ලංකාවේ පැරණි හෝටල්වල හැංගුණු අපූරු රස කතා – I.

යුද්ධේ ඉවර වුණත් හරි ලංකාවේ සංචාරක ව්‍යාපාරය සූ ගාලා දියුණුවෙන්න ගත්තා. අහස උසට හැදෙන බිල්ඩින්, හෝටල් දැන් හරි හරියට. පහුගිය දවසක කාක්කෙක් කරපු බලු වැඩක් නිසා උඩ බලාගෙන ගිය අපේ බුද්ධික, මේ ගැන හොඳ විස්තරයක් කළා ඔයාලට මතකත් ඇති. අනික ලංකාවේ අය විතරක් නෙවෙයි, පිටරට උදවියත් ලංකාවේ ආයෝජනය කරන්න පටන් අරගෙනනේ. මෑතකදී කොල්ලුපිටියේ විවෘත වුණු Mövenpick හෝටලයත් ඕකට හොඳ උදාහරණයක්.

හැබැයි අලුතෙන් කොච්චර හෝටල් හැදුණත්, අපේ පරණ හෝටල්වලට තියෙන අගය නම් අඩුවෙන්නේ නැහැ. මොකද මේ හෝටල් ගොඩක් ඒවා හැදිලා තියෙන්නේ, අපේ ඉතිහාසේ සිද්ධි, කාරණා එහෙමත් එකතු කරගෙනනේ. අන්න ඒ වගේ අපූරු පසුබිම් කතා හැංගිලා තියෙන හෝටල් කීපයක් ගැන කතා කරන්නයි මේ ලෑස්තිය.

1. අමන්ගල්ල හෝටලය

අමන්ගල්ල හෝටලය ගාල්ලේ තියෙන තරු පහේ හෝටලයක්. ගාලු කොටුව ඇතුළේ ම හදලා තියෙන මේ හෝටලය දැන් නඩත්තු වෙන්නේ අමන් රිසොර්ට්ස්වලින්. කාලෙකට ඉස්සර මේක හැඳින්වුණේ “නිව් ඔරියන්ට් හොටෙල්" කියලා. ඒත් ඇත්තට ම මේ ගොඩනැගිල්ල හැදුණේ වෙනත් දේකට.

1684දී ඉදි කරපු මේ ගොඩනැගිල්ල, මුලදී යොදා ගත්තේ ලන්දේසි හමුදාවේ අණ දෙන නිලධාරීන්ගේ ප්‍රධාන කන්තෝරුව හැටියට. හැබැයි සුද්දෝ ලංකාව යටත් කරගත්තට පස්සේ, එයාලා මේක බ්‍රිතාන්‍ය සෙබළුන්ගේ නවාතැනක් විදියට පාවිච්චි කළා. 1865දී මේකට  නිව් ඔරියන්ට් හොටෙල් කියන නම ලබා දෙන්න කටයුතු කෙරුණා. එහෙම කළේ 19වෙනි ශතවර්ෂය වෙද්දී ලංකාවේ ගාල්ල ප්‍රදේශයට ආව ගිය යුරෝපීයයන්ට ගිමන් හරින්න පුළුවන් වෙන්නයි. ඒ විදියට පැවතගෙන ආව මේ ගොඩනැගිල්ල, අමන්ගල්ල හෝටලය බවට පත්වුණේ 2005දී.

2. ක්වීන්ස් හෝටලය

Image Source : lankapura.com

මහනුවර දළදා මාලිගාව පේන මානයේ තියෙන ක්වීන්ස් හෝටලය, අවුරුදු 160කටත් වඩා පරණ අතීතයක් තියෙන එකක්. මෙතැන මුලින් තිබිලා තියෙන්නේ දේවේන්ද්‍ර මුලාචාරියා, උඩරට අවසාන රජු වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ නියෝගයෙන් හදපු දුල්ලෑවේ වලව්වයි. සුද්දෝ මහනුවර අල්ලගත්තට පස්සේ, මේක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ මන්දිරය බවට පරිවර්තනය වුණා. ඒ අතරතුරේ ම, ලංකා රයිෆල් රෙජිමයේ බැරැක්කයක් විදියටත් පාවිච්චි කෙරුණා.

මලබාර් වීදිය (දැන් ඩී.එස්. සේනානායක වීදිය) අද්දර පිහිටපු නිසා, 1840දී මේ බිල්ඩිම හැඳින්වුණේ “මලබාර් නිවස” කියලා. ඒ කාලේ වෙද්දී මේක බෝඩිමක් විදියට යොදා ගැනෙන්න පටන්ගත්තා. ඒකෙ වැඩ සේරම බලා කියාගත්තේ ජේම්ස් ස්ටෑන්ටන් කියලා කෙනෙක්. ඒ නිසා ම මේකට “ස්ටෑන්ටන් හෝටලය" කියන නම ලැබුණා. 1863දී ඔහුගේ මිය යෑමට පස්සේ, තවත් අවුරුදු 6ක් වගේ යනකම් මේ හෝටලය පවත්වාගෙන යන්න ඔහුගේ බිරිඳට පුළුවන් වුණා.  

Image Source : queenshotel.lk

1869දී ක්වීන්ස් හෝටල් කොම්පැනියේ බාරයට යටත් වුණාට පස්සේ, ක්වීන්ස් හෝටලය විදියට මේක ජනප්‍රිය වෙන්න ගත්තා. 1895දී ක්වීන්ස් හෝටලය තමන්ගේ කළමණාකාරීත්වයට ගත්ත නුවර හෝටල් කොම්පැනිය, ඉහල මට්ටමේ හෝටලයක් විදියට මේ ගොඩනැගිල්ල දියුණු කරන්න කටයුතු කළා.

3. ගල්කිස්ස මහ හෝටලය  

ගල්කිස්ස මහ හෝටලය පිටුපස්සේ තියෙන ආදර කතාව සෑහෙන්න ප්‍රසිද්ධ එකක්. මේ ගැන පහුගිය දවසකත් අපි කතා කළා. නොදන්න අයට දැනගන්නත් එක්ක කෙටියෙන් කතාව කියන්නම්කෝ.

Image Source : lankapura.com

දැන් ගල්කිස්සේ මහ හෝටලය වුණත්, ඉස්සර මේක ඉංග්‍රීසි ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ්ගේ නිල නිවසයි. මේකට නුදුරින් තියෙන බෞද්ධ බාලිකා විද්‍යාල බිමේ ඒ දවස්වල තිබුණේ රොඩී ගුබ්බෑයමක්. මේකේ උන්නු ලොවීනා ලස්සන රොඩී තරුණියක් එක්ක ආදරයෙන් වෙළුන මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට, ඒ නිසා ම සෑහෙන්න ගැටළුවලට මුහුණ දෙන්න වුණා. ඒකට හේතුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සල්ලි රොඩී කෙල්ලක්ට වියදම් කරන බව කියමින් මිනිස්සු පෙත්සම් ගහන්න ගත්ත නිසයි.  ලොවීනා කියන නම කටට නුහුරු නිසා, මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා ඇයව ඇමතුවේ “ලැවීනියා” නමින්. මේ දෙන්නා හොර රහසේ මුණගැහෙන්න පාවිච්චි කළේ රොඩී ගුබ්බෑයමේ ඉඳන් ආණ්ඩුකාර නිල නිවසට ඇති උමං මාර්ගය බවයි කියවෙන්නේ (මේ උමඟ දැන් වහලා දාලාලු).

Image Source : mountlaviniahotel.com

කොහොමින් කොහොමහරි රජතුමාට යැව්ව පෙත්සම් නිසා ආයෙත් එංගලන්තය බලා නැව් නගින්න මෙට්ලන්ට් ආණ්ඩුකාරවරයාට සිද්ධවුණා. ඔහුගේ අවසාන ඉල්ලීම වුණේ තමන් විසූ නිල නිවස "මවුන්ට් ලැවීනියා" වශයෙන් යළි නම් කරන ලෙසයි. ලොවීනා ගැන මතකය අමරණීය කිරීමේ අදහසින් ඉදිරිපත් කෙරුණු මේ ඉල්ලීමට එංගලන්ත රජයෙන් අනුමැතිය ලැබුණා. ගල්කිස්ස හෝටලයට ඇතුල්වෙද්දී ම දැකගන්න ලැබෙන කාන්තා රූපය, මේ ලොවීනාගේ එකක් බවත් සමහරු කියනවා.

4. කැන්ඩි හවුස් හෝටලය  

Image Source : thekandyhouse.com

නුවර තියෙන කැන්ඩි හවුස් හෝටලය ඉස්සර හැඳින්වුණේ “අමුණුගම වලව්ව”, “රත්වත්තේ වලව්ව" යන නම්වලින්. 1804දී මේක ඉදි වුණේ රත්වත්තේ අධිකාරම්ගේ මූලිකත්වයෙන්.

ඒ කාලේ මේ වගේ වලව්වල වහලවල් උළුවලින් හෙවිල්ලන එක තහනම්ලු. හැබැයි රත්වත්තේ අධිකාරම්වරයා නෙවෙයි මේවා මායිම් කළේ. උළු හෙවිල්ලපු වහලවල් දෙකක් ඇතිව මේ වලව්ව හදලා නිම කරවන්න ඔහු සමත් වුණා. අවුරුදු 200කට වගේ පස්සේ, ජෙෆ්රි බවා කියන ගෘහ නිර්මාණ ශිල්පියා තමයි මේක හෝටලයක් බවට පරිවර්තනය කරන්න පුරෝගාමී වෙලා තියෙන්නේ.

5. සුයිස් හෝටලය

Image Source : hotelsuisse.lk

සුයිස් හෝටලය තියෙන්නේ නුවර. මේකේ ඉතිහාසය 17වෙනි ශතවර්ෂය දක්වා දිව යනවා. පොතපතේ සඳහන් වෙන විදියට, පිළිමතලා ගබඩා නිලමේගේ ගෙදර තමයි අද මේ සුසී හෝටලය බවට පත්වෙලා තියෙන්නේ.

1818 අවුරුද්දේ කැප්පෙටිපොල අධිකාරීවරයා ඇතුළු පිරිස, සුද්දන්ට එරෙහිව කරපු කැරැල්ලෙන් පස්සේ, මේ නිවස බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිලධාරී කෙනෙක්ට ලබාදෙනු ලැබුවා. ඔහු මේකට හරඹේ ගෙදර යන නම ලබා දුන්නා.

1846දී මේ නිවස එවකට ලංකා වැවිලි කොම්පැනියේ මැනේජර් වුණු ජෝර්ජ් වොල්ගේ පදිංචියට පාවිච්චි වුණා. ඉන්පස්සේ මේක බාර වුණේ  ජේන් ලුවීසා නම් ස්විස් ජාතික කාන්තාවකට. ඒ 1924දී. ඉන්පස්සේ මේක යොදා ගැනුණේ ගෙස්ට් හවුස් එකක් විදියට.

මේ නිවස වැවිලි කර්මාන්තයේ යෙදෙන ගැහැණුන්ගේ මාතෘ වාට්ටුවක් විදියට ප්‍රයෝජනයට ගත්ත කාලයකුත් තිබුණා. ඒ වගේ ම, දෙවැනි ලෝක යුද්ධ කාලෙදී (1944 – 1945), දකුණු-නැගෙනහිර ආසියාතික බල ඇණියේ මූලස්ථානය විදියටත් පාවිච්චි කෙරුණා. ලුවිස් මවුන්ට්බැටන් තමයි මේකට නායකත්වය දුන්නේ. හෝටලයක් බවට පත්වෙන්න කලින්, 1951 අවුරුද්දේදී ලංකා ආණ්ඩුවේ කන්තෝරු කීපයක් ම කරගෙන ගියේ මේ ගොඩනැගිල්ල ඇතුළෙයි.

6. ටින්ටාජෙල් හෝටලය

කොළඹ හතේ රොස්මිඩ් පාරේ තියෙන ටින්ටාජෙල් හෝටලය, ලංකාවේ මෑත කාලීන දේශපාලනයේ ඉඳපු පවුලක් ගැන අපට මතක් කරනවා. මේක ඇත්තට ම ලංකාවේ හතරවෙනි අගමැති වුණු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මයාගේ ගෙදරයි. එතුමාගේ මරණයෙන් පස්සේ, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වගේ ම, අරුණ බණ්ඩාරනායක මහත්මයාත් මේ නිවසේ වාසය කරලා තිබුණා.

7. බණ්ඩාරවෙල හෝටලය

Image Source : booking.com

බණ්ඩාරවෙල හෝටලය බිහිවෙන්නේ 1893දී. ඒ තේ වැවිලිකරුවන්ගේ ක්ලබ් එකකට හරි යන ගොඩනැගිල්ලක් විදියට. ඒ අතරතුරේ ම ගිමන්හලක් විදියටත් මේක යොදාගන්න කටයුතු වුණා.

දෙවැනි ලෝක යුද්ධය තියෙන කාලෙදී, මේ ගොඩනැගිල්ල පාවිච්චි වුණේ යුද්ධෙන් තුවාල ලබපු සෙබළුන්ට ප්‍රතිකාර ලබාදෙන තැනක් විදියටයි. අද අපට දකින්න ලැබෙන බණ්ඩාරවෙල හෝටලය කියන ගොඩනැගුම බිහිවෙන්න අඩිතාලම වැටුණේ 1938 අවුරුද්දෙදීයි.

8. ග්‍රෑන්ඩ් හෝටලය

Image Source : wikipedia.org

ග්‍රෑන්ඩ් හෝටලය තියෙන්නේ නුවර එළියේ. අවුරුදු 200ක් විතර පරණ ඉතිහාසයක් මේ ගොඩනැගිල්ලේ හැංගිලා තියෙනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ පෞද්ගලික නිවාඩු නිකේතනයක් විදියට 1824 – 1831 කාල වකවානුවේදී මේ ගොඩනැගිල්ල බිහිවුණු බවයි දැනගන්න ලැබෙන්නේ.

ලංකාවේ තියෙන පරණ ම බිලියඩ් බෝඩ්වලින් කීපයක් ග්‍රෑන්ඩ් හෝටලයේ තියෙනවා. 1920 – 1930 වගේ දශකවලදී, ග්‍රෑන්ඩ් හෝටලයට පිට පළාත්වලින් සංචාරකයෝ සෑහෙන්න ආවලු. ඒකට හේතුව වෙන්නේ ගොල්ෆ්, පෝලෝ, ක්‍රිකට්, හොකී වගේ සංචාරකයන්ට විනෝද වෙන්න පුළුවන් විදියේ දේවල් බොහොමයක් මෙහෙ තිබීමයි. තවත් කාලය ගත වෙද්දී, අවුරුද්දක් පාසා තියෙන රේස් තරග, අශ්වයන්, බල්ලන් පාවිච්චි කරලා පවත්වන උත්සව (dog show, horse show) වගේ දේවල් එහෙමත් තිබුණු බවයි ආරංචිය.

9. නියුට් ගැඩ්චට් හෙරිටේජ් හෝටලය

Image Source : tripadvisor.com

නියුට් ගැඩ්චට් (Nooit Gedacht) කියන වචනයේ තේරුම වෙන්නේ “කෙදිනකවත් නොසිතන ලද" (කෙදිනකවත් නිවසක් සෑදීමට නොසිතන ලද) යන්නයි. අද උණවටුනේ තියෙන ජනප්‍රිය ම හෝටලයක් වුණත්, ඒ දවස්වල මේ ගොඩනැගිල්ල ගාල්ල ප්‍රදේශයේ පාලන කටයුතු කරපු ලන්දේසි ආණ්ඩුකාරවරයෙක්ගේ නිවසක්ලු. මේක හැදිලා තියෙන්නේ 1735දී.

ආණ්ඩුකාරවරයා මෙතැන ම මේ ගෙදර හදන්න ඕනේ කියලා තියෙන්නේ, ඒ හරියේ තිබුණු ජලාශයක් නිසා බව තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේ ම මේ ජලාශය උදව් කරගෙන කපපු ඇල පාරකුත් තිබිලා තියෙනවා. අදටත් නෂ්ටාවශේෂ දැකගන්න ලැබෙන මේ ඇල පාර ඒ දවස්වල පාවිච්චි වෙලා තියෙන්නේ ගාලු කොටුවේ තිබුණු ගබඩාවලට වතුර සහ කුළුබඩු ජාති පරිවහනය කරන්නයි.

1795දී මේ නිවස සල්ලිවලට ගන්න උණවටුනේ මුදලියාර් කෙනෙක් සමත් වෙලා තියෙනවා. පරම්පරා හතරක් තිස්සේ මේ මුදලියාර්ගේ පවුලේ අය මේකේ ජීවත් වුණා. අද මේකේ අයිතිකරු වන ඩයස් ජයසුන්දර මහත්මයත් ඒ පරම්පරාවේ කෙනෙක්.

1942දී බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේ නිවස පාවිච්චි කරලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ කොග්ගල ගුවන් හමුදා සේනාංකයේ කටයුතුවලට. ඒ නිසා ඒ වෙද්දී මේකේ ජීවත් වෙච්ච කට්ටියට ගෙදරින් අයින්වෙන්න වෙලා. 1948 අවුරුද්දේදී ආයෙත් මේ නිවස ඒකෙ අයිතිකරුවන්ට ලැබිලා තියෙනවා. කලින් කිව්ව ජයසුන්දර මහත්මයා මේක හෝටලයක් විදියට යොදාගැනීම පටන්ගෙන තියෙන්නේ 1981දී.  

10. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය

කාලෙකට කලින් මේ හෝටලය හැඳින්වුණේ තැප්‍රෝබේන් හෝටලය කියලා. කොළඹ තියෙන මේ හෝටලය අද වෙද්දී තට්ටු තුනක් ඇති ගොඩනැගිල්ලක් වුණත්, ඉස්සර මේක තනි තට්ටුවට හදපු ගෙදරක්. පාර පැත්තට ඇරුණු ලොකු විවෘත ආලින්දයක් ඇති මේ නිවසේ ජීවත් වුණේ තවත් ලන්දේසි ආණ්ඩුකාරවරයෙක්.

1837දී මේක බ්‍රිතාන්‍ය හමුදාවේ බැරැක්ක විදියට යොදා ගැනුණා. තානායමක් විදියට මේ ගොඩනැගිල්ල පාවිච්චි වෙන්න ගත්තේ ඊට දශක 3කට වගේ පස්සේ. හරියට ම කිව්වොත් 1873දී.

ඔයාලත් දන්න, මේ වගේ ඉතිහාස වටිනාකමක් තියෙන හෝටල් තියෙනවද? එහෙනම් කතාවත් එක්ක ම දාන්නකෝ බලන්න කමෙන්ට් එකක්. අපට වගේ ම අපේ යාලුවන්ටත් දැනගන්න පුළුවන්නේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

25% Off Lunch at Harbour Court This September

Make lunch plans worth looking forward to this September at The Kingsbury’s Harbour Court, with

Highlights Trending

Barista Reaches 100 Outlets, Bringing World-Class Coffee Experience Closer Across Sri Lanka

Barista Coffee Lanka marked a significant milestone in its journey on 31 August 2026 with

Highlights Trending

L’Incontro: An Italian Table by the Bentota Coast

There’s something particularly appealing about an Italian restaurant at the beach. Perhaps it’s the shared

Highlights Trending

Yazu at the Beach Brings Galle’s Pan-Asian Flavour to ON14

Colombo, your dinner plans just got a whole lot more interesting. On 28 August, Yazu

Highlights Trending

Gatz at City of Dreams Sri Lanka Brings Live Entertainment to the Heart of Colombo

Gatz Re-imagined brings a fresh take on classic supper club culture, with live entertainment throughout

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide