ඔයත් සාඩම්බර “”දකුණේ පොරක්””ද? හැබැයි මේ ඉතිහාස කතා දන්නේ නැත්තන් වැඩක් නෑ හොඳේ!.

ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය වුණු ලංකාවේ ඉතිහාසය හරි අපූරුයි. රජ පරම්පරාවල කතාන්දර, විදේශ ආක්‍රමණ, නිදහස් අරගලවලින් හැදුණු මේ ඉතිහාසය අපට මතක් කරවන නටබුන් අදටත් අපට ඕනේ තරම් දැකගන්න ලැබෙනවා.

පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණවල ප්‍රතිඵල විදියට ලංකාවේ ඉතුරුවෙලා තියෙන නටබුන් අද පාවිච්චි වෙන්නේ වෙනත් කාරණාවලට. විශේෂයෙන් ම මුහුදුබඩ පළාත්වල මේ වගේ නටබුන් සෑහෙන්න දැකගන්න ලැබෙනවා. ඒ අතරිනුත් දකුණු පළාතට ලැබෙන්නේ විශේෂ තැනක්. මොකද ඔය විදේශ ආක්‍රමණ කාල හැම එකක ම පාලන මධ්‍යස්ථානයක් වෙන්න මේ පළාතේ නගරවලට පුළුවන් වුණු නිසා.  

ඔන්න ඔය නිසා ම දෝ කොහේදෝ අපේ දකුණේ උදවිය යන්නේ පොළොවට අඩි තුන හතරක් උඩින්. හැබැයි මහත්තයෝ “අපි දකුණේ” කියල මොන පුරාජේරු ගැහුවත් වැඩක් නැහැ, මේ තැන්වල ඉතිහාස කතා ටික දන්නේ නැත්තන්.

1. කටුවන බලකොටුව

Image Source : wikipedia.org

කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟ තියෙන කටුවන බලකොටුව, ලන්දේසීන්ගේ ඉදිකිරීමක්. ඌරුබොක්ක, රත්මලේ කඳුවලින් වටවෙලා ස්වාභාවිකව ම ආරක්ෂාව ලැබිලා තියෙන නිසා තමයි මේක බලකොටුවක් විදියට පාවිච්චි කරන්න ඔවුන් තීරණය කරලා තියෙන්නේ. ඒ කොහොම වුණත්, මේ ආරක්ෂාකාරී බව මුලට ම අඳුනගත්තෙ නම් ලන්දේසි නෙවෙයි. ඉතිහාසයේ සඳහන් වෙන විදියට, පොළොන්නරු යුගයේ ඉඳපු පළමුවන විජයබාහු රජතුමාත් මේක ආරක්‍ෂිත බල ප්‍රදේශයක් විදියට තෝරගෙන තියෙනවා. මේ පින්තූරයේ තියෙන්නේ ලන්දේසීන්ගේ කාලේ ඇඳපු කටුවන කොටුවේ සිතියමක්.

Image Source : sundayobserver.lk

වැඩියත් ම මේ බලකොටුව හැදුණේ වෙළඳ සබඳතා තරකරගන්නයි, මහනුවර ඉඳන් මාතරට ඇති මාර්ගය ආරක්ෂා කරගන්නයි. 1761 ‍පෙබරවාරි 08වෙනිදා සිංහල සේනාවන් කටුවන බලකොටුව යටත් කරගත්තා. 

2. පරණ ලන්දේසි රෝහල

අද ෂොපින් කම්ප්ලේක්ස් එකක් විදියට පාවිච්චි වුණත්, ඩච් හොස්පිටල් එක ඉදිවුණේ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ නිලධාරීන්ට ප්‍රතිකාර ගන්න පුළුවන් රෝහලක් විදියට. වරායට කිට්ටුව තිබුණු නිසා නාවිකයන්ගේ පාවිච්චියටත් මේක යොදාගැනුණා.

බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගත්තට පස්සේ, මේ ගොඩනැගිල්ල තව දුරටත් දියුණු කරවන්න ඔවුන් සමත් වුණා. 1850දී මේක පාවිච්චි වුණේ බ්‍රිතාන්‍ය හමුදාවේ බැරැක්ක විදියට. ඊටපස්සේ කාලෙදී ආණ්ඩුවේ නිලධාරියෙක්ගේ කාර්යාලයක් පවත්වාගෙන යන්නත් මේ රෝහල් ගොඩනැගිල්ල යොදාගැනුණා.

3. අමන්ගල්ල හෝටලය

අමන්ගල්ල හෝටලය ගාල්ලේ තියෙන තරු පහේ හෝටලයක්. ගාලු කොටුව ඇතුළේ ම හදලා තියෙන මේ හෝටලය දැන් නඩත්තු වෙන්නේ අමන් රිසොර්ට්ස්වලින්. කාලෙකට ඉස්සර මේක හැඳින්වුණේ “නිව් ඔරියන්ට් හොටෙල්" කියලා. ඒත් ඇත්තට ම මේ ගොඩනැගිල්ල හැදුණේ වෙනත් දේකට.

1684දී ඉදිකරපු මේ ගොඩනැගිල්ල, මුලදී යොදා ගත්තේ ලන්දේසි හමුදාවේ අණ දෙන නිලධාරීන්ගේ ප්‍රධාන කන්තෝරුව හැටියට. හැබැයි සුද්දෝ ලංකාව යටත් කරගත්තට පස්සේ, එයාලා මේක බ්‍රිතාන්‍ය සෙබළුන්ගේ නවාතැනක් විදියට පාවිච්චි කළා. 1865දී මේකට  නිව් ඔරියන්ට් හොටෙල් කියන නම ලබා දෙන්න කටයුතු කෙරුණා. එහෙම කළේ 19වෙනි ශතවර්ෂය වෙද්දී ලංකාවේ ගාල්ල ප්‍රදේශයට ආව ගිය යුරෝපීයයන්ට ගිමන් හරින්න පුළුවන් වෙන්නයි. ඒ විදියට පැවතගෙන ආව මේ ගොඩනැගිල්ල, අමන්ගල්ල හෝටලය බවට පත්වුණේ 2005දී.

4. ජාතික කෞතුකාගාරය

Image Source : wikipedia.org

ගාලු කොටුව මැද්දේ පිහිටලා තියෙන ගාල්ලේ ජාතික කෞතුකාගාරය ඉදිවෙලා තියෙන්නේ 1656 අවුරුද්දේදී. තනි තට්ටුවකින් යුතු මේ ගොඩනැගිල්ල ඉස්සර යොදා ගැනුණේ ලන්දේසි නගරාරක්ෂක කාණ්ඩයේ ආහාර ගබඩාව හැටියටයි.

කාලය ගත වෙද්දී මේක ඊට යාබද ව තිබුණු නිව් ඔරියන්ට් හෝටලයේ (දැන් අමන්ගල්ල හෝටලය) බිලියඩ් කාමර විදියටත් පාවිච්චි වුණා. අද අපි දකින කෞතුකාගාරය බවට මේක පෙරළුණේ 1986දීයි.

5. ජාතික සමුද්‍ර හා නාවික කෞතුකාගාරය

අද අපට දැකගන්න ලැබෙන ගාල්ලේ ජාතික සමුද්‍ර හා නාවික කෞතුකාගාරය ඉස්සර යොදා ගැනුණේ ලන්දේසීන්ගේ බඩු ගබඩාවක් හැටියටයි. මේක හැදුනේ 1671දී. 1992 අවුරුද්දේදී මේක කෞතුකාගාරයක් බවට පත්වුණා. අවාසනාවකට වගේ  2004 අවුරුද්දේ ආව සුනාමියෙන් මේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ම වගේ විනාශ වුණා. ගොඩක් කෞතුක වස්තු හොයාගන්නවත් නැතිවුණු බවයි හෙළිවෙන්නේ. හැබැයි 2010දී මේ ගොඩනැගිල්ල ලංකාවේ පළමුවෙනි නාවික පුරාවිද්‍යා කෞතුකාගාරය විදියට මහජනතාවට විවෘත වුණා.

6. ගාල්ල ඕලන්ද රෙපරමාදු දේවස්ථානය

ගාලු කොටුව ඇතුළේ ම පිහිටලා තියෙන මේ දේවස්ථානය “Groote Kerk” විදියටත් හඳුන්වනවා. මේක ඉදිවුණේ 1752දී. ගාලු කොටුවේ උසින් ඉහළ ම ස්ථානයක පිහිටලා තියෙන මේ ගාල්ල ඕලන්ද රෙපරමාදු දේවස්ථානය හැදුණේ, ඒ වෙද්දී ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සහ නැව් තනන්නන්ගේ පරීක්ෂක ලෙස කටයුතු කරපු ඒබ්‍රහම් අන්තෝනිස්ගේ අධීක්ෂණය යටතේයි. මේකේ වියදම් සේරම දරලා තියෙන්නේ ගාල්ලේ කැස්පාර් ඩී යෝගන් නම් කෙනෙක්. ඒ දෙවියන්වහන්සේ තමන්ට දියණියක් ලබා දුන්නාය කියන සතුට සමරන්න.

මේ පල්ලියේ පාදම හදලා තියෙන්නේ කුරුසියක හැඩේට. ඒ නිසා කුරුස පල්ලිය විදියටත් මේක හැඳින්වෙනවා. ඒ කාලේ මේකේ සොහොන් ගැබ පාවිච්චි කරලා තියෙන්නේ ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ නිලධාරීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල අයගේ දේහයන් වළලන්නයි. අන්තිමට මේ සොහොනේ දේහයක් මිහිදන් කරලා තියෙන්නේ එක්දහස් අටසිය ගණන්වල.

1760 වගේ කාලෙදී දේවස්ථානයේ පාවිච්චි වුණු විදුලි ඕගනය අදටත් මෙහෙ තියෙනවා දැකගන්න පුළුවන්. පල්ලිය යටින් දිවෙන උමං මාර්ගත් දෙකක් තියෙනවලු. හැබැයි අද වෙද්දී නම් ඒවා වහලා දාලා.

7. මාතර ඕලන්ද රෙපරමාදු දේවස්ථානය

Image Credits : J.L.K.van Dort

ලන්දේසි උදවිය මාතර අල්ලාගත්තේ 1645දී. ඔවුන් තමන්ගේ පාලන මධ්‍යස්ථානය විදියට තෝරාගත්තේ මාතර කොටුවයි. මේක පෘතුග්‍රීසින් හදපු එකක්. ඒක නවීකරණය කරපු ලන්දේසීන් කොටුව ඇතුළේ රෙපරමාදු දේවස්ථානයකුත් හැදුවා. මේක ඇත්තට ම ගාලු කොටුවේ තියෙන රෙපරමාදු පල්ලියේ කුඩා අනුරුවක් වගේ.

Image Source : wikipedia.org

සුනාමියෙන් මේ දෙව් මැදුරේ පුරාණ ලී බඩුවලට හුඟක් හානි වුණු බවයි ආරංචිය. හැබැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙලා අද වෙද්දී මේ ගොඩනැගිල්ලේ පැවැත්ම යථා තත්ත්වයට පත් කරලා තියෙනවා.

8. තාරකා කොටුව

Image Source : wikipedia.org

මේක තියෙන්නේ මාතර. කිව්වත් වගේ ලන්දේසි තමන්ගේ පාලනය මුලින් ගෙනිච්චේ මාතර කොටුවේ ඉඳලයි. 1761දී ඇති වෙච්ච මාතර කැරැල්ලෙන් සිංහලයන් මේක තමන්ගේ යටතට ගත්තා. ඒත් 1762දී ආයෙත් මාතර කොටුව අල්ලගන්න ලන්දේසීන්ට පුළුවන් වුණා. මාතර කොටුවේ තියෙන ආරක්ෂාව මදි බව තේරුම් ගත්ත ලන්දේසීන්, ඊට නුදුරින් තවත් කොටුවක් හැදුවා. “මාතර තාරකා කොටුව" විදියට හැඳින්වෙන්නේ ඒකයි.

රිඩවුට් වෑන් ආණ්ඩුකාරවරයා යට‍තේ, ඔරු‍කෙම මුහන්දිරම් නැමැත්‍‍තෙක් මේකේ ඉදිකිරීම් ගැන වගබලාගත්තා. දිය අගලකිනුත්, ළිඳකිනුත් සමන්විත මේ කොටුව, කොන් හයක් ඇති ෂඩශ්‍රාකාර හැඩයට හදපු නිසා තමයි මේකට තාරකා කොටුව කියන නම ලැබිලා තියෙන්නේ. මේ කොටුව වැඩිපුර ම යොදාගත්තේ කුඩා ලන්දේසි භට කණ්ඩායම් රඳවලා තියාගන්නයි.

9. ක්ලෑන් හවුස්

Image Source : wikipedia.org

ගාල්ලේ චර්ච් වීදියේ තියෙන ක්ලෑන් හවුස් එක, ලංකාවේ තිබුණු බ්‍රිතාන්‍ය පාලන යුගය මතක් කරවන එකක්. මේක හැදුණේ 1847දී. “ජෝන් බ්ලැක් ඇන්ඩ් කම්පැනි” කියන බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමක් තමයි ඒකට මුල් වුණේ. ක්ලෑන් ලයින් කියන නාවුක කොම්පැනියේ ඒජන්සිය විදියට වැඩ කරපු මේ කට්ටිය, ගල්අඟුරු ඇතුළු තවත් නාවික කටයුතු බලා කියා ගත්තා.

1850දී මේකේ ප්‍රධානියා විදියට ඉඳපු ජෝන් බ්ලැක් මියගියා. ඊටපස්සේ මේකේ පාලනය භාරගත්තේ ඔහුගේ බිරිඳ වුණු ඉසබෙල්.

1929 අවුරුද්ද වෙද්දී මේ බිල්ඩිම “ක්ලාක් ස්පෙන්ස් ඇන්ඩ් කම්පැනි” විසින් මිලදී ගනු ලැබුවා. ක්ලෑන් හවුස් එක ක්ලාක් ස්පෙන්ස් ඇන්ඩ් කම්පැනියේ ප්‍රධාන කාර්යාලය බවට පත්වුණෙත් මේකමයි. කාලය ගත වෙද්දී, තවත් නාවික කම්පැනි හතරක් පවත්වාගෙන යන්න මේ ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගැනුණා. ඉස්සරහ කාලෙදී මෙතන හෝටලයක් බිහිවෙන බවටත් ආරංචියක් තියෙනවා.

10. ගාල්ලේ ඔරලෝසු කණුව

Image Source : wikipedia.org

ගාල්ල කොටුව ඇතුළෙ ම තියෙන නිසා ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක ලන්දේසි කට්ටිය හදපු එකක් කියලා. ඒත් ඇත්තට ම මේක ඉදිවෙලා තියෙන්නේ ගාලු කොටුව හදලා අවුරුදු බර ගාණකට පස්සේ.

සැම්සන් ඩී. ආබෲ රාජපක්‍ෂ කියන්නේ ඒ කාලේ කොස්ගොඩ ඉඳපු මුදලිවරයෙක්. දරුණු රෝගයකින් පීඩා වින්ද ඔහුව සනීප කළේ පී. ඩී. අන්තෝනිස්‌ නම් වෛද්‍යවරයායි. ඉතින් ඒ කාරණය ගැන සතුටු වෙලා, මේ දොස්තර මහත්තයාට උපහාරයක් විදියට තමයි සැම්සන් මුදලිවරයා මේ ඔරලෝසු කණුව හදලා තියෙන්නේ. 1882 අවුරුද්දේ මේකේ වැඩ පටන් අරගෙන. මුලින් මෙතැන තිබිලා තියෙන්නේ ලන්දේසි ඝණ්ඨාර කුළුණක්. ඒක අයින් කරලා ඔරලෝසු කණුවට පාදම හදලා තියෙනවා.

ඔරලෝසුවේ මුහුණත හදලා තියෙන්නේ ලන්ඩනයේ මොරිසන් ඇන්ඩ් සන්ස්‌ සමාගම විසින්. සීනුව නිපදවා ඇත්තේ කාඩිෆ් එස්‌ විල්ස්‌ නමැති සමාගමයි. 1907 අවුරුද්දේ ඉඳන් වෙලාව පෙන්නපු ගාල්ලේ ඔරලෝසු කණුව, 80 දශකය දක්වා ම කිසි ම අවුලක් නැතුව වැඩ කළා.

දකුණු පළාතේ තියෙන, ලංකාවේ ඉතිහාසේ කොටස් හංගාගත්ත තැන් කීපයක් ගැන විස්තර ටිකක් තමයි අපි මේ කිව්වේ. මේ වගේ තවත් අපූරු තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් මේ ටික ගැනවත් නොදැන “දකුණේ” පොරක් කියලනම් හිතන්නෙපා හොඳද.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide