පඩි ආපු එකේ පොඩි අඩියක් ගහමු නේ! රු. 1500ට සෙට් වෙන්න කියාපු එළිමහන් බාර් 9ක්.

ටයි කෝට් දාපු උදවිවයි, නොදාපු උදවියයි කියල ලොකු වෙනසක් නෑනෙ බිව්වට පස්සෙ. කෑමොර ගගහ බෙරිහන් දෙනව ගමටම ඇහෙන්න. තාලෙට සිංදුවක් කියන, නැත්නම් පුල් සයිලන්ට් ගහල පාඩුවෙ ඉන්න ඩෑල් එකක් සෙට් වුනත් එහෙමත් වෙලාවක තමයි. හැබැයි ඔය අතරට අර “අදාළ නෑනේ” වගේ ආතල් දෙන එකක් බුවෙක් හිටියට නම් කමක් නෑ. මොකද කාටවත් කරදරයක් නොවී, කට්ටියටම හිනා වෙවී ඉන්න පුලුවන්නෙ.

ඒත් ඉතින් අවාසනාවට වගේ වැඩි හරියක්ම ඉන්නෙ තමන්ට තියෙන සේරම ප්‍රශ්න ටික එළියට අරන්, සිංහය නාද දාන පොරවල්නෙ. ඒ අය අතරෙ අපිට මොන හීනි ආතල්ද? නේ. සිංදුවක් කියන්න තියා පොඩි චැට් එකක්වත් දාන්න බෑ. ඇයි ඉතින් මානසික වදයක්නෙ.

අන්න ඒ නිසයි අපි කල්පනා කලේ බිව්වත් පාඩුවෙ ඉන්න යාළුවන්ට, පාඩුවෙම සෙට් වෙලා, පාඩුවෙම සිංදුවක් කියල විනෝද වෙන්න පුලුවන් තැන් ටිකක් කියන්නෙ. ගහ කොළින් පිරුනු, මහ මුහුදින් වටවුනු ලස්සන එළිමහන් තැන් නිසා ඔයාලට නියමෙටම සෙට් වේවි. හැබැයි මතක ඇතුව බොංගෝ එකක්, ගිටාර් නම් ගෙනියන්න ඕන. නැත්නම් ‘අපරාදෙ සල්ලි’ හොඳද.

1. Barracuda

දෙහිවල බීච් ලයින් එකේ සෙට් වෙනව නම් මෙන්න කියාපුම තැන. තියෙන්නෙ මරීන් ඩ්‍රයිව් එකේ. මුලුමනින්ම වැටකෙයියා, පොල් ගස් වලින් හෙවණ වුනු අකුලක, මහ මුහුදට ඔන්න මෙන්න තියල ලී මේස දාලා හදපු තැනක්. හරිම ලස්සනයි. හැරත් හැන්දෑ ජාමෙට ලස්සන වෙන ක්ෂිතිජය දිහා බලාගෙන හිතේ හැටියට රිලැක්ස් වෙන්නත් පුලුවන්. අනික සර්විස් එකත් සුපිරියට තියෙනවනෙ.

2. Machang (Rella Moratuwa)

මොරටුව, උයන, ලේඩි ඩි සොයිසා පාරෙ පිහිටල තියෙන මචං එකත් බීච් ෆන් එකකට සෙට් වෙන්න කියාපු තැනක්. හැබැයි ඉතින් සෙනඟ නම් ටිකක් ඉන්නව. නිදහසේම වගේ සෙට් වෙන්න ඕන නම් හොඳම වැඩේ තමයි රූෆ් ටොප් එකට යන එක. ලුනාව වෙරළ තීරය දිහා බලාගෙන, පොඩි ෂොට් එකක් දාන්න, හිතේ හැටියට සිංදුවක් කියන්නත් පුලුවන්. මෙතන බයිටුත් පට්ට රසයි. වැල්ලෙ ක්‍රවුඩ් එකට ඕන විදියට හොඳ සැරට හැදෙනව.

3. The Colombo Swimming Club

කොල්ලුපිටිය ස්වින්ග් ක්ලබ් කිව්වාම කොළඹ උදවිය නම් හොඳ හැටි දන්නව. ටිකක් පොෂ් ප්ලේස් එකක් වගේම ලස්සන අවුට් ඩෝර් විව් එකක ඉඳන් ෂොට් එකක් දාන්න කියාපු තැන. ලොකු ස්විමින්ග් පූල් එකක් ඉස්සරහ, ලස්සන ගාර්ඩ්න් එකක ලී පුටු මේසවල වාඩි වෙලා.. මරු නේ… ඔය කිව්වට මෙතන බයිට් ඒ හැටිමත් ගණන් නෑ. විශේෂයෙන් කියන්න ඕන ස්විමින්ග් ක්ලබ් එකේ සර්විස් එකත් පට්ට. අනික ලොකු සෙනඟකුත් නැති නිසා නිදහසේ ඉන්නත් කියාපු තැන. (සාමාජිකයන්ට පමණයි)

4. The Beach Wadiya

ෂහ්, කියල වැඩක් නෑ කෙලින්ම වැල්ලෙ ස්ටයිල් එකට සෙට් වෙන්න පුලුවන්. ලෑලි මේස, පොල් අතු හෙවණ විතරක් නෙවෙයි නිදහසේ සිංදු කිය කිය නටන්නත් හොඳ හැටි ඉඩ තියෙනව. කාට හරි පොඩ්ඩක් වැඩි වුනොත් මූද පැත්තට ගෙනිහින් නාවන්න වුනත් බැරියැ. බීච් වාඩියෙ කෑම බීමත් පංකාදු පහයි. සැර, ලුණු රස, අඩුම කුඩුම මදියි වගේ නම් කියල දාලා හදා ගන්නත් පුලුවන්. ඒත් එකක් මතක තියා ගන්න, වැල්ලවත්ත, ස්ටේෂන් පාරෙ තියෙන මේ ප්ලේස් එකට යනව නම් හැන්දෑ වෙලා යන්න. එතකොට තමයි සෞන්දර්යාත්ම පන් එකක් ගන්න පුලුවන්. ඒ යන ගමන් ගිටාර් එකක්, බොංගො එකකුත් ගෙනිච්ච නම් පන් එක ඩබල් කර ගන්න පුලුවන්.

5. Seafood Cove

මවුන්ට් බීච් පැත්තෙන් ටිකක් පොෂ් ෆන් එකක් හොයනව නම් මෙතන තමයි තැන. මොකද පිහිටල තියෙන්නෙ මවුන්ට් ලැවිනියා හෝටලයෙ. හරියටම ගත්තොත් ඒ හෝටලයෙම රෙස්ටුරන්ට් එකක්. ඒ නිසාමද කොහෙද මෙතන සී ෆුඩ් බයිට් පට්ට රසයි. ගොඩ දෙනෙක් අතරෙ නැගල යන්නෙත් සී ෆුඩ් බයිට් තමයි. මවුන්ට් කිව්වාම ඉතිං ඕන දෙයක් ගණන් වුනාට. අනික ලොකු කට්ටියකට හිතේ හැටියට සෙට් වෙන්නත් පුලුවන්. සර්විස් එකත් සුපිරි. වීක්එන්ඩ් එකක හැන්දෑ ජාමයක් ඇල්ලුව නම් හොඳ ෆන් එකක් දැම්ම හැකි.

6. Machang (Kaduwela)

කැළණි ගඟ අයිනට සෙට් වෙලා පොඩි අඩියක් ගහන්න, යන්න කඩුවෙල, බණ්ඩාරවත්ත මචං එකට. හීත හුළං පොදක් වැදි වැදි, උණ හෙවණෙ කොහොමද පොඩියට සිංදුවක් එහෙමත් කියද්දි. වැව් ඉවුරෙ තණ බිස්සට වෙන්න දාපු බංකු වල හත් අට දෙනෙක්ට වාඩි වෙන්නත් හොඳ හැටි ඉඩ තියෙනව. බයිටුත් හොඳ රහට වගේම සැරට හැදෙන නිසා කටගැස්ටමට කියාපු. මෙතන තියෙන එකම අවුල තමයි හැන්දෑ වෙද්දි මදුරුවො කන ගතියක් පෙන්නුම් කරන එක. ඒ හැරුනාම සර්විස් එකත් පොඩ්ඩක් විතර ස්ලෝ.

7. The Shore By O!

මවුන්ට්, කොලේජ් ඇවිනියු එකේ තියෙන තවත් සුපිරි ප්ලේස් එකක්. නයිට් ලයිෆ් ගෙවන උදවිය හොඳට දන්න කියන තැනක්. තරමක් පොෂ් වගේම සෑහෙන්න හැපනින්ග්. මෙතන ගොඩක්ම ප්‍රසිද්ධ කොක්ටේල් තමයි. සර්විස් එකත් හොඳ මට්ටමේ තියෙනව. ලී මේස, බංකු දාලා හදපු මේ එළිමහන් බාර් එකට හෙවණ ගේන්නෙ ලොකු පොල් රුප්පාවක්. වෙරළ තීරයෙ සුන්දරත්වයත් එක්ක හැන්දැවක මෙතනට සෙට් වුනා නම් තමයි ටොපේ ටොප්.

8. Otter’s Aquatic Club

ඔන්න තියෙනව පූල් එකක් ඉස්සරහ රූස්ස ගස් හෙවණක පොඩි අඩියක් ගහන්න කියාපු තැනක්, බෞද්ධාලෝක මාවතේ. යන්න තියෙන්නෙ ඔටර්ස් ස්විමින්ග් ක්ලබ් එකට. ෂොට් ගහන්නයි, පොඩි කයියක් දාන්නයි නම් කියාපු තැන. හැබැයි සිංදු කියල ආතල් ගන්න නම් ඒ හැටි ගැලපෙන්නෙ නෑ. විශේෂයෙන් කියන්න ඕන මෙතන කෑම වල ගණන් අඩුයි. රසත් නරකම නෑ. ඔටර්ස් එකේ තියෙන විශේෂත්වය තමයි නිදහස්, නිස්කලංක බව. ඔන්න මතක තියාගන්න හොඳ්. (සාමාජිකයන්ට පමණයි)

9. Chillax Garden Pub

වැල්ලවත්ත, මරීන් ඩ්‍රයිව් බීච් එකට මුහුණලා හදල තියෙන මේ රෙස්ටුරන්ට් එකත් ලොකු පිරිසකට අඩු ගාණට කන්න බොන්න කියාපු තැනක්. ලී මේස, බංකු දාලා හරි ලස්සනට හදල තියෙනව. සර්විස් එකත් ෂේප්. මූද දිහා බලාගෙන, සිංදුවක් කියාගෙන හිත නිදහස් කරගන්න පුලුවන් නිසා කට්ටිය සෙට් එකක් පිටින්ම ගියත් පාඩු නෑ. විශේෂයෙන් කියන්න ඕන මෙතන කොක්ටේල් පට්ට රසයි. කටට රහට අරක්කු බොන්න කැමති අයට නම් චිලැක්ස් එක කියාපුම තැනක්.

ඒ හැරුනාම ඉතින් මවුන්ට්, ස්ටීම් බෝට් එක, වැල්ලවත්ත R & R එක එහෙමත් ලිස්ට් එකේ තියෙනව. හැබැයි ඊට වැඩි ලස්සන, අවුට් ඩෝර් ගාර්ඩ්න් තියෙන තැන් ඔයාලා අනිවා දන්නව ඇතිනෙ. ඉතින් එහෙම තැනක් දෙකක් අපිටත් කියන්න පුලුවන් නම් තමයි හොඳ. මොකද අපිත් ආසයිනෙ හැමදාම මුහුදු ක කා ඉන්නෙ නැතුව පොඩි ‘වෙට් සෝන්’ ගතියකටත් සෙට් වෙන්න, නේ…!

(මාතෘකාවෙහි සඳහන් රු. 1500, දෙන්නෙක්ට පොඩි බයිට් එකක් සමග බියර් බෝතල් 2ක් හෝ අරක්කු බාගයක් ගැසීමට පමණක් බව කරුණාවෙන් සලකන්න)

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide