යමුද බණ්ඩෝ වෙසක් බලන්න?; මෙදා සැරේ කොළඹ වෙසක් මෙන්න මෙහෙමයි!.

යමං බණ්ඩෝ වෙසක් බලන්න – ගනිං බරබාගේ බඳින්න

පාර දිගේ එළි බලබල මහ පාරේ හරි කලබල – යමං බණ්ඩෝ වෙසක් බලන්න

අලුත් අවුරුද්දේ උණුහුම ගිහිල්ලත් නෑ, මෙන්න බොලේ වෙසක් ඇවිදිල්ලා. දන්නෙම නැතුව 2017 අවුරුද්දෙන් බාගෙකට කිට්ටුව ගෙවිලා ගිහින්.

කොහොමින් කොහොම හරි දැන් අපේ කට්ටියටත් ගෙවල්වල හරිහරියට වෙසක් එකට ලෑස්ති වෙනවා ඇති නේද? වෙසක් කූඩු බඳින්න, බකට් පත්තු කරන්න විතරක් නෙවෙයි, පවුල් පිටින්, එහෙමත් නැත්තන් යාළුවොත් සෙට් එකත් එක්ක දන්සල් එහෙම වන්දනා මාන කරලා, වෙසක් බලන්න යන රාජකාරියත් තියෙනවනේ. ඉතින් හෙට අනිද්දා දිහාට කොළඹ පැත්තේ වෙසක් බලන්න එන අයට කියන්න සුබ ආරංචි කීපයක් ම තියෙනවා. මෙදා පොටේ කොළඹ වෙසක්වල තියෙන අලුත් වැඩකිඩ කීපයක් ගැනයි මේ විස්තරේ.

බෞද්ධාලෝක වෙසක් කලාපය

වෙනදා වගේ ම තමයි, 2017 බෞද්ධාලෝක වෙසක් කලාපය හැදෙන්නේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුදැනුම මතයි. දහසය වෙනි සැරේටත් පැවැත්වෙන මේ වෙසක් මංගල්‍යයේ ලස්සන බලාගන්න, මැයි මස 10 වෙනිදා ඉඳන් 13 වෙනිදා දක්වා දවස් හතරක කාලයක් දීලා තියෙනවා. කොළඹ බෞද්ධාලෝක මාවතේ තියෙන මේ වෙසක් කලාපෙට ආවොත්, වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, භක්ති ගීත වැඩසටහන්, පුරාවිද්‍යා ප්‍රදර්ශන සහ උදාන ගී ගායනා වගේ දේවල් ගොඩක් බලාගන්න පුළුවන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර වෙසක් උළෙල

Image Source : buddharashmi.org

මේක මේ අවුරුද්දේ වෙන අලුත් වැඩක්. අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍යංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක එකතුවෙලා අත ගහන මේ උත්සවේ එක කොටසක් පැවැත්වෙන්නේ කොළඹ. අනිත් කොටස මහනුවර. මැයි 12, 13, 14 දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවේ සමාරම්භක අවස්ථාවට ඉන්දියාවේ අගමැති වෙන නරේන්ද්‍ර මෝදි මහත්තයත් එනවලු.

Image Source : sesanda.com

පිළියන්දල කහපොළ ඉදිවෙමින් තියෙන ශාක්‍ය ජනපදයේ ආකෘතිය මේකේ ප්‍රධාන ම විශේෂාංගයක්. රජයේ අනුග්‍රහයත් එක්ක මේක හදන්න මුල්වෙලා තියෙන්නේ ලයිට් ඔෆ් ඒෂියා සංවිධානයයි. ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව මේ ආකෘතියේ කොටසක් (ලුම්බිණි සල් උයන, රම්‍ය මාලිගය) විවෘත වෙනවා.

බුද්ධ රශ්මි වෙසක් කලාපය

Image Source : Nazly Ahmed

කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරය, අග්‍රාමාත්‍ය කාර්යාලය ආශ්‍රිතව තමයි මේ බුද්ධ රශ්මි වෙසක් කලාපය පැවැත්වෙන්නේ. මේ උත්සවෙටත් නරේන්ද්‍ර මෝදි මහත්මයා සහභාගී වෙනවා. එකොළොස්වෙනි සැරේටත් සකස් වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ වෙසක් තොරණ, පහන් කූඩු තරග, භක්ති ගීත, දන්සල් ඇතුළු අංග රාශියක් තියෙන්නට නියමිතයි. මැයි 10 පටන්ගන්න මේ වෙසක් කලාපය අවසන් වෙන්නේ මැයි 14 වෙනිදායි.

දියවන්නා වෙසක් කලාපය

මතකද 2013දී චෝගම් ප්‍රදර්ශන තිබුණු හරිය? දියවන්නාවේ අපේ ගම පරිශ්‍රය පිටිපස්සේනේ මේක තිබුණේ. ඔන්න මෙදා සැරේ ඒ බිම තෝරගෙන තියෙන්නේ දියවන්නා වෙසක් කලාපය පවත්වන්න. රටවල් දහයක බෞද්ධ සංස්කෘතිය පෙන්නුම් කරන ප්‍රදර්ශන කුටි මේකේ අඩංගු වීමට නියමිතයි. ඒ විතරක් නෙවෙයි, දියවන්නාවේ ඉතිහාසය, කෝට්ටේ රාජධානිය උරුමය පෙන්වන විශේෂාංග මේ උත්සවේ අඩංගු වෙනවා. ඒ විතරක්යැ, පාවෙන වෙසක් කූඩු 2500කුත්, පාර දෙපැත්ත හැඩ කරන පහන් කූඩු 4500කුත් දියවන්නා වෙසක් කලාපයට ඇතුළත් වෙන බවයි ආරංචිය.

මේ වෙසක් සැමරුමට ම එකතුවෙන කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය, වැලි මූර්ති ප්‍රදර්ශනයක් පවත්වන්න සූදානම් වෙනවා. මේකේ ම කොටසක් විදියට බුදු සිරිත නර්තනයකුත් තියෙනවලු. ඒ නෙළුම් පොකුණේදී. මැයි 12 – 14 දවස්වල තමයි මේ දේවල් දැක බලාගන්න පුළුවන් වෙන්නේ.

කොළොම්තොට වෙසක් කලාපය

Image Source : ada.lk

ගෝල්ෆේස් එකයි, වරායයි කේන්ද්‍ර කරගෙන සිද්ධවෙන කොළොම්තොට වෙසක් කලාපයෙදී නියම වැඩක් වෙනවා. ඒ ලෝකේ ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණක් ඉදිවෙන එක. අඩි 60ක් උස මේ තොරණේ පළල අඩි 40ක්. දීපංකර බුදුන්වහන්සේගෙන් නියත විවරණ ලබාගත්ත මොහොතේ ඉඳන්, සම්බුද්ධ පරිනිර්වාණය දක්වා වූ බුද්ධ ජීවිතයේ විශේෂ අවස්ථාවන් මේ තොරණෙන් නිරූපණය වෙනවලු.

සිරස වෙසක් කලාපය

මේක සිරස මාධ්‍ය ආයතනයයි, ජෝන් කීල්ස් ආයතනයයි එකතුවෙලා කරන වැඩක්. කොළඹ බේ්‍රබෘෘක් පැත්තේ තමයි මේ කලාපය හැදෙන්නේ. අපට දැනගන්න ලැබුණු විදියට නම් සර්වඥ ධාතූන් වහන්සේලා රැසක් මේකෙදී ප්‍රදර්ශනය කෙරෙනවා. තිස්සමහාරාම නීලගිරි මහා සෑයේ තැන්පත් කරලා තියෙන සර්වඥ ධාතූන් වහන්සේ, මිහින්තලා රජමහා විහාරයේ තැන්පත් කරලා තියෙන මිහිඳු මහ රහත් ධාතූන් වහන්සේ, සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් ඒ අතරින් කීපයක්. වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශන, බෞද්ධ නාට්‍ය, භක්ති ගීත ප්‍රසංග, රූකඩ සංදර්ශන, වගේ දේවල් ගොඩක් මෙතැනින් බලාගන්න ඇහැකි. ඒ විතරක් නෙවෙයි.

ශ්‍රද්ධා වෙසක් කලාපය

 

 

 

ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන් විදුලිය එක්කාසු වෙලා සංවිධානය කරන ශ්‍රද්ධා වෙසක් කලාපය පැවැත්වෙන්නේ කඩුවෙල, කැලණිය නගර ආශ්‍රිතවයි. බැති ගී ප්‍රසංග, ජාතක කතා ඇසුරෙන් හැදුණු රූකඩ සංදර්ශන, පහන් කූඩු ප්‍රදර්ශන විතරක් නෙවෙයි කැලණි ගං මැද්දේ පෙන්වන සිරිපා පතුලේ රූපයකුත් මේ වෙසක් කලාපේ අඩංගු වෙනවා.

 

 

අහසේ ඉඳන් සමරන වෙසක්

Image Source : nowshowing.lk

ලෝකේ පළමුවෙනි වතාවට තමන්ගේ වෙසක් පණිවිඩය අහසට ගෙනයාමේ හැකියාව මේ අවුරුද්දේ ලාංකිකයන්ට ලැබෙනවා. මේ උත්සවේ හැඳින්වෙන්නේ “රාවනා ඒවියේෂන් වෙසක් ප්‍රදීප සරුංගල් ප්‍රදර්ශනය” නමින්. බුදුදහමේ අඩංගු වෙන පණිවුඩයක්, හෝ සංකේතයක් සරුංගලයක් මාර්ගයෙන් අහසට ගෙන යන එක තමයි මේකෙදී වෙන්නේ. මැයි මස 10වැනිදා හවස 5.00 සිට රාත්‍රී 10.00 වන තුරු මේ සරුංගල් යැවීම සිද්ධ වෙනවා. මේක ඇත්තට ම කෙරෙන්නේ තරගයක් හැටියටයි. ඔය කිව්ව කාලය ඇතුළත ගෝල්ෆේස් එක පැත්තට ආවොත්, ලයිට් එල්ලපු සරුංගල්වලින් අහස හැඩවෙන හැටි ඔයාලටත් දැකගන්න පුළුවන්. මේ තරගේ ගැන වැඩි විස්තර www.rakasl.com වෙබ් අඩවියේ සඳහන් වෙනවා.

ප්‍රධාන වෙසක් තොරණ

Image Source : Amila Tennakoon

කොළඹ පරණ ම තොරණක් වෙන තොටළඟ තොරණ මේ වතාවේ නිර්මාණය වෙන්නේ 65 වෙනි සැරේට. මේක පරම්පරා තුනක් තිස්සේ හැදෙන තොරණක්. පිටකොටුව බෝධිරාජ මාවතේ තොරණ ඉදිවෙන්නේ ඊට යාබද ව සිද්ධවෙන අමාගඟුල වෙසක් කලාපයේ ම කොටසක් හැටියටයි. යකඩ සැකිල්ලක් පාවිච්චි කරලා තමයි මෙවර ඒ තොරණ හදලා තියෙන්නේ.

Image Source : PS Harshendra Photography

ඒ හැරුණා ම පෑලියගොඩ, කොස්ගස් හන්දිය, දෙමටගොඩ, බොරලැස්ගමුව, මහරගම, කොට්ටාව,  දෙහිවල, රාජගිරිය බැස්ටියන් මාවත, කඩුවෙල වගේ පැතිවලත් තොරණ අටවලා තියෙනවා.

ගිය අවුරුද්දේ වෙසක් දවස ගංවතුරට යටවෙලා ගිය නිසාදෝ හෝ මෙදා සැරේ කොළඹ වෙසක් සිරිය සෑහෙන්න වැඩියි. අපට දැනගන්න ලැබුණු විදියට සම්පූර්ණ වෙසක් කලාප ගණන 7ක්. තොරණවල් සේරම 30ක්. දන්සලුත් බර ගණනක්. හිතේ හැටියට මේවා බලාගන්න නම්, හෙට අනිද්දා දවස් ටිකේ හවස් වරුවේ ඩිංගක් එලිපහලියට බැහැලා බලන්නකෝ.

කතාව ඉවර කරන්න කලින් තවත් දෙයක් මතක් කරන්න ම ඕනේ. පහුගිය මාසේ කුණු කන්දක් නිසා සිංහල අවුරුද්ද ම නාය ගිය හැටි මතක ඇතිනේ. කවුරු මොන පණ්ඩිත කතා කිව්වත්, අපි කවුරු කවුරු වුණත් ඕකට වැරදිකාරයො. දන්සල්වලින් කාලා බීලා වෙසක් එක දවසේ බඩ කට පුරවගෙන සන්තෝස වුණාට කමක් නෑ; මොළේ කලඳක් නැති උදවිය වගේ කාපු බීපුවයේ කුණු කන්දල් පාරේ ඔහේ අතාරිනවා එහෙම නෙවෙයි ඕං.

 

Share on facebook
Share on twitter
Share on whatsapp

Highlights.

Latest.

KAMU.

Welcoming the Year of the Horse at Yue Chuan, The Kingsbury

Yue Chuan, the award-winning Chinese restaurant at The Kingsbury, Colombo, invites guests to usher in the

Highlights Kamu

Soho Hospitality Charts First Expansion into South Asia with Charcoal’s Colombo Debut

Bangkok-based international hospitality group selects Sri Lanka for its game- changing dining brand Charcoal Tandoor

Highlights Kamu

Brunch at ITC Ratnadipa – Review

By Ranugi Thihansa If you’re looking for a Sunday brunch that brings together incredible food,

Highlights Kamu Yamu Guide

Harpo’s Pizza and Pasta: Review

We dropped by Harpo’s Pizza and Pasta the other day, and it turns out it’s

Highlights Kamu

The Fort Café by Tasty Caterers – Review

By Linara Wimalaweera The Fort Café by Tasty Caterers offers a refreshing escape from the

Highlights Kamu Yamu Guide

Nihonbashi by Dharshan – Review

Written by Linara Wimalaweera When it comes to Japanese fine dining in Colombo, few names

Highlights Kamu

Trending.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

Indiya Enters a New Chapter

Colombo, Sri Lanka – [9th March 2025] — Indiya, the signature Indian restaurant at Cinnamon

Highlights Trending

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

Valentine’s Celebrations Unfolded at NH Collection Colombo

Valentine’s celebrations at NH Collection Colombo concluded on a high note, with guests enjoying an

Highlights Trending

Newburgh Ella: Where Sri Lanka’s Tea Heritage Rises Above the Clouds

A Tea Factory Reimagined High above the emerald hills of Ella, where mist drifts lazily

Highlights Trending

ITC Ratnadipa Presents ‘An Italian Affair’ in Partnership with the Italian Embassy, Sri Lanka

ITC Ratnadipa, Colombo in collaboration with the Embassy of Italy in Sri Lanka will host

Trending

Yamu Guide.

Yazu Set to Make Sri Lankan Debut at Radisson Blu Resort Galle in 2026

Radisson Blu Resort Galle is set to unveil its newest culinary venture in March 2026 with the opening of Yazu by

Highlights Trending Yamu Guide

A Ramadan Feast Awaits at ITC Ratnadipa – Available Till March 19

This Ramadan, ITC Ratnadipa invites guests to celebrate the holy month with ‘A Feast for

Highlights Yamu Guide

Here are the must visit Iftar spots for 2026

Ramadan 2026 brings with it a beautiful season of reflection, gratitude, and shared meals. Across

Highlights Trending Yamu Guide

IFTAR BUFFET LIST – 2026

With Ramadan 2026 now underway, families and friends are gathering in prayer, reflection, and devotion

Highlights Yamu Guide

Break Fast by the Lake: A Meaningful Ramadan at Cinnamon Lakeside Colombo

Colombo, Sri Lanka, 23rd February 2026 - This Ramadan, Cinnamon Lakeside Colombo invites guests to embrace the spirit

Highlights Yamu Guide

A Beautiful Beginning to Ramadan : Iftar at Cinnamon Grand Colombo

Colombo, Sri Lanka – 23rd February 2026 – This Ramadan, Cinnamon Grand Colombo welcomes guests to gather in reflection and

Highlights Yamu Guide