 440 මුල නම් වැටුණේ අවසන් ස්ථානයට. Colombo Fort Café ගිහින් රු. 660ක් දී ලම්ප්රයිස් කනවාට වඩා නම් කළ හැක වෙන දේ බොහෝයි.

අවසන් වචනය

DBU ඉදිරිපත් කිරීම සෑම අතින්ම හොඳ ලම්ප්රයිස්. කෙසේවෙතත්, Dutch Grocer ඉතා හොඳ අලුත් තරගකරුවෙක්. වරුසවිතාන මහත්මියගේ ගෙදර පිසින ලද ලම්ප්රයිස් විශ්වසනීය, සම්භාව්‍ය කෑමක්. ඒත්, අනෙකුත් සියලු වෙළඳ කෑමහල් ලම්ප්රයිස් පිරිනැමීමේදී අසමත්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide