නැත්තට ම නැතිවෙලා යන අපේ අවුරුදු චාරිත්‍ර 8ක්.

අප්‍රේල් මාසේ දවස් 12ක් ම ගෙවිලා ගිහින්. අලුත් අවුරුද්ද ලබන්න හරියට ම තියෙන්නේ තව දවස් දෙකයි. ඒ වුණාට කොළඹ පැත්ත පළාතක අවුරුද්දක් එනවා කියලා ගානක්වත් නැද්ද මන්දා. තවම ඇහුණේ නැහැනේ එක රතිඤ්ඤයක් පුපුරණවා.

ඒකට බලන්න ඕනේ අපේ අම්මලා මුත්තලා කාලේ අවුරුද්ද පිළිගන්න කට්ටිය ඉස්පාසුවක් නැතුව බලාගෙන ඉන්න හැටි. දැන් වගේ දවස් දෙකක නැකත්වලට කොටුවෙච්ච අලුත් අවුරුද්දක් නෙවෙයි ඒ දවස්වල තිබුණේ. මුළු අප්‍රේල් මාසේ ම එක ම මංගල්‍යයක්. මේ වෙද්දි නැත්තට ම නැති වෙමින් යන, අන්න ඒ වගේ අවුරුදු චාරිත්‍ර ටිකක් ගැන කියන්නයි මේ ලෑස්තිය.

1. මුට්ටි මංගල්‍යය

Image Source : colombotelegraph.com

ගමේ අලුත් අවුරුද්ද පටන් ගන්නේ මහ කන්නයේ නෙලාගන්න වී අස්වැන්නත් එක්කමයි. මුට්ටි මංගල්‍යයත් මේ අස්වනු නෙලීමත් එක්ක බැඳිලා තියෙන චාරිත්‍රයක්. මේකෙ දි වෙන්නේ අස්වැන්නේ කොටසක් දෙවියන්ට පූජා කිරීම සඳහා කිරි මුට්ටියක් ඉතිරවීමයි. දෙවියන්ට වෙන් කරන මේ කොටහට “අක්යාල" කියලත් කියනවා.

ගම්භාර, දයියණ්ඩ, වීරමුණ්ඩ, දැඩිමුණ්ඩ, අයියනායක, කතරගම, සුමන සමන් කියන දෙවිවරු හත් දෙනෙක්ට පූජා වෙන මේ අස්වනු කොටස පූජා කරන්න ගමේ ඉන්න සේරම ගොවි මහත්තුරු ටික එක්කාසු වෙනවා. නෙලාගත්ත වී ටික මේ විදියට දෙවියන්ට පූජා වුණාට පස්සේ තමයි ඉතිරි සහල් ගෙදර පාවිච්චියකට වුණත් ගැනෙන්නේ. බක් මාසේ එළඹෙනකොට ම කෙරෙන මේ මුට්ටි මංගල්‍යයෙන්, ලබන්නා වූ අලුත් අවුරුද්ද සාරවත්, සශ්‍රීක එකක් වේවා කියන ප්‍රාර්ථනා කෙරෙනවා.

2. පිහිගෑම

Image Source : seegirifilms.blogspot.com

අස්වනු ලැබිලා අටුකොටු පිරෙද්දි, ගැමි ගෙවල්වලටත් එන්නේ හරි සතුටුදායක කාලයක්. ගෙවල් අලුත්වැඩියාවත් එක්ක ම, වී ටික තැන්පත් කරලා තියෙන වී බිස්සේ පිටපැත්තේ අලුතෙන් මැටි ගෑමකුත් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒකෙ පියස්සට පිදුරුත් හෙවිලි කරනවා. මෙන්න මේ චාරිත්‍රය හැඳින්වෙන්නේ “පිහි ගෑම” කියලා.

3. නැකත් රාළගෙන් ගන්න නැකත් සීට්ටුව

Image Source : rahukalaya.com

දැන් නම් අවුරුදු නැකත් බලාගන්න ක්‍රම ඕනේ තරම්. ටීවී එකේ, රේඩියෝවලින් අවුරුද්ද විකුණගෙන කන එක විදියක් තමයි මේ නැකත් ටික පට්ටගහන එක. ඒ විතරක් නෙවෙයි, ඉන්ටර්නෙට් එකෙන්, ඔය මුකුත් ම නැත්තන් පාර තොටේ විකිණෙන රුපියල් විස්සේ ලිතෙනුත් අවුරුදු චාරිත්‍ර නැකත් ටික බලාගන්න පුළුවන්නේ.

ඉස්සර ගම්වල හිටියා නැකත් රාළ කියලා කෙනෙක්. ජෝතිෂ්‍ය සම්බන්ධ වෙන වැඩක් තියෙනවනම්, ගමේ ඈයෝ කෙලින් ම දුවන්නේ නැකත් රාළ ළඟට. මඟුලට, ගෙට ගෙවදින්න වගේ හැම වැඩේ ම නැකත් පැත්ත බලාගන්නේ මොහුයි. ඉතින් අවුරුද්ද කියන්නෙත් ජෝතිෂ්‍යත් එක්ක බැඳුණු කාරණයක්නේ. ඒ කාලේ ගම්වල උදවිය අවුරුද්ද සමරුවේ නැකත සීට්ටුව බලාගෙන. මේක ගමේ අයට දෙන්නේ නැකත් රාළයි. ගෙදර ප්‍රධානියා නැකත් රාළ ව මුණගැහිලා, බුලත් අතක් එහෙම දීලා පා නැමදලා තමයි මේ නැකත් සීට්ටුව ඉල්ලගන්න ඕනේ.

4. කෝඳුරු කැවුම

Image Source : hansakinkini.wordpress.com

දැන් වගේ කඩෙන් කැවිලි අරන් අවුරුදු කන සිරිතක් ඉස්සර තිබුණේ නැහැ. අවුරුදු කැවිලි පෙවිලි හැදෙන්නේ ගෙදරමයි. ගොඩක් වෙලාවට අවුරුද්දට කලින් තියෙන සඳුදා, බ්‍රහස්‌පතින්දා, ඉරිදා වගේ දවසක තමයි තෙල් තාච්චිය ලිප තියන්නේ. මොකද ඒ දවස් සැලකෙන්නේ සුබ ඒවා හැටියට. ඊටපස්සේ කැවුම් හැන්දකුයි, තවත් ලී කෝටුවකිනුයි තාච්චිය හතරට බෙදලා, “හතර දිසාවෙන් පැමිණෙන උපද්‍රව වළකා, දෙවියන්ගේ ආරක්‌ෂාව ලබා හතර පේරුනේට බෙදන්න මුට්‌ටිය පිරෙන්න කැවුම් පිසේවා" කියන ප්‍රාර්ථනාවත් එක්ක ම කැවුම් හැදිල්ල පටන්ගන්නවා.

මුලට ම හැදෙන කැවුම, ගෙයි එල්ලලා තියෙනවා. කෝඳුරුවන්ට වෙන් කෙරෙන මේ කැවුම හඳුන්වන්නේත් “කෝඳුරු කැවුම” නමින්.

5. කුණු මුත්තා පිදීම

අවුරුද්දට කලින් තියෙන පරණ අවුරුද්ද දවස අපි පාවිච්චි කරන්නේ ගේ දොර අතු ගාලා පිරිසිදු කරන්නනේ. මේක ඒ කාලේ ඉඳල ම කරගෙන එන චාරිත්‍රයක්. කුස්සියේ සහ ගෙදර දොරේ ඉතුරු වෙන කුණු රොඩු සේරම එකතු කරලා, කුල්ලකට දමලා, බැද්දට ගිහින් දාන මේ චාරිත්‍රය හැඳින්වුණේ “කුණු මුත්තා පිදීම" කියලයි. ඒ වෙනතුරු ගෙදර තිබුණු ගෙවිලා ගිය ඉලපතත් මේ එක්ක ම බැහැර කරනවා.

6. අවුරුදු කුමාරයා පිළිගැනීම

Image Source : Yasiru Kassapa

අවුරුදු කුමාරියෝ, කුමාරයෝ තෝරන තරග නම් දැනටත් ඔන්න පටන් අරගෙන. පුරාණ ගම්වල ඔය තරග නම් තිබුණේ නැහැ. ඒත් හරි අපූරුවට අවුරුදු කුමාරයා පිළිගන්න එයාලට පුළුවන් වුණා.

මේකෙදී කෙරෙන්නේ නොනගතේ ලබන්න කලින් ගෙදර ඉස්සරහ පැත්තේ නැගෙනහිර දිසාවට වෙන්න ගොක්කොළ මල් පැලක් සිටුවීමයි. මේක හදන පුද්ගලයා හිස්සෝදා පවිත‍්‍ර වී කිළිවලින් වැළකුණු කෙනෙක් වෙන්න ඕනේ. අනික මේ මල් පැල හදන්න පාවිච්චි කරන එක ගොක් කොළයක්වත් පයට පෑගෙන්න බැහැ. මොකද අපිරිසිදුවට හැදුවොත් අවුරුදු කුමාරයාගේ නිසි බැල්ම ලැබෙන්නේ නැති බවට මතයක් ගැමියන් අතරේ තිබුණා.

7.කිරි ගහට කෙටීම

Image Source : bizenglish.adaderana.lk

“කිරි ගහට ඇන්නා වාගේ"

සාමාන්‍යයෙන් දෙයක් නිසැකයෙන් ම වෙන බවට සහතික වුණා ම තමයි අපි ඔය කතාව කියන්නේ. කිරි කියන්නේ කොහොමත් අපේ සංස්කෘතික අංගවල තියෙන කාරණයක්.

අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ එන වැඩ ඇල්ලී ම නැකත බොහොම විශේෂ එකක්. නොනගතෙට වැඩ අත් හැරියට පස්සේ, අලුත් අවුරුද්දේදී කරන මුල් ම වැඩේ වෙන්නේ මේකනේ. අද නම් නොනගතේ තියා අවුරුද්ද ලැබුවා කියලා නෑ, අපේ ඈයෝ ගොඩක් අය ඉන්නේ එක්කෝ කොම්පියුටරේ දාගෙන. ඒ නැත්තන් ටීවී එක ළඟ.

හැබැයි ඉස්සර ගැමියෝ වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉෂ්ට කළේ කිරි ගහකට කෙටීමෙන්. එහෙමත් නැත්තන් පොළොවේ පස් පිඩැල්ලක් කැපීමෙන්. ගෙදර ගෘහ මූලිකයා තමයි මේ විදියට වැඩ අල්ලන්නේ.

8. මංකඩ සමඟ ගනුදෙනු කිරීම

Image Source : brandix.com

මේ කියන්නේ ගෙදර කාන්තාව වැඩ අල්ලපු විදිය ගැනයි. මුලින් ම වෙන්නේ ගෙදර ළිඳ හෝ ගමේ වක්කඩ ගිහින්, අඟුරු කැබැල්ලක්, තඹ සල්ලි, පිච්චමල් එකතුවක් ඒ වතුරට දාන එක. ඉන්පස්සේ වැඳ නමස්කාර කරන ඔවුන් තමන්ගේ කලට අලුත් වතුර එකක් පුරවාගන්නවා. මේකෙන් සංකේතවත් වෙන්නෙත් සෞභාග්‍යමත් අවුරුද්දකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමයි.

තවත් ඔයාලා දන්න, මේ වගේ පරණ අවුරුදු චාරිත්‍ර තියෙනවද? අපට කමෙන්ට් එකක් එකක් දාලා කියන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා.

කවරයේ පින්තූරය : hansakinkini.wordpress.com
Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Heritance Hotels & Resorts and Sara Ali Khan Spotlight Sri Lanka’s Diverse Landscapes, Heritage and Hospitality

The collaboration brings together celebrity-led storytelling and Heritance’s distinctive hospitality to showcase Sri Lanka’s cultural

Highlights Trending

ITC Ratnadipa Welcomes Chef Prakhar Srivastava to Lead the Next Chapter of Avartana in Colombo

ITC Ratnadipa, Colombo welcomes Chef Prakhar Srivastava as Sous Chef to Avartana, marking a new

Highlights Trending

Are Men Moving With The Jewellery Trends in Sri Lanka? ‘Yes,’ says DINIDU Colombo

Fine jewellery in Sri Lanka is no longer bound by gender. Accessorising has become an

Highlights Trending

Indian Destination Weddings Shift Towards Experience-Led Celebrations, Positioning Sri Lanka as a Rising Luxury Destination

New industry insights reveal Indian couples are spending more, inviting fewer guests and prioritising experiences over extravagance,

Highlights Trending

Yamu Guide.

Shangri-La Colombo Unveils a New Chapter at Tiki Bar

As the sun dips into the Indian Ocean and the city begins to exhale, Tiki

Trending Yamu Guide

DINIDU: Colombo’s Premier Destination for Wedding Anniversary Gifts

Every wedding anniversary is a chapter of a love story that continues to evolve. These

Highlights Yamu Guide

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide