මේ කලාකරුවෝ උපන්නේ ලංකාවේ බව ඔබ දැනගෙන හිටියද?.

ලංකාවේ නළුනිළියෝ, කලාකරුවෝ ගැන නම් අපි කොයි වෙලේත් කතා කරනවා. ඒ වුණාට ලංකාවේ ඉපදිලා, ජාත්‍යන්තර රිදී තිරය, ටෙලිවිෂන් එක හැඩ කරන තරු ගැන අපට මතක් නොවෙන තරම්. ඉතින් අද කියන්න යන්නේ ඒ වගේ කලාකරුවෝ, කලාකාරියෝ පිරිසක් ගැන. මේ සමහර අයට තියෙන්නේ ලංකාවේ අපේ කටට නුහුරු නම්. ඒත්  මේ හැමදෙනා ම ඉපදිලා තියෙන්නේ ලංකාවේ. ඒ ගැනත් විශේෂයෙන් සඳහන් කරන ගමන් ම අද කතාව පටන් ගන්නම්.

1. ඇල්බට් මෝසස්

මතකද “Mind Your Language” ටීවී සීරිස් එක? මේකේ තිබුණේ එංගලන්තේ තියෙන ඉංග්‍රීසි පන්තියක් ගැනනේ. සරලව ම කිව්වොත් මේක පිටරටවල්වලින් එංගලන්තෙට ආව කැඩිච්ච ඉංග්‍රීසි කතාකරන මිනිස්සුන්ට, හොඳ ඉංග්‍රීසි උගන්නන පන්තියක්. 70 දශකේ අන්තිම බාගේ ආව මේ කතාවේ දෙබස්වලට අදටත් මිනිස්සු හිනාවෙන්නේ බඩ අල්ලගෙන.

Image Source : theguardian.com

මේ පන්තියේ හිටපු, ඉන්දියාවෙන් ආව සීක් ජාතික රන්ජීට් සිංග් කියන චරිතය ගොඩක් අයගේ මතකේ රැඳුණේ, එයා හැමවෙලේ ම කියන “thousand apologies” (දහස් වාරයක් සමාවෙන්න) කියන වචන පෙළත් එක්කමයි. හැබැයි ගොඩක්දෙනා නොදන්නා කාරණය තමයි මේ චරිතයට පණ පෙව්ව ඇල්බට් මෝසස්, ශ්‍රී ලාංකිකයෙක් කියන එක. කන්ද උඩරට ප්‍රදේශයේ ඉපදුණු ඔහු මුලින් ම රඟපෑවේ ඉන්දියාවේ දි. ඒ හැට ගණන්වල දි. කාලයක් තිස්සේ තමන්ගේ ම කියලා වාර්තා චිත්‍රපටි හදපු ඇල්බට් මෝසස්, එංගලන්තයේ විකාශය වෙච්ච ටෙලිනාට්‍ය, චිත්‍රපටි කීපයක ම රඟපෑවා. මේවයින් වැඩියෙන් ම ජනප්‍රිය වුණේ කලින් කිව්ව Mind Your Language තමයි.

2. කොලින් ගෝර්ඩන්

Image Source : aveleyman.com

“ටකර්”; මේ 1963දී තිරගත වුණු “පින්ක් පැන්තර්” චිත්‍රපටියේ ඉඳපු චරිතයක්නේ. මේකට පණ පෙව්ව කොලින් ගෝර්ඩන්, ඉපදිලා තියෙන්නේ ලංකාවේ. ඒ 1911 අවුරුද්දේදී. රංගන ශිල්පියෙක් වගේ ම, නිෂ්පාදකයෙක් විදියටත් ඔහු කටයුතු කළා. 1950දී තිරගත වෙච්ච “The Happiest Days of Your Life” සිනමාපටයේ ඔහු රඟපාපු “රූපට් බිලිංස්” චරිතයට “ක්ලැරන්ස් ඩර්වෙන්ට්” සම්මානයත් ලැබුණා. ඔහු මියගියේ 1972 අවුරුද්දේ එංගලන්තේ “සරේ” ප්‍රදේශයේදී.

3. බර්නාඩ් වයිට්

මීට අවුරුදු කීපයකට කලින් තිරගත වුණු “Captain America” චිත්‍රපටිය බලපු අයට නම්, “කවුන්සිල්මන් සිංග්” කියන්නේ නුහුරු චරිතයක් නෙවෙයි. ඒ වගේ ම “Matrix” චිත්‍රපටිවල රාමා කන්ද්‍රාගේ චරිතයත් අපට අමතක නැහැ. මේ චරිත සේරගේ ම රඟපාපු බර්නාඩ් වයිට්, ඇත්තට ම ශ්‍රී ලංකාවේ ඉපදුණු කෙනෙක්. අද ඔහු ජීවත්වෙන්නේ ඇමරිකාවේ. නිකොලාස් කේජ්, හියු ග්‍රාන්ට්, මෙග් රයන් වගේ ජනප්‍රිය ජාත්‍යන්තර නළුවන් එක්ක එකට රඟපාන්න ඔහුට අවස්ථාව ලැබිලා තියෙනවා.

4. බාලු මහේන්ද්‍ර

Image Source : alchetron.com

බාලු මහේන්ද්‍ර විදියට ප්‍රසිද්ධ වුණත්, උප්පත්තියෙන් ඔහුට ලැබිලා තිබුණේ බෙන්ජමින් මහේන්ද්‍ර කියන නමයි. 1939දී ලංකාවේ ඉපදුණු ඔහු ඉන්දියාවේ ද්‍රවිඩ චිත්‍රපටි කලාවට සෑහෙන්න සේවයක් කළා. “Moondram Pirai” (1982), “Sadma” (1983), “Veedu” (1988); මේ ඔහු අධ්‍යක්ෂණය කරපු සිනමාපට කීපයක්. සම්මානලාභී මේ කලාකරුවා 1974 අවුරුද්දේ මියගියේ ඉන්දියාවේ චෙන්නායි නුවරදී.

5. සංජීට් ද සිල්වා

 

Image Source : famousdude.com

සංජීට් ද සිල්වා ඉපදුණේ 1976 අවුරුද්දේ කොළඹදී. බෙන් ඇෆ්ලෙක්, කෙවින් කොස්ට්නර් වගේ ප්‍රසිද්ධ නළුවන් එක්ක “The Company Men” චිත්‍රපටියේ රඟපාන්න ඔහුට අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, “Homeland”, “The Good Wife” වගේ ජනප්‍රිය ටීවී සීරිස්වලත් අපට ඔහුගේ රඟපෑම් දැකගන්න පුළුවන් වුණා.

6. ඩේවිඩ් ස්පෙන්සර්

Image Source : bbc.co.uk

කලාවේදී “ඩේවිඩ් ස්පෙන්සර්" කියන නම පාවිච්චි කළත්, උපතින් ඔහුට ලැබුණු නම වුණේ ඩේවිඩ් ද සේරම්. 1934දී කොළඹ ඉපදුණු ඔහු රඟපාන්න පටන්ගනිද්දී යන්තම් අවුරුදු 11ක් පිරුණා විතරයි. ඒ Just William නමින් හැඳින්වෙන රේඩියෝ චැනලයක විකාශය වෙච්ච කතාවකයි. ඔහුගේ ජීවන සහකරුවා වුණේ “Doctor Who” ටීවී සීරිස් එකේ තිර රචකයා වුණු වික්ටර් පැම්බර්ටන්.

Image Source : bbc.com

චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන්න වගේ ම රඟපාන්නත් ඩේවිඩ් ස්පෙන්සර් දැක්වුවේ එක වගේ දක්ෂතාවයක්. “In Search of the Castaways” (1962), “The Earth Dies Screaming” (1964) ඔහු රඟපෑව චිත්‍රපට ලැයිස්තුවේ තියෙනවා.

7. ඩෙස්මන්ඩ් කෙලී

Image Source : elanka.com.au

තමන්ගේ සංගීතමය සහ රංගන හැකියාවෙන් රටවල් දෙකක් පිනවපු ඇත්තෙක් විදියට ඩෙස්මන්ඩ් කෙලී හඳුන්වන්න පුළුවන්. 1936දී කොළඹ ඉපදුණු ඩෙස්මන්ඩ් කෙලී, රේඩියෝ සිලෝන් හෙවත් ශ්‍රී ලංකා ගුවන් විදුලේ සේවයේ රැකියාව කළා. සංගීතය ක්ෂේත්‍රයේ දක්ෂතාවයන් දක්වන්න ඔහුට ඉඩ ලැබුණේ මෙතැනදීයි.

1962දී ඔහු ඕස්ට්‍රේලියාවට ගියා. ඉන්පස්සේ ඔහුව වැඩිපුර ම දැකගන්න ලැබුණේ නළුවෙක් විදියට. “Homicide”, “Hunter” වගේ ටීවී සීරිස්වල ඔහුගේ රංගනයන් දැකගන්න ලැබුණා. ඒත් ඔහුට සංගීතය සම්පූර්ණයෙන් ම අමතක වුණේ නැහැ. ලංකාවේ බයිලා, කැලිප්සෝ සංගීතය සම්බන්ධ කරපු සීඩීපටි කීපයක් ම ඔහු නිකුත් කළා.

8. තුසිතා ජයසුන්දර

Image Source : twitter.com/nationaltheatre

තුසිතා ජයසුන්දර වැඩි වශයෙන් ම රඟපාලා තියෙන්නේ ටීවී සීරිස්වල. “The C Word”, “The Bill”, “Holby City” ඒ අතරින් කීපයක්. 1971 අවුරුද්දේ ලංකාවේ ඉපදුණු ඇය මේ වෙද්දී ජීවත් වෙන්නේ එංගලන්තයේ.

9. ජිලියන් රේයින්  

Image Source : aveleyman.com

ජිලියන් මේරි ලොරේන් කොෆ්මෑන්; මේ ඉපදෙද්දී ජිලියන්ට ලැබුණු නම. 1927දී ඉපදුණු ඇය එංගලන්තයේ නිර්මාණය වෙච්ච චිත්‍රපටි, වේදිකා නාට්‍ය කීපයක ම රඟපෑවා. “Last of the Long-haired Boys” (1968), “Small Island” (2009) and “This Happy Breed” (1969) ඇය රංගනයෙන් දායක වෙච්ච සිනමාපට අතරේ තියෙනවා.

10. හියු බර්ඩන්

Image Source : aveleyman.com

“The Ruling Class” (1972), “Funeral in Berlin” (1966), “One of Our Dinosaurs Is Missing” (1975) වගේ ජනප්‍රිය චිත්‍රපට කීපයක ම රඟපෑව හියු බර්ඩන් ඉපදුණේ 1913දී. කොළඹ තමයි ගම් පළාත. හැබැයි අවුරුදු 10 ලබද්දී ම එංගලන්තයට යන්න ඔහුට සිද්ධවුණා. එංගලන්තයේදී සංගීතය වැඩි දුර හදාරන්නත්, විශේෂයෙන් ම පියානෝ වාදන හැකියාව දියුණු කරගන්නත් හියුට පුළුවන් වුණා. ඔහු තමන්ගේ කලා ජීවිතය ආරම්භ කළේ වේදිකාවෙන්. කාලයක් බ්‍රිතාන්‍ය හමුදාවෙත් සේවය කරලා තියෙන බවයි ආරංචිය.

පුදුම හිතෙනවා නේද යාළු? අපි රස කරකර බලපු පිටරට චිත්‍රපටිවල අපේ රටේ අයත් ඉඳලා කියලා දැනගත්ත ම. ඇත්තට ම පොඩි ආඩම්බරයකුත් දැනෙනවා.

ලංකාවේ ඉපදිලා වෙන රටවල්වල රිදී තිර, ටීවී එක හැඩ කරන තරු තවත් හුඟක් ඉන්නවා. නිම්මි හරස්ගම, ලක්ෂාන් අබේනායක වගේ අය ඒකට හොඳ ම නිදසුන් දෙකක්. ඉතින් ඒ අතරින් දහදෙනෙක් විතරයි අපි මේ ලැයිස්තුවට තෝරගත්තේ. ඉතින් ඔයාලගේ මතකෙට එන තවත් මේ වගේ කලාකරුවෝ, කලාකාරියෝ ඉන්නවනම්, අපට දාන්නකෝ පොඩි කමෙන්ට් එකක්.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide