ලෝකේ ම දන්න සප්ත කන්‍යා ගුවන් අනතුර; ඇත්තට ම මොකද වුණේ?.

2017 අවුරුද්ද ලබලා මාස තුනක් ගෙවෙන්නත් කලින් ගුවන් අනතුරු තුනක් වෙලා ඉවරයි. කර්ගිස්තානයේ, ඉතාලියේ සහ ඕස්ට්‍රේලියාවේ සිද්ධවෙච්ච මේ අනතුරු ගැන අහද්දී මට මතක් වුණේ පහුගිය දෙසැම්බරේට අවුරුදු 43ක් පිරිච්ච, ලංකා ඉතිහාසයේ දරුණු ම ගුවන් අනතුර ගැන. ඒ 1974 වෙච්ච සප්ත කන්‍යා ගුවන් අනතුරයි.

මොකක්ද මේ සප්ත කන්‍යා කියන්නේ?

Image Credits : Nuwan Liyanage

හයක් හතරක් තේරෙන ඕනේ කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවා. ඒත් නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්කො. සප්ත කන්‍යා, එහෙමත් නැත්තන් Seven Virgin Hills කියන්නේ මධ්‍යම පළාතෙ මස්කෙළිය නගරයත් ඊට යාබදවත් පිහිටල තියෙන සුන්දර කඳු පන්තියක්.

1974 දෙසැම්බරේ මොකද වුණේ?

මේ 1974 දෙසැම්බර් 04 වෙනිදායි. රෑ 10 කණිසම වැදිලා හරියට ම විනාඩි 10ක් යන්න ඇති. සාමකාමී ව නින්දට වැටිලා උන්නු මස්කෙළියේ මිනිස්සු ඇහැරුණේ අහස දෙදරුම් කන සද්දයක් ඇහුණු නිසා. හරි ම අමුතු විදියට ආකාසේ පහළින් ගමන් කරමින් තිබුණු ගුවන් යානයක් සප්ත කන්‍යා කඳු පේළියේ වැදිලා සී සී කඩ වුණා.

Image Credits : dinamina.lk

ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපළින් ආකාසේට නැග්ග මාටින්එයා 138 පියාසර අංකය යටතේ ගමන් ගත්ත ගුවන්යානය තමයි මේ විදියට සප්ත කන්‍යා කඳු වැටියේ වැදිලා විනාශ වුණේ. මක්කම බලා යමින් ඉඳපු මේ මැක්‌ඩොනල්ඩ් ඩග්ලස්‌ ඩී. සී. 8 වර්ගයේ ගුවන්යානය ඒ ගමන අතරතුරදී කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්සන්නත් සූදානම් කරලා තිබුණා. මගීන් 182 ක්‌ සහ කාර්ය මණ්‌ඩලයේ 9 දෙනෙක් ඒ වෙද්දී මේකේ ගමන් ගනිමින් හිටියා. ගුවන් යානය පැදෙව්වේ ඕලන්ද ජාතික පළපුරුදු ගුවන් නියමුවෙක්. ඔහුගේ නම හෙන්රික්‌ ලැම්මේයි.

Image Source : sundayobserver.lk

දැන් වගේ ඉස්සර ජංගම දුරකතන, රූපවාහිනී, එෆ්.එම් නාලිකා තිබුණේ නැහැනේ. මස්කෙළියේ ඉඳන් කොළඹට කතා කළෙත් දුරකථන ක්‍රියාකරුවෙකුගේ උදව්වෙන්. නෝටන් බ්‍රිජ් තැපැල් හලේ ඉඳලා, කොළඹට මේ අනතුර වාර්තා වෙන්නත් සෑහෙන්න කාලයක් ගත වුණාලු. කොහොම නමුත් පහුවෙනිදා දවල් වෙද්දී හෙලිකොප්ටරයකින් ආව ගුවන් හමුදාවේ කණ්ඩායමක් ඇවිදින් අනතුර වෙච්ච තැන හොයාගත්තා. ඒත් එක්ක ම ගමේ මිනිස්සුත් වැල නොකැඩී අනතුර සිද්ධ වෙච්ච තැන බලන්න එන්න පටන්ගත්තා.

යානාවේ ගමන් ගත්ත මගීන්ගේ මළ සිරුරු විශාල ගණනක් සප්ත කන්‍යාවේ දෙබොක්කාවට වැටිලා තිබුණා. අනතුර සිද්ධ වුණු තැන බලන්න ආව පුද්ගලයෙකුත් මේකට ම වැටිලා මිය ගිය බවකුත් වාර්තා වුණා. මගීන්ගේ සිරුරු බොහොමයක් ඉස්ලාමීය අවමංගල චාරිත්‍ර වාරිත්‍රවලට අනූව කඳු වැටිය කිට්ටුව ම මිහිදන් කෙරුණා. ගුවන් යානයේ ඉඳපු එක ගුවන් සේවිකාවකගේ සිරුරක් නම් ආයෙත් ඕලන්දයට අරන් ගිහින්. ඒ ඇගේ පෙම්වතා විසින්.

Image Source : lakdasun.org

මේ ගුවන් යානයේ ගමන් ගත්ත මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 191දෙනා ම මේ අනතුරින් මිය ගියා. මේක ගැන විස්තර මාධ්‍යට වාර්තා වුණෙත් දවස් කීපයකට පස්සේ. ඒකට හේතුව, ෆැක්ස් පහසුකම් වගේ දේවල් නොතිබුණු නිසා සිද්ධිය ගැන වාර්තා කරන්න ආව මාධ්‍යවේදීන් මුහුණ දුන්නේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වීමයි.

වරද කාගේද?

මෙන්න මෙතැනදී තමයි අපැහැදිලි තැන් ගොඩක් ආවේ. ගුවන් යානයේ තිබුණු කාර්මික දෝෂයක් නිසා මේ අනතුර වුණා කියලා තමයි ප්‍රසිද්ධ වුණේ. ඒත් කට්ටියක් කියන විදියට මේක ගුවන් නියමුවාගේ වැරැද්ද. එයාලගේ අදහස නම් කොළඹ ගුවන් ගමන් පාලක මැදිරියෙන් දුන්නු උපදෙස් වැරදියට තේරුම් අරගෙන යානාව පහත කරද්දී සප්ත කන්‍යා කඳු මුදුනේ ගැටුණු බවයි. සප්ත කන්‍යා කන්ද අඩි 4355ක් වගේ වුණත්, ගුවන් යානය ගමන් කරලා තියෙන්නේ අඩි 2000ක් විතර පහතින්.

Image Source : sundayobserver.lk

තවත් කාණ්ඩයක් කියන විදියට මේ අනතුර වෙලා තියෙන්නේ කොළඹ ගුවන් ගමන් පාලක මැදිරියේ වැරැද්දෙන්. අඩි 35000 ක්‌ උඩින් ගමන් ගත්ත ගුවන් යානයට, අඩි 2000ක් දක්වා පහළට එන්න උපදෙස් දුන්නේ කවුද කියන එක ගැන අදටත් හොයාගන්න ලැබිලා නැහැ. පළපුරුදු ගුවන් නියමුවෙක් වගේ ම, ලංකාවට ආව ගිය කෙනෙක් වෙච්ච හෙන්රික්‌ ඒ වගේ උපදෙසක් පිළිගත්තේ ඇයි කියන එකත් ගැටළුවක්. අනික ඒ කාලේ ලංකාවේ ගුවන් පාලක මැදිරිය තිබුණේ තාක්ෂණික අතින් සෑහෙන්න අඩු තත්ත්වෙක. මේ චෝදනාව ඔවුන්ට එල්ල වෙන්න පළමුවෙනි හේතුව වෙන්නෙත් ඒකයි.

මාටින්එයාර් සමාගමෙන් හා මැක්‌ඩොනල්ඩ් ඩග්ලස්‌ සමාගමෙන් ඇවිල්ලත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළා. ඒත් හරි හැටි තොරතුරක් වාර්තා කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. අනතුර වෙච්ච අලුත කුඩා ගුවන් යානයක් කුලියට ගත්ත බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකුත් ඒකෙන් මස්කෙළියට ඇවිදින් මේ ගැන විස්තර හොයාගන්න උත්සහ කළත්, එකළ රජය ඒකට අවසර දුන්නේ නැහැ. ඒ නිසා අදටත් මේ ගුවන් යානා අනතුරට හරි හේතුව අභිරහසක් ව පවතිනවා.

අවසාන වශයෙන්

ගුවන් යානය නිසා හානි වෙච්ච සප්ත කන්‍යා කඳු පර්වතයේ ඒ වැදුණු සළකුණ අදටත් දැකගන්න ලැබෙනවා. මේ විදියට විනාශ වෙච්ච ගුවන් යානයේ කෑලි ගම්මු ගොඩක් අය එකතු කරගෙන. පස්සේ කාලෙකදී මේවා ලොකු ගණන්වලට විකුණලා. මේ අතර තිබුණු යානයේ ටයරයක් පාවිච්චි කරලා හදපු ස්මාරකයක් මේ වෙද්දීත් නෝටන් බ්‍රිජ් ප්‍රදේශයේ තියෙනවා.

අවිස්සාවේල්ල, ගිණිගත්හේන පාරෙන් හැටන් හරහා ශ්‍රී පාදය වඳින්න යන උදවියට මේක දැකගන්න පුළුවන්. මිය ගිය ගුවන් යානා කාර්ය මණ්ඩලයේ අයගේ නම් කොටපු ගලකුත් මේ ස්මාරකය පාමුළ තියෙනවා.  

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide