සිංදු කවර් කරන්නේ ආධුනිකයෝ විතරද? මෙන්න ගායකයාගෙන් ගායකයාට පාස් වුණු සින්දු 7ක්.

අපිට යුටියුබ් එකෙන් හම්බවෙච්ච සිරා දෙයක් තමයි ඔය කවර් සිංදු විඩියෝ. අපි කළිනුත් මේ ගැන කථා කළානේ. අපි ආදරේ කරන ගීතයක් ලස්සනට අලුත් විදියකට අහන්න කවුද ආස නැත්තෙ? හැබැයි අපි ඕකට දැන් කවර් සිංදු කියල කිව්වට, ඉස්සර ඉඳන්ම ඔය වැඩේ වෙනවා. ආධුනිකයෝ විතරක්ම නෙමෙයි, ප්‍රසිද්ධ වේදිකාවෙත් මේක වෙනවා. මෙන්න ඒ වගේ ගායකයාගෙන් ගායකයාට ගිය සිංදු 7ක්.

 

අපි කවුරුද

මේක පුදුම විදියට ප්‍රසිද්ධ වුණ ගීතයක්. වායෝ කණ්ඩායම නැගල එන්නත් මූලික වුණේ මේ සිංදුව. මේක හැබැයි ඉස්සෙල්ලම කිව්වෙ, සිංදුව ලියලා සංගීතවත් කරපු සේනක බටගොඩ මහත්මයයි. නම වැඩිය ප්‍රසිද්ධ නොවුනට බටගොඩ මහත්තයා ඉතා ප්‍රවීණ, ඉතා දක්ෂ සංගීතඥයෙක්. ඔහුගේ තවත් නිර්මාණ මෙතනින් බලාගන්න පුළුවන්.

 

මැණිකේ ඔබේ සිනාවේ

මේක රුක්මණී දේවි ගායනා කළ ගීතයක්. ඇය මේක ගායනා කරන්නෙ නෙවිල් ප්‍රනාන්දු ගායකයා සමගයි. මේ දෙපල “සඳක් නැගේ, සඳක් ගිලේ”, “මල්බර හිමිදිරියේ" වගේ ප්‍රසිද්ධ ගීත වල මුල් ගායක දෙපළයි. පස්සෙ කාලෙක කීර්ති පැස්කුවල් මහතා ගායිකාවන් කිහිප දෙනෙක් සමගම මේ ගීතය ගායනා කළා.

 

සිරි බුද්ධගයා විහාරේ

මේ බැති ගීයත් රුක්මණී දේවිගේ කටහඬින් තමයි මෙලොව එළිය දකින්නේ. ඒ සුප්‍රකට රූපසිංහ මාස්ටර් එනම් එච්. ඩබ්ලිව්. රූපසිංහ සමඟයි. ඒ ගීතය කාගිල්ස් සමාගම විසින් N-9300 තැටියට තැටියට තැටිගත කරල අලෙවි කරලා තිබුණා. මේ තියෙන්නෙ රුක්මණී දේවි, අමරදේවයන් සමග ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීතයට ගායනා කරලා තැටිගත කරපු ගීතයයි. ඊට පස්සේ රුක්මණී දේවිගේ නංගි කෙනෙක් වුන හෙලන් නිලන්ති ඩැනියල්ස්, වික්ටර් වික්‍රමගේ සමග මේක ගායනා කළා. පස්සෙ කාලෙක පණ්ඩිත් අමරදේවයන් නන්දා මාලිනිය සමග මේ ගීතය ගායනා කළා. ඒත් මේ තියෙන්නෙ සමිතා මුදුන්කොටුව සමග එතුමා ගායනා කළ අවස්ථාවකුයි.

 

බඳුන් පිරී ඉතිරෙන මී

මේ ගීතය තියෙන්නෙ “රන්සළු” චිත්‍රපටයේ. එහිදී මේ ගායනය සිදුකරන්නේ නෙවිල් ප්‍රනාන්දු අතින්. ඒ අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයට. පසුව අමරදේව සූරින් මෙය නිරෝෂා විරාජිනී සමග ගායනා කරනවා. මේකේ පද රචනයත් අමරදේවයන්ගේ ඥාති සහෝදරයෙක් වෙන  බී. ටී. මෙන්ඩිස් ගේ.

 

මුනි නන්දන සිරිපාද වඳිම්

“මුනි නන්දන සිරිපාද වඳිම්” කියන්නෙත් ඔය පරණ බැති ගීයක්. ජැනට් ද සිල්වා තමයි ඒ කාලේ මේක ගායනා කළේ. විශාරද නන්දා මාලිනි “ග්‍රැමෆෝන් ගීත” කියල කැසට් එකක් කළා. ඒකෙ මේ ගීතයේ ගායනයක් තිබුණා.

 

සුවඳයි මුවේ මල් පැණි

මේක සිංහල ගීත රචනාවට ඉමහත් මෙහෙවරක් කළ ඇලෝයි ප්‍රනාන්දු මහතාගේ රචනයක්. මිල්ටන් පෙරේරා සහ ජෝතිපාලයන්ට ගජ මිතුරෙකු වූ මෙතුමා පසුව හරූන් ලන්ත්‍රා, මොරිස් දහනායක, වසන්තා සන්දනායක, මොහිදින් බෙග්, සරත් සන්දනායක, ජී.එස්.බී. රාණි පෙරේරා වැනි අයටත් පද රචනා කළා. මේ ඔහු සුමිත් අහංගමට රචනා කළ ගීයක්. පසුව මේ ගීතය එච්.ආර්. ජෝතිපාල මහතාගේ කටහඬින් බොහොම ප්‍රසිද්ධ වුණා. ළඟදි රූකාන්ත ගුණතිලක අතින් මේ ගීතයට නව පණක් ලැබුණා.

 

මාස්ටර් සර්

“මාස්ටර් සර්” හෙවත් “පණම් අට" ඉස්සෙල්ලම එන්නෙ “කළු දිය දහර” චිත්‍රපටයේ. හුඟක් අය හිතං ඉන්නේ කරුණාරත්න අබේසුරිය මේ ගීතය ලිව්වයි කියල. ඒ වුණාට මේක ලිව්වේ නිමල් මෙන්ඩිස් මහතා. ඔහු ලියපු ඉංග්‍රීසි ගීයක කරුණාරත්න අබේසුරිය කරපු පරිවර්තනයක් තමයි මේ ගීතය. ඒක ඔහුගේ ජිවන අත්දැකීම් අනුව ලියපු ගීතයක්. පස්සෙ නීලා වික්‍රමසිංහ මහත්මිය මේක ගායනා කළාට ඉස්සෙලම චිත්‍රපටියට මේක ගායනා කළේ නෙවිල් ප්‍රනාන්දු මහතායි.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide