ගිනිඅවියෙන් ගිනිකෙළි කළ ලංකාවේ ගෝඩ්ෆාදර්ලා.

ලෝකේ හැදිලා තියෙන්නේ නීතිවලින් කිව්වොත් හරි. අපි කන්නේ, බොන්නේ ජීවත්වෙන්නේ මේ හැම දේම කරන්නේ නීතිමය රාමුවක් ඇතුළේ. එහෙම වුණාට මේ ලෝකෙට එහෙමත් නැත්නම් නීතියට යටින් තවත් ලෝකයක් තියෙනවා. අන්ඩවර්ල්ඩි නැත්නම් පාතාලේ කියන්නේ ඒකට. නම වගේම පාතාලේ කියන්නේ සුන්දර තැනක් නෙමෙයි. එකඑක හේතු නිසා පාතාලෙට සම්බන්ධවෙන අයට ඒකෙන් ගැලවිලා යන්න ලේසි නැහැ. පාතාලෙත් එක්ක සම්බන්ධවෙන් බහුතරයක් දෙනාට තමුන්ගේ සම්පූර්ණ ජීවිතකාලේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. කොළඹ මේ වෙද්දී පාතාලේ සැර අඩුවෙලා තිබුණත් 70 දශකයේ ඉඳලා 90 දශකය ඉවර වෙනකම් පාතාලේට කොළඹ ලොකු තැනක් තිබුනා. සමහරක් පාතාල චරිත හොලිවුඩ් ෆිල්ම්වල චරිත වගේ තමයි. මේ කියන්න හදන්නේ ලංකාවේ හිටපු සුපතල පාතාල නායකයෝ කිහිප දෙනෙක් ගැන.

ධම්මික අමරසිංහ

http://www.thesundayleader.lk

ධම්මික අමරසිංහ කියන්නේ ලංකාවේ ටෝනි මොන්ටානා කියලා කියන්න පුළුවන්. ඉක්මනින්ම කේන්තියන, කාවවත් විශ්වාස නොකරන සල්ලිවලට ඕන දෙයක් කරන්න පුළුවන් කෙනෙක් විදියට තමයි ධම්මික ප්‍රසිද්ධ. ධම්මික කියන්නේ තවත් සුප්‍රසිද්ධ පාතාල නායකයෙක් වෙච්ච චින්තක අමරසිංහගේ මල්ලී. චින්තකගේ හෙවණැල්ලට වැහිලා ඉන්න ධම්මික පාතාල නායකයෙක් විදියට එළියට එන්ගේ චින්තක ඝාතනය වුණයින් පස්සේ. ධම්මිකට පාතාලේ කියන්නේ ඒ තරම් ආගන්තුක තැනක් නෙමෙයි. ඔහුගේ පවුලේ සාමාජිකයින් 16 දෙනෙක් පාතාලේ කේස් නිසා මැරිලා තියෙනවා.

කොහොමහරි 1990ත් 2004ත් අතර කාලයේ වෙච්ච ඝාතන 50කට සහ බැංකු මංකොල්ලකෑම් 17ක අවශ්‍ය වෙලා තිබුණ පුද්ගලයෙක් විදියට ධම්මික හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තවත් ප්‍රබල පාතාල නායකයෙක් වෙච්ච බැද්දගාන සංජීව, සොත්ති උපාලි ඝාතනය කිරීමේ චෝදනා එල්ල වෙන්නෙත් ධම්මික ඇතුළු කණ්ඩායමට. 2004 ජනවාරි 09 වෙනිදා අලුත්කඩේ මහේස්ත්‍රාක් උසාවියේ කාමර අංක 06 දී කොන්ත්‍රාත් මිනීමරුවෙක්ගේ වෙඩිපහරින් ඝාතනය වෙනවා. ධම්මික ලවා තමුන්ගේ වැඩකරගත්ත දේශපාලඥයෝ තමුන්ව හෙලි කරයි කියන බයට කොන්ත්‍රාත් මිනිමරුවෙකු ලවා ඔහුව ඝාතනය කරන්න ඇති කියල තමයි කියන්නේ.

බැද්දෙගානේ සංජීව

http://www.thesundayleader.lk

සංජීව පෙරේරා එහෙම නැත්නම් බැද්දගාන සංජීව කියන්නේ 90 දශකයේ ලංකාවේ බිහිවෙච්ච නමගියපු පාතාල නායකයෙක්. බැද්දේගානේ සංජීව ප්‍රසිද්ධ වෙන්නේ රූකාන්ත චන්ද්‍රලේඛා දෙදෙනාට පහරදීම සහ ඔවුණ්ගේ කොණ්ඩා කැපීමේ සිදුවීම නිසා. මීට අමතරව සටන පුවත්පතේ කතෘ රෝහණ කුමාර ඝාතනය, අනෝජා වීරසිංහගේ නිවසට ගිනිතැබීම, සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංගට පහරදීම වගේ අපරාධ ගණනාවකට චෝදනා එල්ලවෙච්ච පුද්ගලයෙක්. ඒ වගේම බැද්දගාන සංජීවට දේශපාලනිකවත් ලොකු බලයක් තිබුණා. චන්ද්‍රිකා කුමාරතුංග බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිනිය විදියට කටයුතු කරද්දි ඇගේ පෞද්ගලික ආරක්ෂකයෙකු වෙන සංජීව ඇය ජනාධිපති ධූරයට පත්වෙනවත් එක්ක ඇගේ ආරක්ෂක ආරක්ෂක අංශයේ සාජන්වරයෙක් බවට පත්වෙනවා. කොහොමහරි 2001 නොවැම්බර් 02 වැනිදා සංජීව ඝාතනය වෙනවා. අමරසිංහ කල්ලිය මේ ඝාතනය කළා කියලා තමයි කියන්නේ.

ගෝනවල සුනිල්

http://www.lankanewsweb.today

සුනිල් පෙරේරා එහෙමත් නැත්නම් ගෝනවල සුනිල් කියන්නේ ලංකාවේ මුල් කාලේ ඒ කියන්නේ 70 දශකයේ බිහිවෙච්ච පාතාල නායකයෙක්. සුනිල් ප්‍රසිද්ධ වෙන්නේ 1983 වැලිකඩ සමූල ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා. මේ සමූල ඝාතනයේ දී වැලිකඩ බන්ධනාගාරේ හිටපු දමිල සිරකරුවන් 53 දෙනෙකු ඝාතනය වෙනවා. ඒ වගේම තවත් ප්‍රසිද්ධ සිදුවීම් තමයි මිනීමැරුමකට චැරදිකාරයා විදියට තීන්දුව ලැබිලා සිරදඬුවම් විඳිද්දී ඒ වෙද්දී ජනාධිපති වුණ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමාවක් ලබලා දීලා නිදහස් කිරීම. ඒ විතරක් නෙමෙයි එතැනින් පස්සේ ඔහුට දිවයිනටම බලපැවැත්වෙන සාම විනිසුරුකමකුත් ලබාදෙනවා. (මේවගේ දේවල් වෙන්නේ ලංකාවේ විතරක් වෙන්න ඕන.) ඒ වගේම සුනිල් වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයෙක් විදියටත් කටයුතු කරලා තියෙනවා. 1987 දී පොලිස් වෙඩිපහරට ලක්වෙලා සුනිල් ඝාතනය වෙනවා.

සොත්ති උපාලි

http://www.lankanewsweb.today

ලංකාවේ පාතාලේ ගැන කතාකරද්දී සොත්ති උපාලි කියන්නේ කතා නොකරම බැරි චරිතයක්. දේශපාලන බලය අතින් ගත්තත් මැර බලය අතින් ගත්තත් උපාලිට සමකරන්න පුළුවන් කෙනෙක් හිටියා කියලා හිතන්න අමාරුයි. කොච්චර බලවත් ද කියලා කිව්වොත් පොලීස් ස්ථානාධිපතිවරු පවා සර් කියලා කතාකරන ඩී.අයි.ජී. ලා මචං කියලා කතාකරන තත්ත්වයක් තමයි තිබිලා තියෙන්නේ. හිටපු ප්‍රබල දේශපාලඥයෙක් වෙච්ච ලලිත් ඇතුලත්මුදලිගේ ඝාතනයට උපාලි කෙළින්ම සම්බන්ධ බව ඒ ගැන හොයලා බලන්න පත්කරපු ජනාධිපති කොමිසම තීරණය කළත් නඩු විභාගය අවසන් කරන්න කලින් 1998 දී ධම්මික අමරසිංහගේ කල්ලිය උපාලිව ඝාතනය කරනවා.

නාවල නිහාල් 

http://www.lankaweb.com

ගෝඩ්ෆාදර් චිත්‍රපටියේ එන දොන් විටෝ කෝලියෝන් ලංකාවේ හිටියා කියලා හිතන්න; ඒ තමයි නාවල නිහාල්. පාතාල නායකයෙක් වුණාට නාවල නිහාල් කවදාවත් මත්ද්‍රව්‍ය වෙළඳාම හරහා මුදල් උපයපු පාතාල නායකයෙක් නෙමෙයි. ඒ වෙනුවට නිහාල් කළේ කප්පම් ගැනීම්, බලෙන් අල්ලගෙන ඉන්න ඉඩම් නිදහස්කරලා දෙන එක, ගෙවන්නේ නැති ණය ආපහු අයකරලා දෙන එක වගේ දේවල්. ඒ වගේම සාධාරණ පුද්ගලයෙක් විදියටත් නිහාල් නමක් දිනාගෙන හිටපු කෙනෙක්. හැබැයි ඒ වුණාට කෘරත්වය අතින් නිහාල්ගේ වැඩවල අඩුවක් තිබුණා කියලා කියන්න බැහැ. තවත් නම ගියපු පාතාල නායකයෙක් වෙච්ච කළු අජිත් ඇතුළු 5 දෙනෙක් පැහැරගෙන ගිහින් වද දීලා වෑන් එකක දාලා පුච්චලා මැරුවේ නාවල නිහාල් තමයි. කොහෙම වුණත් නිහාල්ගේ අවසානය සිද්ධ වෙන්නේ නිහාල්ගෙම අනියම් පෙම්වතියක් අතින්. දිනය සහ තැන පැහැදිලි නැති වුණත් කොළඹින් පිට තියෙන ආදාහනාගාරයකට නාවල නිහාල් ගෙනිහින් පනපිටින් පිලිස්සුවා කියලා ඔහුගේ පෙම්වතිය පොලීසියට පාපොච්චාරණය කරලා තියෙනවා.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Waves of Change: Hospitality Partners Unite for a Cleaner Colombo Coastline

In celebration of World Environment Day and World Oceans Day, Amari Colombo and Granbell Hotel

Highlights Trending

Radisson Hotel Kandy Brings Exclusive Wedding Experiences to Wedding Show 2026 at Kandy City Centre

Radisson Hotel Kandy is set to showcase its signature wedding offerings at the upcoming Wedding

Highlights Trending

The Mystique Nuwara Eliya – Timeless Luxury in the Hills.

Nestled in the heart of Sri Lanka’s picturesque hill country, The Mystique Nuwara Eliya offers

Highlights Trending

ONYX Hospitality Group Celebrates 60th Anniversary, Sets THB 10.33 Billion Revenue Target with THB 5.5 Billion Expansion Plan

ONYX Hospitality Group, a leading hospitality management company in Asia-Pacific, has unveiled its growth strategy

Highlights Trending

Is Your Diamond Actually Real? Why Savvy Sri Lankans are Choosing DINIDU for Non-Negotiable Authenticity

In the fabulous world of heirloom jewellery, the glamour of gemstones can often hide the

Highlights Trending

NH Collection Colombo strengthens leadership with Kedar Dighe as General Manager

Colombo, Sri Lanka – NH Collection Colombo welcomes Mr. Kedar Dighe as General Manager, bringing

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide