පාර්ටි යාළුවනේ! සීසන් එකේ පාර්ටි දාන්න ලංකාවෙ ලස්සනම හැපනින්ග් ප්ලේසස් 8ක්.

පාර්ටි සීසන් එක මග එනෝ.. හැපනින්ග් කරන්න ලෑස්ති වෙන්ඩෝ…!

ඔන්න ආයෙ කිව්වෙ නෑ කියන්න එපා හොඳේ, මාර්තු මැද්දටත් ඇවිත් ඉන්නෙ. දන්නවනෙ ලබන සතිය, දෙක වෙද්දි එළඹෙන හැපනින්න්ග් සීසන් එක ගැන. ලංකාව පුරාම බීච්වලයි, කැළෑවලයි, හොටෙල්වලයි, ක්ලබ්වලයි හැම තැනම වගේ පාර්ටි තමයි. අතේ තියෙන ගාණයි, අවශ්‍යතාවයයි බලල ගොඩවෙන්න පුළුවන්.

වැඩේ කියන්නෙ ඔය හෝටල්, ක්ලබ් වගේ ඒවයෙ එන්ට්‍රන්ස් පට්ට ගණන්නෙ. අන්න ඒකට බීච් පාර්ටි. ලෝ බජට්, පුල් ආතල්! ඔය අතට අහුවෙන මොනව හරි දෙයක් කටේ දාගෙන, සද්දෙට ඇහෙන සංගීතෙට හිතේ හැටියට නටල, සැපේ ඉඳල එන්න පුළුවන්. යාළුවොත් එක්ක යනව නම් එහෙමයි, ආදරය කරන අයත් එක්ක යනව නම් එහෙමයි, ඒ හැරුණාම ඉතින් ඔය සමහරු නම්… එක්කො ඕන නෑ.

හරි, ඒවයින් මේවයින් අපිට වැඩක් නෑ. අපි කියන්න යන්නෙ හැපනින්ග් ප්ලේසස් ගැනනෙ. හැබැයි නිකම් එව්ව නෙවෙයි, ලස්සන පරිසරයක පිහිටල තියෙන අපූරු හැපනින්ග් ප්ලේසස් ටිකක්. ගස් ගල්වලට වගේම මුහුදට ආදරය කරන අයටත් කියාපු තැන් තමයි. ආ… බොරු නම්, අපි කියනවට එක පාරක් ගිහින් බලන්නකො!

1. Koha Surf Lounge

උණවටුන, යක්දෙහිමුල්ල පැත්තෙ තියෙන සුපිරිම පාර්ටි ප්ලේස් එකක්. මුලුමනින්ම වගේ ෆුල් ක්ලැසික් විදියට හදල තියෙන්නෙ. ලී, කොටන්, බංකු, කුෂන් කොට්ට වගේ දේවල් පාවිච්චි කරල, බීච් කල්චර් එකටම සෙට් වෙනව. වැඩේ කියන්නෙ මෙච්චර බීච් එක තිබිලත් ‘කොහා’ එක තියෙන්නෙ පාර අයිනෙ කියන්නකො. හැබැයි බීච් එකට අඩියෙ දෙකේ දුර. හැන්දෑ ජාමෙට පාට පාට බල්බ්වලින් එළිය වුණාම මේ ප්ලේස් එක පට්ට ලස්සනයි. හැරත් කෑම බීම වගේම මියුසික් එහෙමත් සුපිරියටම තියෙනව. හ්ම්ම්… අනිත් තැන් එක්ක බලද්දි ගාණත් ටිකක් ෂේප්. 

2. Hilda’s Coffee Bar

ලොකු හැඩ වැඩ දාලා හදපු ලස්සන තැනක්ම නං නෙවෙයි. ඒත් මෙතන කෑම බීම, නයිට් පාර්ටි වගේ ආතල් වැඩ ගොඩක් තියෙනව. අනික බීච් එක අයිනෙ පිහිටල තියෙන නිසා හැන්දෑ ජාමෙට පට්ට ලස්සනයි. හුදකලාවට කැමති අයට පොඩි ගිනිමැලයක් කාරිය අටවගෙන සිංදුවක් කියල සන්තෝස වෙන්නත් පුළුවන්. එහෙම නැතුව ලොකු පාර්ටියක් ඕගනයිස් කරගන්න ඕන නම් එහෙම වුණත් බැරි කමක් නෑ.

3. Luna Terrace

ගාල්ල, මාගාල්ල ක්ලෝසන් බර්ග් හෝටලෙත් එක්ක තියෙන ලූනා එකත් පාර්ටියක් දාන්න කියාපු තැනක්. මුහුද අද්දර නිසා හවස් ජාමෙ ලස්සන ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. හැබැයි වැඩේ තියෙන්නෙ මෙතන බීච් පාර්ටි ටයිප් එකේ වැඩ කිඩ ටිකක් අඩුයි. දානවනම් කට්ටියත් එක්ක සෙට් වෙලා ඕරගනයිස් පාරක් දාන්න වෙයි. අනිත් කාරණය තමයි ගණන් හිලව් ටිකක් අධික එක.

4. Rodeo Pub and Restaurant

ඩවුන් සවුත් අත ඇරල මීගමුව සයිඩ් එකට එද්දි තමයි රෝඩියෝ එක හමුවෙන්නෙ. ඇතුකල, පෝරුතොට පාර කෙලවරේ බීච් එකට සෙට් වෙන්න ඕන. කෑමත් ටොප් එකට තියෙනව. කොහෙත් වගේ සී ෆුඩ් තමයි නැගලම යන්නෙ. අනික මෙතනට එන ක්‍රවුඩ් එකක් පට්ට ආතල්. පාර්ටියක සෙට් වෙන්න, ඩාන්ස් එකක් දාන්න නියමයි.

5. ON 14 Rooftop Bar and Lounge

බම්බ, ක්ලිෆ් රෝඩ් එකේ පිහිටල තියෙන මේ රූෆ් ටොප් බාර් එක නම් ඇත්තටම ටොප්. මුහුද දිහා බලාගෙන හිතේ හැටියට අඩියක් ගහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රෑ ජාමෙට පොඩි මියුසික් පාරක් එක්ක ඩාන්ස් කරන්නත් චාන්ස් එකක් තියෙනව. හැබැයි ඉතින් කෑම බීමවල ගණන් ටිකක් සැරයි. 

6. Yula Beach Bar

අන්න රියල් බීච් පාර්ටි ප්ලේස්. සුපිරි ඈ… රෑ එළිවෙනකම් පාර්ටි. බීච් එක නිසා හිතේ හැටියට නටන්නත් පුළුවන්. හොඳ ෆන් සෙට් එකක් තමයි මෙතනට බහින්නෙත්. කෑම බීමවල ගණන් එහෙමත් ලොකු අවුලක් නෑ. තැනත් හරි ලස්සනට හදල තියෙනව. පොල් අතු කබානා ගහල, ලී කොටංවලින් බංකු හදල. හැන්දෑවට පාටපාට ලයිට් දාලා පාර්ටිය පටන් ගත්තාම තමයි ෆන් එක තියෙන්නෙ. එළිවෙනකම් වුණත් නටන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්නකො, යුලා එක තියෙන්නෙ හික්කඩුව නාරිගම බීච් සයිඩ්වල. ටවුන් එකෙන් බැස්සත් අහගෙන යන්න පුළුවන්.

7. 680 Blue

ලස්සන වගේම, ටිකක් පොෂ් එකට හදපු තැනක්. ගාල්ල, උණවටුන බීච් එකේ තමයි පිහිටල තියෙන්නෙ. සුදු පාට තේමාවෙන් මේස පුටු ටික දාලා, බීච් කල්චර් එකටම ගැලපෙන්න හදල තියෙන 680, නයිට් පාර්ටි එහෙමත් තියෙනව. එහෙම නැත්තං කට්ටියත් එක්ක සෙට් වෙලා පාර්ටියක් ඕරගනයිස් කර ගන්න හරි බැරියැ. කෑම බීමවල ගණනුත් ටිකක් ෂේප්. මෙතන තියෙන විශේෂම දේ තමයි බීච් එකේ ලස්සන. වෝටර් ස්පෝර්ට් පාරක් දාන්න වගේම හුදෙකලා වෙලා ඉන්නත් කියාපු. මොකද සෑහෙන්න ලොකු බීච් එකක්නෙ.

8. Lake View Pub (052 2223500)

මුහුද කෑවා ඇතිනෙ. යමු කඳු පැත්තකට. කඳු වළල්ල අතරින් එබිලා වැවක් දිහා බලාගෙන පාර්ටි දාන්න, යන්න නුවර එළිය හිල් රෝඩ් එකේ ලේක් විවි පබ් එකට. සීතල මැකෙන්න පොඩි ෂොට් එකක් දාලා, දාඩිය දානකම් නැටුව හැකි. ගණනුත් ඒ හැටි අවුලක් නෑ. හැබැයි බීච් ප්ලේසස් ටිකේ වගේ මෙතන නම් හැම කෑම එකම සුපිරි නෑ. ටිකක් තෝරල බලල ගන්න වෙයි.

හැබැයි ඔය කොහොම කිව්වත් තව මේ වගේම සුපිරි ජන්ගල් ප්ලේසස් එහෙමත් තියෙනව. ඒව ලබන සතියෙ කියන්නම්. එතකොට බලල කරල පාර්ටිය ප්ලෑන් කරගන්න පුළුවන්නෙ. ආ… ඒක නෙවෙයි, මේ අතරට ඔයාලා දන්න කියන තැනුත් එකතු කරන්න ඕන හොඳේ.

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide